IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


බෝගස්වැව සිංහල පවුල් පදිංචි කරනවාට දෙමළ ජාතික සන්ධානයේ විරෝධය

(සිතුම් චතුරංග)

මහවැලි එල් කලාප ලෙස නම් කරමින් බෝගස්වැව ඇතුළු ප්‍රදේශයන් හි තවදුරටත් සිංහල ජනතාව පදිංචි කිරීම  හා දැනට පදිංචිව සිටින සිංහල පවුල් නෙදුන්කේණි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය යටතට පත් නොකරන ලෙස බලකරමින්  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන්  විරෝධාතවක නිතර වූහ.

කැබිතිගොල්ලෑව, පදවිය, පලුගස්වැව, වෙහෙරතැන්න හා බෝගස්වැව ඇතුළු ප්‍රදේශ කිහිපයක ගම්මාන රැසක පවුල් 1330 ක් පමණ නෙදුන්කේණි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය යටතට පත්කිරීමට නියමිත බවත් එසේ කිරීමෙන් දෙමළ ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බවත් විරෝධතාකරුවෝ එහිදි පැවැසූහ.

මහවැලි එල් කලාප ලෙස හදුන්වමින් දෙමළ ජනතාවට අයත් ඉඩම් තුළ සිංහල ජනයා පදිංචිකරන බවත් එම හේතුවෙන් මේ වන විට දෙමළ ජනතාවගේ කෘෂිකාර්මික ඉඩම් අහිමිවී යන බවත් විරෝධතාකරුවන් සඳහන් කළේය.

සිංහල ජනතාව වැඩිවශයෙන් පදිංචිකොට උතුරේ සිංහල ඡන්ද පදනම වැඩිකරලීමට උත්සහ ගන්නා අතර එම හේතුවෙන් දෙමළ ජනතාවගේ නියෝජනයන් අහිමිවන බවත් කීය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ සම්බන්ධයෙන් දිගින් දිගට සාකච්ඡා සිදුකරන අතර මෙම ජනතාව නෙදුන්කේණි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය යටතට එක්නොකරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් විරෝධතාකරුවන් වැඩිදුරටත් පැවසීය.

විරෝධතාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීදරන් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ශිවශක්ති ආනන්දන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා යන මහත්ම මහත්මීහු ඇතුළු දෙමළ ජාතික සන්ධාන ප්‍රාදේශිය දේශපාලඥයින් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාව සඳහා එක්ව සිටියහ.

 



අදහස් (23)

බෝගස්වැව සිංහල පවුල් පදිංචි කරනවාට දෙමළ ජාතික සන්ධානයේ විරෝධය

Bamunuarachchi Monday, 15 November 2021 11:14 PM

කෝ සිංහල අපි ජාතිවාදියෝ කියන සිංහල ගොබ්බයො ටික? මෙන්න මේවයි ජාතිවාදය කියන්නේ.

:       0       4

Bamunuarachchi Monday, 15 November 2021 11:19 PM

දෙමළ ජනතාවගේ කෘෂිකාර්මික ඉඩම් අහිමිවී යන බවත් විරෝධතාකරුවන් සඳහන් කළේලු. කොහෙන්ද ඉඩම් ගෙනාවේ? කැබිතිගොල්ලෑව, පදවිය, පලුගස්වැව, වෙහෙරතැන්න හා බෝගස්වැව කියන නම්සෙට් එක කියනකොටම තේරෙන්නේ නැද්ද මේවා සිංහල ගම් කියලා.

:       0       5

Sun Tuesday, 16 November 2021 12:28 AM

එතකොට සිංහලයො යාපනේදි ලයිට් කණුවෙ ගැටගහල වෙඩි තියල මරණ එක හොඳයි

:       0       3

mangala Tuesday, 16 November 2021 01:25 AM

රටේ මුල් පුරවැසියන්ට මේ අයගෙන් අවසර ගන්න වෙලා කොහෙහරි පදිංචි වෙන්න.

:       0       3

Nimal6⁸ Tuesday, 16 November 2021 01:42 AM

රටේ නැතිවෙමින් පවතින දේවල්.

:       0       2

ලුම්බිණි Tuesday, 16 November 2021 03:50 AM

සිංහල දෙමල සහ මුස්ලිම් පවුල් සමානව පදිංචි කළා නම් ප්‍රශ්නේ ඉවරයි නේද?

:       3       0

Lalith M Tuesday, 16 November 2021 06:56 AM

එතකොට කොලඹින් දමිල ජනතාව පන්නන්නද කියන්නේ. මෝඩ අවස්ථාවාදීන්.

:       0       4

Bamunuarachchi Tuesday, 16 November 2021 07:32 AM

කීයක් හරි දුන්නානම් හොයා ගන්න තිබුනා.

:       0       0

චන්දන Tuesday, 16 November 2021 07:50 AM

ප්‍රභාකරන් කිවුවෙත් ඕව තමයි. එයාල කියන විිදියට ද ආණ්ඩුව හැසිරෙන්න ඕන. යාපනෙත් සිංහල ජනතාව කැමති ආකාරයට පදිංචි කරවිය යුතුයි. නැත්නම් දකුණෙන් දෙමළ අය ඉවත් කරගන්න ඕන. ලංකාවේ ඕනම තැනක ඕනම ජන කොට්ඨාසයකට ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. මෙයාල මේ කියන දේට තමා ජාතිවාදය කියන්නේ. මේවා ජීනීවා යන්නෙ නැත්ද.

:       0       5

Senarath Tuesday, 16 November 2021 09:23 AM

මෙයාලා මේවට විරුද්දව වෙනවා, ඒ උනාට යුද්ධේට කලින් යාපනේ හිටිය සිංහල පවුල් ගැන කතා කරන්නේ නැහැ.

:       0       4

ජෙගන් Tuesday, 16 November 2021 09:24 AM

අනිවාර්යෙන් සිංහල ජනතාව පදිංචි කලයුතුයි ජාතිවාදින්ට තැන දෙන්න ඒපා.

:       0       4

Jude Tuesday, 16 November 2021 10:29 AM

මෙන්න මේවට සිංහල ගොබ්බයින් මීක් නෑ. සිංහලයගේ රටේ සිංහලයට තියෙන තැන ඕකයි. තව අවුරුදු 10කින් ඔහොම උද්ඝෝෂණය කරන්නේ නෑ. කෙලින්ම එළියේ.

:       0       6

kkamalasiri Tuesday, 16 November 2021 11:10 AM

මේ කෙටි ජීවිත කාලේ සමගියෙන් ජීවත් වෙන්න පුරුදු වෙමු .සිංහල දෙමල මිනිස්සුන්ට එකමුතුව ජීවත් වෙන්න පුළුවනි

:       0       5

BamunuarachchiWednesday, 17 November 2021 09:00 AM

අපිට ජීවිත කාලය කෙටි උනාට මිනිසාගේ පැවැත්ම අවරුදු ලක්ෂ ගානක්. සිංහල ජාතියේ පැවැත්ම අවුරුදු 2600 වැඩී. අපේ කාලය කෙටී කියලා ජාතිය වැනසෙන්න දෙන්න බැහැ. ජාතියක් හැටියට අපේ දරුවන්ට රටක් ඉතිරිවෙන්න ඕනේ.

:       0       1

Sampath Tuesday, 16 November 2021 12:46 PM

දෙමළ ජනතාව ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිංහලයින් වෙසෙන ගම්මාන වල වාසය කරනවා කිසිම ගැටළුවක් නෑ .ඒ අයට කිසිම විරෝධතාවයක් සිංහලයින්ගෙන් නැහැ.ශ්‍රී ලංකාවේ විදිහට පුරවැසියෙක් විදිහට ලංකාවේ ඕනම තැනක වාසය කරන්න ඕනෑම පුරවැසියෙකුට අයිතිය තියෙනවා. ජනතාව ජාතිවාදයට ඇදලා ගන්නේ මේ දේශපාලකයින් කාලකන්නි හැතිකරේ ඉන්නකම් මේ රටේ ජනතාවට යහතින් ඉන්න නැහැ

:       0       12

W a r kulathilaka Tuesday, 16 November 2021 01:20 PM

බෙදීම් මායිම් ඇති විට ඝට්ටනය වීමට ඇති ඉඩ වැඩිය. නමුත් විවිධ ජනතාව විසිරි සිටීම සමාදානයට හේතු වේ

:       0       5

අතුල Tuesday, 16 November 2021 01:26 PM

රටේ ඕනම පුරවැසියෙකුට ඕනෑම තැනක ජීවත් වීමට අයිතියක් තියෙනවා .මේවගේ ජාතිවාදීන්ට ඉඩ නොතැබිය යුතුයි.. නැවත රට ලේ විලක් කරන්න උත්සාහ දරන තක්කඩින්ට රිදෙන්න දෙන්න ඕනෙ මේවා කරන්නේ එම ජනතාව ජාතිවාදී ලෙස සතුටු කර උන්ගේ යටි අරමුණු ඉෂ්ට කරගන්න සැමදා උතුරේ බලය තියාගන්න.. මේවට ඉඩ නොතැබිය යුතුයි

:       0       10

sharm warn Tuesday, 16 November 2021 01:41 PM

දැන් පේනවනේ කවුද ජාති වාදීන් කියලා.මේ මිනිස්සු පව් .ඔතන ඉන්න හිවල් දේශපාලුවෝ මේ මිනිස්සුන්ව ඉත්තන්ට යොදා ගෙන ලෝකෙට පෙන්න උද්ගෝෂණ කරනවා .සිංහල දේශපාලුවෝ තමන්ගේ පොකට් එකට වැඩ කරද්දී මුන් ජාති වාදය වපුරලා ගානක් හොයා ගන්න හදනවා.දෙකම එකයි

:       0       8

නයොමි Wednesday, 17 November 2021 01:26 AM

බෝ ගස් වැව කියන නමින්ම කියන්නෙ කෙතරම් බෝධීන් වැඩ සිටි ගමක් බව නේද. එතනට මුලින්ම අවශ්‍ය බෝ ගස් ... හිත් නිවන බෝ සිත්... එතන භාශාවෙ ප්‍රශ්නයක් නෑ. හොද බෝධි ආරාමයක් කරවල මනුශ්‍යත්වය පැතුරුව නම් සැමට ජීවත් විය හැකි ගමක් නැවත් හැදේවි.

:       0       2

Wkp weerasinghe Wednesday, 17 November 2021 06:10 AM

අපි ඔක්කෝම ශ්‍රිලාංකිකයි ........... නේද ,කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු වෙන් නෑනේ ..........

:       0       0

Bamunuarachchi Wednesday, 17 November 2021 08:51 AM

සිංහල රටේ සමානව පදිංචි කොරන්න? සිංහලයෝ මෙරටේ 75% ඉන්නවා හැමබ්යෝ 9.2% දෙමල්ලු 12% මොනවා දනගෙනද කතා කොරන්නේ? බද්යුදීන් අක්කර දහස් ගනනක් එළිකර පදිංචි කලේ සමානවද? සිංහල මහා ජාතිය සුළු ජාතියකට සම වෙන්න ඕනෙද?

:       1       2

Bamunuarachchi Wednesday, 17 November 2021 05:41 PM

වීරසිංහ අන්න එතනයි වැරැද්ද? අපි ශ්‍රී ලංකික උනාම අපි සිංහල කියන නමට මොකද වෙන්නේ 12% හා 9% සුලුජාතිකයින් වෙනුවෙන් 75% ඉන්න සිංහලයාගේ සිංහල කියන නම නැති කර ගන්න ඕනෙද? අපි දියාරු වෙන්න ඕනෙද? ඒ පාවාදීම කරන්න එපා. නමේ හැටියට ජීවත් වෙන්න.

:       0       0

Wanasinghe Wednesday, 17 November 2021 09:34 PM

මෙික හෙළයන්ගේ දිවයින DS සේනානායක මහත්තයා මහවැලි ඉඩසිවල හෙළයන් පදිංචි කළා ,ගාමිණි දිසානායක මහතා ද,එසෙිම හෙළයන් පදිංචි කලා කිරැ විරැද්ද උනත් නැවතත් සියල ජකයා පදිංචි කල යුතුයි කොන්ද කෙළින් තියාගෙන කාටවත් දේශසීම වෙන් නොකොටදමමිල පවුල් අතර අපේ අයත් පදිංචි කල යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 610 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 630 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 586 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 435 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 423 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3898 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25138 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18850 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site