IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී

(යොහාන් භාසුර)

බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට අද (18) සමත් වූහ.

දෙරට අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් බංග්ලාදේශ පිල කඩුලු 4 ක පහසු ජයක් ලැබීය.

දඟ පන්දු යවන්නක් ලෙස කණ්ඩායමට ඇතුළත් වූ 21 ක් හැවිරිදි රිෂාඩ් හොසේන් අනපේක්‍ෂිත ප්‍රහාරයක් දියත් කිරීමට කැපී පෙනුණි. හොසේන් පන්දු 18 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් ජයග්‍රහණය ඉක්මන් කළේය.

ආරම්භක පිතිකරු ටන්ෂිඩ් හසන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 81 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 84 ක් රැස්කිරීමට සමත් විය.  

ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 235

(කුසල් මෙන්ඩිස් 29, චරිත් අසලංක 37, ජනිත් ලියනගේ නොදැවී 101, මහීෂ් තීක්‍ෂණ 15, ටස්කින් අහමඩ් 42/3, මුස්ටෆිෂූර් රහමන් 39/2, මෙහෙදි හසන් මිරාෂ් 38/2)

බංග්ලාදේශ පිල ඕවර 40.2 කදී කඩුලු 6 ට 237

(ටන්ෂිඩ් හසන් 84, තව්හිඩ් රිඩෝයි 22, මුෂ්ෆිකූර් රහීම් නොදැවී 37, මෙහෙදි හසන් මිරාෂ් 25, රිෂාඩ් හොසේන් නොදැවී 48, ළහිරු කුමාර 48/4, වනිඳු හසරංග 64/2)



අදහස් (4)

බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී

Muthu Monday, 18 March 2024 06:00 PM

ක්‍රිකට් කියන්නේ නොවැදගත් දෙයක් මේ කාලේ. මූලිකම දේ තමයි හැම ශේෂ්ත්‍රයකම ලාංකිකයෝ අද හැම අතින්ම මානසිකව වැටිලා. අපි ඉන්නේ බංගලිදෙශේට වඩා පහලින් කියන ඇත්ත පිළිගන්න වෙනවා. සිංහයෝ, සිංහයෝ කියා කියා බොරුවට තමන්ව පුම්බාගන්න එපා. ඉන්නේ වලේ කියලා දැනගත්තොත් තමයි ගොඩඑන්න පුළුවන්. අපේ ටීම් එකේ හැසිරීමත් අන්තිමයි. ඒ පැත්තෙනුත් අපි බංගලි ටීම් එකට වඩා පහත්. එක කාලයක් හැම අතින්ම උසස්. අපි බංගලි වෙලා ඔවුන් සිංහයෝ වෙලා නේද? ඒ ඇත්ත දකින කල් අපිට ගොඩ එන්න බෑ...

:       3       42

ලාස්ට් මෑන් Monday, 18 March 2024 07:46 PM

විසිඑක්වන සියවසේ තෙවන දශකයේ මහා ඩොලර් (සිල්වාර්) රජාණෙණි, අනේ මේ අපේ කොල්ලෝ ටිකට ඇඟ කද පණ පිහිටන්න ඩොලර් විසිකරලා හොඳට කවලා පොවලා දැන්ම ඉඳලා කේක් එක අයිසිං කරලා ගත්තේ නැත්තං ඊළඟ වර්ල්ඩ් කප් එක උස්සන්න බැරි වුණොත් ඉතිං සිස්ටම් චේන්ජ් ඩෙෆිනිට්...

:       0       0

pakeer Monday, 18 March 2024 08:31 PM

ලංකාවේ ඉන්නේ මෝඩ, බූරු හැත්තක්ද කියනවා නම් ඔවුන් තාමත් ක්‍රිකට් බලනවා. ලංකාවේ දේශපාලනයයි, ක්‍රිකටුයි අතර වැඩි වෙනසක් නැහැ. මේ මෝඩ සිංහලයින් තාමත් මේවා හරි හැටි දන්නේ නෑ.

:       0       0

බද්රානි Monday, 18 March 2024 10:40 PM

ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව බංගලාදේශ කණ්ඩායම ප්‍රබලයි...ඔවුන් දක්ෂයි...ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තුන් හතර දෙනෙක් හැරුණු විට අනෙක් සියලු දෙනාම කබ්බෝ රැලක් කියලා තමයි මට නම් හිතෙන්නේ... අර අවිශ්ක ප්‍රනාන්දු කියන ආරම්භක පිතිකරුවව කණ්ඩායමට ඇතුලත් කලේ කාගේ උවමනාවටද..? දසුන් චානක, ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරග වලට සුදුසු නැද්ද...? බංගලියෝ අපහාසයට වගේ හිනා වෙවී, ගහපු ගැහිල්ලට, ලංකාවේ ක්‍රිකට් ඔස්තාර්ලට මුකුත් හිතිලා නැහැ වගෙයි... උඹලට හැමතැනම වැරදිලා... එත් ඒවා, හදා ගන්න එපා...ඊට වඩා පහසුයි විහින් නැහෙන එක....මීට අවුරුදු විසි අටකට කලින් ගත්තු ලෝක කුසලානයක් ගැන තවමත් පම්පෝරි ගහමින් ලෝකෙට ලොක්කෝ කියලා හිතාගෙන ඉන්නවා... ලෝකය නුඹලාට වඩා ගොඩක් වේගයෙන් ඉදිරියට යනවා.. උඹලා දක්ෂයින්ව වනසලා, කබ්බන්ට ආවඩලා මේ නරාවලේ ඉඳගෙන කයිවාරු ගහනවා... ඔහොම වෙලා මදි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 486 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 52 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 391 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 490 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 696 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 988 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site