IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘පහරදීමේ කථාව බොරුවක්‘

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ලොක්කකු කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පොලිසියෙන් හා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් කියයි.

පසුගිය සෙනසුරාදා සිසුන් දෙදෙනෙකු අතර වු බහින් බස් වීමක් සම්බන්ධයෙන් එම හිටපු හමුදා ලොක්කා ගිය බදාදා පාසලට පැමිණ සිසුවකුගේ බෙල්ලෙන් අල්ලා ගත් බව කියති.

එම සිසුවා එදින සවස සාමන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමට සිටි අතර ගුරුවරියක පැමිණ සිසුවා බේරාගෙන තිබේ.

හමුදා ලොක්කාට ඇති බය නිසා සිසුවා පොලිසියට පැමිණිලි කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි.

සිසුවාට සාමන්‍ය පෙළ විභාගය අවසන් වීමට ඇත්තේ හෙට (17)  දිනයේදීය.

කෙසේ වෙතත් එම හමුදා නිලධාරියාගේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙස තුන්වන පාර්ශවයක් ලෙස ජනමාධ්‍යවේදීන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

මෙම සිද්ධියට තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවත් තමා කිසිම සිසුවකුට පහර නොදුන් බවත් එම සිදුවීම වූ බව කියන දිනයේ තමා මෙරට නොසිටි බවත් එම සිදුවීම සම්බන්ධයෙන් තමාට එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කියයි.

තම බිරියගේ නැගණියගේ පුත්‍රයකු කොළඹ පාසලකදී කප්පම් ගන්නා සිසු කල්ලියක මැර ප්‍රහාරයකට ලක්ව මොළයේ ස්කෑන් පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලකදී කර ඇති බව තමා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දැනගත් බවත් ඇතැම් වෙබ් අඩවි, ගුරු සංගම් හා පුවත්පත් ද්වේශයෙන් තමාට පහරදෙන බවත් තම හෘද සාක්කිය ඉතාම පිරිසිදු බවත් මේජර් ජනරාල් පවසයි.

‘මට කනගාටුව මා ගැන නොසොයා නොබලා එවැනි පුවතක් පළ කිරීමයි. මගේ හමුදා ජීවිතය වසර 35ක්. මා යටතේ සිටි එකම සෙබළකුටවත් පහර දීමක් හෝ අසභ්‍ය වචනයෙන් බැන වැදීමක් සිදුවී යැයි ඔප්පු කරන ලෙස මා මට මඩ ගහන අයට කියනවා. මා එතෙර ගොස් පැමිණි පසු දවසක් මගේ බිරියගේ නැගණිය හමුවුණා. තම පුතාට සිදුවූ මැර ප්‍රහාරය ගැන ඔවුන් මට කීවා. මා දන්නේ එපමණයි. මෙම චෝදනා නගන පුද්ගලයාට රුසියාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේ නමක් තිබීම එවැනි උතුමන්ට කරන අපහාසයක්. මේ පාසලේ කප්පම් ගන්න සිසු කල්ලි ඉන්නවා. ඒ අයට විරුද්ධව කතා නොකරන මෙවැන්නන් මට විරුද්ධව නගන චෝදනා ගණන් ගන්නේ නෑ‘

තම ඥාති පුත්‍රයාට පාසලේදී සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම නැගණිය ඔහු සමග ගොස් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කළ බවද කී මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේ තමා පහරදුන් බව කියන සිසුවකු සිටීනම් ඔහු කවුදැයි පෙන්වන ලෙසත් එවැනි අයකු රෝහල්ගතව ප්‍රතිකාර ගත් බවටවත් කිසිදු සාක්කියක් නැති බවත්ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පවසනුයේ හමුදාවේ හිටපු ප්‍රධානියකු පාසල් සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධියක් ගැන කිසිදු පැමිණිල්ලක් නොමැති බවයි. 

 

 



අදහස් (0)

‘පහරදීමේ කථාව බොරුවක්‘

ප්‍රින්ස් Saturday, 17 December 2016 11:44 AM

රට ගිය කෙනා ඩී එස් එක ළඟ කරපුව විඩියෝ කරලා තියෙන්නේ.

:       0       0

දහම් Friday, 16 December 2016 06:33 AM

මේක අමූලික බොරුවක් බව ඒ හමුදා නිලධාරියා අද ප්‍රකාශ කළා. ඔහු ඒ කියන දවසේ සිට ඇත්තේ විදෙස්ගතව. ඒ නිලධාරියා ගැන ඉරිසියාවකින් සහ තරහවකින් ලොක්කෝ කිහිප දෙනෙක්ම ඉන්න බව ප්‍රචලිත දෙයක්. කැතයි නේද? (බ)

:       0       0

පුෂ්ප Friday, 16 December 2016 06:27 PM

අපි නම් ඇත්ත දන්නවා (නි)

:       0       0

රංග Friday, 16 December 2016 07:10 AM

ඔහුගේ සේවය අගයකර සේවා දිගුවක් ලබා දීමට මම යෝජනා කරනවා (බ)

:       0       0

ලලිත් Saturday, 17 December 2016 09:52 PM

ලංකාවේ පාසල් වල කප්පම් ගැනීම ගැන සොයා බලන්න. (නි)

:       0       0

චන්දන Friday, 16 December 2016 08:14 PM

රට බේරාගත් අපේ රණවිරුවන්ට අපහාස කරන එක වැරදියි (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 16 December 2016 08:47 AM

මෙවැනි අභූත චෝදනා මගින් ඔව්න් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි නොදනිමි.මෙවැනි කප්පම් ගැනිලි පාසල්වල නොකරන්නට බලධාරින් ක්‍රියා කරන්නේනම් දරුවන්ට යහපතක් වනු ඇත. (බ)

:       0       0

ලයනල් Saturday, 17 December 2016 01:23 AM

මේ කාරණාව ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මිනිස්සු නිකන් කියන්නේ නැහැනේ. (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 17 December 2016 02:00 AM

වර්තමාන පාලනය ඉදිරියේ දණ නොගැසූ සැමට කුමන අයුරකින් හෝ පහරදීම, නිගා කිරීම වර්තමාන යහපාලනයේ ප්‍රතිපත්තියකි. දේශපාලන මඩ ගොහොරුවේ මඩකරියෙකු නොවූ මේ වීරෝදාර මේජර් ජෙනරල්වරයාත් එම ඉරණමට ගොදුරු වී ඇතුවා වගෙයි. දේශපාලන නායකයන්ගේ අසූචිත් සුවඳැයි කීමට තරම් දෙශපාලන ගැත්තෙකු නොවූ ඔහුට ජය වේවා! (නි)

:       0       0

සුනිල් Friday, 16 December 2016 10:21 AM

මේ කතාව සාක්කි ඇතුව ඔප්පු කරගන්න ක්‍රමයක් නැද්ද? (නි)

:       0       0

දුමිඳු සමන්ත Friday, 16 December 2016 10:22 AM

මේක ගොඩින් බේරාගත්තා නම් ඉවරනේ (නි)

:       0       0

චතුරංග ලක්මාල් Friday, 16 December 2016 10:24 AM

මට නම් හොඳටම විශ්වාසයි හෙට හෝ අනිද්දා මේ ළමයා කියයි මට මේ මාමා ගැහුවේ නැහැ. මමයි මාමගේ පුතෙකුට ගැහුවේ. මට මමමයි ගහගත්තේ කියලා. (නි)

:       0       0

සුනිල් Friday, 16 December 2016 10:58 AM

බොරුවට වැඩි ආයුෂ නැත (නි)

:       0       0

සමන් Friday, 16 December 2016 10:58 AM

මේ චෝදනා කරන පුද්ගලයාත් කප්පම් කල්ලිත් අතර සම්බන්ධතාවයක් තිබිය හැකියි නේද සමහරවිට. (නි)

:       0       0

අරවින්ද Friday, 16 December 2016 12:35 PM

පාසල් වල කප්පම් ගන්නා අයගේ බෙල්ලෙන් ඇල්ලුවාට කමක් නැහැ. මොවුන් ඉස්කෝලේ යනකොට කප්පම් ගන්න පුරුදුවෙලා පහු කාලෙක දේශපාලනේ කරලා මහා පරිමාණයෙන් කප්පම් ගනීවි. (නි)

:       0       0

දිලිප් Friday, 16 December 2016 12:37 PM

කවුරු කියන එකද ඇත්ත? තව ටික දවසකින් ෆොටෝත් එක්ක අපි කියන්නම්කෝ. (නි)

:       0       0

සහන Saturday, 17 December 2016 03:28 AM

අන්තිමට මේ සිසුවා කියාවි මමම මට ගහගත්තා කියලා (නි)

:       0       0

සමන් Friday, 16 December 2016 01:30 PM

මොනවා වුණත් මෙවැනි අයට නිරපරාදේ අපහාස නොකරනවා නම් හොඳයි (නි)

:       0       0

මාල් Friday, 16 December 2016 02:03 PM

බොරු කියලා බේරෙන්න නම් ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

රොකී Friday, 16 December 2016 02:08 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

අප්පුහාමි Friday, 16 December 2016 02:46 PM

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා කතාවකුත් තියෙනවා (නි)

:       0       0

රොකී Saturday, 17 December 2016 05:42 AM

රට බේරාගත් රණවිරුවන්ට ඕනෑම අපරාධයක් කරන්න ලයිසන් දෙන්න කියලද චන්දන කියන්නේ? (නි)

:       0       0

සනත් ඒකනායක Saturday, 17 December 2016 07:40 AM

තවත් අලුත් ජවනිකාවක් වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 348 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 531 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 269 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 861 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site