IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පළාත් 6ක ඡන්දය දෙසැම්බර් 15ට පෙර

රංජන් කස්තුරි 
 
පළාත් සභා හයක මැතිවරණය මේ වසර අවසන් වීමට පෙර පැවැත්වීමට හැකිවෙතැයි අපේක්ෂාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය එම කොමිෂන් සභා කාර්යාලයේදී අද (24) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

 
සබරගමුව , උතුරමැද , සහ නැගෙනහිර දැනටමත් විසිරී තිබෙන අතර ලබන සැප්තැම්බර් මාසයේදී මධ්‍යම උතුර සහ වයඹ යන පළාත් සභා තුනේ නිල කාලය අවසන් වන බවද ඒ අනුව එම පළාත් සභා හයේම මැතිවරණය ලබන දෙසැම්බර් මස 15 වැනිදිනට පෙර පවත්වා අවසන් කිරීමට අපේක්ෂා කරන බවද එහිදී දේශප්‍රිය මහතා කීය.
 
පළාත් සභා මැතිවරණය තව දුරටත් කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් මූලධර්ම වලට සම්පුර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් බවද පළාත් සභා ඡන්දය කල් දැමීමට එරෙහිව රට තුළ ජනමතයක් ගොඩනැගිය යුතු යැයිද එහිදී මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
 
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය බධාවකින් තොරව පැවැත්වීම සඳහා දැනට තිබෙන ගැටලුවලට පාර්ලිමේන්තුව හරහා විසඳුම්  ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවලින් ලිඛිත ඉල්ලීමක් කර තිබෙන බවද ඔහු කීය.



අදහස් (4)

පළාත් 6ක ඡන්දය දෙසැම්බර් 15ට පෙර

soma dubayi Tuesday, 24 April 2018 05:49 PM

ඡන්දෙ තියන්න ඔච්චර හදිස්සි මොකද? රජයට වැඩ කරන්න වෙලාවක් නැ හැම තිස්සෙම ඡන්ද තියෙන නිසා ,2020 ට කලින් ඡන්ද ඕනේ නැ

:       383       520

Sathya Wednesday, 25 April 2018 03:05 AM

2015 දී මැ.කෝ. ගේ තිබ්බ සෘජු තීරණ ගැනීමේ හැකියාවත් ස්වාදීන කොමිසමක් අවම නැති වෙලාද?පාර්ලිමේන්තුවෙන් වෙලාවට තීරණ ගන්නේ නැත්නම් කොමිසමට බලයක් නැද්ද ක්‍රියාමාර්ග ගන්න. ප්‍රජාතන්ත්‍රවාදය , යහපාලනය ගැන කියාගෙන ආව අය තමා තමන්ගේ බැරිකම වහගන්න මැතිවරණ කල් දමන්නේ.දෙසැම්බර් මාසේ ආවම පටන් ගනීවි සීමා නිර්ණය කරලා නෑ හරි වෙන මොකක්හරි බයිලයක්. අ දවස්වල ගිරිය පුප්පගෙන කැගැහුව එන්.ජී.ඕ නඩ ටිකත් දැන් නෑනේ.

:       0       48

Sapumal. Wednesday, 25 April 2018 03:22 AM

චන්ද කලට වෙලාවට තැබීම මැකෝගේ රාජකාරියයි.2020 දී තියෙන්නේ වෙනත් මැතිවරණයක්.මේ තියන්න හදන්නේ පළාත් සභා චන්දයයි.ඩුබායි සෝමා,ටිකක් දැනුවත් වෙලා ලියනවනම් නේද වඩා හොඳ ?

:       0       49

dewadaththa Wednesday, 25 April 2018 07:14 AM

ඩුබායි සෝමා නොදුටු මොක්පුර...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 137 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2408 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 710 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 235 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 574 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 984 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site