බොදු බල සේනා සංවිධානයේ ‘‘දැය නඟන මඟ” මහ සඟ සමුළුව අද සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
දුටුගැමුණු රජුගේ සිට ඉංග්‍රීසි ආක්‍රමණ දක්වා රට බේරාගත් විරුවන් සහ වර්තමානයේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගත් රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීමද මෙහිදී සිදුවිය.
මියන්මාරයේ සිට පැමිණි අශින් විරතු හිමිගේ ප්‍රධාන ආරාධිතයා ලෙස උත්සවය ඇමතූහ. අන්තවාදීන්ගේ තර්ජන මැද තමන්ට ශ්‍රී ලංකාවට වැඩම කිරීමට අවස්ථාව සලසා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බවත් බොදු බල සේනා සංවිධානයේ සමුළුවට තමන්වහන්සේට සහභාගීවීමට ලැබීම ගෞරවයක් බවත් කියා සිටියහ.
බොදු බල සේනා සංවිධානයේ කලා ශිල්පීන්ගේ කලා අංගද මෙම එක්කොට තිබූණි. විරතු හිමියන් ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි විශාල පිරිසක් මීට එක්ව සිටියහ. හින්දු බැතිමතුන්ගේ නියෝජනයද මෙම අවස්ථාවට එක්ව තිබීම විශේෂත්වයක් විය.
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොදයි වර්ශිකවද රැස්වීම් මාසිකවද (දී)
පාලකයන්ට සහ දේශපාලකයන්න්ට අවඩන්නේ නැතිව රට ගැන හිතන්න අප සැමගේ සහයෝගය ලැබේ. (දී)
සුබ පැතුම් (දී)
බුදු දහම ලොව පැතිරේව! (දී)
සංස්කෘතිය, සභ්‍යත්වය, සහ බුදු දහම තව පන්දහසක් කල් ලක්දිව බැබලේවා! (දී)
මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ (දී)
හදවතින්ම සුභ පතනවා (දී)
මගේ උණුසුම් සුභපැතුම් අපේ හාමුදුරුවනේ (දී)
අනේ වාසනාවන් (දී)
ජාති වාදී අදහස් නොවෙයි මේ මේවා අපි අගේ කල යුතුයි (දී)
මේ ආයාසය වෙන ප්‍රයෝජනවත් දෙකට යෙදෙව්වනම් මීට වඩා ගොඩක් වටිනවා.(දී)
අපේ හාමුදුරුවනේ බොහොම අගේ ඇති වැඩක් (දී)
බුදු සසුන බැබලේවා (දී)
බොහොම සන්තෝසයි (දී)
මම නම් පුද්ගලිකව අකමැති මේ සංවිධානයට (දී)
බොදු බල සේනාවට හා ලෝක වාසි සියලු දෙනාටම තෙරුවන් සරණයි (දී)
බුද්ද සාසනය ලොව බැබලේවා (දී)
මේ සංවිධාන වලට කාටවත් දෝස් කියන්න බැහැ (දී)
ඔබ වහන්සේලාට තෙරුවන්සරණයි (දී)
බුදු සරනයි බොදු බලේට..... (දී)
කියා ගන්න වචන නැහැ (දී)
අතිශය සාර්ථක වේවා (දී)
ඥාණසාර හිමියන් ඇතුළු බොදු බලේ සියළුම හිමිවරුන්ට අපගේ ප්‍රණාමය (දී)
නමන්කර වේවා දස දහස් වතාවක් (දී)
බොදු බලයත් සමග දැය නැගුම කොපමණ වටිනවාද? හින්දු බැතිමතුන් වගේම අනෙක් ශ්‍රීලාංකික බැතිමතුනුත් නියෝජනය උනානම් තව කොපමණ වටිනවාද? (දී)
අන්තවාදී නොවෙනවානම් බොදුබලේ හොඳයි, බෞදයින්ගේ දුප්පත්කම නැතිකිරීමට ක්‍රම වීදයක් හදන්ඩ. මේ රටේ අපරාද රැල්ලක් ඇතිවී තිබෙනවා එය අඩු කිරීමටත් බොදු බල සේනාවට ලොකු සේවයක් කල හැකියි. දෙසපාලනයට නැත්නම් බොදු බල සේනාවට මගේ සම්පුර්ණ සහයෝගය. (දී)
බන්දුල පෙරේරා මහත්තයා මොකද කියන්නේ මේ ගැන (දී)
ලෝක වාසි සියල්ලන්ටම තෙරුවන් සරණයි (දී)
ඔබ වහන්සේට දළදා සමිදුගේ සරණයි (දී)
ඔබවහන්සේලාට නිර්වාණයට මේ පිනම ඇති. (දී)
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ අපි ඔබ වහන්සේ සමගයි (දී)
කිසිම තේරුමක් නැති වැඩක්. (දී)
වගකීමක් ඉටුකළේ (දී)
මගේ උණුසුම් සුභපැතුම් (දී)
මෙහෙම හරි තොරතුරක් දමපු එක ගැන ගොඩක් පින් ලංකාදීපයට (දී)
සහයෝගය දුන් කාටත් ගොඩාක් ස්තුතියි (දී)
ඔක්කොම හොදයි නමුත් ."හොදට නරකට දෙකට කටමය"(දී)
ඥාණසාර හාමුදුරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේව (දී)
ඥාණසාර හිමියන් ඇතුළු බොදු බලේ සියළුම හිමිවරුන්ට අපගේ ප්‍රණාමය (දී)
මිනිස්සු මොනවා කියුවත් සැලෙන්න එපා අපේ හාමුදුරුවනේ (දී)
ඔබට තවත් මේ වගේ වැඩසටහන් කරන්න දිරිය ලැබේව මගේ සුබ පැතුම් (දී)
දේශපාලනයට යට නොවී සිටින තාක්කල් අප ඔබ සමග . (දී)
‘‘දැය නඟන මඟ” මොකද්ද කියල ඉතාම පැහැදිලියි අපේ හාමුදුරුවනේ. (දී)
මිනිස්සු මොකද මේ සංවිධානයට මේ තරම් විරුද්ද (දී)
බොදු බල සේනා සංවිධානයට අපගේ සම්පුර්ණ සහාය (දී)
අනේ සාධු (දී)
විරුද්ද මත ප්‍රකශකරපු ඔය මහත්වරු කීප දෙනා ගැන හිතා ගන්න පුළුවන්.ඔය අයගේ කොතන හරි අඩුවක් තියෙන්න ඕන. බොදුබලසේනාව දිනේවා.(දී)
මිනිස්සු මොක කිවත් නවත්තන්න එපා (දී)
සුභපතනවා තව තවත් සාර්ථක වන්නට (දී)
මමනම් මේ වැඩ වලට ඒහැටි කැමැත්තක් නැහැ (දී)
විරුද්ද මත ප්‍රකශකරපු ඔය මහත්වරු කීප දෙනා ගැන හිතා ගන්න පුළුවන්. (දී)
කොහොම නමුත් හොඳ වැඩක් (දී)
රට චිනයට දුන්නට කමක් නැද්ද අපේ හාමුදුරුවනේ. (දී)
ඔබවහන්සේලාට නිර්වාණයට මේ පිනම ඇති- රසික .....නිර්වාණය කියන්නේ මොකක්ද? (දී)
සාර්ථක වේවා (දී)
මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)
අපි සැම දෙනාම සමගියෙන් සාමදානයෙන් ඉන්න ඕනේ (දී)
පාර්ලිමේන්තු යන්න අදහසක් එහෙම තියෙනවද (දී)
මෙගොල්ලත් පාර්ලිමේන්තු ගිහින් අපිට කොකා පෙන්නයිද (දී)
ආගමට දහමට වැඩකිරීම බොහොම හොද දෙයක්. එත් දෙසපලකයන්ට කඩේ යන්ඩ එපා. (දී)
මව්බිම වෙනුවෙන් හඬනඟන බොදු බලයට අපි සදා ණයගැතියි. (නි)
ලංකාව ආරක්ෂා කිරීමටත් බුද්ධාගම සුරැකීමටත් ඔබට හැකියාව ලැබේවා! (නි)
මගේ උණුසුම් සුබ පැතුම්! සංස්කෘතිය, සභ්‍යත්වය සහ බුදු දහම තව පන්දහසක් කල් ලක්දිව බැබළේවා...! ඥානසාර හිමියන් ඇතුළු බොදු බලේ සියළුම හිමිවරුන්ට අපගේ ප්‍රණාමය.ඥානසාර හාමුදුරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! ඔබ වහන්සේට දළදා සමිඳුගේ සරණයි...!!! (නි)
නියමයි. මම පෞද්ගලිකව බොදු බලයට ගරු කරනවා (නි)
ඉතාම සතුටුයි අපිට (නි)
මම ගොඩක් දෙනෙක්ගෙන් බොදු බල සේනාව ගැන ඇහුවම ඒ හැමෝම කැමතියි. එහෙත් කවුරුත් ප්‍රසිද්ධියේ කැමැත්ත පෙන්වන්නේ නැහැ. (නි)
කාලීන අවශ්‍යතාවයක් හාමුදුරුවනේ. (නි)
තවත් මේ වගේ වැඩසටහන් කරන්න දිරිය ලැබේවා! මගේ සුබ පැතුම්! (නි)
නිරෝෂණ,මොළයක් කියලා දෙයක් තියෙන්නේ හිතන්න. (නි)
ඔබ වහන්සේලා රටටම ශක්තියක් (නි)
ජය වේවා! බුදු සරණ වේවා! (නි)
මීට සහභාගිවීමට නොහැකිවීම ගැන මම දුක්වෙනවා (නි)
මිනිස්කම රැකෙන, සිංහල බෞද්ධ අයිතිය රැකෙන සිංහල රටක් බිහිකිරීමේ හැකියාව බොදු බල සේනාවට ලැබේවා! (නි)
බුදු සසුන බැබළේවා! (නි)
රටට ජනතාවට යහපතක් වෙනවා නම් අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා (නි)
බොදුබලය රටටම ආශ්ර්වාදයක්! (නි)
මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)
හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිද රත්නයේ පිහිටයි (දී)
බොදු බල සේනාවට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා (දී)
මගේ පුර්ණ සහාය (දී)
බොදු දහම ලොව බැබලේවා , හිමිවරුන්ට යෝද බල , සුව සහ ශක්තිය ලැබේව (දී)
මම මගේ රටට ආදරෙයි. ඊටත් වැඩිය මම මගේ බුදු දහමට ආදරෙයි. ආගම දහම රකින්න වෙහෙසෙන ඔබවහන්සේලාට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. (ස)
අපේ සුභපැතුම් (දී)
මේ සමුළුවට මොකුත් කියන්න එපා (දී)
ධර්ම සංගායනාවක් වගේ (දී)
මම පිට රටක ඉන්න කෙනෙක්, මම බොදු බල සේනා සඟ සමුළුව සම්පුර්ණයෙන්ම සජීවී විකාශනය නැරඹුවා. අපේ හාමුදුරුවරු කියපු දේවල් පපුවට වැදුන පිහියෙන් අනින්නවා වගේ. ඔබ වහන්සේලාට සියලු ශක්තිය ලැබේව. අපි බොදු බල සේනා සමගය (දී)
ඔබ සැමට තෙරුවන් සරණයි (දී)
දැන් මේ උත්සවේට සාධු කියන හැමෝම කියන්න බලමු මේකෙන් වෙන සෙතේ? (දී)
යහපතක්ම වේවා !! (දී)
සිංහල බෞද්ධයාගේ ඉවසීම නිවට කමක් ලෙස හිතල සුහදත්වයට පාත් කරන ඔලුව බෙල්ල ලගින් කපන්න හදන කොට එකට විරුද්ධව ජාතිය අවදි කරවන එක ජාතිවාදයක්වත් ආගම් වාදයක්වත් නෙමෙයි.අපි ඔබ සමගයි හාමදුරුවනේ.. සුළු ජාතින් ඔවුන් වෙනුවෙන්ම පිහිටුවාගත් දේශපාලන පක්ෂ මගින් අන්ත ජාතිවාදීව ආගම් වාදීව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගද්දී ඔවුන්ට ජාතිවාදී ආගම්වාදී නොකියන කටවල් සිංහලයා වෙනුවෙන් යම් සංවිධානයක් හඬක් නැගු පමණින් ආගම්වාදී ජාතිවාදී ලේබලයට යට කරවනවා.මේ රජයට රිංගලා මේ රජයත් විනාශ කරන කොටින්ට කඩේ ගිය පෙඩරල් ඇමතිලාගේ බිරුම් වලට බිය විය යුතු නැහැ.බොදු බලය රට පෙන්වන්න ,බොදු බලයේ ශක්තිය රටට පෙන්වන්න ,ඔවුන් එකතු කරන්න, මග පෙන්වන්න ඉදිරියටත් පෙරමුණ ගන්න..නායකත්වය දෙන්න..අපි ඔබවහන්සේලා සමගයි සැමදාටමත්.. (ස)
මෙතන හිතන්න ගොඩක් දේ තියෙනවා. ආගම මුවාවෙන් දේශපාලකයින්ට අාවඩනවට අපි කැමති නැහැ. . ? (ස)
මෙතන හිතන්න ගොඩක් දේ තියෙනවා. ආගම මුවාවෙන් දේශපාලකයින්ට අාවඩනවට අපි කැමති නැහැ. . ? (ස)
හරියටම හරි බන්දුල පෙරේරා , අපේ හාමුදුරුවරුන්ට බනින ඇමතිලා මුස්ලිම් කොන්ග්‍රස් ,ද්‍රවිඩ සන්දානය , කදුරට පෙරමුණ ගැන වචනයක් කතා කරන්නේ නැ...... (දී)
බන්දුල පෙරේරා හරි (දී)
මෙවන් පුවත් හැකිතාක් පල කරන්න (දී)
තෙරුවන් සරණයි (දී)
ලෝක වාසි සියලුම දෙනා සුවපත් වේවා (දී)
ලෝකේම අපි දිහා බලන් ඉන්නේ (දී)
මීටවඩා ගොඩක් වැඩ ඉස්සරහට අපි කරමු (දී)
අපේ ජාතිය බෙිරගන්න දිවි හිමියෙන් කැපවෙන ඤානසාර හිමියනේ අපේ ජාතිය රකින පිනෙන් ඹබ මතු බුදුු වෙිවා මෙ ජාතික කර්ත්‍යවයට උරදෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි (දිල්)
මොන දේ කලත් පරිස්සමෙන්, මෙරටේ දැන් සෑම ජාතියකටම නිදහස තියන එකේෙ , අන්තර්ජාතික කුමන්ත්‍රණ වලට මැදිව නැවත ජාතිවාදය එහෙම වපුරනවා නොවෙයි .(දිල්)
වැඩේ හොදවගේ පෙනුනට මටනම් සැකයි. (දී)
මෙවන් දේවල් වලට අපේ හදවතින්ම පිරිනැමෙන ප්‍රණාමය...තෙරුවන් සරණයි.(දිල්)
ඉතා හොදයි. වීඩියෝ එකක් තිබුණා නම් හොදයි (දිල්)
හොඳ වැඩක් (දී)
මේක ‘‘දැය නගන මග” නොවෙයි "දැය නසන මග" පමණයි. (ස)
බන්දුල පෙරේරා මහතා බොදු බල සේනාවට සෙත්පැතීම ගැනත්, සිංහලකම තිබීම ගැනත් මම සතුටු වෙනවා. ස්තුති කරනවා. (නි)
මේ අතීතය නැවත නැවත සිදුවීමක් (දී)
මේවගේ වැඩ සටහන් නිතරම කරන්න ඕනේ මොකද නුගත් සිංහල බෞදයන්ව බිලිබාගන්න වෙනත් අන්ණිය ආගමිකයන් සිටින නීසා තවද අපේ බොදුබල සේනාව ගැන රටෙ සමහර සිංහල මිනිස්සු දන්නැහැ අනෙක් කාරනය තමයි රටෙ තිබෙන තැබෑරුම් වලට ඉක්මනින් විරුද්ද ව්ම රටෙ තිබෙන තැබෑරුම් වැහුවේ නැත්නම් බොදුබල සේනාව නොවෙයි වෙන සේනාවක් ආවත් වැඩක් නැහැ හැබැයි බොදුබල සේනාවට මේක කරන්න පුළුවන් (අ)