IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


පොහොට්ටුවෙන් කවුරු ගියත් ඡන්ද ගෙනියන්න බෑ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්‍ෂය හැර නොයන බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැර කවුරු පක්‍ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් පක්‍ෂයේ තීරණයට විරුද්ධ වී නොමැති බවත් එම පිරිසේ සමහරුන් මෙහෙත් සිටිමින් රඟපෑමක් කරන බවත් ප්‍රනාන්දු මහතා කීය.

කොළඹදී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තතු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එසේ පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ළගට ගොස් සියින අයත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පිංතුරය ගහගෙන පාර්ලිමේන්තුවට ආපු අය බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔවුන් ගමට ගොස් මහින්ද මහත්තයා අගමැති කරන්න ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයට ඡන්දය දෙන්න කියපු අය බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මත තිබීම නිසා ජනතාව පක්‍ෂය හැර නොයන බවත් ගිය අය ඡන්ද 200 ක්, 500 ක් හෝ 1000 ක් ගෙනියනු ඇති බවත් ඒ මහතා කීය.

කවුරු ගියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවැටෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු තුනක් තියාගෙන රටක් කළඹන බවත් ඒ මහතා පැවසීය.

අරගලයට ගිය ප්‍රේමදාස මහත්තයව ගහලා එලවද්දී ආෂු කියන ආකාරයට කූඩාරම් 17 ක් ගහපු අරගලයේ පිරිස ඉල්ලූ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති කළ බවත් බදු අඩු කළ ජනාධිපතිව ගහලා එලවලා බදු වැඩි කරපු කෙනාව ඉල්ලූ බවත් ඔහු සඳහන් කළේය.

පක්‍ෂය හැරදා ගිය පිරිස යෑමට හේතුව කුමක්ද යන්න ජනවතාව දන්නවා බවත් පක්‍ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහයොග්ය දෙන්න තීරණය කළේ නම් ඔවුන් සජබෙට යන බවත් ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේ වූයේ නම් නඩු බේරගන්න ගියේ යැයි පවසන බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ අලුත් ඡන්ද ලක්‍ෂ 15 කට වැඩියෙන් ගතහැකි අපේක්‍ෂකයෙක් එම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන බවත්ය.  



අදහස් (14)

පොහොට්ටුවෙන් කවුරු ගියත් ඡන්ද ගෙනියන්න බෑ

Wasantha jayasingha Wednesday, 31 July 2024 02:55 PM

පනින අය නැවත ගන්නත් එපා... ඔවුන් තමයි රට කන්නේ...

:       3       8

සිල්වා Wednesday, 31 July 2024 02:56 PM

ජොන්ස්ටන් මහත්මයා හරි. ඡන්ද ටික කලින්ම සජබෙටයි මාලිමාවටයි ගිහිල්ලා ඉවරයි.

:       7       19

Suranga Thursday, 01 August 2024 06:05 AM

ඒක තමයි මාත් හිතුවෙ .යන එවුන්ට ගෙන යන්න පොහොට්ටුවන්ට ඡන්ද කොයින්ද කියලා .ඒවා සිල්වා මහත්තෙයා කියපු ආකාරයට ගිහිල්ලා ඉවරයි .දැන් ඉතින් ඉතිරිව තියෙනවා නම් ඒවා කසිප්පු කාරයෝ වෙන්න පුළුවන්. මොළයක් තියෙන එකෙක් වත් පොහොට්ටුවෙ රැදෙන්නෙ නැහැ .ලංකාවෙ දැන් වැඩවසම් ක්‍රමයට අප්පගෙන් පුතාට/ දුවට පාලනය මාරුවට බොහෝ දෙනෙක් කැමති නැහැ

:       0       0

Dharmatileke Wednesday, 31 July 2024 02:58 PM

ගොන් වැඩ කරන කෙනෙක් කතා කරයි..

:       2       20

Third Eye Wednesday, 31 July 2024 03:11 PM

බල්ලා මල දවසට පරපෝෂිත මැක්කන්ට යන ඉරණම ... පව් කියලත් හිතෙනවා. මේ සැරේ නම් බල්ලන්ටයි මැක්කන්ටයි දෙගොල්ලටම කූඩුව ෂුවර්.

:       4       22

Buddika Wednesday, 31 July 2024 03:36 PM

මේ කතාව හරියටම හරි.මන්ත්‍රී කෙනෙක් පක්ශ මාරු කලාම ඒ පස්සෙන් ඡන්ද ටිකත් ගියේ ඉස්සර.ඒත් අද යන්නෙ මන්ත්‍රී විතරයි.අනික ඔය ගියපු අයගෙන් 80%ක් විතරම ඉදිරි මහ මැතිවරණයෙන් ස්තිරවම ගෙදර.

:       3       29

රට වැසියා Wednesday, 31 July 2024 04:30 PM

පො‍‍හොට්ටුවෙන් කවුරු පැනල ගියත් රාජපක්ෂලා ලඟ ඉතුරු වෙන එකම කෙනා මුනන්නැහේ විතරයි!

:       3       21

lalindra Wednesday, 31 July 2024 04:55 PM

ඒක ඇත්ත කලින් තිබුනා කියලා දැන් නැති දෙයක් කොහොම ගෙනියන්නද ?

:       3       12

ගමේ එකාලා Wednesday, 31 July 2024 05:55 PM

කුඩු, බාර් ජොනීටත් අන්තිමට ඉතුරු වෙන්නේ ප්‍රසිද්ධ ගායිකාවයි, සාටකේ අයයි විතරයි...

:       0       12

Ama Wednesday, 31 July 2024 05:56 PM

ඇත්ත දැන් ජනතාව යන්නෙත් නෑ... එන්නෙත් නෑ තීරණය අරන්..

:       1       9

නන්දන පනා-මිලානෝ Wednesday, 31 July 2024 05:58 PM

මහින්ද පස්සෙන් නැට්ට වන වනා ගිය අයට තව ටික දවසකින් උරුම වන්නේ… වැලිකඩ බෝඩිම..

:       4       9

shantha Wednesday, 31 July 2024 06:19 PM

මාලිමාවට ජයවේවා !!! මුළු රටම ජාතික ජනබලවේගයට !!!

:       13       16

ferdi Wednesday, 31 July 2024 11:18 PM

ගෙනියන්න ඇති චන්දයක් නෑ

:       0       0

Upali Thursday, 01 August 2024 04:34 PM

අනේ ජොනී අයියේ මේපාර ඔබලාට සීයෙට දෙකාමාරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 280 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1689 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 730 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 3040 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


රජරට රැජිණ කොළඹදී පිලීපනී
2024 නොවැම්බර් මස 29 568 0

අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපා


හානි වූ මාර්ග - පාලම් සකස් කිරීම අරඹයි
2024 නොවැම්බර් මස 29 602 0

වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2197 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site