(නිමන්ති රණසිංහ )
සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් බන්ධනාගාරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් මේ වන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව, උද්ඝෝෂණයේ යෙදුණු රැඳවියන් වැලිකඩ බන්ධනාගාරයට කරන ලද අලාභහානි සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව මගින් තක්සේරු වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
අදාල තක්සේරු වාර්තාව කැඳවීමෙන් පසු පොලිසිය සමඟ ඒකාබද්ධව එම රැඳවියන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට පියවර ගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලය මත නැගී උපවාසයක නිරත වූහ.
බන්ධනාගාර වහලය මත රැඳී සිටිමින් උපවාසයේ යෙදුන රැඳවියන් අට දෙනක්ඊයේ 27 රාත්‍රී එම වහලයෙන් බැස්සීමටද බන්ධනාගාර තීරණය කර තිබිණ.
වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රැඳී සිටි සිරකරුවන් 10 දෙනෙකු බන්ධනාගාරයේ වහලයක් මත නැගී විරෝධතාවයක් ආරම්භ කළේ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමිනි.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බන්ධනාගාරයට වූ හානිය ගැන විමර්ශනයක්
Raveendra Thursday, 28 October 2021 02:45 PM
අපගේ මෙම අදහස් මිට පෙර කීපවතාවක්ම සදහන් කර ඇති නමුත් නැවතත් සදහන් කරන්නෙමු. අපගේ ගෙදර වහලටවත් අපට ඉතා ඉක්මනින් නැගීමට නොහැකිමුත් බන්ධනාගාරයක වැනි ස්ථානයක වහලට නැගීම කෙසේ වෙතත් වහලට නැගීමට තිබෙන ස්ථානවලට රැදවියන්ට ලගාවිමටවත් නොහැකි වෙන ලෙස ඒ ඒ ස්ථාන අරක්ෂකලයුතු නොවේද ? මේ සදහා ස්ථිර වශයෙන්ම ඇතුලතින් නිලධාරීන්ගේ උදව්වෙන් සිරකරුවන් වහලට නගින්න ඇතැයි අප තරයේ විස්වාස කරන්නෙමු. එය තේරුම් ගැනුමට මහා ලොකු ඥානයක් අවශ්‍ය නොවන බවවත් නොදත් මහජන මුදලින් සියලු සැපසමත් සහිතව ඉහල වැටුප් ලබන ඉහල නිලධාරින් යයි කියන මී හරකුන්ට නොතේරීම අවාසනාවකි.
Shantha - Qatar Thursday, 28 October 2021 04:07 PM
ඔබතුමාගේ අදහසට මමත් එක පයින්... මේ දවස්වල වැස්සට අපේ වහලේ තෙමෙනවා කියලා නෝනාගේ කරදරේ... වහලට නගින්න කවුරුත් නැහැ කියනවා. නගින්න තැනක් නැහැ කියනවා. ඒ අපේ ගෙදර වහලේ... ඉතින් බන්ධනාගාරයක වහලයට නගින්න මොනතරම් උදව්පදව් ඕනෙද කියන එකයි ගැටළුව...
RaveendraThursday, 28 October 2021 05:27 PM
Shantha - Qatar මයා වෙත. ඇත්තෙන්ම මෙය විහිළුවක් නොවේ.. බන්ධනාගාරය වැනි ස්ථානයක වහලට නැගීමට නොව එසේ නැගීමට හැකි ස්ථානවලට ලඟාවීමටවත් නොහැකි ලෙස මුරකාවල් හෝ වෙනත් ක්‍රමවේදයන් භාවිතා කරනවා නොවේද..? කාරුණිකව අපගේ මෙම අදහස් දෙසත් මධ්‍යස්ථව ඔබවිසින් සිතනු ඇතැයි අප තරයේ විශ්වාස කරන්නෙමු. එනම් අපට "ඔබතුමා යන වැදගත්, උතුම්, ගෞරවාන්විත වචනයෙන්" ආමන්ත්‍රණය කිරීමෙන් වළකින ලෙස ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු. මක්නිසාදයත් අප එම උතුම් වචනයට "සුදුස්සන් නොවන" බැවිනි.