මහමෙවුනාව භාවනා අසපුව බදුල්ලේදී ඉන්දියා සම්භවයක් ඇති ශ්‍රී ලාංකික දෙමළ ජනයාට බුද්ධ ධර්මය පිලිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණෙන් සදහම් වැඩ සටහනක් පැවැත්වීය.
මේ සඳහා ලොකු කුඩා බොහෝ පිරිසක් සහභාගී වුහ.මෙහිදී දෙමළ භාෂාවෙන් ධර්මදේශනා පැවැත්විණි.
දෙමළ බසින් ධර්ම සාකච්ඡා ද පැවැත්විණි.සරල භාවනා විධි සහ ඒ මඟින් ජිවිතයට ලබාගතහැකි ඵල ප්‍රයෝජන පිළිබඳවද පැහැදිලි කරද්දී සහභාගිවූ සියලුම දෙනාට ශ්‍රී සද්ධර්මය පිලිබඳ තොරතුරු ඇතුළත් දෙමල භාෂාවෙන් රචිත සදහම් පොත්ද බෙදාදෙනු ලැබිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමා අපේ රටේ වෙන්න ඕනි ලොකුම දේ (අ)
බුදුරඡාණන් වහන්සේගේ ධර්මය ලොව පැතිරේවා! මෙවැනි කටයුතු දිගටම කරන්න ධෛර්යය ලැබේවා! (නි)
වටිනා දෙයක් (නි)
මෙම උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා! (නි)
ගොඩාක් පිං වැඩක් මහමෙවුනාවට මම ගොඩක් ගරු කරනවා නිහඩව ඉතා විශාල මෙහෙවරක් කරන තැනක්. මේදේ තමා අද වෙන්න ඕනා. කෑ ගහලා රන්ඩු කරගෙන ධර්මය මිනිසුන් අතරට ගෙනියන්න බෑ ලොකුස්වාමීන් වහන්සේට මෙවැනි කටයුතු දිගටම කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය. මෙවැනි දේ ප්‍රචාරය කරන ලංකාදීපයටත් බොහොම පිං. (නදී)
හරිම සතුටුයි ඒ වගේම හොද වැඩක් (අ)
මෙන්න මෙහෙමයි වෙනත් දහමක් කියා දියයුත්තේ.ඉතාම හොඳ දෙයක්.සාදු!..සාදු!..සාදු! (නි)
සියලු සිත් දම් සිසිලෙන් සැනසේවා. (අ)
ජාති කුල මල බේදයක් නැතුව සැම කෙනෙකුටම අවබෝධ කළ හැකි පොදු ධර්මතාවයක් තමයි බුදුදහම කියන්නේ. (අ)
මොන තරම් සිත්ගන්න සුළු දර්ශනයක්ද.ලෝක සත්ත්වයාගේ සිත සුව පිණිස දෙසු ධර්මය මේ ලෝකයේ සිටින්නවූ සෑම සත්වයෙකුගේම රාග , ද්වේශ , මෝහ නැමෙති ඝන අන්ධකාරයෙන් මිදී ,එකිනෙකා කෙරෙහි කරුණාව , දයාව, මෙට්‍රියෙන් යුතුව ජිවත් වීමට ත්‍රිවිධ රත්නයේ ශක්තිය ලැබේවා. (අ)
මොන තරම් ලස්සන සිත් ගන්නාසුළුද මේ දර්ශනය . පොඩි දරුවෝ පවා භාවනා කරන හැටි දැක්කම මටත් අමුතු උද්ධීපනයක් ඇති වුණ .නිදුක් වෙත්වා!,නීරූගී වෙත්වා! ,සුවපත් වෙත්වා !,දුකෙන්මිදෙත්වා !ඊර්ෂියා නෙත්තෝ වෙත්වා ! වෛර නැත්තෝ වෙත්වා !ශාන්ත භාවයට පත්වෙත්වා ! (අ)
හොඳ දෙයක් (අ)
ඔබ වහන්සේලාට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ මෙයයි අපේ රටට ඔබින දේ ජාතින් වර්ග නෑහෑ අපේ ධර්මයට මිනිසත් කමයි අවශ්‍ය (අ)
මහමෙව්නාව කියන්නෙ නිර්මල බුදු දහම රැකගන්න හොද උත්සාහයක් දරන තැනක්. කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්වහන්සේ කරන්නෙ ලොකු මෙහෙවරක් තෙරුවන් සරණයි! (නදී)
පගාව නොදී, තාන්නමාන්න නොදී , බලකිරීම් නැතුව දේශනා කළ හැකි එකම දර්ශනය බුදු දහමයි (නි)
ඔවුන් දහම් දෙසුමට උවමනාවෙන් සිත් යොමා සිටින බව පෙනෙනවා (නි)
මහමෙව්නාවක් යාපනයටත් ලබාදෙන්න (නි)
හොඳ වැඩක්. මෙම වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි. (දිල්)
සාදු ...සාදු ...සාදු....එක ජාතියකට සීමා නොවන අමා දහම, අද දවසේ කතා කරන ප්‍රධාන තැන මහමෙව්නාව.(දිල්)
සාදු සාදු (දිල්)
හොඳ වැඩක් (දිල්)
හරිම සතුටුයි සියළු දෙනාටම බුදුසරණයි, සියලු දෙවි රැකවරනයි.(නදී)
හොඳ දෙයක්. මෙම වැඩසටහන අඛණ්ඩවම ඉදිරියට ගෙන යාමට සුභ පතමි. (නදී)
දැන් කිව්වොත් හින්දු භක්තිකයන් බුද්ධාගමට හරවන්න යනවා කියලා. එතකොට මොකක්ද අපි කියන්නේ. (නදී)
බොහොම හොද වැඩක් !!! සාදු!! සාදු !!!සාදු!!! (නදී)