අන්තර්ජාතික බිලියඞ් හා ස්නුකර් සම්මේලනය මෙහෙයවන ලෝක ස්නුකර් ශූරතාවලියට සහභාගිවීම සඳහා සුසන්ත බොතේජු සහ රයන් සෝමරත්න ඉන්දියාව බලා පිටත්ව ගියහ. තරගාවලිය මේ මස 28 වැනිදා සිට දෙසැම්බර් මස 3 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වේ. මෙවර ලෝක තරගාවලියට රටවල් 25 කින් ක‍්‍රීඩකයෝ 100 කට වැඩි පිරිසක් ඉදිරිපත්ව සිටිති. තරගාවලියේ මුලික වටයේදී ‘ඒ’ කාණ්ඩයේ සිට ‘ආර්’ කාණ්ඩය දක්වා කාණ්ඩ 18 කින් ක‍්‍රීඩකයෝ තරග වදිති. එහිදී සුසන්ත බොතේජු ‘එච්’ කාණ්ඩයෙන් ප‍්‍රංශය, ජපානය, පින්ලන්තය, රුසියාව, ඇමරිකාව යන රටවල ක‍්‍රීඩකයෝ හය දෙනෙක් සමග මුලික වටයේදී තරග වදිති. ජාතික ස්නූකර් ශූරයා වන සුසන්ත බොතේජු අන්තර්ජාතික තරග අත්දැකීම් ලබා සිටින ප‍්‍රවීණ ක‍්‍රීඩකයෙකි. හිටපු ලෝක බිලියඞ් ශුර එම්. ජේ. එම් ලාෆීර්ගෙන් පසුව වැඩිම ස්නුකර් ශුරතා දිනා සිටින සුසන්ත බොතේජු පසුගිය වසරේ දිනා ගත්තේ සිය 14 වැනි ජාතික ශුරතාවයි. සුසන්ත 1996 වසරේ සිට 2001 වසර දක්වා පිට පිටම හය වරක් ජාතික ශුරතාව දිනා ඇති අතර ඔහු 2009 වසරේද ශුරතාව දිනා ගත්තේය. සුසන්ත, ඉන්දියාව බලා යාමට ප‍්‍රථමයෙන් ඊයේ ‘ලංකාදීපයට’ පැවසුවේ පනාගොඩදී මාස තුනක කාලයක් තමන් සහ රයන් පුහුණුවීම්වල නිරත වු බවත්, තරගාවලියට හොඳ සුදානමකින් සිටින බවත්ය. ජාතික ශූරතාවලි හතරකට සහභාගිවී සිටින රයන් සෝමරත්න පසුගිය වසරේ සහ 2009 වසරේ ජාතික අනුශූරතාව දිනාගත් ක‍්‍රීඩකයාය. රයන් ලෝක තරගාවලියේ මුලික වටයේදී රුසියාව, ඉන්දියාව, නෙදර්ලන්තය යන රටවල ක‍්‍රීඩකයෝ ‘පී’ කාණ්ඩයෙන් තරග වදිති.
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බොතේජු - සෝමරත්න ලෝක ස්නූකර් තරගාවලියට ඉන්දියා යති
ආමි බිල්බර්ඩ් Saturday, 26 November 2011 09:58 AM
ලංකාවට ශූරතාවය දිනා ගැනීමට ගැබේවා..
CES Billiard Saturday, 26 November 2011 10:36 AM
සුභපැතුම්