ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙතෙක් පවත්වාගෙන ආ පළාත් ක්රිකට් තරගමාලා අහෝසිකර පැරණි ක‍්‍රමය අනුව දිස්ත‍්‍රික් තරගමාලා පමණක් පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි වාර්තා වේ. එහිදී දැන් පැවැත්වෙන අන්තර් පළාත් විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය, අන්තර් පළාත් තෙදින තරගාවලිය, අන්තර් පළාත් වයස 15 න් පහළ තරගාවලිය, අන්තර් පළාත් වයස 17 න් පහළ තරගාවලිය හා අන්තර් පළාත් වයස 19 න් පහළ තරගාවලිය අහෝසි කර දැමේ. ඒ වෙනුවට දිස්ත‍්‍රික් මට්ටමින් තරග මාලා දිගටම පවත්වාගෙන යා යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ක‍්‍රිකට් අතුරු කමිටු පාලන සමයේදී අන්තර් පළාත් තරගමාලා ආරම්භ විය. කෙසේ වුවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ බලධාරීන් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පැමිණ නැත. එහෙත් ක‍්‍රිකට් ආයතනයේ ඉහළ බලධාරියකු ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර ඇත්තේ අන්තර් පළාත් තරගමාලා දිගටම පවත්වාගෙන යා යුතු බවකි. පළාත් තරගමාලා මගින් වඩාත් දක්‍ෂ ක‍්‍රීඩකයන් රටට හඳුනා ගැනීමේ අවස්ථාව උදාවී ඇතැයි ඔවුන්ගේ අදහස වී තිබේ. ක‍්‍රිකට් ආයතනයේ දැනට දීමනා ලබන පළාත් ක‍්‍රිකට් පුහුණුකරුවන් හා කළමනාකරුවන්ට බලපෑම් කිරීම සඳහා නව යෝජනාව ඉදිරිපත් කරන සමහරුන්ගේ යටි අරමුණ වී ඇතැයි ද මේ අතර චෝදනාවක් එල්ල වී තිබේ. ක‍්‍රිකට් ආයතනය ඉදිරි විධායක සභා රැස්වීමේදී නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි ද වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළාත් ක්රිකට් තරගමාලා අහෝසි කිරීමේ යෝජනාවක් ?