IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බැඳුම්කර සැකකරුවන්ට එරෙහිව නියෝග 10 ක්

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් සැකකරුවන් ලෙස නම් කිරීමෙන් පසු    කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග 10ක් ලබා දුන්නාය.
 
එම නියෝග මෙසේය.
 
01     අර්ජුන් ඇලෝසියස්ට විදේශ ගමන් තහනමක්.
 
02     අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ පැමිණීම පිළිබඳ ආගමන විගමන දෙපාර්තමෙන්තුවට දැනුම් දෙන ලෙස අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට නියෝගයක් නිකුත් කළේය.
 
 
03     පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ප‍්‍රාථමික හා ද්වීතීයක වෙළඳ පොළේ ගනුදෙනු අරබයා ශ්‍රී ලංකා මහා බැංකුවේ  විද්‍යුත් මුදල් හුවමාරූ ගිණුම් දෙකකට මුල්‍ය මණ්ඩලය විසින් පනවා ඇති තහනම ඉවත් නොකරන ලෙසට අධිකරණය මුල්‍ය මණ්ඩලයට නියම කළේය.
 
04     කිසි`දු ප‍්‍රමාදයකින් තොරව බැ`දුම්කර ගනුදෙනුවලට සම්බන්ධ මුලික ලියකියවිලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට නියම කළේය.
 
 
05      පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සතු වත්කම් සහ අරමුදල් කිසි`දු පාර්ශවයකට තෑගි කිරීම, මාරූ කිරීම, ආයෝජනය කිරීම තහනම් කරමින් විශේෂ නියෝගයක්ද නිකුත් කළේය.
 
06      අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට පෙබරවාරී 15 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ අධිකරණය එම නියෝගය සිංගප්පුරූ ජාත්‍යයන්තර පොලීසිය හරහා මහෙන්ද්‍රන් මහතා පදිංචි ස්ථානයට යවන ලෙස නියම කළේය.
 
 
07     පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ප‍්‍රාථමික හා ද්වීතීයක වෙළඳ පොළේ සිදුකළ සෑම බැඳුම්කර ගනුදෙනුවකටම අදාළ විස්තරාත්මක ලියකියවිලි වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට නියම කළේය.
 
08     2015 පෙබරවාරී සිට 2016 මාර්තු දක්වා කාලයේදී බැදුම්කර ගනුදෙනු වලින් ලබාගත් ලාභයෙන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම අත්පත්කරගත් වත්කම් පිළිබද ලැයිස්තුවක් ලබා ගන්නා ලෙසද අධිකරණය නියම කළේය.
 
 
09     බැඳුම්කර කොමිසම විසින් එක්රැස් කරගත් දේවල් (දුරකථන හා පරිගණක) වැඩිදුර මහෙස්ත‍්‍රාත් පරික්‍ෂණ සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස බැදුම්කර කොමිසමේ ලේකම්වරයාට නියම කළේය.
 
10     2015 පෙබරවාරී මස 27 වැනිදා සිට මේ දක්වා සිදුවු සියළු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සම්පුර්ණ වෝහරික වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස අධිකරණය මහා බැංකුවට නියම කළේය.



අදහස් (18)

බැඳුම්කර සැකකරුවන්ට එරෙහිව නියෝග 10 ක්

Nuwan Friday, 02 February 2018 06:18 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, මහා ජනතාවට අයියෝ

:       113       139

ROHAN dayadara Friday, 02 February 2018 06:46 PM

මේක හොරකමක් නොව ගනු දෙනුවක් .. අධික ලාභයක් ලැබීම හොරකමක් නොව ආර්ථික විද්‍යාවේ අනුව වෙළදාමක් .....!!!

:       470       213

dayaan Friday, 02 February 2018 06:51 PM

අධික ලාභ ලැබීම හොරකමක් කියා නම්කළ නොහැක ... මහ බැංකුවට අධික පොලියට මුදල්දීම... හොරකමක් නොව වැරදි අර්ථ කතන දෙන්න එපා.

:       0       0

isuru Friday, 02 February 2018 06:54 PM

මේ සිදුවිම කවදාවත් හොරකමක් ලෙස ඔප්පු කල නොහැක. අයථා ලෙස ලාභ ඉපැයීමක් පමණි .

:       455       334

jnith Friday, 02 February 2018 06:56 PM

මේක සාමාන්‍ය සිදුවීමක් විතරයි. බැංකුවට පොලියට දිලා පොලිය ගත්තා මෙතන කොහෙද හොරකමක් කරලා තියෙන්නේ .

:       0       0

බන්දුල හාමි Friday, 02 February 2018 10:15 PM

මෙය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් කාලයක සිට කල හොරකමක් නොවන අන්දමින් සිදු කල ලෝක හොරකමක්

:       0       0

sathyapala Saturday, 03 February 2018 12:13 AM

ඡන්දෙ ඉවරවෙනතුරු කරන ප්‍රෝඩාවක්.

:       0       0

Rathne Saturday, 03 February 2018 12:35 AM

මෙම බැදුම්කර ගිවිසුම අවලංගු කිරීමට උත්සහ කරන්නේ නැත්තේ මොකද ? දිගින් දිගටම වසර 30 ක් දක්වා රටට සිදුවීමට යන පාඩුව වැලක්වීමට නම් එය හැකි ඉක්මනින් අවලංගු කරන්න.

:       0       0

Appuhami Saturday, 03 February 2018 02:42 AM

පොහොට්ටුව බයවෙලා තුරුම්පුව නැතිවෙයි කියලා..

:       4       0

Chandima Saturday, 03 February 2018 03:36 AM

රොහාන්, ඉසුරු දැනගන්න ඔය කවුරු මොන ලාභ ලැබුවත් රටේ ජනතාවට පව් කරගහන්න වෙන හින්දා.. මේක මහජාතික අපරාධයක්... ඔය අර්ජුන් මහේන්ද්‍රන් ඕනෑමයි කියලා ගෙන්නාගෙන ඔය තනතුරු දුන්නේ අගමැති රනිල් මහත්තයා. දැන් රනිල් මහත්තයා කිසි ගානක් නැතුව ඉන්නවා. අර්ජුන්ට රටේ ඒකීයභාවය පිළිබඳ දිවුරුම නොදී රාජකාරි කරන්න දුන්නෙත් එතුමා. එ්කින් ඔහුට යම් වාසියක් වෙනවා මොකද කවද හරි කියන්න පුළුවන් තමන් නීත්‍යානුකුල ලෙස මේ තනතුරු දැරුවේ නැහැ කියලා. දේශපාලක කට්ටිය ලිස්සල ගියා වගේ මෙයත් යන්න බලාවි. මේවට කවුද දැන් වග වෙන්නේ?

:       0       9

Jayawardena Saturday, 03 February 2018 04:26 AM

දඹුල්ලෙන් රුපියල් 40 ට ගන්න බෝංචි ටික ගමේ කඩේ 300 ට විකුණුවා වගේ වැඩක්. අධික ලාබ ලැබීම හොරකමක්ද?

:       4       0

neville de Alwis (Attorney at Law) Saturday, 03 February 2018 04:40 AM

සාමුහික ලෙස ඒකරාශි වී සැලසුම් සහගතව කටයුතු කර රජය සතු මහජන මුදල් අවබාවිත කොට අයථා ලෙස ලාභ ඉපැයීම පොදු දේපල පනත යටතේ මෙන්ම අපරාධ නීතිය යටතේ ද ඇප නොලැබෙන බරපතල ගනයේ වැරදි ලෙස සැලකිය හැක.

:       0       165

Ruwanka Saturday, 03 February 2018 05:06 AM

මෙතන හොරකමක් සිදුවී ඇත. මන්දයත් හිටපු මහා බැංකු අධිපතිට බලතල අනුව රාජ්‍යය බැංකුවලට අඩු ලංසු තැබීමට නියෝග කිරීමත්, පුද්ගලික බැංකු ඉදිරිපත් කල ලංසු පිළිබඳ දත්ත තම බෑණාට දීමත්ය.

:       0       89

sampath Saturday, 03 February 2018 06:55 AM

මෙය දේශපාලන බලපෑම මත සිදු කරන ලද්දක්... මුලින්ම අදාල රජයේ බැංකු තුනේ අය අත්අඩංගුවට ගත යුතුයි. හිතාමතාම අඩු ලංසු තැබීම පිළිබඳව එම බැංකුවල ප්‍රධානින් මහබැංකුවේ නියෝග පිළිපදින්න බෙදිලා නැහැ. විශේෂයෙන්ම නීත්‍යානුකූල නොවන නියෝගයක්... මොකද මේ බැංකුවලට වෙනම පනත් වලින් ස්ථාපිත කරලා තියෙන්නේ....?

:       2       0

rocky Saturday, 03 February 2018 08:21 AM

වැඩට හොඳයි කියලා මිනිහෙකුව තෝරලා ගත්තාට පස්සේ ඒ මිනිහ හොරකම් කෙරුවොත් ඒක ඒ මිනිහාගේම වරද මිස, එයාව ජොබ් එකට තෝරපු මිනිහගේ වරද වෙන්නේ කොහොමද? ඉන්ටවිව් කරලා තෝරාගෙන පත් කරපු රාජ්‍ය නිලධාරියෙක් පගා ගහලා අහු ව්ණොත් එ්කට ඉන්ටවීව් බෝඩ් එක පළිද? විකාර!

:       0       0

ChandimaSaturday, 03 February 2018 12:57 PM

වැඩට හොඳයි කියල මෙයාව අරගත්තේ ඉන්ටෙර්විව් කරලද? රටේ වෙන මිනිස්සු හිටියේ නැද්ද? හොඳයි ඒ පුද්ගලයා රටේ ඒකීය භාවය ගැන දිවුරුම නොදී රාජකාරි කරනකොට ඔහුගේ පත්වීම නීතිවිරෝදී වෙනකොට ඒ ගැන වගේ වගක් නැතුව හිටිය එක හරිද? ඕව අර කිතුලට ගිය මිනිහ කිව්වා කතා.

:       0       0

nandaSaturday, 03 February 2018 01:08 PM

මෙයා මේ කටයුත්ත සදහාම විශේෂයින් අානයනය කල කෙනෙක්

:       0       0

Rohana Saturday, 03 February 2018 11:37 AM

එ්කාබද්ධයට ලොකු සටන් පාඨයක් නැතිවෙන පාටයි...

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 52 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 240 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 95 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 269 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 501 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 229 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 499 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site