IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බුදුරුව සහිත ඒප්‍රන්/අත්මේස් පෙට්ටි 900ක් රේගු දැලේ

බුදුරුව මුද්‍රණය කළ ඒප්‍රන් සහ අත්වැසුම් පෙට්ටි 4ක් රේගු භාරයට ගත් බව කොළඹ වරාය කියයි.

මෙම භාණ්ඩ ශාන්ත ජෝන් ආර්ක් නැවෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ඔස්සේ ස්ලෝවේනියාවට යැවීමට සැලසුම් කර තිබී ඇත.

අන්තර්ජාතික රේගු නීතිය අනුව ආගමකට අපහාස වන භාණ්ඩ වෙළඳාම් කිරීම තහනම් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව පවසයි.

මීට වසර දෙකකට පෙර දකුණු අතේ බුද්ධ රූපය පච්චයක් ලෙස කොටා සිටි විදේශික  හෙදියක් පිටුවහල් කිරීමට රජය පියවර ගත්තේය.

2004දී බුද්ධ රුව සහිත කාන්තා යට ඇඳුම් ඉවත් කරගන්නා ලෙස රජය වික්ටෝරියාස් සීක්‍රට් ආයතනයට දැනුම් දුන්නේය.

webGLA_9961

 



අදහස් (0)

බුදුරුව සහිත ඒප්‍රන්/අත්මේස් පෙට්ටි 900ක් රේගු දැලේ

මිනිපෙ Thursday, 22 December 2016 04:06 PM

බුදුන්වහන්සේ අයිති ඉන්දියාවට. බුදුදහම පටන්ගත්තේ ඉන්දියාවෙන්. අපි අයිතිකාරයෝ වගේ සිතන්න නරකයි. බුදු දහම ඉතාම බලවත් දේශනයක් හා දර්ශනයක්. එය මෙලොවින් තුරන් කිරීමට කාටවත් බැහැ (නි)

:       0       0

සිරිමාලි Friday, 23 December 2016 09:05 AM

දර්ශන කියන්නේ ඇත්ත .. දිල්ලි ගුවන්තොටුපලේ ඇති බුදු සිරස සංචාරකයන් ෆොටෝ ගන්න ස්ථානයක් වෙලා. හරිම කණගාටුයි . (ම)

:       0       0

මොහාන් Thursday, 22 December 2016 04:39 PM

අපේ අය මේවට මොනවාද දන්නේ නැහැ කියන්නේ? (නි)

:       0       0

ලංකාසිරි Thursday, 22 December 2016 05:36 PM

බුදුන්ගේ රුවට නිගාකරන්නවුන් අවීචියේ ලගින්න වෙන බව දන්නවා නම් කවුරුත් ඕවා කරන්න යන්නේ නැහැ. මෙවන් අයට දඬුවම් පැමිණුවත් නැතත් ඔවුන් ස්වාභාව දහමෙන් උදහසට ලක්වීම වළක්වන්න කිසිවෙකුටත් බැහැ. අපායේ පැසීම අනිවාර්යයි. (නි)

:       0       0

දර්ශන Thursday, 22 December 2016 06:21 PM

ඉන්දියාවේ දිල්ලි ගුවන් තොටුපළේ පර්යන්තය මැද විශාල බුදු සිරසක් (අඩි 15 පමණ) බිම සවිකර තියෙනවා. මගීන් එම පිළිමය මත දැවටෙමින් ෆොටෝ ගනිමින් විශාල අවමානයක් කරනවා. මෙය අඩුතරමින් දඹදිව යන අයගේ අවධානයටවත් ලක්වෙන්නේ නැද්ද? (නි)

:       0       0

අරුණ Thursday, 22 December 2016 06:42 PM

මේ විදිහට තව කොච්චර රට රටවල සංසරණය වෙනවා ඇද්ද? (නි)

:       0       0

ගුණසිරි Thursday, 22 December 2016 06:42 PM

සමස්ත ලෝකයටම බලපවත්වන පොදු ආඥාවක් නිකුත් කරන්න හැකිනම් බුදුරුව ඇතුළු සියලු ආගමික සංඥා වෙළෙද කටයුතු සදහා භාවිතා කරන්න එපා කියලා එය තහනම් වේවි. මේවා පුංචි අපිට නවත්වන්න බැහැනේ. ආණ්ඩු ඕවා කරන්න ඕනෑ. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 22 December 2016 06:50 PM

උතුම් ආගමික ශාස්තෘවරුන්ට නිගරුවන වෙළඳ භාණ්ඩ අල්ලාගත් රේගු නිලධාරීන්ට අපේ ආචාරය! වෙන අය හරහා මේවා යළිත් වෙළඳපොළට යාමට පෙර විනාශ කළයුතුය. එය බුද්ධ රූපයට කරන අවමානයක් ලෙස නොසිතන්න. (නි)

:       0       0

උපුල් Thursday, 22 December 2016 08:02 PM

බුදුරුව සහිත දේවල් අත්අඩංගුවට ගත්තාට ඉතා දක්ෂ ලෙස පගාවට සමහරු හොර බඩු විතරක් නොවෙයි මත්ද්‍රව්‍ය පවා රට තුළට ගෙන්වන්න උදව් කරනවා. ලංකාවේ මිනිසුන්ගේ තියෙන දෙබිඩි කුහකකම් මතුකර පෙන්නා නොදී රට ඉස්සරහට ගෙනියන්න බැරි බව දන්නා නිසයි මම මෙහෙම ලිවුවේ (නි)

:       0       0

ජනහිත Thursday, 22 December 2016 10:20 PM

මානසික අබාධිතයන්ට ආගම කියන එකේ වටිනාකම තේරෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ලුම්බිණි Friday, 23 December 2016 01:29 AM

මෙම භාණ්ඩ ලංකාවේ හදපුවා නොවෙයි. ගෙන්වන්නෙත් ලංකාවට නොවෙයි. වෙන කොහෙවත් යන ඒවා. (නි)

:       0       0

අමිල Thursday, 22 December 2016 12:06 PM

ඔයාට ගොඩක් ගොඩක් පින් (බ)

:       0       0

මැටිපහන Thursday, 22 December 2016 12:23 PM

බුදු රුව යට ඇඳුම් වලට පාවිච්චි කළාම ආගමක් කොතරම් හෑල්ලු වෙනවද? බටහිර රටවල් බුදුන් හා බුද්ධාගම දකින්නේ සිත නිවීම හා සමාදානය වැනි දේවල් වලට සම්බන්දවයි. බොහෝ කිතුනුවනුත්, සමහර මුස්ලිම් අයත්, බොහෝ හින්දු අයත් බුදු පිළිම ගෙවල් වල, ගෙවත්තේ තබා ගන්නවා. බුදු පිළිමේ පච්චයක් හැටියට ගහ ගන්නෙත් ඒකට තියෙන ගරු කිරීමක් ලෙසටයි. (බ)

:       0       0

නිශ්ශංක Friday, 23 December 2016 04:53 AM

බුද්ධ කාලෙත් දේවදත්තලා, චිංචි මානවිකාවෝ හිටියා... ඒත් ලෝකේ ශ්‍රේෂ්ඨ දහම නිරුපද්‍රිතයි.. මේ දේවල් වලින් බුදු දහමට කරන්න පුළුවන් හානියක් නෑ... බුද්ධිමත් මිනිහ තේරුම් ගන්නවා මේ වගේ පහත් මානසික විකෘතිතා ඇති දේවල් කරන්නේ, පිස්සෝ කියලා.(බ)

:       0       0

ලක්සිරි Thursday, 22 December 2016 12:28 PM

අපේ රට ජාතිය වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් මිල නොකළ හැකි සේවාවක් අපේ රටේ රේගු නිලධාරීන් කරන්නේ... කතිරේ ගහල යවන අයගෙන්වත් මෙවැනි සේවවක් වෙන්නේ නෑ... පේනව නේ රක්ෂිත වනය කපාගෙන යනව.. එයාල දන්නේ නෑ කියනව නේ..(බ)

:       0       0

යොහාන් Thursday, 22 December 2016 02:26 PM

රේගු නිලධාරීන්ට අපේ හදපිරි ප්‍රණාමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1716 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 795 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1020 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 616 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site