IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බොදු සංවිධාන දෙකක් ගිවිසුමකින් බැදෙයි

ආසියා කලාපය අන්තවාදයෙන් තොර සාමකාමි  කලාපයක් බවට පත් කැර ගැනීමේ අරමුණින් බොදු බළ සේනා සංවිධානය මියන්මාරයේ 969 බෞද්ධ සංවිධාන යේ  නායක අශින් විරාතු හිමියන් සමඟ අද (30) ගිවිසුමකට අත්සන් තැබීය.

මෙම ගිවිසුමට අනුව මියන්මාරයේ 969 සංවිධානය හා එක්ව කටයුතු කරන අතරම අන්තවාදයෙන් තොර  සමාජයක් බිහිකැර ගැනීමේ උත්සාහය සාර්ථක කැර ගැනීම සඳහා  ඉදිරියේදී ලොව සියලු බෞද්ධ සංවිධාන මෙන්ම අන්තවාදී ආකල්ප වලින් තොර හින්දු මුස්ලිම් සංවිදාන ද ඒක රාශි කැර ගනිමින්  කටයුතු කරන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානී කිරම විමලජෝති හිමියෝ පැවසුහ.

අන්තවාදයට එරෙහි මෙම  ගිවිසුම  සඳහා අත්සන් තැබීම සිදු වුයේ කිරුළපන පිහිටි බොදු බළ සේනා මෙහෙයුම් මධ්‍යස්ථානයේදීය.

969 සංවිධානයේ  ප්‍රධානි අශින් විරාතු  සහ ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ එම ගිවිසුමට අත්සන් කළහ.

_DSC0527 _DSC0537 _DSC0627 _DSC0638

 

 



අදහස් (0)

බොදු සංවිධාන දෙකක් ගිවිසුමකින් බැදෙයි

තාරක Tuesday, 30 September 2014 01:34 PM

අන්තවාදය නම් එපා (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 01 October 2014 04:56 AM

අර වටරැක හාමුදුරුවන්ට කල දේම ඇති මෙයාල බුදුන් දැක නිවන් දකින්න. ඒ පිනම ඇති අමා මහා නිවන් සම්පත්තිය ලබන්න. (නදී)

:       0       0

බටු ගෙදර Tuesday, 30 September 2014 01:32 PM

එහෙම තමා ටාසන් හරි එක තාම දන්නේ නැහැ මාර අව්ලක් මේක (දී)

:       0       0

වසන්ත Tuesday, 30 September 2014 01:33 PM

අන්ත වාදයට විරුද්ද වෙනවට මමත් කැමති,එහත් සංඝයා වහන්සේලා දේසපාලනය නම් නොකළ යුතුයි . එහි ආදීනව අපි හොඳට ඇත දැක තියෙනවා.අනිත් එක සමහර සංවිදාන පිටිපස විවිද දෙසපාලනයට සම්බන්ද පුද්ගලයින් ඉන්නවා. එය පැහැදිලයි. එය එසේ නොවිය යුතුය (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 01 October 2014 04:58 AM

ලිදේ ඉන්න මැඩියා දන්නේ ලිදේ දිග පළල පමණයි. මෙයාලගේ ඇතුලාන්තය දන්නේ බුද්දිමත් කියන ජනතාව පමණයි. (නදී)

:       0       0

චින්තක Wednesday, 01 October 2014 05:02 AM

අපේ මහනායක හිමවරු කෝ ? (නදී)

:       0       0

චානක Tuesday, 30 September 2014 01:54 PM

සදහටම පවතින්න ඕනේ මේ සම්භන්ධය (දී)

:       0       0

මෝඩ ගොවියා Tuesday, 30 September 2014 02:01 PM

කුමාර්.. මේ අහන්න කුමාර්ට මේක විහිළුවක් උනාට අපිට මේ කරතව්‍ය ගොඩක් වටිනවා. මේක විහිළුවක් නෙවෙයි අපේ තේරවාධි බුදුසසුන රැක ගන්න හදන උත්සහයක්, ඔහේ වගේ අයගෙන් බුද්දාගම ආරක්ෂා කරගන්න දරන උත්සහයක්. (දී)

:       0       0

සිල්වා Tuesday, 30 September 2014 02:03 PM

අන්තවාදයට හැමෝම විරුද්දයි බෞද්ද දර්සනය ඔස්සේ සකල ලෝක වාසීන්ට සියලුම ජාතීන්ට කිසිදු කරදරයක් නොවී සාමකාමී සමාජයක් ගොඩ නැගීමට අපගේ සහයෝගය ඒ තුල ගැබ්විය යුක්තේ එකිනෙකට ගරු කිරීමකි !! (දී)

:       0       0

හේරත් Wednesday, 01 October 2014 05:21 AM

අන්තවාදයෙන් තොර සාමකාමි කලාපයක් කරන්න ඔය සංවිධාන දෙකම විසුරුවා හැරියා නන් මීට වඩා හොඳයි. (නදී)

:       0       0

සිරිවංශ Wednesday, 01 October 2014 05:23 AM

සාදු සාදු සාදු. බුදුදහම ලොව පැතිරේවා. සාර්ථක අර්ථ ගැන්වූ සියලු දෙනාටම බුදුසරණයි (නදී)

:       0       0

ලහිරු Wednesday, 01 October 2014 06:00 AM

බෞද්ධ රටවල් සියල්ල එක්වෙන්න. බුදු දහම වෙනුවෙන්. (ස)

:       0       0

රංග Tuesday, 30 September 2014 02:24 PM

බුදු සරණයි (දී)

:       0       0

නිරෝෂන් Tuesday, 30 September 2014 02:24 PM

කුමර්ලගේ ඇස් වලට වැලි ගහනවා වගේද (දී)

:       0       0

තේජාන්විත Wednesday, 01 October 2014 06:09 AM

මගේ පිළිතුර හුදෙක්ම ටාසන් සදහම පමණි. පිළිම වන්දනාව බුද්ධ දේශනාවේ තිබෙන දෙයක් නොවුනට එක මිනිසුන්ගේ සංස්කෘතියත් එක්ක බැඳී පවතින දෙයක් . එකෙන් පිලිබිඹු වෙන්නේ ඔවුන්ගේ බුදුන්වහන්සේට තිබෙන සමීප බව හා ගෞරවය. නමුත් මිසදුටුවන් වන බොහොමයක් කිසිවෙකු දැකනැති කිසිවක් කල නොහැකි පිළිම නැති දෙවියෙකුට වඳිති. (ස)

:       0       0

ප්‍රියා Tuesday, 30 September 2014 02:46 PM

හොඳ දෙයක්(දී)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 01 October 2014 06:34 AM

අහෝ බුද්ධ ශාසනයට ගිය කලක්.....පාදඩ දේශපාලනය හැම තැනකම හොල්මන් කරනවා....ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි මටත් හිතෙනවා......මී ළඟ ජනාධිපතිවරණයට ආණ්ඩුවේ බළල් අතේ නැටවෙන හැටි මට පෙනෙනවා......අබම සරණ තමා මුළු රටටම....(ස)

:       0       0

ජගත් Tuesday, 30 September 2014 03:06 PM

ලංකා මිනිසුන් උගත් මේගොල්ලන්ගේ ගැට වලට අහුවෙන්නේ නැ. (දී)

:       0       0

ලාල් Tuesday, 30 September 2014 03:16 PM

සියලුම බෞද්ධ රටවල් එක්සේසත් කිරිමට බොදු බළ සේනා සංවිධානයට ශක්තිය ලැබේවායි පතමු. ඔබවහාන්සේලාට ජාතියේම ප්‍රනාමය. (දී)

:       0       0

උපුල් Thursday, 02 October 2014 06:56 AM

ජය වේවා! (නි)

:       0       0

චන්න Tuesday, 30 September 2014 03:55 PM

දේශපාලනික වශයෙන් තීරණ නොගන්නා තුරු මගේ සහාය ලබා දෙනවා (දී)

:       0       0

පද්ම්නි Tuesday, 30 September 2014 03:55 PM

දේශපාලන බළල් අතක් නොවෙනවා නම් අපිත් ඉස්මුදුනින් පිළිගන්ට කැමතියි. (දී)

:       0       0

ගාමිණී- සිරිවර්දන Tuesday, 30 September 2014 04:08 PM

ආගමික කටයුත්තකදී සාමාන්‍ය සිරිතක් සුදු පැහැති ,ඇඳුම් පැල දුම් අර .. කළු පැහැති ඇඳුම් හැඳි ඩබල... මියන්මාර්ද ?බොඩි ගාඩ්ලාද ?(දී)

:       0       0

දුලිප් කුලතුංග Tuesday, 30 September 2014 04:12 PM

බොහොම හොඳ දෙයක් පරක්කු වෙලා හරි ගත්තු තීරණය හරි සාධු.... සාධු.....සාධු... (දී)

:       0       0

අබේ Tuesday, 30 September 2014 04:14 PM

ජය වේවා ! (දී)

:       0       0

රන්ජි Tuesday, 30 September 2014 04:20 PM

මේ සහයෝගී තාවය අපි අගේ කරනවා (දී)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 30 September 2014 04:46 PM

ලෝකයේ සංවර්ධිතම රටක් වන මියන්මාරයේ බුදුදහම මොනතරම් වටිනවද කියල අපේ සමහරුන්ට නොතේරෙන එන්නේ පුදුමේ? මියන්මාර බුද්ධාගම් ක්‍රම සහ විදි අපි ආදර්ශයට අරගෙන දැන්වත් දියුණු වෙන්න බලමු . නිවන තියෙන්නේ ඇත නොව ළඟ බව නොතේරෙන හැටි. සාධු,,, සාධු,,, සාධු,,, (දී)

:       0       0

ස්වාධීන Wednesday, 01 October 2014 08:06 AM

තේජාන්විත... ඔබ තුමා ඒකදේව සංකල්පය ගැන තව දුර හැදෑරුවොත් මෙසේ නොකියයි , විවිධ ආගම් හදාරන්න තව තව පොත් පත් කියවන්න, ආගම අතර සමානත්මතාවන් අවබෝධ කරගන්න .......විද්වතුන් දාර්ශනිකයන් ලෝකය ගැන ආගම ගැන ශාස්තෘෘවරුන් ගැන අදහස් කියවා දැන ගන්න. (ස) .

:       0       0

සුධීර Tuesday, 30 September 2014 05:37 PM

ථෙරවාද බුදු දහම සදාකල් ලොව පවතීවා ... (දී)

:       0       0

අජන්ත Tuesday, 30 September 2014 06:07 PM

සාදු සාදු! (නි)

:       0       0

නඩරාජා Tuesday, 30 September 2014 06:18 PM

සිරි ලංකාව බෞද්ධ රටකි (නි)

:       0       0

දයාල් Tuesday, 30 September 2014 06:22 PM

චිරන් ජයතු! ඔබට යෝධ බල සහ සුව! (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 30 September 2014 06:27 PM

අනේ මන්දා! මේකෙ අදහස් දාලා තියෙන ඔක්කොම කොහොම අයද කියලා. (නි)

:       0       0

අවන්ත Friday, 03 October 2014 04:05 AM

කුමාර්,බොදු බල සේනා සංවිධානය ඒ විදියට ඔයාට පේනව‍ා ඇත්තේ පසුගිය දිනවල එම නායක ස්වාමීන් වහන්සේ , ටිකක් ආවේගශීලීව හැසිරුන නිසා වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ. පසුගිය දිනවලදී බුදු දහමට එරෙහිව ඇති වුණ ප්‍රශ්න වලදී, අවිහිංසකව කතාබහ කරලා, ප්‍රශ්න විසඳන්න ටිකක් අමාරු බව පෙනුන නිසා උන් වහන්සේට ආවේගශීලීව හැසිරෙන්න වුණා. (නි)

:       0       0

මාලනී Tuesday, 30 September 2014 07:15 PM

බුදු සරණයි! (නි)

:       0       0

රත්න බණ්ඩාර Tuesday, 30 September 2014 07:21 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ටාසන් Tuesday, 30 September 2014 11:36 AM

දන්නා කෙනෙක් කියන්න ? ඇයි මෙතන තියෙන පිළිමයේ චීන මුහුණක් තියෙන්නේ /??? (දී)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 30 September 2014 07:59 PM

ගාමිණී සිරිවර්ධන මහත්තයෝ. අර කළු පාට ඇඳුම් ඇඳගෙන ඉන්න පින්වත් උපාසක මහතුන්ට "බොඩිගාඩ්" යන නමින් අමතල අපහාස කර ඔබ තුමාගේ නොදැනුවත් කම ප්‍රදර්ශනය කරන්න එපා. ඒ උත්තමයිනුත් බුදු දහම ආරක්ෂා කර ගන්න ඉන්න මුර දේවතාවන් හැටියට හිතන්න පුරුදු වෙන්න. අපේ ඥනසාර හාමුදුරුවන්ගෙන් වගේම ඔය කළු සුට් එක ඇඳගෙන ඉන්න උපාසක මහතුන්ගේ සංවිධානයෙන් බුදු දහමට මොනතරම් සේවයක් සිදුවෙනවද යන්න හොයා බලා දැනුවත් වෙන්න. අපේ කලුසුට් පින්වත් උපාසකයින් ඇතුළු පින්වත් ඔබ සැමට සාධු,,,,සාධු,,,සාධු,,,, (නදී)

:       0       0

රුමේෂ් Tuesday, 30 September 2014 08:24 PM

බුදුසරනින් මෙම බුදු දහම රැක ගැනීමේ ප්‍රයත්නය සාර්ථක වේවා. (නදී)

:       0       0

බන්දුල ‍ Tuesday, 30 September 2014 09:24 PM

මොනවා වුණත් වැඩේ හොඳයි (නි)

:       0       0

ගනේෂ් Tuesday, 30 September 2014 11:50 AM

හැකිතාක් එක්ව සිටීමෙන් යහපතක් සිදු වෙනවා (දී)

:       0       0

ගංගා Tuesday, 30 September 2014 11:50 AM

ඉතා හොද වැඩක් මම කියන්නේ (දී)

:       0       0

මාලනී Tuesday, 30 September 2014 10:19 PM

ඉතා හොඳයි (නි)

:       0       0

සුජීව Wednesday, 01 October 2014 09:25 AM

කුමාර් නමැති පුද්ගලයාට කොහොමටත් බුදුදහමත් සමග යම් ප්‍රශ්නයක් තියෙනවා.මම මීට අවුරුදු තුනක පමණ කාලයක ඉදන් මොහුගේ අදහස් කියවනවා.මම නම් දන්නවා ඔහේගේ ආගම මොකද්ද කියලත්.නමුත් බුද්ධගම්කාරයෝ දෙකේ කොලයට වැටිලා නැහැ, ඔහේ වගේ වෙනත් ආගමකට ගරහන්න. (ස)

:       0       0

අ.වි ජයරත්න Friday, 03 October 2014 05:55 AM

අපි ජීවත් වෙන්නේ අවුරුදු 100කට අඩු කාලයක්. ඒ කාලය තුළ , හැම ආගමකම නායකයන් එකතු වෙළා " හැමෝටම සමඟියෙන් ඉන්න පුළුවන් විදිහේ එකමුතුවක් ගොඩ නැගීමද කළ යුතුයි. හැබැයි ආගම වෙනුවෙන් ලේ පෙරාගෙන සත්තු මරන්න දෙන්න නම් බැහැ.නමුත් එහෙම හැසිරෙන මිනිස්සු ජාතියකුත් ඉන්නවනේ.(අ)

:       0       0

යුසුෆ් Wednesday, 01 October 2014 09:32 AM

ලෝකේ සෑමදේම ඉබේ සිදුවෙනවා කියා යමෙක් සිතනවා නම් ඔහුතරම් මෝඩයෙක් තවත් නැත.(දිල්)

:       0       0

ගුනේරිස් Tuesday, 30 September 2014 12:02 PM

තව තවත් තියෙන තියෙන සංවිධාන එකට එකතු වෙන්න (දී)

:       0       0

වින්සන්ට් Tuesday, 30 September 2014 10:42 PM

ඕනෑම සමාජයකට යහපතක් සිදුවන කටයුත්තකදී ජාති,ආගම් බේදයකින් තොරව එයට ගරුකළ යුතුය. නමුත් මේවායේ ක්‍රියාකාරිත්වය ඒකපාර්ශ්විකද යන්න කෙනෙකුට ගැටලුසහගතය. මේ නිසා මෙම තීරුවට ප්‍රතිචාර දක්වන පින්වත් මහත්වරු කරුණාකර මගේ ගැටලුව විසඳා දෙන්න. (නි)

:       0       0

හේමන්ත Tuesday, 30 September 2014 12:07 PM

ටාසන්, මේක චීන බුදු පිළිමයක් නෙවෙයි බුරුම බුද්ධ ප්‍රතිමාවක්. ඒක බුරුම සංස්කෘතිය. ලෝකයේ වැඩියෙන්ම කිරි ගරුඩ බුදු පිළිම හදන්නේ බුරුමයේ. චීන පන්සල් වලටත් කිරි ගරුඩ පිළිම අරන් යන්නේ බුරුමයෙන්. (දී)

:       0       0

මාධව Tuesday, 30 September 2014 12:19 PM

හොඳ වැඩ වලට හොඳයි කියන්න (දී)

:       0       0

මදුසංක Tuesday, 30 September 2014 12:16 PM

සුරංග මුදියන්සේ දීලා තියෙනවා නියම උත්තරේ (දී)

:       0       0

සුරංග මුදියන්සේ Tuesday, 30 September 2014 12:19 PM

පින්වත් ටාසන්, වැදි නමකින්ම පෙනීසිටින ඔබ කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කිරීම කරන්නෙමි. බුදුන් වහන්සේ අදහන ලෝකයේ කොහේ හෝ බෞධයෝ උන් වහන්සේ තමන්ගේ කෙනෙක් ලෙස දැකීමට පුරුදුව සිටි මක්ද යත් උන් වහන්සේගේ දේශනාව මිනිසාට එතරම් සමීප වේය. මෙනිසා බුදු පිළිම නෙළන්නා ඔවුන්ගේ රුපාණු කාරයෙන් පිළිමය නෙලත් (දී)

:       0       0

තාරක Wednesday, 01 October 2014 10:06 AM

තෙරුවන් සරණයි! (නි)

:       0       0

නදීක Tuesday, 30 September 2014 12:27 PM

ඔය සියලු බලකා එකට එකතු වෙන්න (දී)

:       0       0

දීපානි Tuesday, 30 September 2014 12:27 PM

කියලවත් කරගන්න බැරි වැඩක් (දී)

:       0       0

නදීක Tuesday, 30 September 2014 12:24 PM

මොකද්ද ඇත්ත බලාපොරොත්තුව (දී)

:       0       0

නාලි Wednesday, 01 October 2014 02:06 AM

හිතවත් ටාසන් සොහොයුර, ලංකාදීපය අපවෙත ගෙනා පණිවිඩයෙන් සිදුවී ඇති උතුම් සිදුවීම ගැන බලන්න. පසෙක ඇති බුදුපිළිමයේ ඇති එය නිර්ම්ත රටේ සංස්කෘතික ලක්ෂණ ගැන කතා කරනවාට වඩා වැදගත් වන්නේ තථාගත යන් වහන්සේගේ උතුම් ධර්මයම ගුරුකොට ගැනීමයි. ශ්‍රී ලංකාවේ පන්සල් වලද විවිද ආකාරයේ බුදුපිළිම ඇති බව ඔබ දැක ඇති . (නදී)

:       0       0

නිමල් ලලිතා Wednesday, 01 October 2014 02:31 AM

යුගයේ අවශ්‍යතාවයක්. මිල කල නොහැකි අගනා කටයුත්තක්. මේ රටේද සිංහල බෞද්ද සංවිදාන එකම සන්විදානයක් බවට පත් වේවා. (නදී)

:       0       0

මාලිංග Tuesday, 30 September 2014 12:27 PM

මම නම් කැමතියි මේ වැඩේට (දී)

:       0       0

කුමාර් Tuesday, 30 September 2014 12:27 PM

නියම විහිළුවක්, අන්තවාදී සංවිදාන දෙකක් එකතුවෙලා, කියනවා "අන්තවාදී ආකල්ප වලින් තොර" සංවිදාන සමග එකතුවෙලා "සාමකාමි කලාපයක්" ගොඩනගමු කියල. "දී කිරට බළල්ලුත් සාක්කිලු" (දී)

:       0       0

සේන Wednesday, 01 October 2014 03:00 AM

ඕනෑම සංවිදානයක් අන්තවාදයෙන් තොරවීම හොඳයි. නමුත් බො.බ.සංවිදානයේ අතීත ක්‍රියා අනුව ඔවුන් විශ්වාස කල නොහැකිය. ගලබොඩ හාමුදුරුවෝ කිව්වා "මට අනාගතය මහා භයානක විදියට පෙනෙනවා කියලා" එය සත්‍යක්‌ වෙන්නයි යන්නේ. මෙය ආරම්භය පමණි. (නදී)

:       0       0

වීරසේකර Tuesday, 30 September 2014 12:30 PM

ඉතාමත් සන්තෝෂ ජනක පුවතක් (දී)

:       0       0

ශෙහාන් Tuesday, 30 September 2014 12:33 PM

රුවන්වැලි සෑය පාමුල තියෙන්නෙත් බුරුමයෙන් ත්‍යාග කල බුදු පිළිමයක්. ථේරවාදී රටවල් දෙක අතර ඇති ඓතිහාසික සම්බන්ධතාව නොදැන හෝ ඕනෑකමින්ම සඟවා බොහෝ අය අදහස් ප්‍රකාශ කරනවා. (දී)

:       0       0

ශ්‍රීමාල් මාතර Wednesday, 01 October 2014 03:25 AM

බොහොම හොඳ වැඩක්. ඕක තමයි වෙන්න ඕනේ (නදී)

:       0       0

රත්නායක කොරියාව Tuesday, 30 September 2014 12:50 PM

හාමුදුරවනේ ඉතාම හොද ක්‍රියාවක්. අපි හැමෝම එකට එකතු වෙමු... සාදු...සා..දු.. සා...දු....!(දී)

:       0       0

උපුල් Tuesday, 30 September 2014 12:53 PM

සුරංග මුදියන්සේ වැනි බුද්ධිමත් ව්‍යක්තයන් මේ දිනවල සිටීමත් සතුටුයි. (දී)

:       0       0

හේමන්ත Tuesday, 30 September 2014 12:53 PM

කුමාර් වගේ පව් කාරයෙක්, පවුල් පිටින් අපා ගත වෙන්න එපා බුදු දහම සුරකින උත්තමයන්ට අපහාස කරලා, මිනිහෝ! (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 01 October 2014 03:56 AM

අන්තවාදය හිස ඔසවමින් තිබෙන මේ වගේ වකවානුවක මේ ඒකරාශි වීම බොහොම හොද දෙයක්. බොදුබල සංවිදානය ඇතුළු සියලු බෞද්ධ සංවිදාන වලට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා (නදී)

:       0       0

සම්පත් ඩුබායි Tuesday, 30 September 2014 12:54 PM

එක්ව සිටීම ශක්තියේ පදනමයි... (දී)

:       0       0

සමෙර්(ගාල්ල) Tuesday, 30 September 2014 12:57 PM

සාදු... සාදු...මොන අාගම අැදහුවත් අවිහිංසාව පිළිගන්නා හැමදෙනෙක්ම මේ වටා රොක්වනු අැතැයි සිතමි. (දී)

:       0       0

ඉසුරු සි ජයලාල් Tuesday, 30 September 2014 01:04 PM

සුභපැතුම් බුදු සරනයි (දී)

:       0       0

ලකී Wednesday, 01 October 2014 04:02 AM

බුදු දහම සුරැකීම හොඳ දෙයක්. හැබැයි මිනිස්සු අවුස්සලා මිනි මරාගන්නේ නැතුව. අනික මෙතන කොමෙන්ට් දාන කීයෙන් කීදෙනාද අදහන්නේ ? පන්සිල් රකින්නේ ? (නදී)

:       0       0

සරත් Tuesday, 30 September 2014 01:04 PM

ඔබ සැමට බුදු සරණ වේවා (දී)

:       0       0

ලග්ගල බයියා Tuesday, 30 September 2014 01:11 PM

හොඳ දෙයක් අනේ සාධු සාධු,,, (දී)

:       0       0

සමීම් මුබාරක් Wednesday, 01 October 2014 04:12 AM

බුදු දහම කියන්නේ ඉතාමත්ම නිර්මල අවිහිංසාවාදී මිනිසාගේ ජීවන පැවැත්ම යහපත් මගට යොමු කරලන නිර්මල දහමක්. ඒ වුනත් මේ බොදු බල සේනා වැනි සංවිදාන මම දකින්නේ බුදුදහම සුරකින සංවිදාන නෙවේ. එහෙම උවමනාවක් තිබුනා නම් දළඳා මාලිගාව අබියසදී කාර් රේස් දුවද්දී මත්පැන් දෝර ගලද්දී අඩ නිරුවත් රැඟුම් පාද්දී මේ සංවිදානයේ අය මොකද එයට විරුද්දව කතා නොකළේ. මෙය ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන හස්තයකින් එයාලගේ ඕන එපාකම් සපුරා ගන්නයි. අශින් චිරතු හිමියන්ට ලංකාවට වැඩම කරන්න දුන්නා නම් අැයි දලයි ලාමා හිමියන්ට විරුද්ධ වෙන්නේ. ඒ හිමියන් අවිහිංසාවාදී නිසාද (නදී)

:       0       0

ලසන්ත Tuesday, 30 September 2014 01:11 PM

හොඳ කාලෝචිත හා ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

සේකර Tuesday, 30 September 2014 01:14 PM

රට ගොඩ ගන්න බැරි වෙන්නම පිරිහිලා (දී)

:       0       0

ගුණසේකර Tuesday, 30 September 2014 01:14 PM

මොන සංවිධාන සමග හෝ ගිවිසුම් අත්සන් කර රටට හොඳ වැඩක් කරන්න. දැනට රට හොඳටම පිරිහෙලා තියෙන්නේ. (දී)

:       0       0

ශාන් Wednesday, 01 October 2014 04:45 AM

ඒ ගමන මොකද වෙන්නේ? (නදී)

:       0       0

විකුම් Tuesday, 30 September 2014 01:22 PM

කුමාර් මහත්තයෝ මෙිි වැඩෙිි හොද වැඩක්.ඔබතුමා අනුවනයෙක් බව දැනේනවා එ උනාට ඒ බව විදාහා දක්වන්න එපා..බුදු සරණයි සැමට (දී)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 30 September 2014 01:24 PM

හේමන්තටත්.... සුරංග මුදියන්සේටත් යමක් පැහැදිලි කරදෙන්න මනා හැකියාවක් තියෙනවා ස්තූතියි. (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 01 October 2014 04:55 AM

නදීක, ඔය කියන්නේ "ශනික විහිදුම් බලකාය", "මහා සොහොන් බලකාය", "ඩිෆෙන්ඩර් බලකාය" වගේ බලකායවල්ද? (නදී)

:       0       0

ගුණදාස Tuesday, 30 September 2014 01:26 PM

පිළිමේ නොවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ (දී)

:       0       0

රංගිකා Tuesday, 30 September 2014 01:28 PM

මම හීනෙකින්වත් හිතුවේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 870 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 405 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 881 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3201 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 589 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site