IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බිනර පෝදා බණ

Dhamma-gavesi-thero-copy

‘සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනාවක් පසුකර අද අප ඇවිත් තිබෙන්නේ තවත් සම්බුද්ධ ශාසනයක් පවතින කාලයකටයි. බුද්ධෝද්පාද කාලයකටයි. පෙර සම්බුද්ධ ශාසනවල ඉපදී සිටියානම් අද ධර්මය තේරුම් ගැනීමට අපහසුවක් නැත. එයට හුරුවක් පුරුද්දක් ඇත. නමුත් ඒ කාලයේ නිවන් අවබෝධකර ගැනීමට බැරිවීම නොහැකිවීම මෙයට හේතුවක් තිබෙන්නට ඇති බව දැන් ඔබට සිතෙනවා ඇත. මනුෂ්‍යයකු ලෙස ඒ කාලවල ඉපදුණේ නැතිනම් කුමන හෝ තැනක ඉපදී ඇති බව බෞද්ධයකු ලෙස දන්නා කරුණකි. නැවත අප ඉපදී ඇත්තේ බුද්ධෝපාද කාලයකයි. මේ අවස්ථාවද අතහරිනවාද ඊළඟ සැරයේ නිවන් දකිනවාද ලබන ආත්මය බුද්ධියක් මොළයක් තිබෙන අංගවිකල නොවූ මනුෂ්‍ය උපතක් ලැබේ කියා ඔබ දන්නවාද? ඒ උපදින භවයේ බුදු දහම තිබේද, බුදුවරයෙක් උපදීද ඔබ දන්නවාද? අතීතයේ බෞද්ධ ඉතිහාසයේ කල්ප 61 ට පසුව බුදු කෙනෙක් ඉපදී ඇති බව සඳහන් වී ඇත. ඒ කාලවල ජීවත්වන මනුෂ්‍යයින් පව පින අඳුනාගනීවිද අම්මා තාත්තා අඳුනාගනීවිද බුද්ධෝත්පාද කාලයක ජාතක කළ පියා තම දුව තමන්ගේම ලේ බව හඳුනාගන්නේ නැතිනම් ලේ කිරි කර පෙවූ ඒ ලේ කිරි කිරීමට වෙහෙස මහන්සි වූ දෙමාපියන් අඳුරන්නේ නැති දරුවන් සිටීනම් ධර්මයක් නැති කලක කෙසේ වෙයිද? දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලැබූ අප එසේනම් කුමක් කළ යුතුද?

            බෞද්ධයාගේ අරමුණ විය යුත්තේ සංසාර ගමන අවසන්කර ගැනීම හෙවත් නිවන් අවබෝධකර ගැනීම සඳහා මාර්ගය සකසා ගැනීමයි. නිවන් ප්‍රාර්ථනා කරන බෞද්ධයා සිටින්නේ හිතන්නේ අනුගමනය කරන්නේ බුදු දහමට අනුකූලවද ? බුදු රජාණන්වහන්සේ දේශනා කළේ සියලුම ක්‍රියාවන් අනිත්‍ය බවත් වූ ක්‍රියාවට ඇලීම, ගැලීම දුක් බවත් ඇති වෙමින් නැති වෙමින් පවතින නිසා අනාත්ම බවයි. මෙම දුකට හේතුව ඉපදීමනම් ඉපදීමට හේතුව ඇලීම, බැඳීම, කැමැත්ත, ආසාව, තණ්හාව වේ. කුමක් සඳහාද මේ ආශාව? හේතුවක් නිසා ඵලයක් හටගත් ඇස, කණ, නාසය, දිව, ශරීරය මොළයක් ඇති කයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි දීමට නොවේද?

          මේ සත්ත්වයා ඉපදුණුදා පටන් මේ ඉන්ද්‍රියන් හයෙන් සිදුකරන්නේ කැමති දේට ආශා කිරීමටත්, අකමැතිදේට තරහා දැක්වීමත් නොවේද ? කැමති දේ යනු, ආශාවය අන්තයටම ගියොත් එය තණ්හාව වේ. අකමැති දේ තරහ බවට පෙරළී එය අන්තයටම ගියොත් වෛරය වේ. අපි වෛරය කරන්නේ ආශා කරන්නේ කුමකටද? කවදා හරි ලෙඩවෙලා මහළුවෙලා මියගොස් කුණුවී පනුවො ගසා පොළවට පස් වෙන කයෙහි ඇති ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස සතුටු කරන්න නේද? බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබන්න නම් මේ ලෝකය ගැන දැනගත යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දැන ගත්තා. ඒකයි ලෝකවිදූ ගුණය ඇති වුණේ. එහි උන්වහන්සේ දේශනා කරනවා ලෝකය කියන්නේ කොටස් දෙකයි කියලා. ඒවානම් පණ ඇති හා පණ නැති වශයෙන්ය. පණ ඇති කීවේ සත්ත්වයාට පණ නැති කීවේ භෞතික දේවලට හා ස්වභාවධර්මයාටයි. මේ සත්ත්වයා කීවේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස තියන සතුන්ටයි. එයින් ඥානවන්තම සතා මනුෂ්‍යයායි. මේ මනුෂ්‍යයා කියන්නේ කවුද හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලයි දැනගන්න කීවේ. මේ සත්ත්වයා හඳුන්වන්නේ මම යනුවෙන්ය. තවත් විශේෂ නමක් දමා ගන්නාවා. නමුත් තමන් ආමන්ත්‍රණය කරන්නේ මම, මගේ කියාය. මේ මම මගේ කියූ කයක් ඇති සත්ත්වයා ගැන පමණක් කතා කරනවානම් මේ ආශා කරන සත්ත්වයා සෑදී ඇත්තේ කෙසේද බලමු. කොටස් තිස් දෙකකින් සමන්විතයි. ඒවා නම්

01.කෙස්, 02. ලොම්, 03. දත්, 04. නියපොතු, 05.හම, 06.මස්, 07.නහර, 08.ඇට, 09.ඇට මිදුළු, 10.මොළය, 11.හෘදය වස්තුව, 12.පෙනහලු, 13.පිත්තාශය, 14.ඇල දිව, 15.ආමාශය, 16.ආහාර, 17.කුඩා බඩවැල, 18.මහ බඩවැල, 19.ගුදය, 20.අසූචි, 21.අක්මාව, 22. වකුගඩු, 23.කබ, 24.කඳුළු, 25.සොටු, 26.කෙළ, 27.සෙම, 28.දහදිය, 29.තෙල, 30.ලේ, 31.සැරව, 32.මූත්‍රා

යනුවෙන් වටකළ හම් මල්ලකි. එය මමය. මාගේය. හැම මොහොතකම නව දොරකින් ජරාව ගලන හමින් වසාගත්තු මේ මල්ලට කියන නම ශරීරයයි. පෙර කී ඉන්ද්‍රියන් හයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යන්නේ මේ කොටස් තිස් දෙකයි. මේ කොටස් තිස් දෙක දවසින් දවස වැඩෙන්නේ ආහාර ගැනීම නිසාය. ආහාර නැතිවූ දිනක මේ කොටස් තිස් දෙක නැතිවී යා නොවේද ? කොටස් තිස් දෙකකින් සෑදුණු මෙම කය වැඩී ඇත්තේ ආහාර නිසා නම් ආහාර සෑදීමට හේතු ඵලය කුමක්ද? වී ඇටයක් තිබූ පමණින් වී කරලක් සෑදේද? එය වැඩීම සඳහා පස් වතුර ගිනි සුළං අවශ්‍යය. පස් වතුර ගිනි සුළං නොවේද? පඨවි අපෝ තේජෝ වායෝ  කියන්නේ එය නොවේද? එසේ නම් මේ ලස්සනයි කියන කය පස් වලින් නිර්මාණය වූ අහාර නිසා සෑදී ඇත්නම් ලස්සන රූපය පස් ගොඩක් නොවේද? මේ ලස්සන රූපයද ඇසට අසුවන මායාවක් නොවේද? මිය ගියායින් පසු මහ පොළවට පස් වී එකතු වී නොපෙනී යන්නේ පස් නිසා නොවේද? එය නම් අනිත්‍යයි. වයසට නොගොස් ලෙඩ නොවී මිය නොයා නොවෙනස්ව පවත්වාගෙන යා නොහැක්කේ හැම මොහොතේම වෙනස්වන නිසාය. උදාහරණයක් වශයෙන් මේ ලස්සනයි කියන රූපය ලස්සනයි කියා රකිමින් සිටින රෑපය දින කීපයක් වැසිකිළි කැසිකිළි ගොස් පිරිසිදු කරගැනීමට බැරි වුවහොත් මාගේ ශරීරය මටම පිළිකුළක් නොවේද? මා ළඟින් යන අයට කෙසේ දැනේවිද? මෙසේ ලෙඩ වෙන වයසට යන ජරාවට යන නැතිවී යන ශරීරයක් දැඩි ආශාවෙන් රැකීම දුකට හේතුවක්ය. මෙය ඇසේ ඇතිවන මිත්‍යා දෘෂ්ඨියයි. වැරදි දැකීමයි. නිවන් මග ප්‍රාර්ථනා කරන බෞද්ධයාට මාර බාධකයක්ය. තව දුරටත් පැහැදිලි කරනවා නම් තණ්හාව කැමැත්තේ අන්තයට යාම තණ්හාවයි.

          පටාචාරා කැමැත්තේ අන්තයට ගිය චරිතයක්ය. ආශාවේ අව්තයට යාම නිසා ගෙදර වැඩ කළ අය සමඟ විවාහ විය. ආශාවේ අන්තයට ගියාට පසුව සත්‍ය අසත්‍ය ලෙසත් ,අසත්‍ය සත්‍ය ලෙසත්, හොඳ දේ නරක ලෙසත්, නරක දේ හොඳ ලෙසත් පෙනෙන්නේ කැමැත්තේ අන්තයට යාම නිසාය. කැමැත්තේ අන්තය නමැති ආශාවට වහල් වුනාම වහල්වූ තැනැත්තාව මෙහෙයවන්න හරිම ලෙහෙසියි. ඒ ඔහු අන්ධ නිසයි. සත්‍ය නොපෙනෙන නිසයි. ‘‘අන්ධ භූතෝ අයං ලෝකේ” ‘‘සබ්බේ පෘථග්ජනා උම්මත්තකා” ආශාවෙන් පෙළෙන තැනැත්තා ප්‍රථග්ජනයායි. ඔහු පිස්සෙක්ය. අන්ධයෙක්ය.

වෛරය - අකමැත්ත තරහකට පරිවර්ථනය වූ විට එහි අන්තයටම යාම වෛරයයි.

          ද්වේශයේ ආරම්භය අකමැත්තයි. අකමැත්ත දිගින් දිගටම අරගෙන යන විට තරහ බවට පත්වෙනවා. තරහ වැඩිවන විට ක්‍රෝධය බවට පත් වෙනවා. ක්‍රෝධය වැඩිවන විට වෛරය බවට පත්වෙනවා. ද්වේශය අකමැත්ත දක්වා අඩුකළ යුතුය. අකමැත්ත අන්තයට නොයා යුතුය. ද්වේශයේ අන්තයට ගොස් ගත් තීරණ විනාශයයි.අකමැත්ත දැනෙන විට ඒ සිතුවිල්ලෙන් ඈත් වීම කළ යුතුය. මෙවැනි කෙනෙක් අකමැත්තේ අන්තයට ගොස් කුණුහරුප, ගුටි බැට නීතියෙන් දඬුවම් ලැබුණොත් කුමක් සිදු වේදැයි සිතන්න.

මෝහය - අනුවණකම හා නොදැනුවත්කම මෝඩ කමයි

          නිරවුල් තීරණයක් ගන්න බැරි දේ එක්ක ගැටෙන්න යාම විනාශයයි. වෛරයත් තණ්හාවත් ඇතිවන්නේ මෝඩකමේ ප්‍රතිඵලයක් ලෙසයි.

          නිවන්මග ප්‍රාර්ථනා කරන බෞද්ධයාට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ සත්ත්වයාගෙන් උපදින ක්‍රියාකාරකම් ආශාව මුල් කරගෙන අන්තයටම ගියහොත් තණ්හාව ඇතිවී විනාශ වන බවත් තරහ මුල්වී අන්තයටම ගියොත් වෛරය ඇතිවී විනාශ වන බවයි. මේ දෙකම සිදුවන්නේ අවිද්‍යාව හෙවත් මෝඩකම නිසයි. එය මිථ්‍යාදෘෂ්ඨීයයි.

ඉපදීම දුකක් යයි කීවේ කුමකටද? එය සැපතක්ද?

          සම්මතයක් වශයෙන් දස මාසයක් වැනි කාලයක් දරු බොක්කක් වැනි අඳුරු කුටියක ගුලිවී මවගේ මුඛයෙන් ගන්නා රස්නයද, සීතලද, මිහිරි ජාතිද, අමිහිරි ජාතිද, වධ හිංසාද ප්‍රතික්ෂේප කර ගැනීමට නොහැකිව ඒ අඳුරු කුටිය තුළම මුත්‍රා කිරීමෙන් අසූචි වගුරුවා ගැනීමෙන් සිට කළු ගල් දෙකක් අතරින් සේ පොඩිවී තෙරපී මෙළොවටවිත් මරණය දක්වා ගත කරන ජීවිතය සැපක්ද?

          මෙලොව බිහි කිරීමේදී මව විඳින වේදනාවට හේතුව වන්නේ නව මාසයක් වැනි කාලයක් තමාගේ කියා අල්ලාගෙන සිටි තැන අතහැරීමට බැරි ආශාව නිසාය. එසේ නොමැතිනම් එළියට එන මාර්ගය එතන නම් කාලය හරි නම් වැල වරකා කන විට කොස් ඇටය කටින් පනින්නාක් සේ එළියට පැමිණිය යුතුය. එසේ බැරි වුවහොත් වෛද්‍යවරයා බඩ පලා ගන්නේ නැත්ද, එළියට පැමිණි විටම අඬන්නේ මෙතෙක් අල්ලාගෙන සැපැයි කියා හිටපු තැන නැති දුකටය. පසුව අම්මාට ඇතිවන සෙනෙහස නිසා තුරුළු කරගෙන කිරිදෙන විට ඇඬීම නැවතී උණුසුමට සහ කිරිවලට කැමති වෙනවා. කිරිදෙන විට එය නවත්වා බිම තැබුවහොත් අඬන්නේද ආශාකළ දේ නොලැබෙන නිසාය. මෙසේ දවස් මාස වලට මාස අවුරුදු වලට යනවිට ටිකෙන් ටික නැගිටින දරුවා අම්මාගේ උණුසුමෙන් දෙතනෙන් පසුව සෙල්ලම් බඩුවට කෑමට පාසලට රැකියාවට විවාහයට දරුවන්ට දේපලවලට ඇලි ඇලී යන එක මිස සිදුවන්නේ වෙන කුමක්ද. ඇස කණ නාසය දිව ශරීරය මනස නමැති ඉඳුරන් පිනවීම නොවේද? මෙය සිදුවන්නේ ඉපදීමක් නිසා නොවේද? එය නැති කර ගැනීමට සියලු මනුෂ්‍ය සත්ත්වයා කුමක් කළ යුතුද? ඉපදීමට හේතුව සෙවිය යුතුය. බුදු හාමුදුරුවෝ දේශනා කළේ සෑම ඵලයකටම හේතුවක් ඇති බවයි. එනිසා ඉපදීමට හේතුව වූයේ තණ්හාව නිසා බව දේශනා කළේය. එසේ නම් දුකට හේතුව ඉපදීම නම් ඉපදීමට හේතුව තණ්හාව නම් තණ්හාව, ආශාව, ඇලීම, බැඳීම නැති කළ යුතු බව කීවේය. සියල්ල අනිත්‍ය නම් අනිත්‍ය වූ තැන අල්ලා ගැනීමට තණ්හාවක් උපදින්නේ නැතිව යන විට සිතට ඉපදීමක් නැතිවනවාය. ඉපදීමක් නොවුණා යනුවෙන් ධර්මයේ සඳහන් වන්නේ නිවනයි. සම්බුද්ධශාසනයක් මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්ථාවක ගිහි පැවිදි අප වඩාත් උත්සාහගන්නේ ශාසනය ආරක්ෂා කිරීමට සහ ශාසන බර කර ගසා ගැනීමටය. පිරිත්, ධර්මදේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, ආගමික උත්සව සමාජසේවා කටයුතුය. මේ නිසා දවසේ නිදි නොලබා දැනෙන වෙහෙස ඔබට දැනෙන්නේ ශාසනයේ බර කරගසාගත් වෙහෙසක් ලෙසය. සම්බුද්ධ ශාසනය යනු ඔබට බරක් දැනෙන තැනක් නොව බරෙන් නිදහස් සැනසිල්ල ගෙනදෙන තැනක් විය යුතුය. අපි අදිටන් කරගත යුත්තේ ධර්මයේ ශාසනයේ සැහැල්ලුව ලබාගැනීමටය. මේවා නොකළ යුතු දේ නොව කළයුතු දේමය. මෙය කළ යුත්තේ කළ යුතු ආකාරයටය. කඨින පෙරහර , ඔළු බක්කො, කාවාඩි නටාගෙන නොව ධර්මදේශනා මුදල් අයකරගෙන නොව විහාර නඩත්තු දායකින්ගේ කෝටි ගණන් මුද්ල වලින් නොව දානමය කටයුතු තරු පහේ හෝටල් වලින් නොව කළ යුතුදේ ප්‍රතිපත්ති ගරුකව ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙන් සිදුවිය යුතු බවයි. මේ සියල්ල පිං ලැබෙන කටයුතුය. පිං නැවත ඉපදීමටත් ඒ ඉපදුන අවස්ථාවේ ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබෙන ඒවා මිස නිවන් අවබෝධ කරගැනීම සඳහා එය දැන ගැනීමට අවබෝධකරගැනීමට අවශ්‍ය ප්‍රඥාව පහළවන්නේ නැත. පින කෙරෙහි ඇතිවූ ආශාව එයට හේතුවයි.

එසේ නිවන් මග යාමටත් පින කුසලය වීමටත් අවශ්‍ය ක්‍රියාව නම් බුදුන් දේශනා කළ ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ අප සිටිය යුතුය. ශීලය යනු සංවර කමයි. ඉන්ද්‍රයන්ගෙන් හටගන්නා සිතුවිලි සංවර ලෙස තේරුම් ගෙන ක්‍රියාවේ යෙදවීම ශීලයයි. සංවර ඇස,කණ,නාසය, දිව, ශරීරය, මොළය තැන්පත් සොබාවයට පත්වීම සමාධියයි. සිත සමාධියට පත්වන විට සිතට දැනෙන සෑම සිතුවිල්ලක් ගැනම තමන්ට සිතා ගැනීමට හැකි වීම සිතෙහි දියුණුව ප්‍රඥාවයි. මෙසේ සිදුකර ගැනීමට නම් බුදුන් වහන්සේ දේශනා කළ කාම සුඛල්ලිකානු යෝගය (කැමැත්තේ අන්තය) අත්තඛිලමතානු යෝගය (අකමැත්තේ අන්තය) අනුගමනය නොකර මධ්‍යම ප්‍රතිපදාව (මැදුම් පිළවෙත) අනුගමනය කිරීමයි. අප බුදු රජාණන්වහන්සේ ‘‘ධම්මචක්කප්පවත්තන සූත්‍රෙය්” දේශනා කළේ එයයි. සීලවන්ත ශ්‍රද්ධාවන්තයා විසින් මෙම ක්‍රමය අනුගමනය කිරීමට නම් ආර්යයන් විසින් අනුගමනය කළ පිළිවෙත් අට අනුගමනය කළ යුතුය. එය නම් ආර්යෂ්ඨාංගික මාර්ගයයි. රාගයට ද්වේශයට මෝහයට බැඳුන සිතෙහි ඉල්ලීම් ප්‍රතික්ෂේප උනා යනුවෙන් අදහස් වන්නේ සක්කාය දිට්ඨීය (මමය, මාගේය, මගේ ආත්මය) විචිකිච්චාව (සත්‍ය පිළිබඳව සැකය) ශිලබ්බත පරාමාස (පවක් නෑ, පිනක් නෑ, ලබන ආත්මයක් නෑ) උද්ධච්ච කුක්කුච්ච (සිතෙහි විසිරුණු භාවය, දුවන ගතිය) ථිනමිද්ධ (අලස, කම්මැලි බව) නමැති පංච නීවරණ යටපත් වුනු බවයි. එසේ යටපත් වූ පංච නීවරණයන් නිසා ශිලවන්තවූ, සමාධියට පත්වූ සිත ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය අනුගමනය කර ආර්යෂ්ඨාංගික මාර්ගය වඩා සියලු කෙලෙස් නසා සෝවාන් වී සකෘදාගාමී, අනාගාමී, අරහත් භාවයට පත්වීම සිදුවී නිවන් මඟ පසක් කරගන්නා බව අප ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත.

සබ්බ පාපස්ස අකරණං                - පාප සිතුවිලි අකර්මන්‍ය කොට

කුසලස්ස උපසම්පදා                   - කුසල් සිත් උපදවාගෙන

සචිත්ත පරියෝදපනං                  - සිතුවිලි දමනය කර ගැනීම

ඒතං බුද්ධානුසාසනං                   - එය බුදුවරුන්ගේ දේශනාවයි

සිත දමනය කර ගැනීමට එකම මග භාවනාවයි !

කුලියාපිටියේ ධම්මගවේෂී හිමි

071-2385967

 



අදහස් (0)

බිනර පෝදා බණ

චන්ද්‍රා Monday, 08 September 2014 05:37 PM

කාලානුරූපව ඉතාමත් වටිනා සරලා දේශනාවකි. වැඩිදෙනාගේ දැනුමට පලකිරීම ගැන ලංකාදීපයට තුති! දෙසු හිමිටත් බොහෝ පින්! හුදී ජනයාගේ සිත් පැහැදේවා! සාදු ! සාදු !! සාදු!!!..... (නි)

:       0       0

මහේෂ්‍ Monday, 08 September 2014 08:32 PM

බොහොම වටිනා බණක් (නි)

:       0       0

ප්‍රේමචන්ද්‍ර Monday, 08 September 2014 10:19 AM

මේ බන පටිගත කර විකුන්නන්න මට එකක් එවන්න ස්තුතියි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 12 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 134 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 138 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 375 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 65 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 415 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site