IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පොහොර ප්‍රශ්නය හෙට මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොහොර  පිළිබඳව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (21) පැවැත්වීමට නියමිතය.

විපක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරේ.

මේ අතර පාර්ලිමේන්තුව හෙටත් (21) අනිද්දත් (22) පැවැත්වෙන අතර හෙට පැවැත්වීමට නියමිතව ඇත්තේ  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප් කමිටුව ) වාර්තා පිළිබඳ සභාව  කල්තබන අවස්ථාවේ විවාදයකි

මෙම දින දෙකේදීම  පෙරවරු 10.00 සිට පෙරවරු  11.00 දක්වා කාලය චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

පාර්ලිමේන්තුව හෙට (21 )  පෙරවරු 10 ට රැස්වී අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක්, තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්)(සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මුලින්ම  විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.

අනතුරුව පොහොර ප්‍රශ්නය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ  නියෝග දෙකක් අනිද්ද (22) සිකුරාදා  පෙරවරු 11.00සිට  මධ්‍යහන 12 දක්වා  විවාදයට ගැනීමෙන්  සම්මත කර ගැනීමට
කටයුතු කෙරෙනු ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් වාර්තා පිළිබද සභාව කල් තැබීමේ විවාදය  හෙට පස්වරු 12 සිට පස්වරු 03:30 දක්වා   පැවැත්වේ.  මේ යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩුව විසිනි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම නියාය පත්‍රය තීරණය කර ඇත්තේ එම රැස්වීමේදීය.

පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය. කොවිඩ්  පැතිරීම පහව ගිය පසු  පාර්ලිමේන්තු මහජන ගැලරිය  සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව  විවෘත  කිරීමට මෙහිදී තීරණය කෙරුණු බව  වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කිරීම සම්බන්ධයෙන් ලබන ජනවාරි මාසයේදී කරුණු සලකා බැලීමට අපේක්ෂා කරන බවද  හෙතෙම සඳහන් කළේය. 



අදහස් (0)

පොහොර ප්‍රශ්නය හෙට මැතිසබයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1476 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 452 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3092 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 409 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 856 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2766 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1766 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site