(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බිරිඳට මෝල් ගසකින් පහරදී තුවාල සිදුකර දියණියන් දෙදෙනාට සහ නිවසට පහර දීමට උත්සාහ කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු, බිරිඳ හා දරු දෙදෙනා විසින් අල්ලා මෙල්ල කර බැඳ දමා පොලිසියට අල්ලා දීමේ පුවතක් වාර්තා වේ.
සැකකාර කොස්තාපල්වරයා බිරියට හා දරුවන්ට පහර දෙද්දී ඔහු බැද දමා පසුව පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ලට අනුව අරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් කොස්තාපල්වරයාගේ නිවසට ගොස් බැඳ දමා සිටි කොස්තාපල්වරයාගේ බැමි ලිහා දමා අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් කොස්තාපල් සැමියා බීමතින් මෙවැන්නක් කළ බව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි කියති.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා ආනවිලුන්දාව රජයේ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඔහු බීමතින් සිටින්නේ දැයි යන්න හෙළි කර ගැනීමට පොලිසිය කටයුතු යොදා ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා කොළඹ ප්‍රදේශයේ පොලිසියකට අනුයුක්තව සේවය කරන්නෙකි.
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බීමත් පී.සීට ගෙදරින් ලැබුණු දඬුවම
Lalla Sunday, 03 September 2023 01:26 PM
ගෑනිට, ළමයින්ට එපාවුණු අපතයෙක්ගෙන් පොලිසියට ඇති සේවය මොකක්ද? ඌව අස්කර දාන්න හෝ මානසික රෝහලට යවන්න..