පොලොන්නරුව ප්‍රදේශයේ කුඩා වී මෝල් 400ක් වැසීයෑම නිසා මෝල් හිමි කරුවෝ අන්ත අසරණ වී මෝල් යකඩ වලට විකුණා ජිවත්වන බව වී මෝල් හිමියන්ගේ සංගමය කියයි ගවී මිලදී ගැනීම සහ සහල් අලෙවිය කීපදෙනකු අත ගැවසීම සහ වී තොග සඟවා තැබීම බදුවලින් නිදහස්ව පිට රට වලින් සහල් හා සුන් සහල් ගෙන්වීම නිසා මේ තත්ත්වය උදා වී ඇතැයිද කියයි. පොලොන්නරුවේ වී මෝල් 500 ක් පමණ ඇත.
වී මෝල් හිමියන් ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.පුංචිබණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ රටේ වී තොග බීර නිපදවීමයට යොදා ගන්නේදැයි සැකයක් පවතින බවයි. තවද විදේශ රට වලින් සත්ත්ව ආහාර සදහා වෙන් කරන හුනුසල් අඩු මුදලට ගෙන්වා ජනතාවට අලවි කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවටද චෝදනා කරයි.
ඡායාරූප කරුණාරත්න ගමගේ
ඡායාරූප -කාංචන කුමාර ආරියදාස









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැති මෝල් විකුණා දමන එක හොඳයි. දැන් අපිට සුපිරි සම්බා පොලොන්නරුවෙන්ම ලැබෙනවා. (නදී)
අලුත් තාක්ෂණය නැතුව තවදුරටත් සහල් සෑදීම මහා ජනතාවට අධික මිල ගෙවීමට හේතු වන නිසා මහපරිමාන නිෂ්පාදකයන් දෙදෙනාට ඉඩ දී ඔයගොල්ලන් ඉවත් වෙන්න. ඔවුන් රජයේ අාශිර්වාද ඇතිව දිගටම කරගෙන යයි. (නදී)
නිෂ්පාදන වියදම් දිහා බලනකොටගොවියාට ලාභයක් ඇත්තෙම නැහැ. මෝල් හිමියාගේ කතා අහනකොට ඔවුනුත් අමාරුවේ වැටිලා. පාරි භෝගිකයා දෙස බලනකොට කන්නේ එක වේලයි මිල ගණන් අධික නිසා. ගොවියා වස බොනවා වගේ මේ දෙතුන්ගොල්ලන්ටම අද වසබොන්න වෙලා තියෙන්නේ කළමනා කරණයේ ඇති දුර්වලතාවයන් නිසා (නදී)
ජොන්ස්ටන් මහත්තයට හිතන්න කාරණයක් මේක. ජනාදිපති තුමනි ගොවියන් නැතිව රට දියුණු කරන්න බැහැ. මේ ගැන ඔබ තුමාගේ අවදානය යොමු වේවා! (නදී)
මොනවා කරන්නද පාරවල් හදල තියෙනවා කියා කියා රට නය කරලා ඉවරයි. ඔයාල කැසිනෝ පටන් ගන්න උදව් කරාවි (නදී)
හැම දෙනාම එකතු වෙලා ළඟ එන චන්දෙදි කල්පනා කරලා චන්දෙ ගහන්නග(හේ)
මුදලාලිලා සුලුතරය ගැනද බලන්න ඕනේ, රටේ සාමාන්‍ය මිනිස්සු ගැනද? පිට රටින් හාල් නොගෙනෙන්න අද හාල් කිලෝවක් කීයක් වෙයිද කඩේ? (අ)
"විදේශික යුවළට පහර දුන් මීගමුවේ දේපාලන මැර හමුදාව"සති අග පුවත් පතක තිබෙන හෙළිදරව්ව බලන්න. අපි මොන තරම් තිරිසන් රටකද ජීවත් වෙන්නේ කියල තේරුම් ගන්න පුළුවන් වේවි. (නදී)
මෙතන කතා කීපයක් කියවෙනවා එකක් මේ අයට පෙර පරිදි ජනතාව සහල් වලින් සුරගෙන කෑමට නොහැකියාව තුල මේ කර්මාන්තයෙන් ඉවත් වීම. අනෙක සොච්චමට ගොවියාගෙන් වී ටික මිලදී ගැනීමට දැන් තියන තත්වය තුල ඇති නොහැකියාව .මේ අය ගොවියටත් සදරණය ඉෂ්ට කරමින් තමන්ගේ කර්මාන්තයත් සදරනවා කරගෙන ගියානම් අදටත් මේ අයට ඔය වෙළදාම කරගෙන යන්න තිබුණා.ඕක තම කියන්නේ බාගෙන කන වල ඉහගෙන කාපුවම වන්දේ කියලා. (අ) .
රටේ බහුතරයක් පුන්නක්කු කන රටකට වී මෝල් මොකටද? (නදී)
වී මෝල් වල ප්‍රමිතියයි එ්කෙන් එන සහල් වල ප්‍රමිතියයි අඩු උනොත් තමයි ඔය වැඩේ වෙන්නේ. මොකද පාරිභෝගිකයා ගාන වැඩි උනත් හොඳ එක තමයි ගන්නේ (නදී)
කොතැනක හෝ වරදක් වෙලා ඇති , නැතිනම් මෙහෙම වේවිද? (හේ)
"ජොන්ස්ටන් මහත්තයට හිතන්න කාරණයක් මේක. " ජොන්ස්ටන් මහත්තයට හිතන්න දෙයක් නැත සැම පළාතක වී මිලට ගෙන වැඩි මිලට විකුනන වීමෝල් බලවතා අහවලාගේ මල්ලි. හොඳම දේ ඉන්දියාවෙන් හරි සහල් ලාබෙට ගෙනත් දෙන එකයි(අ)
සල්ලි දීලා වී ගන්නවා නම් ඒවායින් ඉන්පස්සේ කරන්නේ මොනවාද කියලා හොයන්න අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නේ. නිෂ්පාදනය ඉහළ දැමීම නේද කළයුත්තේ? (නි)
ගොඩක් දෙනෙක් සංවර්ධනය කියලා හිතන්නේ පරිගණකයයි, ඉංග්‍රීසි ටිකකුයි තිබුණම හරි කියලා. ඇත්තටම අපේ රටේ කෘෂිකර්මාන්තයට හා ඒ හා සමගාමීව පවතින ආයතන නඟාසිටුවන්න උනන්දු වෙන්නේ නැත්තේ ඇයි කියලා අපිට නම් තේරෙන්නේ නැහැ. (නි)
ගාමිණී ඔබගේ කතා සියයට සියයක් හරි...(අ)