වලල්ලාවිට ඌරගොඩ නිවසක කුකුළු කූඩුවකට වැදී එහි බිත්තර ගිලිමින් සිටි පිඹුරෙක් එතැනට පැමිණි බළලාවද ගිල්ලේය.
පිඹුරා අඩි 15 කට වැඩි දිගය.
මොහොතකින් එහි පැමිණි නිවැසියන් අමානුෂික ලෙස පිඹුරාට කැති පහරඑල්ල කළේය.
ඉන් අවසන් නොවූ පිරිස පිඹුරා ගෝනියක දමා මහා පාර අයිනට හොරෙන් ගෙනැවිත් දැමුහ.
පණ අදිමින් පිඹුරා ආහාරයට ගත් බළලා වැමෑරුවේය.
දෙදෙනාම මරු මුවට පත්විය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිඹුරා සුදු කොඩි අරගෙන ඇවිත් තියෙන්නේ. එහෙම එකේ කැති ගාපු එක වැරදියි. මේක ජිනීවා ගෙනියන්න ඕනා. (නදී)
පිඹුරා බිත්තර ගිලලා බළලාවත් ගිලපු එක ස්වභාව ධර්මයයි. එ්ත් සමහරු ඒක වැරදියි කියනවා නම් ඒක මෝඩ කතාවක්. ඔය කුකුල් කූඩුව හදල ඉන්න කුකුල්ලු ටිකත් කවදා හරි මරල කනවනෙ එතකොට (නදී)
බන්දුල පෙරේරා අනුන්ට බොරු කියන්න එපා කියන්න කලින් ඔබේ බොරු කතා මෝඩ කතා නිවැරදි කර ගන්න. (නදී)
පිඹුරා විස රහිත උරගයෙක්. කුකුල් කොටුවක් කරන මනුස්සයෙක්ගෙන් මොන සත්ව කරුණාවක් බලාපොරොත්තු වෙන්නද ? හොරෙක් පැන්න නම් හොරාවත් කැති ගානවද ? නිවැසියන්ගේ දහමට ලැදි කම තමයි. මරන්න හේතු තිබුන වගේම නොමරා යවන්නත් ඕනෑ තරම් ක්‍රම තිබුනා. මතු භවයක් ගැන නොසිතන තිරිසන් මිනිසුන්.(නදී)
මේ ලගදි පිඹුරෙක් මෙහෙ කෙනෙකුට සපකාපු පුවතක් ඉරිදා ලංකාදීප පුවත්පතක තිබුනා. මේ සතා ලොකු උනහම මිනිසුන්වත් ගිලින බව දන්නවා. ඉතින් මරනවා හැර මොනවා කරන්නද. (නදී)
විශේෂයෙන් මිහිරාන් ඇතුළු සත්ව හිංසනයට උඩගෙඩි දෙන්නන්ට ලියමි. පිඹුරා කර ඇත්තේ උගේ ජීවිකාව සරිකර ගැනීමයි. බළලා එතනට ගිය නිසා උෟටත් මරණය හිමි උනා. ගෙහිමියාට දුකක් බව ඇත්ත එහෙත් සිදුව ඇත්තේ ස්වබාව දහම අනුව එකෙකු අනෙකා බක්ෂණය කිරීමයි. කූඩුව හොදින් සදා තිබුනා නම් මෙය සිදු නොවන්නට තිබුනා. මනුෂ්‍යයින් යනු මනසින් උසස් අයයි. එහෙත් දැන් ඔවුන් කරන්නේ වසල වැඩමය. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ කීවලුනේ (නදී)
බන්දුල පෙරේරා! ඕවා දෙනු පරහට. තමා සම්මතෙහි පිහිටා සිට. දුදනන් දෙන ඕවා වැද්දන් කියන බන වැනි. එච්චරයි තමුන්ට කියන්න තියෙන්නේ. තමුන් කව්ද කියලා ලෝකයම දන්නවා. (නදී)
කිසි දෙයක් නොතේරෙන තිරිසන් සතෙකුගෙන් වුනත් පලිගන්න ඕනි කියන, විසකුරු සර්පයෙකුයි පිඹුරයි අතර වෙනසක් නොදකින, ආරක්ෂාවීමයි පලිගැනීමයි කියන්නේ එකම දේකටයි කියල හිතන වැඩි දෙනෙක් ඉන්න රටේ මේ තරම් අපරාධ වැඩි ඇයි කියන එකට පිළිතුර මෙතන වැඩිදෙනෙක් දාල තියෙන අදහස් වලින් පේනවා. (නදී)
විෂ ඝෝර සර්පයා දැක නාරි (අත අරින්නෑ) මෝඩයා. ස්භාවධර්මයට ඉඩදෙන්න. (නදී)
පිඹුරෙක් වැනි සතෙක් හුරතල් කිරීමෙන් කිසිම ඵලක් නැහැ.තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගන්න. (නි)
සත්‍යපාල මහත්තයාගේ කතාව වටිනවා (නි)
පිඹුරා නම් බේරන්න තිබුනා බළලා ගිල්ලේ නැත්නම්, එ්ත් අන්තිමට දෙන්නවම නැතිවුනානේ. බළලා බේරගන්න පුළුවන් වුනානම් පිඹුරා මැරුවට කමක් නැහැ. බළලා අහිංසක සතෙක්. සොබාව ධර්මයට ඉඩදීලා ඉන්න තිබුනා පිඹුරා කැලේ හිටියානම් (නදී)
ඉසුරු, මොරිස්, තිලක්, ඔබ නියම සත්‍යය කියා තිබෙනවා. පිඹුරා පුසාව ගිලලත් ඉවරනම් ඊටපස්සේ ඌව මරන්නේ වෛරය නිසා මිසක් උගෙන් ආරකෂා වෙන්නද? හොරෙක් තමන්ගේ ගෙදරට පැන්නත් ඒ මිනිහගෙන් තමන්ට හරි ගෙදර කෙනෙකුට හරි 'මරණීය තර්ජනයක්' නැත්නම් අපිට ඒ මිනිහව මරන්න ආත්මාරක්ෂාවේ අයිතිය ලැබෙන්නේ නැහැ. කිසිවක් කරගන්න බැරි, කිසිවක් හිතන්න බැරි පිඹුරෙක් ගැන මොන කතාද? පිඹුරව මරපු මිනිස්සු ගැන තේරුම් ගන්න පුළුවන්. ඒක හරි කියලා අදහස් දාන අයවයි තේරුම් ගන්න බැරි. (නි)
හොඳයි. දැන් කුකුළු හොරකමේ මිනිහෙක් ආවා නම් එයාටත් ඕක කරනවද? (නි)
පිඹුරා මීටපස්සේ කුකුල් කොටුවට ගියත් මිලේච්ඡයින් ඉන්න තැනකට නම් යන එකක් නැහැ (නි)
පිඹුරා නිසා මිනිසෙක් මැරුණා නම් එතකොටත් පවු කියනවද? (නි)
කුකුල් කොටුවෙන් සමහරවිට දරු පවුලක් ජීවත්වෙනවා ඇති. එසේවූ විට මෙවැනි පාඩු දරාගැනීමට අපහසුයි (නි)
පිටිගල, බොරු කියන්නේ නැතුව ඇත්ත කියන්න ඉගෙනගන්න. (නි)
කලබල වෙන්න එපා. මේ තමයි සංසාරේ හැටි (නි)
තමන්ගේ ගෙදරට ආවොත් බලාගන්න පුළුවන් මේ කරුණාවන්ත මිනිසුන්ගේ හැටි (නි)
තව මොකක්හරි ගිලිනකන් ඉඳලා හුරතල් කරන්න තිබුනා. (නි)
මේ තිරිසනුන් දෙන්නෙක්. මේවා ස්වභාවික වැඩ (නි)
පිටිගල මහත්තයෝ, බන්දුල කියන ඒවා ලොකුවට ගණන් ගන්න එපා. මිනිහාට සමහර දවස් වලට මොලේ අමාරුවට අංගොඩ ඉස්පිරිතාලයෙන් දුන්න බෙහෙත් බොන්න අමතක වෙනවා. එ් වෙලාවට ඔහේ කියවනවා. මිනිහා ඉන්න තැන හරියට දන්නවා නම් පිස්සන් කොටුවට කතාකරලා අල්ලලා දෙන්න පුළුවන්. කාලයක් එහෙ ඉඳලා පැනල ඇවිල්ලා ඉන්නේ. (නදී)
ජීවත් වෙන්න තිබුන කාලය ඉවරයි. ඒ ගැන වදවීමෙන් කුමන ඵලය (නදී)
පව් අහිංසක පූසා! තිරිසන් සත්තු ඔහොම තමයි! ගෙදර දරුවෙක්ව එහෙම කාලා ගියා නම් තේරෙයි. පිඹුරා මැරෙන්න තිබුනේ එහෙම නම් ඒක කාටවත් වළක්වන්න බැහැ. තැනට සුදුසු දේ සිද්ධවෙලා තියෙන්නේ (නි)
ඕකම මනුස්සයෙක් කලානම් ඒ මිනිහව මරනවද.(අ)
ඔය පිඹුරට ආදරේ කස්ටිය ගිහින් පිඹුරො ඇති කරන්ඩල ගෙදර.විසකුරු සර්පයා දැක මරා නොදැමූ එකා මෝඩයා...(අ)
උදේ සිට රෑ වනතුරු බණ අහන අපේ රටේ මිනිසුන්ගේ ඇත්ත තත්ත්වය තමයි මේ (නි)
"ලක්ෂරි එපාර්ට්මන්ට්" වල ඉන්න අයට කොහොමත් ඕවා පව් වැඩ වගේ තමයි පෙනෙන්නෙ. අසරණ මිනිසුන්ගෙ දුක තේරුම්ගන්න බැහැ. ඔය සතා වෙනුවට ඒ මනුස්සයාගේ දරුවාව ගිල්ලා නම්..?? (නි)
කොහොම වුණත් පිඹුරන් මරණ එක නීතිවිරෝධී නිසා මරපු අය අමාරුවේ වැටෙන්න පුළුවන්. (නි)
අයියෝ ඔළුවයි මුට්ටියි දෙකම ඉවරයි . (නදී)
ඔය කාගේ කාගෙත් ගෙවල් වලට පිඹුරෙක් ආවොත් බලාගන්න පුලුවන් සත්ත්වකරුණාව (නදී)
අවාසනාවන්ත සිදුවීමක්. මේ මෑතකදී ඇමෙරිකාවේ කුඩා දරුවෝ දෙන්නෙක්ව උඩතට්ටුවේ ඇතිකරන පිඹුරා ගිලලා තිබුනා. ඒ ළමයි හැමදාම ඒ සතා එක්ක සෙල්ලම් කරනවාලු. එදා පිඹුරා කුඩුවෙන් පැනලා යට තට්ටුවේ නිවසට ඇවිත් නිදාගෙන හිටපු සහෝදරයන් දෙන්නව ගිලලා.(නදී)
පිඹුරා උගේ බඩගින්නට සතුන් ගිලදමනවා. මිනිස්සු බඩගින්නට මස් කනවා. එහෙනම් මිනිසුන්ටත් මේ විදියට වද දියයුතුයිනේ. අපේ සමහර මිනිසුන් තිරිසනුන්ටත් වැඩිය බාල විදිහට හිතන්නේ. (නි)
අවුලක් නැහැ මගේ ආත්තම්මට නිවන් සුව ලැබේවා! මීට පිඹුරා (නදී)
මේකෙන් කාටවත් ඇතිවුන පලය කුමක්ද ? අපරාදයක් බැවි පේනවා (නදී)
මම ඉපදුන සිංහරාජ වනාන්තරය අසල ඒ පුංචි ගමේ මිනිස්සුත් කුකුල් කූඩු හදලා ඒවායේ බිත්තර ලබා ගන්න තැන් තිබුනා ඒ කාලෙත්. දැනුත් තියෙනවා. ඒ දවස්වලත් ඒවාටත් කැලෙන් පිඹුරෝ, කලවැද්දෝ, කොළ දිවියෝ, උගුඩුවො එනවා. එ්ත් උන්ට කූඩුව ඇතුලට යන්න බැරි විදිහට ලඟින් කෝටු තියලා ශක්තිමත්ව බඳිනවා. රෑට එන අනික් සත්තු එලිය වැටෙනකොට ගියත් පිඹුරා එළිවෙලත් කුඩුව අසලම ඉන්නවා. උදේට එන ගොවියා පිඹුරා අල්ලලා බැඳලා ඇදගෙන ගිහින් කෝටුවකින් හොඳටම ගහලා ගඟට නිදහස් කරනවා. ඊට පස්සේ උෟ පීනලා යනවා. ඒ මිසක මරන්නේ තුවාල කරන්නේ නැහැ. එ්ත් තව සුමානයකින් දෙකකින් ඌම හරි වෙන එකෙක් හරි ආයෙත් එනවා, එත් පුරුදු දඬුවම දීල අායෙත් ගඟට දානවා. දැන් නම් පිඹුරෙක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. මෙතන වෙලා තියෙන්නේ මේ කුඩුව අනාරක්ෂිත වීම විතරයි. ඒ මදිවට පිඹුරාත් මරලා. පූසා පිඹුරාට අහු උන එක නම් මට පුදුමයි. අපේ පලාත්වල නම් පුසෝ අල්ලන්න පුළුවන් කොළ දිවියාට විතරයි. (නදී)
ඒ උනාට උන දේ උනා මුව අල්ලලා සත්තු වත්තට දෙන්න තිබුනනේ හා නැද්ද ? (නදී)
වෙලා තියෙන වැරැද්ද තමයි සත්තු දෙන්නවම මරලා පාර අයිනට ගෙනත් දාපු එක. ඒක මහ කැත වැඩක් (නදී)
ස්වභාවික පරිසරයේ සිටිය යුතුම සත්වයෙක් ඝාතනය කරලා. ස්වාභාවික පරිසරයේ තුලිත තාවයට බලපෑම් එල්ලකරන මිනිසාට සාපම වේවා (නදී)
මෙතන කිසි වැරැද්දක් වෙලා කියලා මට පේන්නේ නැහැ. කොහොමත් ගෙදරකට සර්පයෙක් ආවොත් ඕක වෙනවා (නදී)
ඔය සොබාව ධර්මයේ නිරවද්‍යතාවය. මිනිස්සු තරම් හොඳ වගේම නරක ජාතියක් වෙන නැහැනේ. ඇත්ත බළලත් නැහැ, පිඹුරත් නැහැ. ඔව්.ඔයත් බය ඇති පිඹුරන්ට. එ්ත් මරපු එක වැරදියි නේද. ආරක්ෂාවට තව පිළියම් තියනවා. පාපය නෙමේ. (නදී)
කාලය ඔහොම තමයි (නදී)
මේක වෛරයටයටවත්, තන්නහවට කලදෙයක් නොවෙයි බයට කරන දෙයක්. මේ තරම් විශාල සතෙක්ව දැක්ක ගමන් උෟ තමන්ව ගොදුරු කර ගනියි යයි හිතලා ඊට කලින් තමන් විසින් එම සතාව ගොදුරු කර ගැනීම මෙතන සිද්ධවෙලා තියෙන්නේ. මේක විවේචනය කරන අයට මට කියන්න තියෙන්නේ තමන්ගේ ගෙදර මේ වගේ සතෙක් අවොත් තමන් හැසිරෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න (නදී)
නියම වැඩක් (නදී)
ගෙදර ඉන්න පුසාව ගිලිනකොට බලා ඉන්නද කියන්නේ? (නි)
මෙතන කාගෙවත් වරදක් වෙලා නැහැ. පිඹුරයි මිනිසායි දෙන්නම තමන්ගේ බඩ වියත රැකගන්න ක්‍රියා කරලා තියෙන්නේ. (නි)
තමුන්ගේ පුසාව ගිලිනවා දැක්කම නොමරා ඉන්නේ කොහොමද? (නි)
මගේ ගෙදරට ආවා නම් මරනවා. අනුන්ගේ ගෙදරකට ගියා නම් මරණ එක පව් වැඩක් තමා. (නි)
මිනිසාගේ පහත් ගති පෙන්වන තවත් අමානුෂික වැඩක් (නදී)
අමා ගඟ ගලාලා අවා ගිනි නිවේවා ! (නදී)
තමන්ගේ එකෙක්වත් කාපු දවසට කියයිද ඔහොම. මරන්නේ නැතුව ඔලුව අතගාල යවනවද. (නදී)
සත්තු දෙන්නාම පව්. (නදී)
කුකුල් ගොවිපලක් කිරීම ලෙහෙසි නැත. ආරක්ෂාව, කෑමබීම, බේත් හේත්, දිනපතා පවිත්‍ර තාවය. අවට නිවෙස් වලින් බැනුම්. ඒවත් ඉවසලා කුකුල්ලු,බිත්තර ,සුරතල් බලලත් ගිලපු පිඹුරා , නලවයිද අනේ....ගොවිරාළ ! (නදී)
අපේ ගෙදරට ආවා නම් මරලා පුච්චනවා (නදී)
පවූ අහිංසක සත්තු දෙන්නා! (නි)
මෙහෙමත් තිරිසන් මිනිස්සු. (ස)
අනාරක්ෂිතව සෑදු කුකුල් කොටුවක් . අවසානයේ සත්තු දෙන්නෙක් ඉවරයි. (ස)
ඔය කොළඹට වෙලා බක පණ්ඩිත අදහස් පල කරන කවුරුවත් තමුන්ගේ ගේ ගාවට පිඹුරෙක් බෝවුනොත් ඔව්ව කියන්නේ නැහැ. පිඹුරෙකුට ළමයෙක් එහෙම අහු වුනොත් ළමය ජීවත් වුනත් වැඩක් නැහැ .ඒ මිනිස්සු ගෙදර සුරතලේට ඇති කරන බල්ලව පිඹුර ගිල්ලහමත් ඒ මිනිස්සුන්ට අනාරක්ෂිත බව දැනෙන්න ඇති. නිදි පදුරේදීම පිඹුරෙක් ළමයෙක්ව ගිල්ලොත් එහෙම බක පණ්ඩිතයෝ ඔය ලොකු කතා කියනවද ? (ස)
මෙය පිඹුරාගේ සහ බලළාගේ පෙර පවක් පළ දීමක්. (ස)
නියම පව් වැඩේ. (ස)
සර්පයෙක් දුටු විට අපි උට අනුකම්පා කල යුතු නමුත් ගෙදර ඉන්න පූසව ගිල්ල එකට දඩුවම දෙන්න ඕන . ළමයන්ව ගිලින්නේත් ඔය ආකාරයෙන්ම බව මතක තබාගන්න. පිඹුර විස නැති උනාට දරුණු සතෙක්. (ස)
පිඹුරගේ හැටි දැනගෙනත් පිඹුරව මරපු ඉතා අමානුශිකයි. (ස)
පසුගිය දවස්වල මෙවැනි විශාල පිඹුරෙකු මනුෂ්‍යයකුට පහර දුන් පුවතක් වාර්තා උනා. ඒ නිසා කවුරු කෙසේ කිවත් තමන්ගේ ආරක්ෂාවට කටයුතු කිරීම ස්වාභාවිකයි. මේ වැනි සතකුට කුඩා දරුවෙක් වුවත් ඉතා පහසුවෙන් ගිල දැමීමට හැකියාවක් තියෙනවා (නදී)
අපි තවම වනචාරීන් වගේ තමයි. තව ගොඩක් ඉදිරියට යන්න තියනවා (නදී)
ස්වභාව ධර්මයේ හැටි ඔහොම තමයි. ඕක තේරුම් ගන්න බැරි මෝඩ ජනතාව පිඹුරව කැති ගාලා දැම්මා. (නදී)
හොද වැඩක් කළේ සත්තු එක්ක මිනිස්සුන්ට ඉන්න බෑ .(අ)
මට කරදරයක් කළා නම් මමත් කරන්නේ ඔයටිකම තමයි (නි)
ඔයිට වඩා දේවල් මේ සමාජයේ සිදුවෙනවා ඒවාට කතා නොකර මේ වගේ දෙකට ඔච්චර හිත රිද්ද ගන්න එපා. (අ)
මිනිස්සුන්ට එහෙම කරන්න පුලුවන්ද කියල හිතෙනවා අනේ මොනවද නේද තමන් හදන වදන දරුවා මරණ කාලයක්නෙ. කොහොමද එය එහෙම වුනේ කොතනද අපිට වැරදුනේ(අ)
පවු අහිංසක සතා! (නි)
මිනිසුනේ සර්පයන්ව මරන්න එපා. පිඹුරන් කොහොමත් වඳ වේගෙන යන සත්ව කොටසක්.ආගමක් ඕනේ නැ. සත්තුන්ට කරුණාව දක්වන්න.(අ)
උදේ ඉඳන් රෑ වනතුරු බණ ඇහුවට මෙතන තියෙන්නේ වෛරයයි. තමන්ගේ දේපල වලට හානිකළ, චේතනාවක් නැති ,ඉව නිසා තමන්ගේ ආහාරය සොයා ආ තිරිසන් සතෙක් චේතනාවක් සහිතව හිතේ තරහට මරාදාලා. මේ බළලා වෙන ගෙදරකට ගිහින් හොරා කෑවා නම් ඌටත් පිඹුරගේ බඩට යන්න පෙර පරලොව යන්න තිබුණා. මේ සත්ගුණවත් මිනිස්සු අතින්ම. (නි)
ස්වභාව ධර්මය ගැන දන්නේ නැති අය තාමත් ඉන්නවා. (නි)
මේ සතාව මරන්නෙ නැතිව කොහෙට හරි ගිහින් දාන්න තිබුන නේද? කොහොමත් උන දේ වෙලා ඉවර නිසා අයේ එහෙම දෙයක් නොවෙන්න වැඩ කරන්න තිබ්බ...(අ)
ලංකාවේ මිනිස්සුන්ගේ පව්කාරකම දාලා තියෙන අදහස් වලින්ම කියන්න පුළුවන්. බළලා ගිල්ලට පස්සේ පිඹුර වත් මැරුවා. අනිත් පව්කාරයො එම වැඩේට හොඳයි කියනවා.වසංගත රෝග බෝවෙන්නේ , පරිසරය දූෂණය වෙන්නේ මෙවැනි මිනිසුන්ගේ පව්කාර කම නිසාය.ලෙඩරෝග වලින් මොවුන් මියගිය දවසට ඉතිරි වන නියම සිංහල බෞද්ධයන්ට හොඳින් කරදරයක් නැතිව ජීවත් වීමට හැකි වනු ඇත. (අ)
තමන්ගේ ගෙදර පොඩි එකෙක්ව ගිල්ලනම් ඔය සත්ව කරුණාව පෙන්නයිද? මෝඩ මිනිස්සු. (අ)
මිනිසා තරම් දරුණු සත්වයෙක් මෙලොව තවත් නැත. (නදී)
සතාගේ පැත්තෙන් බැලුවත් ඌ ඉඳලා තියෙන්නේ බඩගින්නේ. ඒ නිසා ඌ අහුවෙන දේ කනවා. ගොවියාගේ පැත්තෙන් බැලුවොත් තමන් මහන්සිවෙලා කරන කුකුල් කොටුව වගේම පුසාව ගිලපු නිසාත් තරහායන එක සාධාරණයි .හැබැයි කුකුල් කොටුවට සතුන්ට රිංගන්න බැරි විදිහට හදලා තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ (නි)
ගෙදර මිනිස්සු කළේ ඒ වෙලාවේ කරන්න තිබුණ දේ.ඔය පව් කියන අයගේ ගෙවල් වලට ආවා නම් අනේ මේ ඔක්කොම සත්තු ටික කාලා අපි ඔක්කොමත් කාලා පලයන් කියලා කියනවාද? (නි)
මේ වැඩේට පවු කියන අයගේ ගෙදර ඉන්න කෙනෙක්ට මේ සතා අනතුරක් කළා නම් ඔය විදියට කියවයිද? (නි)
ඉතින් දැන් මෙයාලා කෑ ගහන්නේ , මිනිස්සුත් ස්වභාව ධර්මයේ දායාදයක් නෙමෙයිද? තමගේ තියෙන පන බයට ඔහු ඌව මරලා දැම්මා. මේකත් ස්වභාව දහමේම කොටසක් තමයි. ඉතින්, මොකද කියන්නේ ඔබතුමාලා...? (නි)
අනේ පව්! පිඹුරා කියන්නේ සුළු විෂ සත්වයෙක්. මෙහෙම කළ එක පව් වැඩක්. මිනිසුන්ගේ දරුණු බව මේකෙන්ම පේනවා (නි)
ගාමිණී සිරිවර්ධන මහතා සමඟ මා එකඟයි. දුක් මහන්සියෙන් හරිහම්බ කරලා අනුන්ගෙන් බැනුම් අහලා තව කැලෑ සතුන්ටත් ඒවා දෙන්නද? පව් පින් බැලුවොත් ඉතින් මදුරුවෙක් මරන්නවත් හොඳ නැහැ. අහිංසක පූසාට කළදේට වඩා යම්කිසි විදියකින් පොඩි දරුවෙක් ගිල්ලා නම් මේකෙ ඉන්න උපාසක ඇත්තො මෙහෙම ලියයිද ? (නි)
පිඹුරා අනතුරුදායක සතෙක් වුණත් අහිංසකයෙක් ගොදුරු කරගැනීම උගේ ස්වභාවයයි. ළඟට කිට්ටුවෙලා බෙල්ලෙන් අල්ලලා දිග කඹයකින් බැඳලා ඇදගෙන යන්න පුළුවන්. ඌ හුඟක් ශක්තිමත් සතෙක් නිසා බෙල්ලෙන් අල්ලන කෙනාත් ශක්තිමත් වියයුතුයි.බෙල්ලෙන් අල්ලාගත්තම ඌ ටිකක් ගැළවෙන්න උත්සාහ කරනවා. ඒත් පිඹුරා මරන්න තරම් භයානක සතෙක් නෙමෙයි. ලෙහෙසියෙන් ඉවත් කරන්න පුළුවන්. (නි)
ඕවා කරන මිනිසුන්ටත් අනේ ඒ විදිහටම පලදේවි කවදාහරි! පව් අහිංසක සත්තු!! (නි)
"විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා" මතකයට ගනිමු. (නි)
තිරිසන්නු කියන අය ඔහොම තමා. ඒත් මිනිස්සු කල්පනා කරන්න ඕනෑ නේද? (නි)