IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බත්තල් මරුවා පානදුර වැල්ලේ:දෙන්නෙක් දැනටම වැළලේ

පානදුර වෙරළ අයිනේ වසරක් පමණ සිට ඇති බත්තලක් දැනටම දෙදෙනකුට මරු කැඳවා ඇතැයි ද දෙදෙනකු මරණයෙන් බේරාගැනීමට හැකිවී යැයිද පානදුර පොලිසිය කියයි.

මුහුදු රල පැගීමට ආ දෙදෙනකුගේ හිස බත්තලේ හැපී මිය ගිය බව පොලිසිය පවසයි.ඊට හේතුව වශයෙන් දක්වනුයේ ඉහළට නගින රැල්ල බත්තලේ හැපී වේගය වැඩි වන අවස්ථාවක වැල්ලට යන අය වේගයෙන් බත්තල දෙසට ඇදී ගොස් එහි හැපෙන බවයි.

කොළඹ වරාය අසල මුහුද ගොඩ කර ඉදි කෙරෙන ‘පෝට් සිටි‘ වැඩබිමට ගෙන ආ බව කියන මෙම බත්තල උස අඩි 15කින් හා හා දිග අඩි 70කින් පමණ යුක්තය.

මුහුදු රැල්ල එහි හැපී වේගය වැඩි වී ගොඩබිමට එන බවත් රැල්ල පැගීමට යන මහජනයාට එය මාරකයක් වී ඇති බවත් පොලිසිය පවසයි.

එම පෙදෙස අනතුරුදායක බව පොලිසිය අඟහරුවාදා(20) එහි දැන්වීම් සවි කළේය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් එවන චෙක් පෝර්සිටි කලම්බු ප්‍රයිවට් සමාගමේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් කියනුයේ වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘති සමාගම තම සමාගම බවයි. මෙම බත්තල තම සමාගමට අයත් නොවන බවත් ඔහු කියයි.

ලංකාදීප වෙබ් අඩවියේ වාර්තාවේ ආයතනයක නමක් සඳහන් නොවේ. පොර්ට් සිටියට සේවා සපයන තවත් ආයතන ඇති බව වරාය වෘත්තිය සමිති කියයි.

DSC08117 DSC08132 DSC08145



අදහස් (0)

බත්තල් මරුවා පානදුර වැල්ලේ:දෙන්නෙක් දැනටම වැළලේ

හිමාල් Wednesday, 21 December 2016 12:34 PM

අපේ මිනිස්සු එපා කියන එකමනේ ඉතින් කරන්න කැමති (නි)

:       0       0

සත්‍යයා Wednesday, 21 December 2016 05:03 PM

පෝර්ට් සිටි හදන්නේ අන්ධයෝ පිරිසක්ද? නැත්නම් මරුවා සමඟ වාසේද? (නි)

:       0       0

අබය Wednesday, 21 December 2016 08:53 PM

මහජනයා සහ සංචාරකයෝ ගැවසෙන තැන් වල මෙවැනි අනවශ්‍ය දෑ ස්ථානගත කරන්නේ කාගේ උපදෙස් මතද කියා දෙවියෝ තමයි දන්නේ. (නි)

:       0       0

ලලිත් Wednesday, 21 December 2016 08:57 PM

රට වටකර මහා මුහුදක් තියෙද්දී මොන එහෙකට බත්තල අස්සේ රැල්ල පාගන්න යනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 131 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 545 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 751 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 441 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 377 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1237 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26026 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 288 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1339 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site