රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය බුදුරුව අනිසි තැනක තැන්පත් කර තිබිණැයි රෝමයේ ධර්මාශෝක බෞද්ධ විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ පවසති. රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති අරුණි රණරාජා මහත්මිය කීවේ බුදු පිළිමය අනිසි තැනක තැන්පත් නොකළ බවයි. තව දින කිහිපයකින් පිළිම වහන්සේ විහාර කුටියක තැන්පත් කරන බවද ඇය කීවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිදිය යුත්තන් පිදිය යුතුයි.සමාජයේ පැවැත්මට මෙම ආචාර්ය ධර්ම ආරක්ෂා කළ යුතුයි.නිකරුනේ කට මැත නොදොඩා ආදර්ශමත්ව කාගේත් සේවය අගයන්න
"බුදු පිළිමේ" පැත්තකට දාල, "රණරාජා" පිළිමෙට පුද පූජා කරන්න පටන් අරගෙන කියල ආරන්චියි.
මේවා හොඳ වැඩ, සියලු තානාතිපති කාර්යාලවල තානාතිපතිවරු නැවත කැඳවල බුදුපිළිම තැන්පත්කරන්න. ලංකාව අද ලබා තිබෙන මේ දායාදය මුළු ලොවටම ලබාදෙන්න. අපේ ජනාදිපතිතුමාට දීර්ගායු ලැබේවා.
මෙස්සීනා නගරයට අඩුවක්ව පැවති පංසලක් අපට පටන් ගැනීමට මුල් වී වැඩ කල අපෙ හාමුදුරැවො මෙවැනි දෙයක් ජනාධිපති හා තානාපති දෙදෙනාම ඉදිරිපිට කරැනු දැක්වීමෙන්ම ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වු දෙයක් අප සැමට සැම විට උපදෙස් දෙමින් අපව යහ මගට ගැනීමට උපකාර හා උපදෙස් දෙන ඔබවහන්සේට පිං...
Centro Buddista Messina Facebook වලට ගිහින් කරන සේවය බලන්න
තානාපති කාර්යාල කියන්නේ පන්සලක්, පල්ලියක්, කෝවිලක් නොවෙයි. රාජතාන්ත්‍රික මට්ටමෙන් වැඩ කරන ආයතන. එහි සිටිය යුත්තේ හොඳ රාජ්‍යතන්තිරික නිලදාරීන් පිරිසක්, පිළිම තිබිය යුත්තේ පල්ලි පන්සල් කෝවිල්වල,
උන්වහන්සේ පිළිමයට නියම තැන දුන්නා... මම දුටුවා.. දැන් හරි ලස්සනයි.. කවුරුත් වැදගන්න...
සිල්වා.. මේක ඇමරිකාව/එංගලන්ත/පැරිසිය වගේ රටක් නෙමෙයි.. දේවානම් පියතිස්ස රජ කාලෙ ඉදල මේ රට ආරක්ෂා කලේ බෞද්ධයො.. කරැණාකර සිංහල ඉතිහාසය ඉගෙන ග න්න.
තානාපති කාර්යයාලේ ඉන්නේ මිනිස්සු නෙමෙයිද .තානාපති කාර්යයාල වල බුදු පිළිම තැබීම වරදක් නෑ...
බුද්ධාගමට සමිබන්ධ හැම දේම අපේ ජිවිත වගේ ඇගේ තියෙන රුධිරය ,ජිවය හා සමානයි එවා නිසි තැන තියලා පුද පුජා පවත්වන්න බැරි අය සිටිනවනමි එම පිළිම අරන් යන්න එපා .
එම ගරු ස්වාමින් වහන්සේ කළ ප්‍රකාශයේ කිසිදු වරදක් නැහැ
අහෝ සමිදුණි. නිවන නම් මොඋනට බොහෝ දුර වේදෝ . ඔබ වහන්සේය කල්ප ගණනකින් මෙලොවට බිහි මාහා විද්වතානන්ය. සසරේ සැබෑම දුක කියා දුන්. සක් දෙවිඳුන්ය, මහා බ්‍රක්මයා ඇතුළු බොහෝ දෙවිවරු ඔබ ළඟ වැඳ වැටුනේ පොඩි ළමයි වගේ. සසර මාහා භයානකි දුකකි මිනිසුනේ. ශ්‍රද්ද්වට පැමිණෙත්වා. මෙතනින් වත් දැන් හොඳ බණ ටිකක් අහමු.http://sinhala.mahamevnawa.lk/sermons/audio/.
අපේ හාමුදුරැවො පොඩ්ඩක් ඉවසුවනම්..
ඉතාලි ගිය අය ලංකාව කොහේද කියල දන්නේ නෑ...
බලාගෙන හොදේ.පරිස්සමින්
වැඩේ කැතයි...
ලාංකීය ජනතාව වෙනුවෙන් කතා කල අපේ හාමුදුරුවන්ට ස්තූතියි
තානාපති කාර්යාලවල මෙන්ම අප හැමගේම ගෙවල්වලද බුදුපිළිම වන්දනාමාන කරන්නෙමු.බුදුපිළිමයක් වන්දනාමාන කෙරීමෙන් නිවනට යා නොහැකිබව පිලිබඳ අපි තර්කනොකරන්නෙමු.නමුත් බුදුපිළිමයක් යනු අපගේ සංස්කෘතික, ආගමික මෙන්ම එදිනෙදා ජීවිතයේද කොටසකි.ශාන්ත වූ සියලු පවින් තොරවූ බුදුපියාණන් වහන්සේගේ රුව දැකීමෙන් අපගේ ජීවිත විඩාවද එමෙන්ම භක්තිය ඇතිවීම තුලින් සසර විඩාවද සන්සිඳේ.එවන් තත්වයක් තුල මෙවන් අභියෝග නිරන්තරයෙන් ජයගන්නා බුදුපුතෙක්වන දඹදෙණියේ ධම්මාරාම ස්වාමීන්වහන්සේට අපගේ ගෞරවයත් ස්තුතියත් හිමිවිය යුතුව ඇත.සමහරක් නිකරුනේ මංමුලාවී හසරක් හෝ සසරක් නොදැන දොඩති.හොඳ ලෙය කිසිදිනක වෙනස්වන්නේ හෝ වෙනස්කල හෝ වෙනස්විය නොහැකිවක් මෙන් සත්ය යම්දිනක අප ඇතුව හෝ නැතුව ජයගන්නවා ඇත.කටමැත දොඩන අප සැවොමද එදිනට ප්‍රමාද විය හැක.එහෙයින් ප්‍රමාද වී පසුතැවිලි නොවන්න.
නිර්මල බුදු දහම සත්‍යයයි
අපි හැමෝගෙම වැඩ තියෙන්නේ මැරෙනකන් විතරයි
ගිහිල්ල බලන්න. සවුදි තානාපති කාර්යාලේ තිබිලා බුදු පිලිමෙයක් හම්බ උනොත් ලොකු දෙයක්.
කොහොම වුණත්,,ගින්නක් නැතිනම් දුමක් නගින්නේ නැහැනේ..මමනම් හිතනවා බුදුන්ට අගෞරව වුණා කියලා.නැතිනම් ඔක්කෝටොම ඩෝං ගියේ මොකද..?
ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක අති පූජ්‍ය දඹදෙණියේ ධම්මාරාම නාහිමියන් නොසිට්න්නට මේ පිළිමේ වරායේ කොනක තිබිලා විනාශ වෙලා යනවා නො අනුමානයි. මේ පිළිම වහන්සේ ඉතාලියට වැඩම කෙරෙව්වේ. මේ පිළිම වහන්සේ රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමෙන් සිදු වුන දෙයක් 2600 ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්. ඒ නිසා මේක එක් අතකින් රාජකාරිය පැහැර හැරීමක් ඒ නිසා ලංකාවේ බලධාරීන්ට අප දැඩිව කියා සිටින්නේ වහාම මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කොට නිසි පියවර ගන්නා ලෙසටයි. කෙසේ වෙතත් අවසනදී මේ පිළිම වහන්සේ නිසි තැනට වැඩම වීමට කටයුතු කළ අපේ නායක හිමියන් ඇතුළු සියලූ දෙනාට සිය දහස් වාරයක් අප පිං දෙන්නෙමු.
කොච්චර පන්සල් හැදුවත්, පිළිම වහන්සේලා වැඩම්මෙව්වත් වැඩක් නැහැ..ගොඩක් විස්තර තියෙනවා නමුත් ඒවා ලියලා ඔය මිනිස්සුන්ව හදන්න නම් බැහැ.
ස්වාමින්වහන්සේ දැකල තියෙන්නේ වෙනස් විදිහට උනාට නියෝජ්‍ය තානාපතිනිය පවසන ආකාරයට ඔවුන් අපේ රටට සහ ආගමට ගෞරව කරනවා...!!
අනවශ්‍ය කතා කියල ඔන්න අපිනම් දන්නෑ කෝටි 5 ක් ගෙවන්න උනොත්.....
හාමුදුරුවනේ, වැඩකට ඇති දෙයකට කතා කරන්න.
බුද්ධ ශාශනේට ගෞරව කරනවා කිවුව නම් කමක් නෑ.ඒත් පිළිමයකට මොන ගෞරවද?
රෝමේ තානාපති කාර්යාලයේ කටිටිය නම් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා
ඔක එක්කෙනා කියන දේවල් වැඩිය ගනන් ගන්න හොද නෑ.පිළිමයට ගරු කරන්න අපි දන්නවා
හාමුදුරැවො වැඩක් ඇති දේකට තමයි කතා කළේ...
හාමුදුරැවන්ගෙ ක්‍රියාව අති විශිෂ්ටයි නිලධාරින්ගෙ අසෝබන වැඩේට එරෙහි උන ඔබවහන්සේට පිං...
හාමුදුරුවො වැඩක් ඇති දේකටමයි කතා කළේ..
මේ අපේ සාස්තෘන්වහන්සේ උන්වහන්සේට අගෞරවයක් වෙනවනම් අපි කතා කරන්න නැත්නම් ඇමරිකාව කතා කරන්නද??
කරැණාකරල පිළිම වහන්සේ පන්සලට දෙන්න.. තානාපතිකාර්යාලයේ අයට බුදුන් වදින්න වෙලාවක් නැහැ.. එහෙම නැත්නම් අස්සක නොතබා තානාපති කාර්යාලයේ තුටියක තැම්පත් කරන්න. අපිටත් වැදගන්න..
බුදු පිළිමේ තියෙන්නේ අනිසි තැනක නම් කොහොමද නිසි තැන දුන්නා කියන්නේ
සරි... සරි අප්පා... යේක හොදයි. පිළිම එක තැන්පත් කොරන තැන වැරදුවා නම් යේක තමා කරනවා.. බෝම බයානකයි..
මුළු ලෝකයටම හිත සුව පිණිස පහළ වූ බුදුන් වහන්සේගේ අනුරැවට නිසි ගෞරවයක් දැක්වීම සෑම මිනිසසෙකුගේම වගකීමක්...!!
තානාපති කාර්යාලය බුදු පිළිම වහන්නසේට නිසි තැන ලබා දීලා තියෙනවා.
සිරස කඩලා නිධන් බලන්නද දන්නේ නෑ යන්නේ.බෞද්ධයන්ට ගිය කලක්
ඇයි බෞද්ධ ප්‍රතිමා විතරක්? එතකොට අනික් ආගම් වල ඒවා?
අපි ඔය ස්වාමින් වහන්සේ ගැන හොදට දන්නවා.. එතුමා ප්‍රසිද්ධියට පුදුම ආසාවක් තියෙන්නෙ....
පළමුවම පැවසිය යුතුව ඇත්තේ දඹදෙණියේ ධම්මාරාම ස්වාමීන්වහන්සේ යනු ඉතාලියේ දැනට වැඩවසන පුජනීය ස්වාමීන්වහන්සේ නමක් බවයි.භික්ෂුවකගේ පුජනීයත්වය යනු අප ඉතාමත් ඉහලින් අගය කල යුතු ලක්ෂණයකි.මෙයට අමතරව තම උපන්බිම,සංස්කෘතිය,හා භාෂාව විදේශයන්හිදී පවා රැකගෙන ඉදිරියට යන ස්වාමීන්වහන්සේලා අපට නැති තරම්ය.එවන් තත්වයක් තුල මුන්වහන්සේගේ නායකත්වයෙන් යුතුව ගෙනයන වැඩපිළිවෙල අප අගය කළයුතුව ඇත.තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිනිය වන අරුණි රණරාජා මහත්මියද එක්කොටගනිමින් රෝමයේ තානාපතිකාර්යාලය තුල නව බුදුමැදුරක් තනා බුදුකුටියක් සාදා ගරු ජනාධිපතිවරයා සියලුම තානාපතිකාර්යලවලට මෙන්ම රෝමයේ තානාපතිකාර්යාලයටද පරිත්‍යාග කල මෙම බුදුපිළිමයට නිසිගෞරව ලබාදීම අප අගය කල යුතුව ඇත.
යන යන තැන්වල ගෙවල් කුලියට අරන් පන්සල් දැම්මට හරියන්නේ නෑ
රෝමෙ ධර්මාශෝකෙ බුදු පිලිමෙ තියන්න මමත් එක්ක යුරෝ 1000ත් දුන්නා අපේ පවුලේ අය... එම මුදල්වලට මොකද කියන්නෙ....ච
"වැඩකට ඇති දෙයකට කතා කරන්න හාමුදුරුවනේ" හාමුදුරුවන්ට ඉතින් දෙවියන්ගෙම පිහිටයි පුදුම ආසාවක් තියෙන්නෙ කාට හරි මඩගහන එකට
මේ වගේ රවටලට බුදු පිළිමයක් නෙමේ ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගේන්න හොද නැහැ...
අපේ හාමුදුරැවනේ පොඩ්ඩක් ඉවසන්න බුදු පිළිමයක් හිංද කුවේට් වෛරබැදගන්න ඕන නැහැනෙ...