දස දෙනෙකුට පමණක් යා හැකි බෝට්ටුවේ දහ අට දෙනකු ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුවී යැයි පොලිසිය කියයි. අතුරුදන්වූවන් සොයා පොලිසිය, නාවිකහමුදාව හා කිමිදුම්කරුවෝ වැව පිරික්සති. බෝට්ටුවේ ගමන් කළ අය ඉංගිරියේ හා හොරනෙන් ගිය අය බව දැන ගන්න ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් එක දෙයක් කියන්න ඕන.. මම ටික දවසකට කලින් නාගදීපෙ ගියා.. ඒකත් හරියට හාස්කමකින් ජීවිතේ බේරුණා වගේ! කිසිම ආරක්ෂාවක් නැති විසාල සෙනගක් බෝට්ටුවට දාගෙන යනවා පොල් පටවලා වගේ.. එතනදිත් මේ වගේ වෙන්න කලින් බළධාරින් නිසි පියවර ගත යුතුයි..!(නු)
ලංකාවේ අය හරි දක්ෂයි මෝඩ වැඩ කරලා සතුටක් ලබන්න. මේ මෝඩ වැඩ නිසා මේ අයගේ ගෙවල්වල ඉන්න අය තමයි දුක් විඳින්නේ. (ස)
විනෝද ගමන් යන විට මීටවැඩිය කල්පනාකාරී වියයුතුයි. (නි)
මෙතන ඔක්කොම බීමතින් ඉදලා තියෙද්දී කතරගම දෙවියන්ට බැණලා වැඩක් තියෙනවද? (නි)
යන්න කලින් හිතන්න තිබුණේ . අපේ මිනිස්සු හිතන්නේ දෙයක් වුණාට පස්සෙයි, පාරේ යනකොටත් එහෙමයි. අනේ මන්දා (ස)
වග කිවයුතු ආයතන ක්‍රියාත්මක වෙලා මෙවැනි ව්‍යාපාර ක්‍රමවත්ව පවත්වාගෙන යාමට නීති රීති ගෙන ආ යුතුයි,විනෝද සංචාර සඳහා පුද්ගලයන්ව ගෙනයන බෝට්ටුවලට රැගෙන යායුතු උපරිම මගීන් පිරිස පිළිබද බෝට්ටුවේ සඳහන් කිරීමක් කලයුතු අතර ජීවිතාරක්ෂක කබා පැලදීම අනිවාර්යය කලයුතුයි.. එසේ නොකරන තාක් කල් මෙවැනිකනගාටුදායක පුවත් තවදුරටත් අසන්නට ලැබේවි.. (ස)
මේ අයට ජිවිත ආරක්ෂක ඇදුම් දීල නැද්ද (දී)
මෙයාලා අරක්කු එහෙම බීලා ඉදලා නැහැ නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ගිහිල්ලා නම් ඉතින් එතනින් එහා කතා කරලා මොකටද? (නි)
තව ඉඩ තිබ්බේ නැද්ද (දී)
බෝට්ටු කරු බිලලු හිටියේ.බිලා නම් මොකටද ගියේ.බලෙන් දාගෙන ගියේ නැහැනේ (දී)
අර පුංචි බෝට්ටුවේ (දී)
කතරගම දෙයියෝ වදින්න යන අයව පරිස්සම් කරගන්න දෙයියන්ට බැරි නම්, ඉතින් මොකටද දෙයියන්ට වදින්නේ? (නි)
මේ අය ඕස්ට්‍රේලියාවටවත් යන්න හිතුවද? (නි)
ගෞතම බුද්ධ රාජ්‍යයේ සිද්ධවෙන දේවල්... (නි)
ප්‍රමාණය ඉක්මවා ගියා වගේම මේ කාලෙ විනෝදෙට බෝට්ටු පදින්න එච්චර හොඳ කාලෙකුත් නෙමෙයි. කතරගම පැත්තටත් ගංවතුර ගැලුව නේද?(නු)
ලෝක විනාසෙන් බේරෙන්න කතරගම දෙයියෝ බලන්න ගිය අය වෙන්න ඇති.තමන්ටම කියලා බුද්ධියක් නැතුව බුදුන් වැඩ සිටින කාලෙක ඉපදුනත් තමන් තමන්ට කරගන්න විනාසේන්වත් බේරෙන්න බැහැ ලෝක විනාසෙන් කෙසේ වෙතත්.(නු)
ඉස්සර අපි කවුරුහරි අකරතැබ්බයක් පත්වුණොත් හැම උත්සාහයක්ම දාලා එයාල බේරගන්න බලනවා..!(නු)
අනතුරුවලට ප්‍රධාන හේතුව මත්පැන්...!(නු)
ඉතින් වතුර තියෙන කාලේ මිසක් නියං කාලෙ බෝට්ටු පදින්නද කියන්නේ. වරද තියෙන්නෙ බෝට්ටු වලට නිසි පාලන ක්‍රමයක් නැතිකම. බස් වල යන්න පුළුවන් මගීන් ගණන නියම කරලා තියෙනවා. ත්‍රීරෝද වලත් එහෙමයි. බයිසිකලෙටත් නීතියක් තියෙනවා. බෝට්ටු වලට නෑ. ලෝකේ වෙන රටවල බෝට්ටුවටත් ලයිසන් එකක් ගන්න ඕනේ. එකේ සඳහන් කරනවා කී දෙනෙකුට යන්න අවසර තියනවද කියල. ඊට වැඩිය යාම තහනම්. නිකම් මුහුදේ කිමිදෙන්නත් ලයිසන් ගන්න ඕනේ. නැත්නම් කිමිදෙන්නත් තහනම්. ලංකාවේ නීති නෑ . (නු)
අනේ අපරාදෙ තරුණ ජීවිත අණුවන කම නිසා නැතිවුණා..!(නු)
ටීවී සහ අනෙකුත් මාධ්‍ය බලලා ලෝකයේ තියෙන වැඩකට නැති ඔක්කොම ඉගෙන ගන්නවා.. හරි දෙයක් ගන්නෙ නැහැ..!(නු)
ජීවිතාරක්ෂක භටයෝ හිටියෙ නැද්ද ඔය හරියෙ..!(නු)
පිහිනන්න උගන්වන එකට වඩා හොද අවදානම් ගමන් යන්න එපා කියන එකයි..!(නු)
වැඩි මුදලක් උපයාගැනීමට ගොස් අහිංසක ජීවිත බිල්ලට දෙනවා.. දුරදිග නොබැලීමේ වරද(නු)
උගන්වන්න කොහොමද පීනන්නේ කියලා.. සෑම දරුවෙකුටම පිහිනන්න ඉගැන්විය යුතුයි පාසලෙන්..!(නු)
දහ අටක් ගියාට එක්කෙනෙකුටවත් ජීවිතාරක්ෂක ඇදුම් තිබිලා නැහැනේ..!(නු)
බෝට්ටු ගමන් සොයා බලන්න අධිකාරියක් පත් කරන්න කාලෙ ඇවිල්ලා.. ළගදි ගොඩක් බෝට්ටු අනතුරු සිද්ධ උනා..!(නු)
තරුණ ජීවිත අපරාදෙ රටට දෙයක් කරන්න බොරු වැඩ නොකර..!(නු)