IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බොරු වෙබ් අඩවිවලට ජනපති වැටක් බඳී

මෙරට වෙබ් අඩවි අසත්‍ය ප්‍රකාශ පළකිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (19) අධිකරණ සේවා සංගමය සංවිධානය කළ ‘විනිශ්චයකාරවරුන්ගේ වාර්ෂික සමුළුවට‘ වත්තලදී එක්වෙමින් ප්‍රකාශ කළේය.

මෙරට වෙබ් අඩවිවලින් දිනකට වැඩිපුරම නින්ද හා අපහාස ලබන පුද්ගලයාගේ වාර්තාව හිමිවී ඇත්තේ තමාට බවත් කී ජනපති අධිකරණය ද , දේශපාලනඥයන්ටද, බන්ධනාගාරයට ද පුද්ගල තරාතිරම අනුව ද විශේෂ සැලකිලි දක්වතියි ජනතාවගේ දැඩි විවේචනයක් ඇති බව ද කීවේය.

වත්තල ‘පෙගැසස් රීෆ්‘ හෝටලයේ පැවැති සමුළුවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

_DSC0483 _DSC0509 _DSC0556 _DSC0596



අදහස් (0)

බොරු වෙබ් අඩවිවලට ජනපති වැටක් බඳී

සත්‍යයා Tuesday, 20 December 2016 12:39 AM

ඩඩ්ලි සේනානායක මහත්තයාගේ කාලේ තිබුනා හත්හවුල කියලා එකක්. ඒක හරිගියෙත් නැහැ. ශ්‍රීලනිප සහ එජාපය එකතුවෙලා ආණ්ඩුවක් හැදුවට එ්කත් ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ. යහපාලනය නමට "යහ" ක්‍රියාවෙන් "වහ" වේගෙන එනකොට සත්‍ය වෙනුවෙන් කෙසේවෙතත් අසත්‍ය වෙනුවෙන් ආණ්ඩුවට මේ පියවර ගන්න වෙනවාමයි. ඔහොම යමු! (නි)

:       0       0

චන්දා Tuesday, 20 December 2016 01:49 AM

අදහස් දාන උදවිය, අනිත් අය දාන අදහස් ටිකත් කියවා රට පත්වී ඇති තත්වය තේරුම් ගන්නවා නම්... (නි)

:       0       0

මාලක Tuesday, 20 December 2016 01:54 AM

එදා රජයට කිසිම පත්තරයක් උදව්වට හිටියේ නැහැ. ඒ වගේ වෙබ් තමයි මෙතුමලා වෙනුවෙන් කතා කළේ. අද මොනවද කරන්නේ කියලා මෙතුමලාම දන්නේ නැහැ. (නි)

:       0       0

නිමල් Tuesday, 20 December 2016 01:59 AM

මට හිතෙන්නේ නූතනයේ අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා හරි අවබෝධයක් නැතුවා වගෙයි බොහෝ අයට. (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 20 December 2016 03:13 AM

ඔබතුමා ‘දෙපිටකාට්ටුවන්ගෙන්‘ පරිස්සම් වෙන්න (නි)

:       0       0

ධම්ම Tuesday, 20 December 2016 03:20 AM

උඩට ගිය ඉණිමගට පයින් ගැහන්න එපා. වෙන දේ දන්නවානේ. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Tuesday, 20 December 2016 03:41 AM

මාධ්‍ය නිදහස කියන්නේ එක එක මිනිසුන්ට කුණුහරුපෙන් බැනලා අපහාස කරලා පුවත් මවන එක නෙමෙයි. ඊටත් වඩා, සදාචාරාත්මක විදියට ඇත්ත ඇති සැටියෙන්ම හොඳට හොයලා බලලා වාර්තා කරන එකයි. නීතිය හමුවේ ජනාධිපතිත් සාමාන්‍ය මිනිසත් එකයි. (නි)

:       0       0

සකුන්තලා Monday, 19 December 2016 07:45 AM

ඔන්න යහපාලනයේ මාධ්‍ය නිදහස උතුරන්නයි යන්නේ (නි)

:       0       0

සමන් Tuesday, 20 December 2016 05:20 AM

අපි කරගත්ත අපරාධයක් කියලා හිතෙනවා දැන්නම් (නි)

:       0       0

චින්තක Monday, 19 December 2016 07:47 AM

මුලින්ම දේශපාලකයන් බොරු කියන එක නවත්වන්න. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 20 December 2016 05:34 AM

මොන තුරුම්පුව ගැහුවත් ඔයාලට මේක කරන්න බැහැ. එ්ක කලින්ම අපි දැනගෙන හිටියා (නි)

:       0       0

ඉසුරු Monday, 19 December 2016 08:08 AM

බොහොම හොඳයි. ජය ශ්‍රී! (නි)

:       0       0

සංජු Tuesday, 20 December 2016 05:42 AM

මුලින්ම දේශපාලකයන් හැමෝම බොරු කියන එක නවත්වන්න. දේශපාලන වැඩසටහන් සහ වේදිකාවේ ඇමතිලා නිකන් හිතෙන එ්වා කියනවා. මේවා වගකීමකින් කියනවා නම් බොරු වෙබ් සයිට් වලටත් බොරු දන්නා බැහැනේ. මේක වෙලා තියන්නේ ඇමතිලා පස් දෙනෙක් බොරු පහක් එකම දේ ගැන කියනවා. කිව්වේ නැහැ, දැක්කේ නැහැ වගේ එක එක බොරු. (නි)

:       0       0

කුමාර Tuesday, 20 December 2016 05:43 AM

ඕක තමයි ලොක්කෝ පුරාණ පඩිවරු කිව්වේ බලය ගන්න ලේසියි .රැක ගන්න අමාරුයි කියලා ....බලය ගන්න කොට ඕන බොරුවක් ගහතහැකි (බ)

:       0       0

ජනක Monday, 19 December 2016 08:13 AM

නොහැකියාව වහගන්න දේශපාලකයන් කියන කතාත් අපි හොඳට දන්නවා (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 19 December 2016 08:14 AM

මැතිවරණයට පෙර දුන් පොරොන්දු අනුව වැඩ කරන්න. සිංහලයාට ,බොදු උරුමයට කරන විනාශය නවත්වන්න. කාටත් අනාගතය ගැන බියකින් තොරව ජීවත්වීමට ඉඩ සළසන්න. ශ්‍රී ලංකාව කොටි හිතවතුන්ගේ පාරාදීසයක් කිරීම නවතන්න. ජනතාව බඩ වටා පටි තද කරගනිද්දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බඩ වඩා ගැනීම්, තරකර ගැනීම් නවත්වන්න. එදාට ඔය අපහාස උපහාස නවතීවි. (නි)

:       0       0

චන්දා Tuesday, 20 December 2016 05:53 AM

ලක් මෑණියන් නරා වලට දක්කමින් ඉන්නවා (බ)

:       0       0

සුරන් Monday, 19 December 2016 08:26 AM

ඔබතුමාව ඔය පුටුවට ගේන්න කටයුතු කළේත් ඔය කියන වෙබ් අඩවිම තමා. ඉනිම‍ඟෙන් ඉහළට නැඟලා තවකෙකුත් ඉහළට නඟී යන බියෙන් ඉනිමඟට පයෙන් ගැසීමක් වැනිය (නි)

:       0       0

පෙරේරා Monday, 19 December 2016 08:30 AM

යහ පාලනය මං හිතුව ඕක හරියන්නැතිවෙයි කියල​. මාධ්‍ය නිදහස ට පහර වදිනව වගේ. රටක පාලකයෙකු නින්දා හා අපහාස නොලබනවානම් ඒකත් අඩුවක් (බ)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 20 December 2016 06:30 AM

ඔය මොනවා කිව්වත් යහපාලනය ගැන ජනතාව තුළ තිබුණ යහපත් බලාපොරොත්තු, විශේෂයෙන් අගමැති ඇතුළුව ඔබතුමාලා නැතිකළා. තවදුරටත් ගමන ඔහොම නම්, පළාත් පාලන මැතිවරණයේ ඉඳන් එ්ක බලාගන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 19 December 2016 08:48 AM

ඉතා හොඳයි. (නි)

:       0       0

නන්ද Monday, 19 December 2016 09:08 AM

ඔහොම ගිහින් තව තව ඒවාට වැටවල් බඳීවිද කියන සැකයක් මිනිසුන් තුළ ඇතිවී තිබෙනවා. හැබැයි කටවල් වටේ ඔය මොනවත් බඳින්න නම් අමාරු වේවි. (නි)

:       0       0

චාමර Monday, 19 December 2016 09:09 AM

නින්දා ලබන්නත් හේතුවක් තියෙන්න ඕනෑනේ (නි)

:       0       0

ආර්. වික්‍රම Tuesday, 20 December 2016 06:46 AM

කළොත් කරන්නේ ඔය වගේ වැඩක් තමයි මෙතුමා! (නි)

:       0       0

දිලිප් Tuesday, 20 December 2016 06:47 AM

දැන් කොහොමද තීරණය කරන්නේ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියලා (නි)

:       0       0

ඉන්ද්‍රා Monday, 19 December 2016 09:13 AM

අපි බලමු මේ කියන දේවල් කෙරෙයිද කියලා (නි)

:       0       0

සිල්වා Monday, 19 December 2016 09:19 AM

මම හිතුවා ඕක හරියන්නේ නැතෙයි කියාල (බ)

:       0       0

සමන් Monday, 19 December 2016 09:28 AM

මුලින්ම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමති තුමාගේ කටට වැට බැඳිය යුතුයි. කට ඇරියොත් කියන්නේ බොරු. රජය මෙතරම් අපකීර්තියට පත්වෙන්න ප්‍රධාන හේතුව රජයේ තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡා වලදී ඔහු කියන දේ දැන් ජනතාව විශ්වාස නොකරන නිසායි (බ)

:       0       0

විකුම් Monday, 19 December 2016 09:46 AM

ජනාධිපති තනතුරේ විධායක බලය අඩුකළා. දැන් කාටද වැට බැඳීගෙන යන්නේ? (නි)

:       0       0

මොහාන් Monday, 19 December 2016 09:55 AM

මම හිතන්නේ මේ කියන්නේ සමහර අපකීර්තිමත් වෙබ් අඩවි ගැන වෙන්න ඕනෑ. සමහර වෙබ් අඩවි කා ගැන හෝ පුවතක් පළකරන්න කලින් එම පුද්ගලයා අමතනවා. මේවට කියන්නේ බ්ලැක් මේල් වෙබ් අඩවි කියලා. (නි)

:       0       0

රොහාන් Monday, 19 December 2016 09:58 AM

සකුන්තලා, රටේ සහ ලෝකයේ සිදුවන දේවල් අපි දැනගන්නේ මාධ්‍ය හරහා. ඒක නිසා අපි බලාපොරොතු වෙන්නේ හරවත් සත්‍ය මාධ්‍යයක්. බොරු කියන මාධ්‍ය ඕනෑ වෙන්නේ නැහැ. ඒක නිසා මේ කරන්න යන්නේ මාධ්‍ය නිදහස නැතිකිරීමක් නොවේ, බොරුකාරයන්ට වැට බැඳීමක්. (නි)

:       0       0

සිසිර පැරිස් Monday, 19 December 2016 10:07 AM

ඔබතුමාව ඔය පුටුවට ගේන්න කටයුතු කළේත් ඔය කියන වෙබ් අඩවිම තමා. අනික ඔබතුමාට විවේචන එල්ල වෙන්නේ ඇයි කියල පොඩ්ඩක් හැරිලා බලන්න ඔබ හරිද කියල (බ)

:       0       0

ලුම්බිණි Monday, 19 December 2016 10:06 AM

අසත්‍ය ප්‍රකාශ පළකිරීම වැළැක්වීමට වඩා අසත්‍ය ප්‍රකාශ කරන, බොරු කියන මිනිසුන් රවටන දේශපාලකයන්ට දඬුවම් කළොත් නරකද? (බ)

:       0       0

රකිත Tuesday, 20 December 2016 07:30 AM

බොරු වෙබ් අඩවි නතර කළා නම් මහින්ද මහත්තයා තාමත් බලයේ ඉන්නවා (ම)

:       0       0

සහන් Monday, 19 December 2016 10:09 AM

එ්ක නම් ඇත්ත අද හුගක් වෙබ් අඩවි කරන්නේ බොරු ප්‍රචාරණයන් මේ නිසා ඇත්ත බොරුව හොයා ගන්න බැරි වෙලා තියෙන්නවා (බ)

:       0       0

වික්‍රම Monday, 19 December 2016 10:43 AM

රොහාන්, ඔබ සමඟ මමද එකඟවෙමි. අද සමහර වෙබ් අඩවි මඟින් ප්‍රකාශිත දේවලින් සත්‍ය අසත්‍ය වෙන්කර ගත නොහැකි තරම් (නි)

:       0       0

මර්වින් Tuesday, 20 December 2016 08:38 AM

රඛිත ඔයාට වැරදිලා. මහින්ද නැති කාලේ ඇත්ත කියන වෙබ් අඩවි බොරු වෙබ් අඩවි හරිම සාර්ථක වුණා. ඒවාගේ ලණු කාලා තමයි මහින්ද පැරදුණේ (බ)

:       0       0

ඉන්දික Monday, 19 December 2016 11:08 AM

මේගොල්ලෝ බලයට ආවේත් බොරුව වපුරලානේ, දැන් කොහොමද අපු ඉනිමගට පයින් ගහන්නේ ?(ම)

:       0       0

සුනෙත් Tuesday, 20 December 2016 09:04 AM

හරිදේ හරියට කරන්න.එතකොට විවේචන ඉබේම නැවතී මිනිස්සු හොඳ කියාවි. (ම)

:       0       0

රකිත් Monday, 19 December 2016 11:40 AM

මොනවා කිවුවත් මෙතෙක් කරපු දෙයක් නම් නැහැ (නි)

:       0       0

එදිරිසිංහ Tuesday, 20 December 2016 09:18 AM

මේ කරන්න යන වැඩේට නම් අපි එච්චර කැමති නැහැ (නි)

:       0       0

විපුල Tuesday, 20 December 2016 09:24 AM

පොදු යහපත උදෙසා වැඩ කරන්නේ නැතිවුණාම මෙහෙම තමයි. ඔබතුමාලා බලය ගන්නකොට කියපු බොරු සියලුම මාධ්‍ය වල පළවුණානේ. අද මිනිස්සු එකතු වුණහම බනින විදිහ තමයි ඔය කියන අන්තර්ජාලේ පළවෙන්නේ. (නි)

:       0       0

උපසේන Tuesday, 20 December 2016 09:46 AM

අතීසාරයට අමුඩ ගැසීම කියන්නේ මේවා තමා (නි)

:       0       0

ඇසළ Monday, 19 December 2016 12:15 PM

ලංකාවත් උතුරු කොරියාව වගේ කළා නම් වෙබ් අඩවි ඕනෑම නැහැ නේද. එතකොට ඕනෑම දෙයක් කරගෙන සද්ද නැතුව ඉන්න පුළුවන්. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 20 December 2016 10:14 AM

මම නම් රටේ වෙන හැමදෙයක්ම දැනගන්නේ පත්තරෙන්. කොටින්ම කියනවා නම් කැබිනට් මණ්ඩලයේ කරන කියන දේවල් දැනගන්නෙත් පත්තරෙන් (නි)

:       0       0

රොකි Monday, 19 December 2016 01:07 PM

සත්‍ය හැටියට පිලි ගත යුත්තේ ආණ්ඩුවට වාසි වෙන පුවත් පමණ ද? මේ එන්නේ ප්‍රකාශන නිදහසට වැඩේ දෙන්න. ඇයි අර පත්තරවල පල වෙන `වශී ගුරුකම්` වගේ ජනතාව රවටන වෙළඳ දැන්වීම් තහනම් කරන්නේ නැත්තේ?(අ)

:       0       0

නුවන් Monday, 19 December 2016 02:01 PM

කන්න දීපු අත හපාකන්න එපා (නි)

:       0       0

කමල් Monday, 19 December 2016 02:14 PM

ඔබ පොදුවේ මිනිසුන්ට හරි දේවල් පමණක් කරගෙන යනවා නම් බොරු වලට බයවිය යුතු නොවේ (නි)

:       0       0

කුමාර් Monday, 19 December 2016 02:40 PM

ඔන්න හොඳ වැඩක්. බොරු සහ අසහනකාරී දේවල්, නළු නිළියන්ගේ පුද්ගලික දේවල්, බොරුත් සමඟ අන් අයගේ ජීවිත එක්ක සෙල්ලම් කරන මේ වෙබ් අඩවි තහනම් කළයුතුයි (නි)

:       0       0

නිශාන් Monday, 19 December 2016 02:44 PM

මෙතුමා නිසා පටන්ගත්ත දෙවල් නේද මේ? මේක නම් දෛවයේ සරදමක් (නි)

:       0       0

බීනු Monday, 19 December 2016 02:58 PM

දැන් පේනවනේ කරන ක්‍රමය... වෙනසක් තියෙනවද? නැහැනේ! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 19 December 2016 05:00 PM

දැන් ඔය බොරු කියන වෙබ් අඩවි නොතිබෙන්න තවමත් රටේ ජනාධිපති වෙලා ඉන්නේ හිටපු කෙනාමයි. එදා හොඳයි. අද නරකයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 19 December 2016 05:01 PM

ජනාධිපති පුටුවට ගේන්න කටයුතු කළේත් ඔය කියන වෙබ් අඩවිම තමා. අනික ඔබතුමාට විවේචන එල්ලවෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් හැරිලා බලන්න. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 19 December 2016 05:03 PM

එදා කිව්වේ මහජන මුදල් වංචා කරන අය බලු කපුටෝ වෙලා උපදිනවා කියල. එහෙම කියපු අය අද කරන්නේ මොනවාද? මේවා කාට කියන්නද? (නි)

:       0       0

රොහාන් දයාදර Monday, 19 December 2016 06:49 PM

අපි නොදැන කරගත් මේ අපරාධය අපේ හත්මුතු පරම්පරාවටම පටිසන් දෙනවා. අපි මහින්ද රාජපක්ෂගේ රජයට විරුද්ධ වෙලා මේ රජය පත්කරගෙන හත්පොළේ ගා ගත්තා වගේ දැනෙන්නේ (නි)

:       0       0

ආනන්ද Monday, 19 December 2016 07:03 PM

ඔය වෙබ් අඩවි වලට පින්සිද්ධ වෙන්න තමයි දැන් කට්ටිය බලයට ඇවිල්ලා ඉන්නේ (නි)

:       0       0

සනත් Monday, 19 December 2016 07:12 PM

උඩට නැගපු ඉනිමඟට පයින් ගසන්න එපා (නි)

:       0       0

නිලූ Monday, 19 December 2016 08:35 PM

ජනාධිපතිතුමා කරපු එකම දෙයක් හරි කිව්වොත් මම සැබවින්ම පුදුම වෙමි. (නි)

:       0       0

විජිත් Monday, 19 December 2016 08:47 PM

ඔබතුමා මේ වැට බඳින්න යන්නේ ඔබතුමාව ඔය තත්වයට ඔසවා තැබීමට ක්‍රියාකාරිව, දිවි පරදුවට තබා කටයුතු කළ වෙබ් අඩවි වලටයි. සමහර වෙබ් අඩවිවල අසත්‍ය ප්‍රවෘත්ති පළවන බව ඇත්තක්. සමහර ඒවා වලින් විවේචන කරනවා. මිනිස්සු නිකම්ම විවේචන කරන්නේ නැහැ. හේතුවක් ඇතුව කරන විවේචන වැරදි වෙන්නේ කෙසේද...? ඔබතුමාලා බලයට පත්වන්නට පෙර මහජනයාට දිවුරා පොරොන්දුවී ඔවුන්ගේ වටිනා ඡන්දය හිඟාකමින් කී දේවල් අද අමතකද...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 620 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1021 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 190 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site