IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බොදුබලේ ලේකම් හිමිට නඩු

ජාතික බල සේනාවේ වටරැක විජිත හිමියන්ගේ  නඩුවකට පෙනී සීටීම සම්බන්ධයෙන් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට බැණ වැදුනේයැයි කියන බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියනට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිසිය අද  පැමිණිල්ලක් ගොනු කළේය.

නොවැම්බර පළමු වැනි දා ඒ හිමියනට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිසියට නියෝග කළේය.

ඥානසාර හිමි පෙර ඇප මත මුදා හැරිණි.



අදහස් (0)

බොදුබලේ ලේකම් හිමිට නඩු

සුරාන් Monday, 20 October 2014 05:17 PM

මේ ඔක්කොටම මුල හාමුදුරුවො ජනපතිවරණයට ඉල්ලන්නේ නැති එක කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

නිශාන් Monday, 20 October 2014 05:24 PM

රට ජාතිය පිළිබඳ පොඩි හරි කැක්කුමක් තියන අය බොදුබල සේනාව ගැන ඔහොම කතාකරන්නේ නැහැ. (නි)

:       0       0

සුමිත් Monday, 20 October 2014 05:29 PM

අප හාමුදුරුවන්ට තෙරුවන් සරණයි! (නි)

:       0       0

වජී Monday, 20 October 2014 09:39 AM

අබ සරණයි. (ස)

:       0       0

සුරංග Monday, 20 October 2014 09:46 AM

අපේ ගොවියන්ට මොකද වෙන්නේ.(හේ)

:       0       0

යශෝධා Monday, 20 October 2014 06:30 PM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

අසංක Monday, 20 October 2014 06:50 PM

සිංහලයාත්, බුදු දහමත්, රටත්, අපේකමත් වෙනුවෙන් හඩනඟන අපේ හාමුදුරුවන් අපිට වීරයෙක්. (නි)

:       0       0

දිමුතු Monday, 20 October 2014 06:59 PM

කවුරු මොනවා කිවුවත් ඔබවහන්සේට අපහාස කරන අයට ළඟදීම ඇත්ත නැත්ත තේරෙයි (නි)

:       0       0

පනාගොඩ Monday, 20 October 2014 07:03 PM

අපි හාමුදුරුවොත් සමඟ ඉන්නවා හැමදාම (නි)

:       0       0

ජනක Tuesday, 21 October 2014 06:48 AM

මේ වගේ දේවල් ඉදිටියට මෙයිට වැඩිය දරුණු විදියට එනවා දුක තියෙන්නේ අපේ අයට තාම අපේ හාමුදුරුවෝ කරන දේ තෙරෙන‍ේ නෑ. අපිට හෙට දවසේ බුදු දහම ගැන හිතන්න වත් ලැබෙන්නේ අපේ හාමුදුරුවෝ මේ විදියට ඉස්සරහට නාවානම් ඔබ වහන්සේට ශක්තිය ලැබේවා අපේ අයගේම ඇස අරින්නට (අ)

:       0       0

ලක්මාල් Monday, 20 October 2014 10:23 AM

අපේ හාමුදුරුවන්ට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි අපි හැමදාම අපේ හාමුදුරුවෝ එක්ක ඉන්නවා.(හේ)

:       0       0

ලංකා තිලක්. Monday, 20 October 2014 10:26 AM

කොහොමත් තේරුම් ගැනීමේ හැකියාව අඩුයි උපුල් මහත්තයෝ. ! (නදී)

:       0       0

සත්‍යයා Thursday, 23 October 2014 01:45 AM

හරි ක්‍රියාමාර්ග ඔස්සේ ගමන්ගතහොත් බොදු බල සේනාවට ලංකාව වර්තමාන ව්‍යාසනයෙන් බේරාගන්න බොහෝ වැඩ කොටසක් කරන්න පුළුවන්. (නි)

:       0       0

ගයාන් Thursday, 23 October 2014 11:37 AM

සියලුම හිමිවරු වහාම දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.(හේ)

:       0       0

යසංග Monday, 20 October 2014 10:43 PM

ගිහි පැවිදි කියලා වෙනසක් නැහැ. වැරැද්දක් කළා නම් දඩුවම් විඳිය යුතුයි (නි)

:       0       0

ළහිරු Tuesday, 21 October 2014 07:22 AM

ගොඩක් සිංහල මිනිස්සුන්ගේ දැනුම යාවත්කාලීන වෙනවා අඩුයි. ඒ නිසා තමා හාමුදුරුවන්ගේ වටිනාකම දන්නේ නැත්තේ (නදී)

:       0       0

මදුසංක Monday, 20 October 2014 11:19 AM

බුදු දහම රැකගැනීමට දිවි හිමියෙන් කටයුතු කරන අපේ හාමුදුරුවන් සමග අපි හැමදාම ඉන්නවා. අපේ හාමුදුරුවන්ට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.(නදී)

:       0       0

යසිරු Monday, 20 October 2014 11:31 PM

චණ්ඩිකම් වලින් මොනම දෙයක්වත් දිනාගන්න බැහැ (නි)

:       0       0

හේමන්ත Tuesday, 21 October 2014 02:39 PM

මම නම් සැමදාමත් හාමුදුරුවන් සමඟයි (නි)

:       0       0

සුසන්ත Tuesday, 21 October 2014 07:36 AM

ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් අන්තවාදීගෙන් අපිව බේරගත්තා,අපේ ජීවිතේ කැපකරල හරි ඒ හාමුදුරුවන් බේරගන්න ඕන,(හේ)

:       0       0

කුමාරි මාකාවිට Monday, 20 October 2014 11:23 AM

උපුල් වරද කවුරු කලත් වරදමයි. ජාතිවාදයෙන් හෝ ආගම් වාදයෙන් හෝ පක්ෂග්‍රාහිව බැලුවම සත්‍යය පේන්නේ නැහැ (නදී)

:       0       0

අසංග Wednesday, 22 October 2014 04:09 AM

කිසිම දෙයකට බය වෙන්න එපා ස්වාමින් වහන්ස. අපි ඔබ සමඟයි (නදී)

:       0       0

අනුරාධ Friday, 24 October 2014 12:34 PM

අපේ හාමුදුරුවෝ නියම වීරයෙක් (නි)

:       0       0

මාලි Thursday, 23 October 2014 12:39 PM

බොදුබල සේනාවට ජය වේවා! අපේ සිංහලයන් රකින්න, බුදු දහම රකින්න හැම ශක්තියක්ම ලැබේවා! අපේ ගලබොඩ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි! (නි)

:       0       0

අමිල Tuesday, 21 October 2014 12:49 AM

සමහර සිංහලුන් කෙලින් නැති නිසා තමයි අපේ හමුදුරුවෝ මේවට බය නැතිව ඉදිරිපත් වෙන්නේ. අපි හාමුදුරුවන්ගේ පැත්තෙ තමයි. (නදී)

:       0       0

ධනුෂ්ක මහේෂ් රත්නායක Monday, 20 October 2014 12:06 PM

බය වෙන්න දෙයක් නෑ.(හේ)

:       0       0

රුක්ෂාන් Tuesday, 21 October 2014 01:29 AM

සිංහලයාත්, බුදුදහමත්, රටත්, අපේකමත් වෙනුවෙන් හඩනඟන අපේ හාමුදුරුවන් අපිට වීරයෙක්. (නි)

:       0       0

සමාධි Friday, 24 October 2014 05:09 AM

ඉස්සරත් සුද්දාගේ කොඩිය බිම දාලා පාගලා ජතික කොඩිය ඔසවන්න තරම් ආත්ම ශක්තියක් තිබුණ වීර හාමුදුරුවරු හිටි රටක් මේක. ශීලය විතරක්ම රැකගෙන ජාතිය ආගම විනාශ කරලා දානතෙක් හාමුදුරුවරු ටික කටපියාගෙන ඉන්නවා නම් හරිම කැමති කොටසක් ඉන්නවා කියලා අපි කවුරුත් දන්නවා. ගලබොඩ හාමුදුරුවෝ අපිට වීරයෙක්. උන්නාන්සේ මේ සටන ගෙනයන්නේ සිංහල බෞද්ධයෝ වෙනුවෙන් මිසක් පුද්ගලික වාසි ප්‍රයෝජන බලාගෙන නෙමෙයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 25 October 2014 07:22 PM

ගමේ මිනිහෙක් පොඩි කඩයක් දමල මිනිහ ටිකක් කෙලින් කටින් හිට ගන්නකොට අසල් වැසියෝ සේරම කඩ දානවා. අන්තිමේදී එක කඩයක්වත් යා දෙන්නේ නැතිව වැහෙනවා. එය තමයි අපේ සිංහලයාගේ ක්‍රමවේදය. බොදු බල සේනාව ටත් එ්ක තමා කරන්න හදන්නේ 1971 ජනතා විමුක්ති පෙරමුණ රහසිගතව සංවිධානය වෙද්දී තව මොනතරම් සංවිධාන ඇති වුනාද? අන්තිමේදී හොඳට හෝ නරකට, ශ්‍රී ලාංකික විප්ලවය අකල් මරණයකට ගොදුරු වූවා (නදී)

:       0       0

කරුණාපාල Monday, 20 October 2014 12:36 PM

කොහොමත් තේරුම් ගැනීමේ හැකියාව අවුල් උපුල් මහත්තයෝ? (අ)

:       0       0

පවිත‍්‍ර Tuesday, 21 October 2014 02:09 AM

අපේ හාමුදුරුවනේ, කවුරු ඔබ වහන්සේ සමඟ නොසිටියත් සිංහල බෞද්ධ අපි ඔබ වහන්සේ සමඟයි සැමදා.ඔබ වහන්සේට ඇති වන ඕනෑම ‍ගැටලුවකදී ඔබ වහන්සේ වෙනුවෙන් පාරට බැසීමට සිය දහස් ගණනක් ඔබ වහන්සේ සමඟයි. (නි)

:       0       0

ලංකා තිලක් Monday, 20 October 2014 05:59 AM

ප්‍රශ්නයක් නැහැ. මේවා ගණන් ගත යුතු දේවල් නෙවෙයි. ! (ස)

:       0       0

ප්‍රදීප් Tuesday, 21 October 2014 04:16 PM

මේ සිංහල ලේ කැක්කුම තිබෙන සිංහලයෙක්. අපේ ශාසනය බේරාගත් හාමුදුරුවරුන්ට අපි ජාති ජාතිත් ණයගැතියි. අපේ හාමුදුරුවනේ, අපේ තරුණ ජවය ඔබ සමඟයි. රට ජාතිය ගළවාගන්න හාමුදුරුවනේ. (නි)

:       0       0

සත්‍යයා Thursday, 23 October 2014 02:18 PM

මාලි, කවද ඉඳන්ද ගලබොඩ උන්නාන්සේ බොදු බල සේනාව එක්ක වැඩ කරන්නේ? ඒ හාමුදුරුවෝ ඉන්නේ ගංගාරාමයේ. (නදී)

:       0       0

හර්ෂණ ප්‍රදීප් කුමාර Monday, 20 October 2014 01:12 PM

අපේ හාමුදුරුවන්ට දළදා සමිදු පිහිටි ලැබේවා. . අපි ඔබ වහන්සේ සමඟයි.(හේ)

:       0       0

ගයාන් Friday, 24 October 2014 06:23 AM

හාමුදුරුවනේ, ඔය දේවල් වලට මම නම් එකඟ නැහැ. ප්‍රධාන වෙන්නේ ශීලය ආරක්ෂා කිරීම නේද? (නි)

:       0       0

වින්සන්ට් Monday, 20 October 2014 01:15 PM

රියදුරු බලපත් නොමැතිව, බිමත්ව රිය පැදවීමේ චෝදනාවකට භික්ෂුන් වහන්සේ නමක් මාධ්‍යට දුන් පිළිතුර ජනතාවට අමතක නැත. බෞද්ධ කම ආරක්ෂා නොකර බෞද්ධයන් ආරක්ෂා කිරීමට යන භික්ෂුන් වහන්සේලා ගැන අපට නම් තේරුම් ගත නොහැකිය. (නදී)

:       0       0

ලසා Saturday, 25 October 2014 03:18 AM

මට ඇත්තටම ලැජ්ජයි අපේ කට්ටිය ගැන. ඔයාල දන්නවද මේ දවස් වල අපේ නිර්මල බුදු දහමට එරෙහිව කොච්චර කුමන්ත්‍රණ තියෙනවද කියලා. ලෝකේ බෞද්ධයන්ට(ථෙරවාදී) කියල තියෙන එකම රට ශ්‍රී ලංකාව පමණයි. ඔක්කොමලා එ්ක තේරුම් ගන්න. (නදී)

:       0       0

ලක්ෂ්මන් Saturday, 25 October 2014 03:37 AM

බුදුදහම / සිංහල ජාතිය පවත්වා ගැනීමට අවශ්‍ය පරිසරය රැකගේනීමට අපි ගලගොඩ හාමුදුරුවෝ සමග එකතුවෙමු (අ).

:       0       0

කසුන් Tuesday, 21 October 2014 06:23 PM

හාමුදුරුවනේ, අපි ඔබ සමඟයි (නි)

:       0       0

ඉෂාර Monday, 20 October 2014 07:45 AM

උඩුගම් බලා යන ගමනේදී ඔය වගේ දේවල් අැති වුණාට ඕවා ගණන් ගත යුතු දේවල් නෙමෙයි.(හේ)

:       0       0

නිශාන්ත Sunday, 26 October 2014 09:32 PM

අද කාලේ අපේ හාමුදුරුවරුන්ට ශීලය රැකුම පැත්තක තියලා රට ,ජාතිය ,ආගම රැකගන්න වැඩ කළයුතු කාලය එළඹ ඇති නිසා මේ කරන කටයුතු අපි හැමෝම අගය කළයුතුයි.එදත් අපේ රට රැකගත්තේ හාමුදුරුවරු මිස වෙන කව්ද? ඒ නිසා රට, ජාතියට, ආගමට කැමති හැමෝම ජාතික වැඩපිළිවෙලකට මිස රට ,ජාතිය විනාශ කරන පාට ,පක්ෂ වටා ගොනුවෙනවාට වැඩිය ජාතික පුනරුදයකට අවශ්‍ය වැඩපිළිවෙලක් වෙනුවෙන් ගොනුවියයුතු කාලය එළඹ ඇත. අපේ ජාතික ව්‍යාපාරයට ජයවේවා! 'ඇස්ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ' (නි)

:       0       0

නීල් Friday, 24 October 2014 07:50 AM

ඔබ නියම බෞද්ධයෙක් නම් මේ හාමුදුරුවෝ සමග එක් විය යුතුය (නදී)

:       0       0

සොමදාස Monday, 20 October 2014 02:18 PM

හාමුදුරුවො වැරදි කියල ලොකු කතා කියන අය ලංකාවෙ තත්ත්වය ගැන මීට වඩා හොයල බලන්න.සිංහලබෞද්ධ අපිටනම් හාමුදුරුවෝ වීරයෙක්. (අ)

:       0       0

ගුරුගේ අජිත්ප්‍රියන්ත Monday, 20 October 2014 02:21 PM

පාලකයෝ රට පාවා දෙනවිට , හාමුදුරුවෝ ඒ ගැන කතා කරන්නේ නැති නම්, වෙන කවුද ඒ වෙනුවෙන් කතා කරන්න ඉන්නේ , බෞද්ධයෙක් කියල, රට ජාතිය විනාශ වෙන විට නිහඩව ඉන්න පුළුවන් කමක් නැහැ , ආත්මාර්ථකාමී වෙන්න එපා . අපේ දරුවන්ට ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න ඕන . ඉන් පස්සේ තමයි ආගමක් ගැන හිතන්න වෙන්නේ . ලංකාවේ බුදුදහම පවතින්න නම් සිංහල ජාතිය රකින්න ඕනේ . ඒ වෙනුවෙන් කතා කරන එක වරදක් විදිහට දකින්නේ හරි ජාතකයක් නැති අය තමයි ..(අ)

:       0       0

ලුම්බිණි Monday, 20 October 2014 08:16 AM

අදද පැමිණිල්ල ගොනු කරන්නේ? (හේ)

:       0       0

පෙරේරා Monday, 20 October 2014 08:22 AM

මේවා නාට්‍ය රඟදැක්වීම් වගේ. නඩුවට වෙන දෙයත් දැන්ම හිතාගන්න පුළුවන්.(හේ)

:       0       0

බ්‍රාවෝ Tuesday, 21 October 2014 04:14 AM

මම කියන්නෙත් හාමුදුරුවෝ ජාතික වීරයෙක්. වීරයෙක්ට අභියෝග කළවිට කවුරු වුණත් ජනප්‍රිය වෙනවා නේද? ඔබ වහන්සේට බුදු සරණ වේවා! (නි)

:       0       0

කුමාරි මාකාවිට Monday, 20 October 2014 08:40 AM

මෙම හිමි නම නිසා බෞද්ධාගමට ලොකු නිගාවක් වනවා නේද? අපේ පිරිසිදු නිර්මල බෞද්ධාගමට හානියක් වන්නේ (නදී)

:       0       0

දේවින්ද Monday, 20 October 2014 08:52 AM

අපි ඔබ සමඟයි.(හේ)

:       0       0

ගයාන් Monday, 20 October 2014 08:53 AM

කුමාරි,ගොඩක් අය හිතන්නෙත් ඔයා හිතන විදියට තමයි. මේ හිමිනම බුදු දහම ‍රැක ගන්න කරන දේවල් ඔයාල වගේ අය දන්නෙ නෑ. නිකම් පෝස්ට් එකක් දැම්ම පලියට ප්‍රතිචාර දාන්න යන්න එපා. බුදු දහම ටිකටික නැතිවෙලා යනකොට ඔයාල වගේ ප්‍රතිචාර දාන අයට පසු තැවෙන්න ගොඩක් දේවල් තියේවි. (නදී)

:       0       0

මොහොමඩ් Monday, 20 October 2014 08:54 AM

චන්ඩිකමෙන් කිසිවක් කරන්න බැහැ (නදී)

:       0       0

අෂාන්ත Wednesday, 22 October 2014 06:17 PM

ඔය කියන වීරයින් කොහෙද හිටියේ ත්‍රස්තවාදී කාලෙදි? (නි)

:       0       0

සම්පත්- ඩුබායි Monday, 20 October 2014 08:56 AM

ඔහොම කරන්න ගියොත් අවනම්බුව බෞද්ධා ගමටම නේද? පොඩ්ඩක් කල්පනා කරන්න. (නදී)

:       0       0

ලසන්ත Monday, 20 October 2014 03:38 PM

අපේ මිනිස්සුන් රවට්ටන්න ලේසි තේරුම් කරන්න අපහසුයි.(හේ)

:       0       0

ශාන් Thursday, 23 October 2014 07:15 AM

අපේ මිනිස්සුන් රවට්ටන්න හරි ලේසියි තේරුම් කරන්න ඉතා අපහසුයි. (හේ)

:       0       0

වසන්ත Monday, 20 October 2014 09:00 AM

අපේ ගලබොඩ හාමුදුරුවන්ව ජනාදිපති කරමු. (නදී)

:       0       0

කරුණාපාල Monday, 20 October 2014 09:00 AM

මේ හිමියන් වදාළ බණක් වරදවා වටහා ගන්න ඇති මගේ හිතේ. අනේ අපිට නම් ඉතින් අපේ හාමුදුරුවන්ගේ බන ටික ඇහෙද්දී කන ඇතුලේ මියක් බැන්ද වගෙයි. එතරම්ම මිහිරියි. (නදී)

:       0       0

නීලන් Monday, 20 October 2014 04:14 PM

බොදු බල සේනාව යන විදිහට නැතුව සීලෙ රැකගෙන මේ ගමන යන්න බෑ.මේ විදිහට යනකොට බාධක එනව.ඒව මැඩගෙන ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබෙනව අපි ඔක්කොම එක අරමුණක හිටියනම්. සර්වාගමික,සහජීවනකාරයොත් දැන්ම ඔලුගෙඩි හදාගනිල්ලා ජාතිය ආගම රැකගන්න. නැතුව වෙනඑවුන් එන්නෙ නෑ අපේ ජාතිය ආගම සුරකින්න. එයාල කරන්නෙ අපේ ජාතිය වඳ කරන එකයි.සිංහලයො තමා තමන්ගෙ ජාතියටම කෙනෙහිලිකම් කරන්නෙ එහෙම අය බොහොම සුළු පිරිසක් ඉන්නෙ එයාල තමා කලු සුද්දො. (අ)

:       0       0

උපුල් Monday, 20 October 2014 09:10 AM

කුමාරි, වටරැක හිමි නිසා සාසනයට හානියක් වෙන්නැද්ද ? අපි හැමෝම මේ හිමියන් සමග එකතු වෙමු. (නදී)

:       0       0

උපාලි Monday, 20 October 2014 09:15 AM

ඇත්ත තිත්තයි. නමුත් ඇස් ඇරගෙන ඉන්න බෞද්ධයන්ට පේනවා ඇති මොකද්ද වෙන්න යන්නේ කියල. බොදු බල සේනාව හේතුවක් ඇතුවයි මේ විදිහට ඉදිරියට යන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1675 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 272 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4589 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 479 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 636 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2209 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site