IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පහර කෑ මාධ්‍යවේදියාට මර්වින්ගෙන් ලක්ෂයක්

ඌව පළාත් සභා ඡන්දයේදී හාළිඇල පොලිස් මුරපොළ අසලදී සන්ධානයේ බදුලු දේශපාලනඥයකුගේ ආධාර කරුවන්ගේ මැර ප්‍රහාරයට ලක්වූ බව කියන ඇටැම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාගේ සුව දුක් බැලීමට පන්නිපිටියේ පෞද්ගලික රෝහලට ගිය මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතා ඔහුගේ ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂයක චෙක් පතක් පරිත්‍යාග කළේය.

mervin

mervi-2



අදහස් (0)

පහර කෑ මාධ්‍යවේදියාට මර්වින්ගෙන් ලක්ෂයක්

පද්මිනී Wednesday, 08 October 2014 10:58 AM

අතීත කතා කෙසේ වුවත් දර්ශනය මහද සංවේදී කලා. මාධ්‍යවේදී මහතාට ඉතා ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා! අද ඔබ අසරණව වැතිරී සිටින්නේ ජඩ දේශපාලනයේ ගොදුරක් වෙලා බව රටම දන්නවා. (නදී)

:       0       0

රූපවතී Wednesday, 08 October 2014 06:23 PM

මාධ්‍යවේදියා යනු කිසිවෙකුගෙන් යැපෙන්නෙක් නොව, තම බුද්ධියෙන් හා ශ්‍රමයෙන් යැපෙන්නෙකි. ඔහුට ඇති අරියාදුකම් නිසා කවදාවත් සැළෙන්නෙක්වත් පසුබසින්නෙක්වත් නොවේ. ඔබ මිනිසෙකු ලෙස කකුල් දෙකෙන් නැගිටලා හිටගන්න ඕනෑ. (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 08 October 2014 06:26 PM

හරි හරි ඉතින්. මිනිස්සු වෙනස් වෙන්නේ නැද්ද? (නි)

:       0       0

ජෙහාන් Wednesday, 08 October 2014 06:30 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

සුජීව Wednesday, 08 October 2014 11:11 AM

මෙතුමාට ඉදිරි අනාගතයේ, යම් කිසි වෙනස් වීමක් පේනවා වගෙයි. (නදී)

:       0       0

හේමන්ත Thursday, 09 October 2014 12:54 PM

හිත හොඳ මිනිසා (නදී)

:       0       0

චමිලා Wednesday, 08 October 2014 11:25 AM

ඔය සල්ලි වලින් බලු කපුටු දානයක් දෙන්න. තමාගේ පරිහරණයට ගැනීමෙන් වලකින්න. (නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 08 October 2014 07:04 PM

බණ්ඩාර සරත් සහ සමන් කුමාර කියූ දේවල් සමඟ මම එකඟයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 08 October 2014 11:26 AM

උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියල කවියකුත් තියෙනවනේ. ඇමති තුමත් ලේ පෙරනකම් ගැහුවේම මාද්‍ය වෙදින්ටනේ එ් පවු මේ වගෙන් සෝදනවා බොරු ඇමති තුමෝ ! මට කනගාටු ජිවිත පරිත්‍යාගයෙන් රැක ගත්ත මාද්‍ය වේදීන්ගේ අබිමානය ගැනයි (නදී)

:       0       0

නාලි Wednesday, 08 October 2014 11:50 AM

කමක් නැහැ. (නදී)

:       0       0

ඉද්දමල්ගොඩ Wednesday, 08 October 2014 11:15 PM

ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

ලසිත් Wednesday, 08 October 2014 12:32 PM

චන්දන මහතාට ඉක්මන් සුවය පතමි. අපි ඔබ සමඟයි. ඔබේ සමාජ මෙහෙවර නවත්වන්න එපා. (නි)

:       0       0

නුවන් Wednesday, 08 October 2014 12:35 PM

මෙවන් අවස්ථා වලදී පිහිටවීම වැදගත් මෙන්ම වටිනා දෙයක් (නි)

:       0       0

ජයනි Wednesday, 08 October 2014 12:37 PM

රෝගී වූ මාධ්‍යවේදියාට ඉක්මන් සුවය පතමි. එසැණ පුවත් තීරයේ අපි ඔබ සමඟයි ඉන්නේ. තෙරුවන් සරණයි! (නි)

:       0       0

ආරියසේන Thursday, 09 October 2014 08:33 AM

මවින් කියන්නේ පොදු ජන හිතවතෙක්.ඔහු කලේ උතුම් ක්‍රියාවක්.(අ)

:       0       0

හේරත් Wednesday, 08 October 2014 12:46 PM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

දිමුතු Wednesday, 08 October 2014 01:07 PM

ඔබතුමා විතරක් වන්දි දුන්නට මදි, අනිත් යාලුවොත් මේ වගේ ආධාර කළ යුතුයි. මාධ්‍යවේදියාට ඉක්මන් සුවය පතමු. (නි)

:       0       0

බිනර Thursday, 09 October 2014 12:23 AM

ඔබතුමා හොඳ පුද්ගලයෙක් (නි)

:       0       0

හසන්ත Wednesday, 08 October 2014 01:15 PM

දුටුවිටත් කණගාටුයි. ඉක්මන් සුවය පතමි! අර පහරදුන් අයට උඩ ඉන්න දෙවියන්ගෙන්වත් අච්චුවක් ලැබෙන්න ඕනෑ. (නි)

:       0       0

දිනෙල්ක‍ා Thursday, 09 October 2014 01:16 AM

ඔබතුමා බොහොම නිර්භීතයි. දිවි පරදුවට තබා මෙසේ සිය රාජකාරි වල යෙදෙන අපේ මාධ්‍ය සොයුරන්ට අපේ ආචාරය! (නි)

:       0       0

සුසිර Wednesday, 08 October 2014 01:42 PM

මේ මාධ්‍යවේදියාට පහරදුන් අයගෙන්ද වන්දි ලබාගත යුතු නොවේද? (නි)

:       0       0

නිහාල් Wednesday, 08 October 2014 01:46 PM

මොනවා වුණත් දැන් වෙලා ඉවරයි. ඒවා ගැන දැන් හිතලා වැඩක් නැහැ. ඔබට ඉක්මන් සුව පතනවා! (නි)

:       0       0

ෆර්හාන් Wednesday, 08 October 2014 01:56 PM

මර්වින් මහත්තයා දැන් හරිම හොඳයි (නි)

:       0       0

නවෝද් Wednesday, 08 October 2014 02:02 PM

කෙනෙක් බණ කියද්දී, තවකෙක් පහරදෙනවා. තවකෙක් පහර දෙනකොට අනෙකා උදවු කරනවා. කෙනෙක් උසුළු විසුළු කරද්දී අනෙකා අසභ්‍ය වදන් දොඩනවා. ඒ න්‍යායත් නරකම නැහැ. හැබැයි ඉතින් අන්තිමේ බැනුම් අහලයි ගුටිකාලයි තියෙන්නේ අහිංසක අපිම තමයි. (නි)

:       0       0

කමල් Wednesday, 08 October 2014 08:37 AM

ගස් බැදීම, මිනී මැරීම, මාධ්‍ය වේදීන්ට දඩුවම් කිරීම පාපයක් බව සදහන්. (අ)

:       0       0

චමින්ද Wednesday, 08 October 2014 08:42 AM

ඇමතිතුමාට ජයවේවා! ඉස්සර ඉදන්ම, ඔහොම හිටියනම් මල් හතයි.(අ)

:       0       0

පෙරේරා Wednesday, 08 October 2014 08:49 AM

ගහන්නේ නැතුව ගහක බැන්දනම් ලක්ෂ 4ක් ලබාගන්න තිබුන.(අ)

:       0       0

උපාලි Wednesday, 08 October 2014 08:49 AM

අනේ මන්ද ඔහොම සල්ලි පරිත්‍යාග කරන්න ගියොත් ඔබතුමා දුප්පත් වෙයිනෙ. (අ)

:       0       0

නන්දා Wednesday, 08 October 2014 08:50 AM

බලාගෙන පුතා චෙක් එක මුදල් කරගන්නකම් විශ්වාස කරන්න එපා. (අ)

:       0       0

පිටිගල Wednesday, 08 October 2014 02:54 PM

මාධ්‍ය වලට සිදුවූ සියලුම අකටයුතුකම් වලට මාගේ මුළු හෘදයෙන්ම කණගාටුව ප්‍රකාශ කරමි (නි)

:       0       0

ලලිත් Wednesday, 08 October 2014 08:50 AM

මේකත් අරගෙන කටපියාගෙන හිටු. නැතිනම් ඉතුරු අඩු ටිකත් කඩනවා? (අ)

:       0       0

රොහාන් සෞදි Wednesday, 08 October 2014 08:53 AM

ඔබතුම මීලඟ ජනාධිපතිවරණයට තරඟ කරනවද? (අ)

:       0       0

සදුන් Wednesday, 08 October 2014 08:54 AM

ඇමතිතුමා ගොඩක් වෙනස් වෙලා ඉන්නෙ. මම දැක්කා ටී. වී. එකේ කථාකරනවා. කලකිරිලා වගෙයි ඉන්නෙ. (අ)

:       0       0

පිටිගල Wednesday, 08 October 2014 08:58 AM

ඔබ තුමාගේ සුදුසුකම් ඉහල යනවා. පහල දාගන්න එපා, ජයවේවා! (අ)

:       0       0

චින්තක Thursday, 09 October 2014 03:31 AM

මාධ්‍යවේදියාට ඉක්මන් සුවය. ඇමැතිතුමාටත් සුබ පතමි. (නදී)

:       0       0

සෙනරත් Wednesday, 08 October 2014 09:03 AM

දැන් ඡන්දෙ ලගනේ. නේද ඇමතිතුමා ? කැලණියේ මත්පැන් බලපත්තරයේ කතාව දැන් විසදිලද ? (අ)

:       0       0

අශෝක Wednesday, 08 October 2014 09:16 AM

දැන් මේ මුදල් ගනීවිද. අපි බලා ඉමු ඊට වෙනස් වේද කියලා. (නදී)

:       0       0

ධම්ම Wednesday, 08 October 2014 09:30 AM

අපිත් මේ පොදු අපේක්ෂකයෙක් හොයා හොයා ඉන්නේ. (නදී)

:       0       0

සමන් කුමාර Wednesday, 08 October 2014 09:32 AM

අර ඉස්සර සිරස වාර්තාකරුට ගහලා කැමරාවත් කුඩුකරලා දැම්මා. එතකොට සමහරුන්ව ගස් බැන්දා. ඒවටත් ලක්ෂ ගානක් ගෙව්වද? (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 08 October 2014 09:44 AM

කව්රු මොන විදියට කීවත් මොන තරම් නිහත මානී ඇමතිවරයෙක්ද ? ලක්ෂය නම් සුළු ගණනක් එතුමාට. ලක්ෂ 10 ක් වත් දෙන්නේ නම් ජනාධිපති අපේක්ෂක ධුරයට සුදුසු බව මම යෝජනා කරමි. සතුටින් දුන් දෙය කෝටියක් වටිනවා. (නදී)

:       0       0

බණ්ඩාර සරත් Wednesday, 08 October 2014 04:35 PM

අර ගස් බැඳපු සමුර්ධි නිලදරියාටත් කියක් හරි දුන්නනම් සාධාරනයි , අර රුපවාහිනියේ සිද්දියේ පසුව ගුටි කාල ජිවිත හානි වුන අයටත් කියක් හරි , අපි ඇමති තුමා සමග එසේ වුනොත්(අ)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 08 October 2014 10:02 AM

මෙය අල්ලසක් වෙයිද ? (නදී)

:       0       0

සමන් Thursday, 09 October 2014 04:55 AM

කොහොම හම්බ කරපු සල්ලිද ? (නදී)

:       0       0

ලසා Wednesday, 08 October 2014 10:06 AM

වික්ටෝරියා වේල්ල අස්සෙන් පොල් ලෙල්ලක් ගිහින්. පොල් ලෙල්ලට නම් පොඩි සහනයක් දැනේවි. වේල්ලට නම් දැනිලවත් නැහැ. (නදී)

:       0       0

කොබේවත්ත Thursday, 09 October 2014 11:17 AM

මාධ්‍යවේදී මහතාට ඉතා ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා! මර්වින් සිල්වා කියන්නේ පොදු ජන හිතවතෙක්.ඔහු කලේ උතුම් ක්‍රියාවක්. (අ)

:       0       0

රෝහිත සමරකොනේ Wednesday, 08 October 2014 05:01 PM

යකෝ මේ මොකද මේ වෙන්න යන්නේ ? ඉරත් අනිත් පැත්තෙන් පායන්ඩද.? අයෙත් මුද ගොඩ ගලන්ඩ වගේ ....හෙට අනිද්දට වැහි නැති හෙන වලින් පරිස්සම් වුනොත් හොඳයි..(අ).

:       0       0

සේන Wednesday, 08 October 2014 10:18 AM

ඒ මනුස්සයාට වෙච්ච අසාදාරනේට විරුද්දව වචන දහයක් කතාකලා නම් කෝටියක් වටිනවා. (නදී)

:       0       0

කුමාර් Wednesday, 08 October 2014 10:19 AM

එතකොට අර රූපවාහිනි සංස්ථාවේ තලා පෙළා හිරිහැර කරපුවට මොනවා මොනවා හරි දුන්නොත් හොඳ නැද්ද ඇමති තුමෝ පරණ පව් සේදිලා යන්න (නදී)

:       0       0

මාලි Wednesday, 08 October 2014 05:21 PM

ඔබතුමා කළ කාර්යය අගයනවා (නි)

:       0       0

බොතේජු Wednesday, 08 October 2014 05:32 PM

මර්වින් මහත්තයාගේ සැබෑ වෙනසක් දකින්න තියෙනවා (නි)

:       0       0

සහන් Thursday, 09 October 2014 11:57 AM

දුටුගැමුණු පරපුරේ ඉන්න එකම කෙනා.... (නි)

:       0       0

නාලක Thursday, 09 October 2014 05:59 AM

ඔය ලක්ෂය නොගන්නයි තිබුනේ ? (නදී)

:       0       0

සුනෙත් Wednesday, 08 October 2014 10:43 AM

කපුටා සහ කේජු කැල්ල. (නධී)

:       0       0

ඉෂානි Wednesday, 08 October 2014 05:49 PM

විපතේදී පිහිටවීම හොඳ ගුණාංගයක් (නි)

:       0       0

අජිත් Wednesday, 08 October 2014 10:46 AM

හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්..දනට පිනට දුන්නේ මන්.. හිතේ මනාපෙන්. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 08 October 2014 10:46 AM

අපේ ඇමතිතුමා ඊයේ පෙරේදා ඉඳන් ලොකු වෙනසකට මුල පුරනවා වගෙයි. එතුමාට හොරෙන් කැලණියේ බාර් බලපත්‍ර දීපු සිද්ධියේදීත් ආණ්ඩුවේ ඉඳල වැඩක් නැහැ කියලත් කිව්වා. කවුරු කලත් වරද වරදක්ම තමයි. ඒත් මේ පරිත්‍යාගය කිරීම නම් ඉතා යහපත්. (නදී)

:       0       0

සේනාදීර Wednesday, 08 October 2014 10:49 AM

අද වෙන දේ හෙට මතක නැති මිනිසුන් ඉන්න රටේ ඔබ තුමාලා හැමදාමත් වැජඹේවී (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Wednesday, 08 October 2014 10:49 AM

මිනිසෙකුට කාලයත් සමඟ වෙනස්විය හැකියි. ප්‍රායෝගිකව ලබන අවබෝධයත් එක්ක දාමරිකයෙකුට උපාසකයෙකු විය හැකියි. අතීතය මතක තියෙන තාක්කල් සමාජයෙන් ප්‍රතිවිරෝධතාවයන් එල්ලවෙිවි. ඒත් පවට වඩා පින බලවත් එනිසයි අංගුලිමාලටත් රහත් වෙන්න හැකිවුනේ. තමන් වටහාගත් හොඳ දේ ඊලඟ පරපුරට ප්‍රායෝගිකව පුහුණු කල යුතුයි. මාලක සිල්වාවත් මේ විදියට හැඩගස්වන්න. කොහොම වුණත් ඔබ කොන්ද පණතියෙන දකුනේ මිනිහෙක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 102 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 439 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 95 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 477 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 301 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 867 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25116 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site