පිටබැද්දර නගරයේ එක්තරා සංවිධානයක් මුදල් ද වෙනත් වරප‍්‍රසාද ද දී ගම්වැසියන් ඔවුන්ගේ වැඩපිළිවෙළට යොමු කැර ගනිතියි පිටබැද්දර ශාසනාරක්ෂක බළමණ්ඩලයේ ද දහම් පාසල් ද, විදුහල්පතිවරු ද, ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ ද, මල්පුදනැල්ලේ සිට පෙරහරකින් නගරයට පැමිණ ඊට විරෝධය පෑහ. දැනටම සංවිධානය ප‍්‍රදේශයේ 16 දෙනකු ඔවුන්ගේ වැඩපිළිවෙළට හරවාගෙන ඇතැයි කියති. පිටබැද්දර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි වැලිහේනේ අතුල හිමි, මොරවක විජය පිරිවෙනෙහි රන්සෑගොඩ විමලසාර හිමි, දංකොළුව දුමින්දාරාමාධිපති රඹුකන ඥානානන්ද හිමි, දෙහිගස්පේ අනගාරික ධර්මපාල විදුහල්පති කඩිහිංගල විහලානන්ද හිමි ද, සියඹලාගොඩ මැදි විදුහල්පති රංජි රණවක, පිටබැද්දර ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශ්‍රීයානන්ද කණ්ඩම්බි, හිටපු විදුහල්පති සෝමසිරි කරවිට මහත්වරු ද මේ උද්ඝෝෂණයට එක්වූහ. සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ට්ස්ටි සභාවේ ඊ.එම්.යු.එස්.කේ. බණ්ඩාර දේවගැති පැවැසුයේ තරණ පෙළ මත් උවදුර ඇතුළු දුසිරිතෙන් මුදා ගැනීමට සඳහා ක‍්‍රියා කරනවා මිස කිසිවකු තම ආගමට බඳවා නොගන්නා බවයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd