බදුල්ලේ මනාප ලද්දෝ
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 9)
අනුර රවීන්ද්‍ර විදානගමගේ 59316
චාමර සම්පත් දසනායක 34337
සෙන්දිල් තොණ්ඩමන් 31858
සුදර්ශන දෙනිපිටිය 28187
ඒ එම් බුද්ධදාස 25193
වඩිවේල් සුරේෂ් 21967
හේමා රත්නායක 20536
එම් පී ලීලසේන 20282
ආර්මුගම් ගනේෂ මූර්ති 19262
ආරුමුගම් සිවලිංගම් 18695
සුමිත් සමයදාස 18579
මානෙල් රත්නායක 18439
එස් ඒ ආර් බන්දුසේන 18347
අජිත් දේශප්‍රිය වික්‍රමරත්න 17732
හික්කඩුව ලියනගේ අජිත් 1678
රවී ගුණවර්ධන 15537
ජේ එම් ගුණතිලක 15235
ඒ අරවින්ද කුමාර් 12721
නිමල් රත්නායක 10930
එස් රාජමානික්කම් 6333
ආනන්ද තිස්ස කුමාරද සිල්වා 5650
එක්සත් ජාතික පක්ෂය (ආසන 8)
හරීන් ප්‍රනාන්දු 173993
වේලායුදන් රුද්‍රදීපන් 30457
ජයන්ත කන්නන්ගර 28290
උපාලි සමරවීර 28229
රවීන්ද්‍ර සමරවීර 25580
සෙනරත් ජයසුරිය 24218
උපාලී සේනාරත්න 22272
රා.මු රත්නායක 20249
ප්‍රදීප් විජයවර්ධන 18302
සුගති අනුශල්‍ය 17657
එම් සචිත්තනාදන් 16808
එම් එම් නසීර් 15686
අමීර් මොහොමඩ් 15003
ආනන්ද කරුණානායක 14080
තුෂාර මිහිමල් මුණසිංහ 11642
විමල් විජේතුංග 11149
එම් පී ලෝගනාදන් 9690
පී භූමීනාදන් 5899
අජන්ත කඳුරුගමුව 5208
කපිල ආනන්ද රාජපක්ෂ 4129
විශ්වනාථ කුලතුංග 1728
ජනතා විමුක්ති පෙරමුණ(ආසන 01)
සමන්ත විද්‍යාරත්න 14161
සුදත් බලගල්ල 5639
දිනදාස රත්නායක 2537
වසන්ත සංජීව 2537
ඩබ්ලිව් එම් ගුණවර්ධන 1685
නන්දන හපුගොඩ 1636
නවරත්න බණ්ඩාර අලහකෝන් 1566
ප්‍රියන්ත වරුෂමාන 1363
රාම ලිංගම් චන්ද්‍රෙස්කර 1324
සංජීව වික්‍රමසිංහ 1280
පුංචිබණ්ඩා නිශ්ශංක 1138
රුවන් ප්‍රියලාල් විජේරත්න 1125
සිසිර කුමාර 988
චමිල් ලසන්ත 784
එස් එම් ගුණසේන 769
එම් නිලංග වීරසිංහ 730
කුමාර තිස්ස 724
කිට්නන් සෙල්වරාජ් 601
ප්‍රියන්ත දිසානායක 579
එම් ඉබ්බ්‍රාහීම් 392
බුද්ධික වඩුගේ 389

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල මහත්තයෝ පොල්පිත්තක් දාලත් 173,000 ක් ගන්න පුලුවන්නම් මොකද ලොකු මහත්තයාට 100,000 ක් වත් ගන්න බැරිවුනේ. එතුමා පොල්පිත්තක් තරම් වත් වටින්නේ නැද්ද ? (ස)
දයාසිරි මහත්තයා එදා පාරක් ගහන්න කලින් කිවුවා නේද පක්ෂෙන් ලොකු ලණුවක් දුන්න කියලා. එතකොට මම එ්ක විස්වාස කෙරුවේ නැහැ. එත් දැන් තමයි ඇත්ත තේරෙන්නේ. (නදී)
ඔයගොල්ලෝ මේ ප්‍රතිපල වලටත් ගහ බැණ ගන්නවා. ඒ ගොල්ලන් ඡන්දෙන් දිනලා මිනිස්සු ටික කුලප්පු කරලා කරට අතදාගෙන පාර්ටි වලට යනවා. (නදී)
මේකේ ප්‍රතිචාර දාන සමහරු හිතාගෙන ඉන්නේ ලෝකේ හැම දේම ස්ථිරය කියලා. මේ ආණ්ඩුවත් හැමදාම පවතින් නෑ. හරින් මහතා වගේ යු එන් පී දක්ෂයෝ එකතු වුනොත් වැඩි කාලයක් දුවන්න බෑ (නදී)
නියමයි හරින්, ඔබ හරිම වාසනාවන්තයෙක්. ඌව වැඩිම මනාප ලැබුනේ ඔබටයි. ඔබ ගත් මනාප ප්‍රමාණයෙන් බාගයක් විතර තමා සෂින්ද්‍ර ලබාගත්තේ. 2009 ට සාපේක්ෂව 20% ටත් වැඩිය ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලැබිලා තියෙනවා. ඒ වගේම 20% ටත් වැඩිය ඡන්ද එක්සත් නිදහස් සන්දානයෙන් ගිලිහිලා තියෙනවා. ඒ කියන්නේ ලබන ජනාධිපති වරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉහලින්ම ඌව දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරනවා. හරින්,ඔබට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. මගෙන් සුබ පැතුම්. (නදී)
අනුෂ්ක, විමුක්ති,අපිට ඕනෑ ප්‍රතිෂතය නෙමෙයි. මනාප ගණන විතරයි. එදා චන්ද්‍රිකාගේ වාර්තාව දයාසිරි කැඩුවේ මනප ගණනින්. (නි)
අනුෂ්ක සහ රොහාන්, මහ ඇමති වෙන්න බැරිනම් ප්‍රතිශතේ කන්නද? ඒකටද මන්ත්‍රී කම ඇත ඇරලා පළාත් සබාවට ආවේ. එ්කෙන් හරි දිනන්නයි ඕනා. නැතිව ගණන් උගන්නන්න නෙවේ. (නදී)
හරින් එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාස පොතට ඇතුලත් වෙනවා. (නදී)
හරීන් ලනුව බඩ පිරෙන්නම ගිල්ලා. මෙතන සමහරු මනාප ප්‍රතිශත ගැන කතා කියනවා. හරීන් ඔච්චර හොඳනම් මොකෝ යු.එන්.පී එක බදුල්ල දිනුවේ නැත්තේ. දයාසිරි නිසා කුරුණෑගල ඉහලින්ම දිනුවා කියා ජයවික්‍රම පෙරේරා ත් පිළිගත්තා. බන්දුල පෙරේරා මෙන්න මගෙනුත් පහක් ඔයාට (නදී)
අනිල් රෝහණ ගොන් කතා කියන්න එපා. මනාප ප්‍රතිශතය බලන්න කාගේද වැඩි කියලා. දයාසිරි වගේ බාල චේතනාවෙන් නෙවෙයි හරින් ඡන්දෙ ඉල්ලුවේ (නදී)
බන්දුල පෙරේරා මේවට කියන්න දෙයක් නැතුවට කියන කතා. පොල්පිතිවලට ඡන්දෙ දෙන්න තරම් මිනිස්සු මෝඩ නැහැ. මොනරාගල ජනතාව හිටපු මහා ඇමතිට දුන්නු ඡන්ද ප්‍රහිශතය බලන්න. පැහැදිලි පිළිතුර එතන තියෙනවා. බැසිල් රාජපක්ෂ , මර්වින් සිල්වා, පබා,රුවන් විජේවර්දන මහත්වරු සහ රතන හාමුදුරුවෝ ගම්පහින් ඉහලින්ම දිනුවේ ඔබ කියන ඔය පොල්පිති ප්‍රතිරුප නොවෙයි. මේ මන්ත්‍රීවරු ගම්පහ කවුරුවත් නොවෙයි. එම පක්ෂවල නියෝජිතයෝ. ඒවගේම රටේ ජනතාව පිළිගන්න අය. ඡන්ද දායකයෝ පොල්පිතිවලට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නැහැ. ඉදිරියේදී ඡන්ද දායකයින්ගේ තරම බලාගන්න පුළුවන් (නදී)
මෙතන ඉන්න කුහකයෝ කට්ටිට්යට හරින් ගේ මනාප ප්‍රමාණය දිරවා ගන්න බැහැ වගේ. නමුත් හැමෝම පිළිගන්නවා යු.එන්.පී ප්‍රබෝදයක් ඇතිවුනේ හරින් නිසා කියලා. ඔහු නායකත්ව මණ්ඩලයටත් සුදුසුයි (නදී)
බන්දුල පෙරේරා, පහක් දාන්න. (නදී)
හරීන් මහතාට ප්‍රණාමය. යූ.එන්.පී. ඉදිරිය කෙසේ ද ? යා යුතු මග කියා දී ඇත. එබැවින් එලෙස ගියොත් දිනුම අත ළඟයි. (ස)
හරින් මැතිතුමාට ඡන්දෙට කලින් පත්තරවලින් මඩ ගහපු අයට දැන් තේරෙනවා ඇති හරින් කව්ද, බදුල්ලේ ජනතාව කව්ද කියන එක. ජය වේවා හරින් මැතිතුමනි. (ස)
අම්මප රොහාන්ල පරාක්‍රමල රන්ජිත්ල චන්දනල කරුනාරත්නලා කියන විධියට මටත් හිතෙනවා මැතිවරණෙකට ස්වාධීනව ඉල්ලලා බලන්න..මගේ මනාපේ විතරක් තිබුනානම් මගේ චන්දෙ විතරක් තිබුනානම් ප්‍රතිශතය 100% යි..ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතය .. මාර ගණන් හැදිල්ල නේද? දුක හිතෙනවා මහත්තයල ගැන. (ස)
බන්දුල ඔය කියන්නේ තමුන්ගේ ඡන්දෙ විතරක් තියෙන තැනක ඉල්ලුවානම් කියලනේ 100% ක් ලබන්නේ කියලනේ. මම හිතන්නේ ඔයාගෙනම් ඒකත් ප්‍රතික්ෂේප වේවි,ඔය මොළේ හරියට කොලොප්පම් වෙලා ඌවෙ ප්‍රතිඵලේ දැකල. (ස)
පළවෙනි වෙඩි මුරේ තියනවා කියලා මහා ලොකුවට යුඑන්පි ජේවීපී හැමෝම කිවුවාට මොකක් උනාද දන්නේ නැහැ නේද..? අපේ අත්තා නං කියව්වේ ඔව්වා පුස් වෙඩි කියලයි. අනේ මන්දා. මේකට කොමෙන්ට් දාන අලියට පැලැස්තර දාන කට්ටියට කියන්ට තියෙන්නේ එක දෙයයි. ඡන්ද කොරන්ට කලින් මහජනයාට දැනෙන්ට හොඳ සටන් පාඨයක් හදා ගන්ට කියලා මහතැන් වලට කියන්ට කියන එකයි. (නදී)
හරීන් මැති තුමනි මගේ සුභ පැතුම් (නදී)
බලටය පැමිණි පසු නීතිය හරියට ක්‍රියාත්මක කරවන බවට ඥාති සංග්‍රහය නවත්වන බවට හා ලංකාවේ උරුමය මෙන්ම රටත් ජනතාවත් බේරාගත් ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ නිලදරුවන් ජ්‍යත්‍යන්තර අභියෝග හරහා රැකගන්නා බවටත් සහතික වන කවරකුට හෝ ඉදිරිය ඡන්දයේදී ජය නියතයි (ස)
ඌව පළාත් සභා මැතිවරණයේ වැඩිම මනාප ලාභියා වෙමින් බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් එජාප මන්ත‍්‍රී හරීන් ප්රනාන්දු මහතා මනාප 173,993ක් ලබා සිටී. අර රාළට මොකද උනේ?(ස)
බන්දුල පෙරේරා නානාප්‍රකාර නම් වලින්, එයාටම කඩේ යනවා. (නදී)
ඒක නම් ඇත්ත රත්නසිරි මහත්තයෝ. බන්දුල පෙරේරාට කඩේ යන එක්කෙනෙක් මෙතන බෙහෙතකටවත් හොයා ගන්න හම්බවෙන්නේ නැහැ. (නදී)
මෙතනත් ඉන්නවනේ බොලව් ලැට් පෝච්චි..බත් පිඟන්..මුට්ටි හට්ටි..වතුර නැතත් වතුර මෝටර් අරං කඩේ යන කොට්ඨාශයක්..අපේ ගෙදෙට්ටත් දීලා තිබ්බා ප්ලාස්ටික් පුටුවකුයි..අම්මට නිල් සාරියකුයි. (නදී)
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පක්ෂයේ ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව ලැබූ වැඩිම මනාප ප්‍රතිශතය මෙවර ඌව පළාත් සභාව වෙනුවෙන් තරඟ කළ එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂක හරීන් ප්රනාන්දු මහතා වාර්ථා කර ඇත. ඒ අනුව හරීන් ප්රනාන්දු මහතා 63.32% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. මීට පෙර ඒ.ජ.නි.ස. යේ වයඹ පළාත් මහා ඇමති අපේක්ෂයකයා වූ දයාසිරි ජයසේකර මෙම වැඩිම මනාප ප්‍රතිශතයට හිමිකම් කී අතර ඔහු ලබාගෙන තිබුනේ 62.22%ක ප්‍රතිශතයක් පමණි. (නදී)
එ.ජා.පෙ. කවදාවත් ගොඩ එන්නේ නැහැ නුසුදුස්සන්ව තුරුළු කරගෙන ඉන්නකම්. දැන්වත් රනිල් මහත්තයා හරින් වැනි පතාකයන්ව ලන්කරගන්න ඕනේ පක්ෂේ ඉදිරියට ඇදගෙන යන්න නම්. (නදී)
ලිස්ට් එකෙන්ම පේනවා ලංකාවේ ඉන්න තරම් ඉන්නේ බල තණ්හා කාරයෝ කියලා. ඡන්දෙ දෙන අයට වඩා ඉන්නේ ඉල්ලන අය (නදී)
හරින් මැතිතුමනි, ඔබට රටට ,අපිට,පක්ෂයට කළහැකි සේවය අනන්තයි. ඔබ තුමාට සුබ පතමි. තව හොඳට මිනිසුන් අතරට යන්ඩ, ජය ඇත ළඟ. (නදී)
දුකයි හරින් ඔයා ගැන. මොකද දයාසිරි මහඇමති තුමාගේ බාගයක්වත් මනාප අරගෙන නැහැ නේද? (නදී)
ඔන්න අපේ පැරදුන මහා ඇමතිතුමෝ ගම්පහට යන්න කලින් පැරදුන හෙවනැලි වලාකුළු අමාරු උනත් අයින් කරන්න උත්සාහ ගන්න ඕන කාලේ ඇවිත්. (නදී)
ඊලග මැතිවරණය මීට වඩා වෙනසක් බලපොරොත්තු වෙනවා (නදී)
හරීන් මැති තුමනි ඔයාට බුදුසරණයි (නදී)
සුභ පැතුම්! දයාසිරිට වඩා හරින් ගේ ප්‍රතිශතය වැඩි බව ඕනෑම ගොනෙකුට තේරෙනවා. (නදී)
මගේ සුභ පැතුම් (නදී)
හොඳ ප්‍රථිපල (නදී)
අනිල්, ඔබ වැනි ගණන් බැරි පුද්ගලයන් සිටිනා තුරු මේ රට මේ විදියටම තියේවි. හදලා බලන්න ඡන්ද ප්‍රමාණය සමඟ ලබා ගත් ප්‍රතිශතය.(නදී)
හරින්ට මගේ ප්‍රණාමය (නදී)
හරීන් ඔබට සුභ පතමි. ඔබ අවංක චේකනාවෙන් දේශපාලනයේ යෙදුනොත් ලංකාවේ ඉහළම තැනකට ඔබට එන්න පුලුවන් බව මා සිතමි (නදී)
ජයවේවා! යු.එන්.පී එකට තෙරුවන් සරණින්, දෙවි රැකවරනින් ඉදිරියටම යන්න ජය ඇත ළඟම (නදී)
අනිල් ඔයාට මොලේ නැහැ කියලා ලෝකෙට පෙන්නන්න එපා. මොකද ඔයා වගේ කට්ටියක් එකතු උනාම පාරේ දෙපැත්තේ හරකුන්ට කන්න තනකොලත් නැති වෙනවා (නදී)
මම නම් හිතන්නේ මහා ඇමති අපේක්ෂකයා කරලා හරින් නෙමෙයි පොල්පිත්තක් දැම්මත් ඔය යු අැන් පි මනාප ටික ඔහොම්මම ලැබෙනවා..වෙන ඉතින් කාට දෙන්නද? (නදී)
හරින් මැතිතුමා, ඇතුළු සැමට අපගේ සුබ පැතුම් (නදී)
බන්දුල පෙරේරා නියම කතාවක් කිවුවා. අපිත් හිතුවේ දඟලපු තරමට බදු පිට බදු ගනියි කියලයි. හරින්ගේ වීඩියෝ එකේ හිටපු මිනිස්සුන්ගේ ගාණ ලැබිච්ච ඡන්දවලට වඩා වැඩියි මම හිතන්නේ. (නදී)
අම්මප රොහාන්ල පරාක්‍රමල කියන විදියට මටත් හිතෙනවා මැතිවරනෙකට ස්වාධීනව ඉල්ලලා බලන්න..මගේ මනාපේ විතරක් තිබුනානම් මගේ ඡන්දෙ විතරක් තිබුනානම් ප්‍රතිශතය 100% යි..ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතය.. මාර ගණන් හැදිල්ල නේද? දුක හිතෙනවා මහත්තයල ගැන.(අ)
මොකක් හරි කියලා හිත හදා ගන්න. ඊ ලඟ ඡන්ද ප්‍රතිපලත් ඔය ටිකමයි. මහින්ද ජනමත විචාරණයක් තිබ්බොත් හරින්ට දෙවි පිහිටයි. තව අවරුදු හයකට එයා එළියේ. අනේ හරින් නොදුටු මොක් පුර. (නදී)
විමුක්ති ඔයාට විතරද මොලේ තියෙන්නේ. ඔයාට මොලේ තියනවා නම් මේ ආණ්ඩුව පරද්දලා පෙන්නන්න. ඔයාට පුළුවන් මේකේ ප්‍රතිචාර දාන්න විතරයි (නදී)
රෝහන්ට හා විමුක්තිට මගේ ප්‍රණාමය! හරීන් මැතිතුමාට හා පක්ෂයට ඡන්දය දුන් සැමට තෙරුවන් සරණයි (නදී)