IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පොහොට්ටුවේ ජනපති හොයන්න අද සාකච්ඡාවක්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ  රැස්වීමක් එහි ජාතික සංවිධායක,බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම  පක්ෂ කාර්යාලයේදී අද  (20) පෙරවරු 10.00 ට පැවැත්වේ.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා   ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මැති ඇමතිවරුන්  පක්ෂ නායකත්වයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

පක්ෂයේ තවත් පිරිසක් කියා සිටින්නේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනත් පුද්ගලයකුට ලබා දිය යුතු බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත්වී   ඇති   විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද මෙහිදී  සාකච්ඡා කිරීමට නියමිතය.



අදහස් (8)

පොහොට්ටුවේ ජනපති හොයන්න අද සාකච්ඡාවක්

Gamini Wednesday, 20 March 2024 09:25 AM

පොහොට්ටුවට ජනාධිපති වෙන්න තරම් නායකයකු සොයා ගන්න නෑ. පොහොට්ටුව ඉවරයි. ස්ත්‍රීරවම ජනාධිපති අපේක්ෂකයා විදිහට දැන් ඉන්න ජනාධිපතිතුමා පත්කර ගන්නවා. පොහොට්ටුවට වෙන විකල්පයක් නෑ. පොහොට්ටුව පිපිලා ටික කාලෙකින්ම පර වුණා.

:       0       9

සාලිය​ Wednesday, 20 March 2024 09:44 AM

රට බේරා ගැනීමට නාමල් කුමරු, දස බල සේනාව සමග රුහුණේ ගිරුවා පත්තුවෙන්, මහ රජාණෝ ගේ ආශිර්වාදයෙන්, ඉදිරිපත් වන වගයි..

:       6       2

Rohana Wednesday, 20 March 2024 11:07 AM

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කරගත්තොත් නරකද?

:       2       4

nanda Wednesday, 20 March 2024 11:22 AM

69 ලක්ෂය තව දුරටත් පාවා දෙන්න එපා.69 ලක්ෂය ලබාගන්න දුන් පොරොන්දු රකින ජාතිකවාදී අපේක්ෂකයෙක් නම් කරන්න .නැතිනම් පොහොට්ටුව ඉවරවෙනවා

:       6       1

අරවින්ද මොනරවිල Wednesday, 20 March 2024 11:55 AM

මහ බැංකුව මහ දවල් කොල්ලකෑ රනිල්, රටේ සම්පත් විකුණන රනිල්, බටහිර රූකඩය රනිල්, විජාතික ගැති රනිල්,ධනපති පන්තියේ නියෝජිතයා රනිල් දිනවන්න, හොරුන් දඩුවම් කරනවා යයි කයිය ගැහුවට, රටේ සම්පත් සුරකිනවා යයි පංපෝරි ගැහුව, දේශීය ආර්ථිකයක් සංස්කෘතිකයක් ගැන වැල් බයිලා ගැසුව හොර දූෂිත රට විනාශ කෙරුව පොහොට්ටුවන්ට කර ගහන්න සිදූ වීම ඓතිහාසික විහිලුවක් වෙනවා ඇත.

:       6       10

මල්කැකුලThursday, 21 March 2024 04:35 AM

ඇත්තටම අරවින්ද (අරවින්ද කිව්වට කිසිම සුවදක් නැහැ ) ඔයැයි කියන ඔය මහ බැංකුව මහ දවාලේ බින්දා කියන්නෙ කවද්ද කියට විතරද ගෙනිහින් තියෙන මුදල කොපමණද බැංකුව බිදින්න කීදෙනෙක් ආවද ආපු වාහනය මොකක්ද ඒක කාගෙද .බැංකුව බිදිද්දී එහි ආරක්ෂාව සදහා සිකියුරිටි කාරයො හිටියෙ නැද්ද යන ඔක්කොම විස්තර කියන්න අපි නම් හිතාගෙන ඉන්නෙ අපේ ගමේ සමුපකාර බැංකුව බින්දා වගේ මහබැංකුව බිදින්න ඇති කියලා තමයි .රෝස මලේ ඉහත කරුණු ගැන තොරතුරු දෙන්න බැරිනම් නොදන්නා දේවල් නොකියා හිටපන් මිනිහෝ

:       0       1

sarath Wednesday, 20 March 2024 01:35 PM

ලස්සනට පොහොට්ටුවේ වැඩේ අරගෙන යන්න නම්... අනිවාර්යයෙන් නිහතමානි නායකයෙක් පොහොට්ටුවෙන් දාන්න ඕනෑ. උදාහරණ- සුසිල් ප්‍රේමජයන්ත, විජයදාස රාජපක්ෂ...

:       9       1

කරිවිලකන්දේ දයාසේන Wednesday, 20 March 2024 02:33 PM

ජනාධිපති තරගෙට සුදුස්සෙක් පොහොට්ටුවේ (කුණුවෙච්චි නිසා ජරාව ගෑවෙන්න පුළුවන් වුණත් කමක් නැහැ සෞභාග්‍යය සොයාගන්න ඕන නිසා ) ඉන්නවද බලන්න අන්වීක්ෂයකුත් අරගෙන පරීක්ෂණ කරන්න මමත් එන්නෙයි

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 9 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1326 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 809 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1343 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 954 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site