කොළඹ කොම්පඤ්ඤ වීදියේ අගමැති නිල නිවාසයට යාබද පෞද්ගලික සමාගමක සොරකමක් සිදු වීයැයි කොම්පඤ්ඤ වීදිය පොලීසියට බොරු පැමිණිල්ලක් කළ කන්දසාමි කමලරාජ් නම් ගබඩා පාලකට මාස හයක අත්හිටවූ සිර දඩුවමක් නියම කළ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500ක දඩයක් ද නියම කළේය.
රුපියල් 72864ක භාණ්ඩ හොරුන් විසින් ගෙන යන ලදැයි ඔහු බොරු පැමිණිල්ලක් කර තිබේ.
එම ස්ථානයේ පිහිටීම අනුව සොරකමක් කළ නොහැකි බව අධිකරණයේදී කියැවිණි.
ගබඩා පාලක වරද පිළිගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාරාහේන්පිට පොලිසියටත් බොරු පැමිණිලි දාලා මිනිස්සු අමාරුවේ දාන අයටත් ඔහොම කළොත් හොදයි (නි)
දීපු දඬුවම ලිහිල් වැඩියි. මේ වගේ වංචාකාරයෝ හිරේ දාලා ගන්න ඕනෑ .නැත්නම් තවත් වැරදී වලට පෙලඹෙනවා. (නි)
ඉතාම සතුටුදායක පුවතක්. හොරකමක් කරන්න බැරි ස්ථානයක් එහෙනම් අපේ රටේ තියෙනවා ඈ? කොළඹ ඇතුලෙම? (නි)
රුපියල් 10ත් දඩ ගහන රටේ මේ ගාන වැඩියි වගේ ඔය වැරැද්දට (නි)