ඌව පළාත් සභා ඡන්දයේදී හාළිඇල පොලිස් මුරපොළ අසලදී සන්ධානයේ බදුලු දේශපාලනඥයකුගේ ආධාර කරුවන්ගේ මැර ප්‍රහාරයට ලක්වූ බව කියන ඇටැම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාගේ සුව දුක් බැලීමට පන්නිපිටියේ පෞද්ගලික රෝහලට ගිය මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතා ඔහුගේ ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂයක චෙක් පතක් පරිත්‍යාග කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යවේදියා යනු කිසිවෙකුගෙන් යැපෙන්නෙක් නොව, තම බුද්ධියෙන් හා ශ්‍රමයෙන් යැපෙන්නෙකි. ඔහුට ඇති අරියාදුකම් නිසා කවදාවත් සැළෙන්නෙක්වත් පසුබසින්නෙක්වත් නොවේ. ඔබ මිනිසෙකු ලෙස කකුල් දෙකෙන් නැගිටලා හිටගන්න ඕනෑ. (නි)
රෝගී වූ මාධ්‍යවේදියාට ඉක්මන් සුවය පතමි. එසැණ පුවත් තීරයේ අපි ඔබ සමඟයි ඉන්නේ. තෙරුවන් සරණයි! (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
ඔබතුමා විතරක් වන්දි දුන්නට මදි, අනිත් යාලුවොත් මේ වගේ ආධාර කළ යුතුයි. මාධ්‍යවේදියාට ඉක්මන් සුවය පතමු. (නි)
දුටුවිටත් කණගාටුයි. ඉක්මන් සුවය පතමි! අර පහරදුන් අයට උඩ ඉන්න දෙවියන්ගෙන්වත් අච්චුවක් ලැබෙන්න ඕනෑ. (නි)
මේ මාධ්‍යවේදියාට පහරදුන් අයගෙන්ද වන්දි ලබාගත යුතු නොවේද? (නි)
මොනවා වුණත් දැන් වෙලා ඉවරයි. ඒවා ගැන දැන් හිතලා වැඩක් නැහැ. ඔබට ඉක්මන් සුව පතනවා! (නි)
මර්වින් මහත්තයා දැන් හරිම හොඳයි (නි)
කෙනෙක් බණ කියද්දී, තවකෙක් පහරදෙනවා. තවකෙක් පහර දෙනකොට අනෙකා උදවු කරනවා. කෙනෙක් උසුළු විසුළු කරද්දී අනෙකා අසභ්‍ය වදන් දොඩනවා. ඒ න්‍යායත් නරකම නැහැ. හැබැයි ඉතින් අන්තිමේ බැනුම් අහලයි ගුටිකාලයි තියෙන්නේ අහිංසක අපිම තමයි. (නි)
මාධ්‍ය වලට සිදුවූ සියලුම අකටයුතුකම් වලට මාගේ මුළු හෘදයෙන්ම කණගාටුව ප්‍රකාශ කරමි (නි)
අර ගස් බැඳපු සමුර්ධි නිලදරියාටත් කියක් හරි දුන්නනම් සාධාරනයි , අර රුපවාහිනියේ සිද්දියේ පසුව ගුටි කාල ජිවිත හානි වුන අයටත් කියක් හරි , අපි ඇමති තුමා සමග එසේ වුනොත්(අ)
යකෝ මේ මොකද මේ වෙන්න යන්නේ ? ඉරත් අනිත් පැත්තෙන් පායන්ඩද.? අයෙත් මුද ගොඩ ගලන්ඩ වගේ ....හෙට අනිද්දට වැහි නැති හෙන වලින් පරිස්සම් වුනොත් හොඳයි..(අ).
ඔබතුමා කළ කාර්යය අගයනවා (නි)
මර්වින් මහත්තයාගේ සැබෑ වෙනසක් දකින්න තියෙනවා (නි)
විපතේදී පිහිටවීම හොඳ ගුණාංගයක් (නි)
මෙවන් අවස්ථා වලදී පිහිටවීම වැදගත් මෙන්ම වටිනා දෙයක් (නි)
හරි හරි ඉතින්. මිනිස්සු වෙනස් වෙන්නේ නැද්ද? (නි)
බොහොම හොඳ වැඩක් (නි)
බණ්ඩාර සරත් සහ සමන් කුමාර කියූ දේවල් සමඟ මම එකඟයි (නි)
ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)
ඔබතුමා හොඳ පුද්ගලයෙක් (නි)
ඔබතුමා බොහොම නිර්භීතයි. දිවි පරදුවට තබා මෙසේ සිය රාජකාරි වල යෙදෙන අපේ මාධ්‍ය සොයුරන්ට අපේ ආචාරය! (නි)
මාධ්‍යවේදියාට ඉක්මන් සුවය. ඇමැතිතුමාටත් සුබ පතමි. (නදී)
කොහොම හම්බ කරපු සල්ලිද ? (නදී)
ඔය ලක්ෂය නොගන්නයි තිබුනේ ? (නදී)
මවින් කියන්නේ පොදු ජන හිතවතෙක්.ඔහු කලේ උතුම් ක්‍රියාවක්.(අ)
මාධ්‍යවේදී මහතාට ඉතා ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා! මර්වින් සිල්වා කියන්නේ පොදු ජන හිතවතෙක්.ඔහු කලේ උතුම් ක්‍රියාවක්. (අ)
දුටුගැමුණු පරපුරේ ඉන්න එකම කෙනා.... (නි)
හිත හොඳ මිනිසා (නදී)
වික්ටෝරියා වේල්ල අස්සෙන් පොල් ලෙල්ලක් ගිහින්. පොල් ලෙල්ලට නම් පොඩි සහනයක් දැනේවි. වේල්ලට නම් දැනිලවත් නැහැ. (නදී)
ඇමතිතුමාට ජයවේවා! ඉස්සර ඉදන්ම, ඔහොම හිටියනම් මල් හතයි.(අ)
ගහන්නේ නැතුව ගහක බැන්දනම් ලක්ෂ 4ක් ලබාගන්න තිබුන.(අ)
අනේ මන්ද ඔහොම සල්ලි පරිත්‍යාග කරන්න ගියොත් ඔබතුමා දුප්පත් වෙයිනෙ. (අ)
බලාගෙන පුතා චෙක් එක මුදල් කරගන්නකම් විශ්වාස කරන්න එපා. (අ)
මේකත් අරගෙන කටපියාගෙන හිටු. නැතිනම් ඉතුරු අඩු ටිකත් කඩනවා? (අ)
ඔබතුම මීලඟ ජනාධිපතිවරණයට තරඟ කරනවද? (අ)
ඇමතිතුමා ගොඩක් වෙනස් වෙලා ඉන්නෙ. මම දැක්කා ටී. වී. එකේ කථාකරනවා. කලකිරිලා වගෙයි ඉන්නෙ. (අ)
ඔබ තුමාගේ සුදුසුකම් ඉහල යනවා. පහල දාගන්න එපා, ජයවේවා! (අ)
දැන් ඡන්දෙ ලගනේ. නේද ඇමතිතුමා ? කැලණියේ මත්පැන් බලපත්තරයේ කතාව දැන් විසදිලද ? (අ)
දැන් මේ මුදල් ගනීවිද. අපි බලා ඉමු ඊට වෙනස් වේද කියලා. (නදී)
අපිත් මේ පොදු අපේක්ෂකයෙක් හොයා හොයා ඉන්නේ. (නදී)
අර ඉස්සර සිරස වාර්තාකරුට ගහලා කැමරාවත් කුඩුකරලා දැම්මා. එතකොට සමහරුන්ව ගස් බැන්දා. ඒවටත් ලක්ෂ ගානක් ගෙව්වද? (නදී)
කව්රු මොන විදියට කීවත් මොන තරම් නිහත මානී ඇමතිවරයෙක්ද ? ලක්ෂය නම් සුළු ගණනක් එතුමාට. ලක්ෂ 10 ක් වත් දෙන්නේ නම් ජනාධිපති අපේක්ෂක ධුරයට සුදුසු බව මම යෝජනා කරමි. සතුටින් දුන් දෙය කෝටියක් වටිනවා. (නදී)
මෙය අල්ලසක් වෙයිද ? (නදී)
ගස් බැදීම, මිනී මැරීම, මාධ්‍ය වේදීන්ට දඩුවම් කිරීම පාපයක් බව සදහන්. (අ)
ඒ මනුස්සයාට වෙච්ච අසාදාරනේට විරුද්දව වචන දහයක් කතාකලා නම් කෝටියක් වටිනවා. (නදී)
එතකොට අර රූපවාහිනි සංස්ථාවේ තලා පෙළා හිරිහැර කරපුවට මොනවා මොනවා හරි දුන්නොත් හොඳ නැද්ද ඇමති තුමෝ පරණ පව් සේදිලා යන්න (නදී)
කපුටා සහ කේජු කැල්ල. (නධී)
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්..දනට පිනට දුන්නේ මන්.. හිතේ මනාපෙන්. (නදී)
අපේ ඇමතිතුමා ඊයේ පෙරේදා ඉඳන් ලොකු වෙනසකට මුල පුරනවා වගෙයි. එතුමාට හොරෙන් කැලණියේ බාර් බලපත්‍ර දීපු සිද්ධියේදීත් ආණ්ඩුවේ ඉඳල වැඩක් නැහැ කියලත් කිව්වා. කවුරු කලත් වරද වරදක්ම තමයි. ඒත් මේ පරිත්‍යාගය කිරීම නම් ඉතා යහපත්. (නදී)
අද වෙන දේ හෙට මතක නැති මිනිසුන් ඉන්න රටේ ඔබ තුමාලා හැමදාමත් වැජඹේවී (නදී)
මිනිසෙකුට කාලයත් සමඟ වෙනස්විය හැකියි. ප්‍රායෝගිකව ලබන අවබෝධයත් එක්ක දාමරිකයෙකුට උපාසකයෙකු විය හැකියි. අතීතය මතක තියෙන තාක්කල් සමාජයෙන් ප්‍රතිවිරෝධතාවයන් එල්ලවෙිවි. ඒත් පවට වඩා පින බලවත් එනිසයි අංගුලිමාලටත් රහත් වෙන්න හැකිවුනේ. තමන් වටහාගත් හොඳ දේ ඊලඟ පරපුරට ප්‍රායෝගිකව පුහුණු කල යුතුයි. මාලක සිල්වාවත් මේ විදියට හැඩගස්වන්න. කොහොම වුණත් ඔබ කොන්ද පණතියෙන දකුනේ මිනිහෙක්. (නදී)
අතීත කතා කෙසේ වුවත් දර්ශනය මහද සංවේදී කලා. මාධ්‍යවේදී මහතාට ඉතා ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා! අද ඔබ අසරණව වැතිරී සිටින්නේ ජඩ දේශපාලනයේ ගොදුරක් වෙලා බව රටම දන්නවා. (නදී)
මෙතුමාට ඉදිරි අනාගතයේ, යම් කිසි වෙනස් වීමක් පේනවා වගෙයි. (නදී)
ඔය සල්ලි වලින් බලු කපුටු දානයක් දෙන්න. තමාගේ පරිහරණයට ගැනීමෙන් වලකින්න. (නදී)
උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියල කවියකුත් තියෙනවනේ. ඇමති තුමත් ලේ පෙරනකම් ගැහුවේම මාද්‍ය වෙදින්ටනේ එ් පවු මේ වගෙන් සෝදනවා බොරු ඇමති තුමෝ ! මට කනගාටු ජිවිත පරිත්‍යාගයෙන් රැක ගත්ත මාද්‍ය වේදීන්ගේ අබිමානය ගැනයි (නදී)
කමක් නැහැ. (නදී)
චන්දන මහතාට ඉක්මන් සුවය පතමි. අපි ඔබ සමඟයි. ඔබේ සමාජ මෙහෙවර නවත්වන්න එපා. (නි)