හම්බන්තොට බඳගිරියේ වී ගබඩාවකින් වී සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ජී ජී ගයාශාන් ද ඔහුට දින 11 ක් රැකවරණ සලසමින් රජයේ නිලධරයනට හා මාධ්‍යයට අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළැයි ඔහුගේ සහෝදරයන් වන ජි.ජි.සුරංග කුමාර,ජි.ජි.ලෝෂන් කුමාර, අක්කා වන ජි.ජි.නිමාලි ද සැප්තැම්බර් 30 දක්වා රිමාන්ඩ් කිරිමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (21) නියෝග කළේය.
මේ ගැන සිරස, දෙරණ හා හිරු නාළිකාවල ප්‍රවෘත්ති ප්‍රකාශන සමඟ විකාශනය කළ දර්ශන ද ඇතුළත් සංස්කරණය නොකළ විඩීයෝ පටය පොලිසියට දෙන්නැයි ද මහේස්ත්‍රාත් එම ආයතනවලට තවත් නියෝගයක් කළේය.
ජායාරූප - සනත් ගමගේ
ජායාරූප දිලිප් ජයෙස්කර

![DSC05340[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC053401.png)
![DSC05338[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC053381.png)
![DSC05339[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC053391.png)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා දවල් හැමෝම ඉන්න තැන මිනිස්සු උස්සන් ගිහිල්ල පහරදුන්න ලොකු තැන වල නෝනලා ට ඇප ලැබෙනවා. (ම)
හොරකම් කරලා මාධ්‍ය යටත් වැලි ගහල හොද නැටිල්ලක් නැටුවා. ඔක්කොයටම නඩු දාන්න ඕන.(අ)
පොලිසිය දැන් කොල්ල හා කොල්ලගේ පවුලේ අය පස්සෙන් පන්නන්නේ පොලිසියට වුන කැළල වහගන්න. (අ)
නයනා හරි, මොහු මනුතාපයේ පාන් ගෙඩිය සොරකම් කල ජනවර්ජන ට සමානයි. මොහු ආපසු ඇවිත් බාරවුණ නේද. මහා අපරාද කාරයෙක් අල්ල ගත්ත වගේ අරන් යන්නේ. (අ)
මේ තරුණයාගේ අනාගතය කන්න එපා. පොඩි එකෙක් පොඩි වැරැද්දක් කළොත්, ඒක ඉතින් යහපාලනයට ලොකු වැඩක් වගේ පුම්බලා පෙන්නලා ලකුණු දාගන්නවා. කෝ අර ලැම්බෝගිනි, රන් අශ්වයෝ. මේ ළමයා දැන් හිතනවා ඇති මට දැන් කෝකත් එකයි, දැන් මම නරක මිනිහෙක් කියලා ලෝකයම දන්නවා කියලා. ඔහු දැන් ඉඳලා ඕනෑම නරක වැඩකට පෙලඹෙයි. (නි)
අනේ! මේ වගේ දෙයකට දෙන දඬුවමකට වඩා කළුකෝට්කාරයන්ට මේ මිනිසුන්ගේ කණකර උගස් තියලා එපායැ ගෙවන්න. (නි)
ළමයයි, පොලිසියයි තමයි දන්නේ සිද්ධවුණේ මොකක්ද කියලා හරියටම (නි)
අනේමන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අපි ඉවසීමෙන් බලාඉමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
අපි මෙතන මොනවා කිවුවත් හරියටම සිද්ධවුණ දේ අපි දන්නෙ නැහැනේ (නි)
ඉසුරන්දි හරියටම හරි හොරා හොරා මයි.(අ)
අපට සිද්ධවුණේ මොකක්ද කියලා දැනගන්න ඕනෑ නැතිවුණාට වෙන්නේ මොකක්ද කියලා නම් අපුරුවට පේනවා. ලක් රජයට රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරපු අය සුවසේ එළියේ ඉන්න රටක, වී ගෝනි කීපයක් හොරකම් කළායැයි සැකයට හිරේට දානවා. (නි)
හරිම අසරණ දරුවෙක්. අනාගත පරපුරේ පව්කාරකමකටයි මෙවැනි තරුණයන්ගේ ජීවිත විනාශකරලා දමන්නේ. පොල්ගෙඩි වගේ ඇති ඔළුගෙඩි තිබෙන මෝඩ මිනිසුන්ගේ වැරදි නිසා කෝටි ප්‍රකෝටි වලින් මහජන මුදල් හොරකම් කළ බලවතුන් මෙහෙම ඇදගෙන ගියේ නැහැ. මේ කොල්ලා හොරකම් කළේ එදාවේල ජීවත්වෙන්න පවුල නඩත්තු කරගැනීමට නොහැකි නිසා විය හැක. මේ ප්‍රශ්නයේ ස්වභාවය දැක එයට විසඳුම් නොදී හිරකාරයෝ පුරෝගෙන ජීවිත කාලේම කන්න දෙනකොට ඒ මිනිසාගේ දරු පවුලට වෙන විනාශය රටේ ප්‍රශ්නයක් ලෙස දැක විසඳුම් දියයුතුය. (නි)
මේකේ කට්ටිය කියන විදිහට කරන්න ගියොත් මේ රටේ හැම කෙනාම හොරකම් කරන්න ගනී.. (බ)
පොලිසිය කාරුණික නැහැ කියන්න කාටවත් බැහැ. විවේචනය යනු නරක පමණක් කීම නොවෙයි (නි)
ලොකු පොඩි බේද නොබලා නීතිය හොඳට කෙරෙන බව පේනවා (නි)
රූපවති, ඔබ හරි. මිනීමරපු, බෝම්බ ගහලා දහස් ගණන් ජීවිත දේපළ විනාශ කරපු දරුණුම ගණයේ ත්‍රස්තවාදීන් නිදහස් කරන්න හදන කාලේ මේ වගේ පොඩ්ඩෝ අල්ලලා මුහුණු මාධ්‍යට පෙන්නලා දරුණු හොරු විදියට හංවඩු ගහලා ඒ ළමයාගේ අනාගතය අඳුරු කරන්න නම් අරඅදින අය ඕනෑතරම් (නි)
මේකත් කොටදෙනියාවේ වගේ වැඩක්ද දන්නේ නැහැ. අපි නොදන්නා පොලිසිය! (නි)
මම නම් කියන්නේ මේ හොරකම කරන්න ඇත්තේ අසරණකමටම වෙන්න ඕනෑ (නි)
අනේ මන්ද මේවට මොනා කියන්නද කියල..මිනිස්සු පැහැරගෙන ගිය අයට ඇප ලැබෙනවා..වාහන පාවිච්චි කළ අයට, මේ වගේ අයට ඇපත් නැහැ.. ඒ වුනාට කියන්නේ නිතිය සැමට එකයි කියල..ඇත්තටම සැමට එකද? (බ)
රටේ මෙච්චර දේවල් තියෙද්දී මේ වගේ පොඩි දෙයක් අල්ලගෙන දගලනවා.... (ර)
දැන්නම් නියමෙට නීතිය ක්‍රියාත්මක වෙනවා (බ)
අහිංසකයන්ව දැක්කම තලලා පොඩිකරලා දානවා. මේ කොල්ලා හම්බවෙනකම් පොලිසිය හිටියේ වික්සෝප වෙලා වගේ. හොද වෙලාවට කොල්ලා හම්බවුණා.දැන් ඉතින් වීරයෝ වගේ හැසිරෙන්නේ. (ර)
රජයේ දේපොළ කෝටි ගණන්, සුනාමි ආධාර කෝටි ගණන් හොරකම් කළාට වඩා ලොකු හොරකමක් වගේ වී හොරකම. අර කට්ටිය වී හොරකම් කරලා තියෙනවනම් මෙන්න වෙලාව අල්ලලා හිරේ දාන්න. (බ)
හරියටම කිව්වොත් නිතිය නියෙමෙටම නැමිලා ක්‍රියාත්මක වෙනවා (බ)
ඔය නීති පොඩි මිනිස්සුන්ට තමයි හරියටම ක්‍රියාත්මක වෙන්නේ . (ර)
ජනතාවට බොරු කියලා නොමග යවලා ඉන්න දෙශපාලක්යන්ට මේවා අදාල නැද්ද ? (ර)
මේ පිටිගල මිලානොවට වෙලා මොනවා කියනවද මන්දා.? (ර)
මේකේ අදහස් දාන සමහර අයට නීතිය ක්‍රියාත්මක කලත් වෑරදියි නොකලත් වෑරදියි. (ර)
යහපාලනයේ ලකුණු (ම)
මට මතක් වෙනවා අර මනුතාපයේ පාන්ගෙඩියක් හොරකන් කරපු මනුස්සයව (අ)
හොරකමේ ලොකු පොඩි කියල වෙනසක් නැහැ. කවුරු කොහොම කලත් හොරකම හොරකමමයි.(අ)
මෙය කෙසේ, කුමකට, කවර කලක සිදුවූ දෙයක් සමග සසදන්නදැයි නොහැඟේ. (අ)
පිටිගල මිලානෝ මහා බැංකුව ගැනත් ලියන්නකෝ. (බ)
මේකේ අදහස් දල තියෙන ඒවා දැක්කහම අපේ සමහර මිනිස්සු ගැන දුකයි. ටිගල මිලානෝ කොයි වෙලාවෙත් කොහෙහරි මෙතනට අදාල නැති මිනිස්සු ගැන කරනවා (අ)
හොරකමේ ලොකු පොඩි කියලා එකක් නැහැ , ඒවාගේම කොටි ගණන් හොරකම් කරපු වංචා කරපු අයට වාගේ මෙයටත් සලකන්න , අහිංසකයා නිසා ලොවටම පෙන්න මාංචු දමා , පවුලේ අයටත් කරදර කිරීම යහපාලන නීතියක්ද ? (අ)
එතකොට පොලිසියෙන් රිමාන්ඩ් කරපු මිනිහව බලා ගන්න බැරි පොලිසිය හරිද? (අ)
පොලිසියටත් මෑතකදී හිටපු ලොකුම අපරාධකාරයා අහුවෙලා මෙන්න මේ කොල්ල එලියට දාල සුදුසු රස්සාවක් හොයල දෙන්න. (අ)