IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


බබා හිනාවුණ ගමන් Photos එවන්න කියලා එයා රට ගියා

2016-09-24-ent-101

පුංචි තිරයේ දඟකාර කටකාර ලෝචනා ඉමාෂි දැන් පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක්. උතුරා යන මව් සෙනෙහසත් එක්කම ජීවිතේ මේ අලුත් අත්දැකීම ගැන ලෝචනා ඉමාෂි හදසර සමඟ කතා කළා.

 

දැන් පුතාට මාසයක් වෙන්නේ කවද්ද?

2016-09-24-ent-99ලබන අඟහරැවාදාට මාසයක් වෙනවා.

 

කලින් දැනගෙන හිටියද පුතෙක් කියලා?

ඔව්, මොකද අපිට බබා ලැබෙන්න කිට්ටු කරලා දවසක් අපේ Doctor ඇහුවා දැනගන්න කැමතිද කියලා. අපි හා කිව්වා. එතකොට කිව්වා පුතෙක් ලැබෙන්නේ කියලා.

 

ලසන්ත කැමැත්තෙන් හිටියේ දුවෙක්ට නේද?

ඔව් එයා දුවෙක්ට තමා කැමැත්තෙන් හිටියේ. කොහොම වුණත් දුවෙක් වුණත් පුතෙක් වුණත් ආසාවෙන් හිටියේ, මොකද ඒ අපේම දරැවා නිසා.

 

පුතෙක් කියලා දැනගත්තම ලසන්ත මොකද කිව්වේ?

පුතෙක් හොඳයි, දුවෙකුත් හොඳයි කියලා තමා කිව්වේ. අපේ ගෙදර අය නම් ගොඩක් සතුටු වුණා පුතෙක් කියලා දැනගත්තම. මොකද අපේ පවුලේ ගැහැනු දරැවන් තමා වැඩි. ඉතින් පුතෙක්ට ආසයි.

 

කොහොමද දැන් දවසේ වැඩකටයුතු?

මෙහෙමයි, දැන් අපිට දවසක් කියලා නැති තරම්. මොකද අපි දවසක් කියන්නේ, උදේට ඇහැරිලා දවසේ වැඩකටයුතු කරලා නින්දට ගිහින් ඇහැරෙද්දිනේ තව දවසක් වෙන්නේ. හැබැයි අපිට දැන් එහෙම නැහැ. එක දිගටම ඇහැරිලා ඉන්නේ. බබාගේ විදියට තමා අපේ වැඩ කටයුතුත් සිද්ධ වෙන්නේ.

 

ලසන්ත ලංකාවට ආවේ බබා ලැබෙන්න කිට්ටුවෙලා නේද?

ඔව් එයා ආවේ මට බබා ලැබෙන්න දීලා තිබ්බ දින අනුව සතියකට කලින් තමා. මම බයේ හිටියේ බබා කලින් ලැබෙයි කියලා. කොහොමත් මට දීලා තිබ්බ දිනේට දවස් දෙකකට කලින් හම්බුණා බබාව. ඒත් එතකොට ලසන්ත ලංකාවට ඇවිත්.

 

බබා ලැබෙන්නේ ස්වභාවික දරැ ප්‍රසුතියකින්ද?

ඔව්

 

බයක් හිතුනේ නැද්ද?

මට බයක් තිබ්බා. නමුත් මගේ Doctor තමා මට මුලින්ම ඇහුවා ස්වභාවික දරැ ප්‍රසුතියකින් දරැවා ලැබෙන්න පුළුවන්කම. තියෙද්දී නිකම් සීසර් කරලා බබා ගන්නේ කියලා. ඊට පස්සේ මගේ මහත්තයා සහ ගෙදර අයත් කැමති වුණා ස්වභාවික දරැ ප්‍රසුතියකින් බබා උපදිනවට.

 

කොහොමද ඒ අත්දැකීම?

මට ඒක නම් හිතා ගන්නවත් බෑ. මම අහලා තියෙනවා බබාව දැක්කම ඔක්කොම අමතක වෙනවා කියලා. නමුත් ඒ අත්දැකීම ලැබුවාම තමා. ඒක ඇත්තම ඇත්ත කියලා දැනුණේ. මට දැනුණ වේදනාව ඔක්කොම අමතක වුණා බබාව අතට දුන්නම. එතනින් එහාට මගේ ලෝකය බබා තමා වෙන කිසිම දෙයක් මතක නෑ.

 

මුලින් දෙන්නා කතා වුණා නේද බබාගේ Photos ගන්නේ නැහැ කියලා?

ඔව්, ලසන්ත තමා මුලින්ම කිව්වේ අපි බබාගේ Photos ගන්නේ නැතුව ඉමු කියලා. ඉතින් මාත් හා කියලා හිටියා. හැබැයි බබා ලැබිලා අතට දුන්නා විතරයි මෙන්න ලසන්ත Photos ගන්නවා පිස්සුවෙන් වගේ. එයා ඉතින් ආයේ රට යන නිසාත් අරන් යන්න එක්කම එක දිගටම Photos ගත්තා. ලසන්ත රට ගියෙත් බබා හිනා වුණ ගමන් Photos එවන්න කියලා. මොකද එයා ආසයි බබා හිනා වෙනවා දකින්න. දැන් බබා හීනෙන් හිනා වෙනවා.

 

බබා කෑගහද්දී ගෙදර ඔක්කොම දුවගෙන එනවා කියන්නේ ඇත්තද?

අම්මෝ ඔව්, පොඩ්ඩක් කෑගැහුවත් ගෙදර ඔක්කොම කාමරේට දුවගෙන එනවා. ඒ තරමටම ගෙදර හැමෝම ඉතින් බබා එක්ක තමා කාලය ගෙවන්නේ. ඔක්කොම එන්නේ බයවෙලා. මොකක් නිසාද බබා කෑගහන්නේ කියලා දන්නේ නැහැනේ. ඉතින් අම්මා තාත්තා ආච්චි අම්මා ඔක්කොම දුවගෙන එනවා. ඉතින් එයා අඬන සද්දේ ඇහෙන්න සාලයට පොඩි මයික් එකක් පවා දාලා තියෙනවා. ඒ තරමට අපේ ගෙදර අයගේ ලෝකය බබා.

 

දැන් බබාට නමක් දැම්මද?

තාම නැහැ. වෙලාව අනුව දුන්න අකුරැ එක්ක නම් දෙක තුනක් තියෙනවා. ඒවායින් එකක් දාන්න ඉන්නේ.

 

දැන් ලසන්ත විදෙස් ගත වුණානේ. ලෝචනාත් ළඟදීම විදෙස් ගත වෙනවද?

ඒක තමා අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ. මොකද ලසන්ත නම් කියනවා ඉක්මණටම එන්න කියලා. නමුත් මට මෙහෙ අම්මා ඉන්න නිසා පහසුයි. ඔක්කොම තනිවම කරගන්නවාට වඩා. බබා අපේ අම්මටත් හොඳට හුරැයි. ඒ නිසා මම ලසන්තට කිව්වා ටික දවසක් ඉදලා එන්නම් කියලා. හැබැයි ඉතින් අන්තිම තීරණය වුණේ ඉක්මනට එන්න කියන එක තමා.

 

ගෙදර අය මොකද කියන්නේ ඒ ගැන?

එයාලා නම් කියන්නේ තව කාලයක් ඉන්න කියලා. මේ අපේ පවුලේ පළමුවැනි බබා. ඉතින් හැමෝම ආදරෙයි. මට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත කාලේ ඉඳන් බබාට තමා ඔක්කොම තෑගි ලැබුණේ.

 

ලෝචනා ආයේ කලා නිර්මාණවලට දායක වෙන්නේ බබාට කොච්චර කාලයක් වුණාමද?

මෙහෙමයි, මම කවදාවත් කලාවෙන් ඈත් වෙන්නේ නම් නැහැ. මේ සැරේ ලංකාවට ආවේ බබා ලැබෙන්න ඉද්දි නිසා මට නිර්මාණවලට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ නිසා කාලය නම් හරියටම කියන්න බැහැ. මම ලංකවේ හිටියොත් බබා එක්ක කරගන්න පුළුවන් නිර්මාණවලට යනවා. බලමු ඉතින් ඒක හරියටම කියන්න බැහැ.

 

දැන් ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

එහෙම මට ලොකු බලාපොරොත්තු නැහැ. දැන් ඉතින් බබාගේ අනාගතය තමා අපි දෙන්නම හිතන්නේ. බබා ලංකාවේ හැදුනත් පිට රට හැදුනත් ලංකාවේ විදියට සිරිත් විරිත් ඇතුව පවුලට ළැදි දරැවෙක් කිරීම තමා බලාපොරොත්තුව.

 

අනූෂා රණසිංහ

 

2016-09-24-ent-100



අදහස් (0)

බබා හිනාවුණ ගමන් Photos එවන්න කියලා එයා රට ගියා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1330 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1498 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 928 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1334 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site