රවී ලියනගේ , සිරංගිකා ලොකුකරවිට
තෙල් මිල වැඩි කිරීමට විරෝධය පාමින් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ බයිසිකල්වල නැගී අද (15) ප්‍රාදේශීය සභාවට පැමිණියහ.
ඔවුන් ප්‍රාදේශීය සභා භූමියට ඇතුළු වෙනවාත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තණකොළ සහ විරෝධතා පුවරු සමඟ ඊට විරෝධය දැක්වීමෙන් උණුසුම් තත්වයක් ඇතිවිය.
ඡායාරූප - රවී ලියනගේ
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාපැදි වලින් පොද්දල ප්‍රා.සභාවට
Nimal Tuesday, 15 May 2018 04:57 AM
ඔන්න බලන්න කොතරම් හොඳ කට්ටියක්ද කියල, පරිසර දුෂණය නැහැ, මහජන මුදල් වියදම නැහැ, මහා ජනයා ගැන සිතන මන්ත්‍රිලා ඔහොම දිගටම ගියොත් එතකොට අපි දන්නවා ඔයාලගේ සේවය අපට කියලා. නැතිනම් අපේ සේවය ඔයාලට වෙනවා. එතකොට අපි බෑ කියන දවසක් එනවා.
janahitha Tuesday, 15 May 2018 05:09 AM
උන් කාල ඉතුරු වෙච්ච වෙන්න ඇති.
සතයපාල Tuesday, 15 May 2018 05:34 AM
පෙට්ට්‍රල් ලීටරය රු: 158 ගිය කාලේ මේගොල්ලේ ගීයේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බැලුවා නම් හරී.
Kumara Tuesday, 15 May 2018 06:48 AM
මෙයාලා බයිසිකලෙන් යන එක ලොකුවට හිතන් හිටියට වෙන රටවල පාලකයෝ පාර්ලිමේන්තුවට යන්නේත් බයිසිකලයෙන්......එහෙම තමා රටට ආදරේ කරන නායකයෝ..
බද්රානි Tuesday, 15 May 2018 06:53 AM
මේක මෝඩයින්ගේ පාරාදීසයක්. පොසොන් එකට ඔලු බක්කෝ නටන එක මතක් උනා. හනේ ඉතින් මේවා දැකලා අපිට මාර චූන් .
chris Tuesday, 15 May 2018 06:54 AM
පොඩි ඌරෝ සෙට් එක නියමයි.
ලුම්බිණි Tuesday, 15 May 2018 07:01 AM
මෙවැනි වීරයන් දකින්න පුළුවන් ලංකාවේ හැර වෙන කොහෙද?
Fa Tuesday, 15 May 2018 07:05 AM
මෙගොල්ලොන්ට පඩිය විතරක් ඇති මොකද බයිසිකලේ සභාවට එයි.
INDIKA Tuesday, 15 May 2018 07:12 AM
මේ අය දරුණු අමතක වීමේ ලෙඩකින් පෙළෙනවා.
sirimal Tuesday, 15 May 2018 07:16 AM
මහින්දගේ කාලේ ඉන්දන රුපියල් 100.00 කට දෙන්න කියල උසාවිය තීන්දු කලත් රුපියල් 165.00 ර දුන්න එක ගැන මේ ගොල්ලන්ට කිසිම දැනුවත් කමක් නැතුව ඇති මගේ හිතේ. එහෙමද නැත්නම් කොහොමෙන් හරි ආණ්ඩුව පෙරලන එකද මේ විහිලු තහළු වැඩවල ඒකායන පරමාර්ථය?
kalani Tuesday, 15 May 2018 07:24 AM
දුප්පතාගේ වාහනෙන්ම හැමදාම පරිස්සමෙන් එන්න.
prabha Tuesday, 15 May 2018 07:54 AM
කොහොමත් එන්නේ බය්සිකලේ අවරුදු 5 පස්සේ යන්නේ බෙන්ස් එකේ.............
Hafeel Tuesday, 15 May 2018 08:09 AM
මෙයාලගේ ලොක්ක බලයේ ඉන්නකොට ලෝක වෙළඳ පොළ තෙල් මිල ඉතා අඩුවෙන් තිබුණේ. නමුත් හිතුවක්කාර විදියට තෙල් මිල වැඩි කළා. ඒ කාලේ මෙහෙම බයිසිකලෙන් අවොත් අදට මේගොල්ලෝ ආගියතක් නැහැ. වර්තමාන රජය තෙල් මිල වෙඩි කිරීම පිළිබඳ හරි කියල කියන්නේ. නමුත් මෙයාලාගේ ලොක්ක බලයේ ඉන්නකොට අදටත් වඩා තෙල් මිල වැඩි. මේවා ජනතාව මුලා කරන වැඩ.
seeladasaTuesday, 15 May 2018 06:38 PM
හෆීල් මහත්තයා, පෙරේදා ඉපදුන කෙනක්ද කොහෙද? ඒ කාළයේ යුද්ධයක් තිබුණා අද ඔයගොල්ලන්ට බියක් කරදරයක් නැතව පාරේ පහසුවන් යාමේ වාතාවරණය සැකසීම සඳහා. ඔයාට මතක නැතිනම් දන්නේ නැතිනම් හෝ විපරම් කර බලන්න ඒ කාළයේ තුන් හතර ගුණයකින් තෙල් බැරලයේ මිළ.
nimal Tuesday, 15 May 2018 08:16 AM
හැමදාම ඔහොම ගියානම් හරිනේ
dhamneth Tuesday, 15 May 2018 08:18 AM
අපි දන්නවා 1996 ,97 කාලයේ රෝද දෙකෙන් ආපු ප්‍රාදේශීය සභාවල සමහරු 2000 වෙන කොට ආවේ ප්‍රාඩෝ පැජරෝවල, බාගෙට ගේ හදාගෙන හිටි අයට ගෙවල් දෙක තුන. තමන්ගේ ඉඩම් කෑල්ල වටේ කටුකම්බි වැටක් වත් නොතිබුණ අය මෙන්න තාප්ප බැඳලා ස්වයංක්‍රීය ගේට්ටු දාල. නරක නැහැ නේද?
de silva berlin Tuesday, 15 May 2018 08:25 AM
ලෝක ප්‍රසිද්ධ බෙන්ස් , බී එම් ඩබ්ලිව් , අවුඩි, ෆොක්ස් වැගන් වැනි වාහන නිපදවන ජර්මනියේ 50% විතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිලා හොඳ කාලගුණය තිබෙන දවස්වලට පාර්ලිමේන්තු එන්නේ පාපැදියෙන් ,අනිත් දිනවල පොදු ප්‍රවාහන සේවයෙන් , ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරු පාපැදියෙන් පාර්ලිමේන්තු එන එක අරුමයක් එහෙම අවහම එක පත්තරෙත් වැටෙනවා , බලන්න අපේ දේශ පාලකයන්ගේ ආර්ථිකය කොපමණ දියුණුද කියල
mahinda Tuesday, 15 May 2018 09:04 AM
ජනතාවට ඔයතරම් ආදරේනම් පාර්ලිමෙන්තු මන්ත්‍රින් හැටියට ලබනා සියලු වරප්‍රසාද ඔබලා කියන ඔය සමාජ ක්‍රමය ඇත්වන තුරු අත්හැරීමයි. වාහන තීරුබදු රහිත බලපත්‍රය, ඉන්දන දීමනා, සංග්‍රහ දීමනා,නිවාස දීමනා,පාර්ලිමෙන්තු පැමිණීමේ දීමනා,දුරකථන ඇතුලු රටේ මහජන බදු මුදල් හිමිවන සියලු දේ ඔබ කතා කරන අහිංසක ජනතාව වෙනුවෙන් එක වසරක් අත් හරින්න පුළුවන්නම් එදාට අපි සූදානම් ඔබලා සැබෑ නියෝජිත්යන් සේ දකින්න.
රවින් Tuesday, 15 May 2018 01:36 PM
හැමදාම ගියොත් හොඳ කාටද? වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ප්‍රාදේශීය දේශපාලුවන්ගේ ඉන්ධන දීමනා/ වාහන පහසුකම් ඉවත් කලයුතුවේ. වාහන.දීමනා දියයුතුවන්නේ වැඩකරන සේවකයන්ට පමණි.
rohana kumara mendis Tuesday, 15 May 2018 04:46 PM
අනේ හොදා පාර්ලිමේන්තු කැන්ටිමෙන් අඩුවට හොදට කාලා තර වෙලා ඉන්න ඔයාලට ටිකක් ඇඟට ව්‍යායාමයකුත් ඕනි නේ හොදා හොදා වෙන කරන්න දේකුත් නැනේ. මොකද ජනතාවගේ දුක බලන්න යන්න කියලද.?
de silva Tuesday, 15 May 2018 06:18 PM
නගරසභා මන්ත්‍රිලා වගකියන්න ඕනේ තම නගරසභා වසම තුල පමණි , එමනිසා ඔවුන්ට ඉන්ධන දීමනා දියයුතු නැත, අවශ්‍ය නම් පාපැදියක් දෙන්න.