IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු

(සුජිත් හේවාජුලිගේ)

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිපියක් යවමින් අද (15) දැනුම් දුන්නේය.

රජයේ බංගලා වහාම බාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට සිහිකැඳවීම් කිහිපයක්ම කර ඇතත් අද (15) වන විට නිවාස භාරදී ඇත්තේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනකු පමණක් බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරුන් රජයේ බංගලා බාරදීමේ ලොකු පසුබෑමක් දක්නට ලැබෙන බව අමාත්‍යාංශය පවසයි.

හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට කොළඹ 7 ප්‍රදේශයෙන් ලබාදී තිබූ බංගලා සංඛ්‍යාව 40 කි.මේ අනුව තවමත් බාර දී නැති බංගලා සංඛ්‍යාව 29කි.

මේ අතර අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමේදී සියලු කරුණු සමාලෝචනය කර වියදම් අඩුවන ආකාරයේ අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

 



අදහස් (8)

බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු

ජගත් ලියනගේ Wednesday, 16 October 2024 08:46 AM

ඒ නොදුන්නු අය කවුද කියා රටට හෙලි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේ ගොල්ලන් පුදුම විදියට මහජන මුදල් අවභාවිතා කරලා තියෙන බවයි පේන්නේ... (ඇයි විදුලි සහ ජල බිල්පත් පවා ගෙවන්නේ රජයෙන්නේ). ඒ නිවාස පිහිටලා තියෙන්නේත් ලංකාවේ හොඳම ස්ථාන වල. උදා:- බෞද්ධාලොක මාවත සහ එයට සම්බන්ධ පාරවල්.

:       0       33

අරවින්ද මොනරවිල Wednesday, 16 October 2024 09:05 AM

මැති ඇමතිවරුන්ට නිළ නිවාස අවශ්‍ය නැහැ කියලා නේද කිව්වේ, කරුණාකරලා ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න.

:       1       27

රම්බොඩ Wednesday, 16 October 2024 09:34 AM

වැරැද්ද කියන එක එයාලට සාමාන්‍ය දෙයක් වෙලා. ඒකයි මේ.

:       0       26

sukithak Wednesday, 16 October 2024 10:30 AM

මේ උදවිය බංගලා දේශෙට යවන්න.

:       0       25

Ugitha Wednesday, 16 October 2024 11:00 AM

රාජ්‍යය විසින් ඇමතිවරුන්ට නිල නිල නිවාස ලබා දී ඇති අතර, ඔවුන් තවදුරටත් බලය නොමැති විට ඔවුන් භාර නොදුන්නේ නම්, ඔවුන් ආපසු ගැනීමට රජයට උසාවියට ​​යා යුතුය. මොන විහිළුවක්ද.

:       0       26

ජනරළ Wednesday, 16 October 2024 01:00 PM

රටේ අහිංසක මිනිසුන් ව මොන විදියකින් හරි රවට්ටගෙන දිගටම රට කාගෙන කාගෙන ඉවරෙටම කන්න හිතන් හිටපු නිසා තමයි පහුගිය කාලේ දිගටම බලේ ඉන්නයි ආපහු අරහෙන් මෙහෙන් එක එක සන්ධාන හදාගෙන ආපහු බලයට එන්නයි දන්නා තරම් ලෝකේ තියෙන සියලු උප්පර වැට්ටි කලේ. ඇත්තටම මේ සෙට් එක වගේ මහම මහා කාලකන්නි දේශපාලන රැලක් ආසියාවේ නෙමෙයි, මුළු ලෝකේ කොහේ වත් රටක ඉන්නේ නැතුව ඇති. රට ඉස්සරහ තියෙන භයානක ණයබර තත්වේ අබ මල් රේණුවක තරම් වත් ගානකට ගන්නේ නැතුව පහුගිය කාලේ අත දිගඇරලා තමන්ගේ සැප ජීවිතේ ගෙනියන්න රටේ බදු මුදල් වියදම් කළා නේද? ඒ මදිවට තියෙන දේවලුත් තුට්ටුවට දෙකට විකුණලා ඒ සල්ලිත් කාලා විනාශ කරන්නනේ හැදුවේ. දැන් තියෙන්නේ පොදුවේ අධිකරණ නියෝගයක් අරන් රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙටම පේන්න ඇදලා එලියට දාන්නයි. තවත් දිගටම සෙල්ලම් නටන්න දෙන්න නරකයි...

:       0       12

fairoos Wednesday, 16 October 2024 01:42 PM

30 වෙනකම් ඉදී .මුන්ව ඇදලා එලියට දාන්න පොලිසියට බලය දෙන්න

:       0       9

බද්රානි Wednesday, 16 October 2024 02:40 PM

මේ රටේ ජනතාවගේ දේපළ මේ අයගේ අම්ම අප්පගේ බූදලයක් කියලා හිතාගෙන පරිහරණය කළ හොර කල්ලියක් තමයි මෙච්චර කල් මේ රට පාලනය කලේ... ව්‍යවස්ථාවෙන්ම හොරුන්ටලැබී ඇති විශේෂ වරප්‍රසාද නැති කරන්න ඕනෑ. මේ හොර කල්ලියේ සාමාජිකයින් පිළිබඳව නිසි කඩිනම් විමර්ශන සිදුකොට ඔවුන්ගේ දේපළ රජයට පවරාගෙන කල යුතුයි... ඒකට විසඳුමක් ගේන්න නම්, ශක්තිමත් රජයක් පිහිටුවා ගත යුතුයි.. හොරුන්ට ආවඩන රජවරු යටතේ නිවටයින් ලෙස ජීවත් වීමට කැමති ගොබ්බයිනුත් ඔවුන්ගේ අන් තට්ටුව හිසෙන් ගලවා ගෙන ප්‍රඥාවන්තව නිවැරැදි ලෙස තමන්ගේ ඡන්දය පාවිච්චි කළොත්, අපි හැමෝටම ආර්ථික පීඩාවක් නොමැතිව මේ රටේ ජීවත් විය හැකියි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 154 0

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 15 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 74 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
2025 අප්‍රේල් මස 21 473 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු


’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’
2025 අප්‍රේල් මස 21 1047 2

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන


ගේ ඉල්ලලා ලියුමක් ආවොත් දෙනවා
2025 අප්‍රේල් මස 21 694 3

තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 419 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 423 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site