( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අනුමැතිය හිමිවිය.
පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බව එම කාරක සභාව පෙන්වා දුන්නේය.
එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) රැස්විය.
නාමයෝජනා අවලංගු කිරීමට මෙසේ අනුමැතිය හිමිවූයේ එම රැස්වීමේදීය.
ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ බල ප්‍රදේශයේ ඡන්දය ඉල්ලීමට ඇති බාධා සහ එම බාධා ඉවත් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
තවද, පළාත් සභා අමාත්‍යාංශවල ලේකම්වරුන් ස්ථානමාරු කිරීමේ ක්‍රමවේදය ක්‍රමවත් කිරීම සහ සේවා ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා ස්ථාන මාරු කිරීම් කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය සමාලෝචනය කිරීමද මෙහිදී සිදුවිය.
පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට නිසිපරිදි ස්ථානගත නොකිරීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු පරිපාලන නිලධාරීන්ගේ ස්ථානගත කිරීම් නිසිපරිදි සිදුකළ යුතු බවටද අවධාරණය කළ අගමැතිවරයා ඒ අනුව වහාම පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ීමට අනුමැතිය
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගුයි
A.L.A.Hassan Friday, 22 September 2023 06:19 AM
හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට එවීම තමයි මගේ අදහස...!
ගුනවර්ධන Friday, 22 September 2023 09:35 AM
එතකොට ඒවාට වියදම් කලේ උන්ගේ අම්මගෙ නැත්නම් අප්පගෙ භූදලයෙන්ද නැත්නම් සුනාමියෙන් පටන්ගෙන ඔක්කොමලා එකතුවෙලා ගසාකෑ ඒවායින්ද කියලා අහන්නම වෙනවා මෙහෙම නාස්ති වලක්වන්න කෙනෙක් නැද්ද පක්ෂ අදාල කර නොගෙන අතිවිශාල වශයෙන් ජනතා දේපළ විනාශ නොකරපු හා ඒවාට සම්බන්ධ නොවූ මිනිස්සු ගැන විතරක් කියන්න