IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බැද්දගාන තෙත්බිම් උද්‍යානය

2016-06-16-ent-03

2016-06-16-ent-27නාගරීකරණය වූ පරිසරයක අයස්කාන්ත මෙන්ම මනස්කාන්ත ස්වහාව සොන්දර්යය විඳගත හැකි බැද්දගාන තෙත්බිම් උද්‍යානය ජූනි මස 25 වනදා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. බැද්දගාන තෙත්බිම ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අගනගරයෙහි අධි නාගරීකරණය වූ පරිසරයක, නව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටා තිබේ. සුන්දර දියවන්නා ඔය අසබඩ පිහිටි මෙම තෙත්බිම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අභය භූමිය මායිමටද ඇතුළත් වේ.

හෙක්ටයාර 18ක් පුරා පැතිරී ඇති මෙම හරිත කලාපය, තෙත් කලාපීය පහත් බිම්වල දක්නට ලැබෙන දේශීය කුරුළු විශේෂ, සුන්දර සමනලුන් විශේෂ මෙන්ම බත්කූරන් විශේෂ රැසකටද නවාතැන් සපයයි. එපමණක් නොව පහත රට තෙත් කලාපයට ආවේණික වූ ගස්වැල් රැසකින් සමන්විත මේ බිම සංක්‍රමණික කුරුළු විශේෂ රැසකගේද ආගමනය සිදුවන කුරුළු තොටකි. අතීතයේ පටන් පරිසරවේදීන්ගේ හා විශේෂඥයන්ගේ නිරන්තර අධ්‍යයනයට ලක්වන මෙම පරිසර පද්ධතිය පිළිබඳ වාර්තා රැසක් මෙයට සාක්‍ෂි සපයයි.

නාගරික පරිසර සඳහා නගර සැලසුම් නිර්මාණයේදී මෙවැනි තෙත්බිම් පරිසර පද්ධති, හරිත කලාපයන් ලෙසින් මිනිසාගේ නිරෝගී දිවි පැවැත්ම උදෙසා උපකාර වන අතරම, විනෝද කටයුතු සඳහාද තිරසාර ලෙස සංවර්ධනය කළ හැකි බවට හඳුනාගෙන ඇත. එම අදහසද පෙරදැරි කරගනිමින්, බස්නාහිර පළාත් තෙත්බිම් කලාපීකරණය යටතේ සකසන ලද උපදෙස් මාලාව අනුගමනය කරමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2006 වසරේදී නව පාර්ලිමේන්තුව වටා ඇති අධිකාරිය සතු තර්ජනයට ලක්වූ තෙත්බිම් 11ක් සංරක්‍ෂණය කිරීමට සැලසුම් කරන ලදී.

එහි ප්‍රථම පියවර වශයෙන් බැද්දගාන තෙත්බිම් උද්‍යානය නිර්මාණය වන අතර, දෙවන අදියර ලෙස කෝට්ටේ කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය ඉදිරියේදී සංවර්ධනය කිරීමට නියමිතය.

බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ මූලික අරමුණ වන්නේ වටිනා තෙත්බිම් පරිසරය සංරක්‍ෂණය කරමින්, එයට සිදුවන හානිය අවම වන පරිදි තිරසාර ලෙස සංවර්ධනය කර, උද්‍යානයක් ලෙස පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමයි. එමෙන්ම පරිසර අධ්‍යයන කටයුතු සඳහා ඉඩ සැලසීමද මෙහි අරමුණු අතර වේ.

මෙම උද්‍යානයේ සියලු සැලසුම් නිර්මාණය වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් භූ දර්ශන ගෘහ නිර්මාණ ශිල්පිනියක් (Chartered Landscape Architect) සහ වරලත් ගෘහ නිර්මාණ ශිල්පිනියක් (Chartered Architect) විසිනි. පරිසරවේදීන්ගේ හා පරිසර විද්‍යාඥයන්ගේ නිරීක්‍ෂණ හා උපදෙස් මත මෙහි සංවර්ධනය ක්‍රියාත්මක වන ලදී.

උද්‍යානය ගොඩනැඟීමේ විශේෂත්වය වනුයේ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව, කණු මත ඉදිවුණු පක්‍ෂි නිරීක්‍ෂණ කුලුනු, ගමන් පථ, පක්‍ෂි නිරීක්‍ෂණ ස්ථාන ගොඩනැඟීමයි. එමගින් තෙත්බිම් පරිසරය මනාව සංරක්‍ෂණය කර ඇති අතර, ඉතා සුන්දර උද්‍යානයක්ද නිර්මාණය වී ඇත.

එවකට පරිසර අමාත්‍යතුමන් වූ ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් මෙම උද්‍යානයේ මූලික ඉදිකිරීම් කටයුතු සඳහා පිරිවැය සපයන ලදී. ඉන්පසු ලෝක බැංකු ආධාර යටතේ කොළඹ අග නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම තෙත්බිම් උද්‍යානය නිර්මාණය විය.

මෙම ව්‍යාපෘතියට සමගාමීව කෝට්ටේ රාජධානියේ ඉතිරි වූ පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමේ මංපෙත් (Architectural Trails) ඉදිකර ඇති අතර, උද්‍යාන සම්බන්ධක මංතීරු (Park Connections) මගින් බැද්දගාන තෙත්බිම් උද්‍යානය, අවට ඇති සෙසු උයන් හා සම්බන්ධ වනු ඇත. එමගින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තයට නව ප්‍රවණතාවක් ඇති කරමින් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘතියක් (Eco Tourism) ආරම්භ කිරීමට අපේක්‍ෂිතය.

බැද්දගාන ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම තෙත්බිම සුරැකීමේ පරිසර කවයක් ඇති කිරීමටත්, ඒ සඳහා අවට පාසල්, විහාරස්ථාන හා පරිසර විද්‍යාඥයන්ගේ සහභාගීත්වය ලබා ගැනීමටත් බලාපොරොත්තු වේ. එමගින් අවට ප්‍රජාව තුළ උද්‍යානය පිළිබඳ නව ආකල්පමය වෙනසක් ඇතිවනු ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වය යටතේ අදාළ ආයතනවල සහභාගීත්වයෙන් හා පරිසර විද්‍යාඥයන්ගේ එකමුතුවෙන් සෑදුණු කමිටුවක් මගින් මෙම උද්‍යානය පාලනය වනු ඇත.

විද්‍යාත්මක ගවේෂකයෙකුට මෙන්ම පරිසර සුන්දරත්වය විඳින්නන් හට බැද්දගාන තෙත්බිම් උද්‍යානය වටිනා තෝතැන්නකි. මෙම උද්‍යානයේ ඉදිරි වැඩසටහන් පෙළගැස්ම අතර,

  • නවකයන්, පාසල් සිසුන් සඳහා වනසත්ත්ව හා ශාක නිරීක්‍ෂණ වැඩමුළු
  • වනජීවී ‍ඡායාරූපකරණ හා චිත්‍ර වැඩමුළු
  • ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබන තෙත්බිම් අධ්‍යයන සහ සත්ත්ව අධ්‍යයන වැඩමුළු විශේෂ වේ.

බැද්දගාන තෙත්බිම් උද්‍යානය අනාගත ගෝලීය, පාරිසරික හා දේශගුණික වෙනස්වීම් සඳහා අවැසි හරිත පරිසර නාගරික ප්‍රදේශ තුළ ශක්තිමත් කිරීමේ සහ තෙත්බිම් පරිසරය ආරක්‍ෂා කරමින් එය තිරසාර ලෙස සංවර්ධනය කළ හැකි බව සනාථ කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම නාගරික ජල ගැල්ම පාලනය කළ හැකි ව්‍යාපෘතියක් ලෙසද මෙය වැදගත් වනු නොඅනුමානය.

 

නිදුක් මදුෂික

 

2016-06-16-ent-04
2016-06-16-ent-05
2016-06-16-ent-06
2016-06-16-ent-07
2016-06-16-ent-08
2016-06-16-ent-09
2016-06-16-ent-10
2016-06-16-ent-11
2016-06-16-ent-12
2016-06-16-ent-13
2016-06-16-ent-14
2016-06-16-ent-15
2016-06-16-ent-16
2016-06-16-ent-17
2016-06-16-ent-18
2016-06-16-ent-19
2016-06-16-ent-20
2016-06-16-ent-21
2016-06-16-ent-22
2016-06-16-ent-23
2016-06-16-ent-24
2016-06-16-ent-25
2016-06-16-ent-26

 



අදහස් (1)

බැද්දගාන තෙත්බිම් උද්‍යානය

චන්දිමා Saturday, 08 February 2020 06:12 AM

පක්ෂීන්, මත්සයන්, ක්ෂීරපායි, සතුන් ගැන විස්තර දෙන්න..

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 496 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 902 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 216 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 764 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1457 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 575 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site