(වන්නි රොමේෂ් මධුෂංඛ)
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ මහතා ශ්‍රීලංකාවට ගෙන්වූවේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් බවට යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද(24) වවුනියාවේදී පැවසුවේය.
වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් යුද හමුදාපතිවරයා එලෙස පැවසුවේය. රුපියල් මිලියන 24 ක වියදමින් 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය ඉදිකර තිබිණ.
නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් යුදහමුදාපති වරයා මෙසේද කියා සිටියේය.
‘රටේ යුද හමුදාපති හැටියට ඒ නිලධාරියාගේ ආරක්ෂාවට මම වගකියන්න ඕන මේ නිලධාරියා වෙනත් රටක ඒ රටේ නීති පද්ධතියට යටත්ව රාජකාරි කරන අතරේදී යුදහමුදාපති හැටියට හෝ වෙනත් අධිකරණයක විශ්වාසය තියන්න බැහැ ඔහුගේ ආරක්ෂාව තහවුරු වෙයි කියලා.“
“ඒ ගැන සාකච්ඡා කරන්න මම ඔහුට එන්න කිව්වා. ඔහු දැන් ඇවිල්ල ඉන්නවා. දැන් මම ඉන්නේ කොළඹින් පිට. නමුත් මම ඉදිරියේදී ඔහුත් සමග සාකච්ඡා කරනවා“
ඔහු කරපු දේ හරිද වැරිද කියල තීරණය කළ යුතුව ඇත්තේ වෙනම කෙනෙක්. නමුත් ඒ නිලධාරියා මෙහෙ ඇවිත් ඉන්නේ ඔහුගේ කාලය ඉවර වෙලා නෙමෙයි. අපි සාකච්ඡා කරන්නේ ඔහුගේ ආරක්ෂාව කොහොමද අපි සපයන්නේ කියලයි. ඒ වගේම මේ අවස්ථාවේදී ඒ සිද්දියෙන් අයින්වෙලා ඉන්න එක සුදුසුයි කියා මම හිතනවා“
“ඒ වගේම කනගාටු වෙනවා, මේ රටේ ජනතාව අනවශ්‍ය බියකට මේක කාරණාවක් කරගෙන තියන එක ගැන. මේ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා නමුත් රණවිරුවන් දඩමීමා කරගත නොගත යුතුයි. මේ රටේ පාලනය නෙමෙයි මේක කරන්නේ. මේක එක්තරා සිදුවීමක් විතරයි“
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බ්‍රිගේඩියර් ප්‍රියංක ආපසු ගෙන්වූයේ ඔහුගේ ආරක්ෂාවට - යුද හමුදාපති
piyal Saturday, 24 February 2018 09:08 AM
අපි නම් දැනගෙන හිටියා ඔහු එහෙ තියාගන්නේ පෙබරවාරි දහය ඡන්දෙ ඉවරවෙනකම් විතරයි කියලා...
lusena Saturday, 24 February 2018 09:16 AM
සංහිඳියාව කියකියා ඩයස් පෝරාව සතුටු කරන්න.
Chandima Saturday, 24 February 2018 09:17 AM
එතුමා ඒ තම උරහිසේ තිබුණු සිංහ කොඩිය අභිමානයෙන් පෙන්වන ඒ රූප රාමුව දස දහස් ගණනින් මුද්‍රණය කරලා රාමු කරලා සෑම නිවසකම ප්‍රදර්ශනයට තැබිය යුතුයි කියල මම යෝජනා කරනවා. ඒ වගේම අපිත් ඒ ඉරියව්වෙන් ඒ අභිමානවත් විදියේ සෙල්ෆි ඡායාරූප ගන්න ඕනෑ කියලා මට හිතෙනවා.
කසුන් Saturday, 24 February 2018 10:39 AM
හොඳ අදහසක් ...!! මමත්, මගේ දරුවන්ටත් එසේ කරන්නට උපදෙස් දෙනවා.
AsankaSaturday, 24 February 2018 01:28 PM
මට බැන්නට මම කියන්නේ ඇත්ත ,පොඩි පොඩි චන්ඩි හන්දියේ බජාර් එකේදි බීලා රන්ඩු කරද්දි බෙල්ල කට් හොදයි. බෙල්ල කට් හොදයි නන්දිකඩාල්වල යුද්ධ කරද්දි. හැබැයි රාජ්‍ය තාන්ත්‍රික සේවයට පත් කරලා යැව්වාම එතනදි ඕන උපාය, සාකච්ඡාව සහ සමථකරණය මිසක් බෙල්ලකට් නෙවෙයි. අපි සිංහයෝ කිය කිය පහුගිය කාලේ ෆේස්බුක් එකේ ගොසිප් සයිට්වල කෑගහපු කට්ටියට කියන්න තියෙන්නේ නියම සිංහයා දඩබිම මොකද්ද කියලා හරියට දැනගෙන ඒ අනුව තමයි ගොදුරැ අල්ලන්නේ කියලා මතක තියා ගන්න.
Ariyasinghe Saturday, 24 February 2018 09:28 AM
ඉතින් මේවා විශ්වාස කරන්නත් මෝඩ මිනිස්සු ඉන්නවනේ ලංකාවේ. එතකොට ඡන්දෙන් ඉස්සෙල්ලා ගෙන්නන එක නතර කලේ රජයේ ආරක්ෂාවට වෙන්න ඇති.
chamal Saturday, 24 February 2018 09:37 AM
බයියෝ ගැන දුකත් හිතෙනවා.
BamunuarachchiSunday, 25 February 2018 12:41 AM
යුද්දය දිනන්න බැහැ කීව අය ගැනද?
sirimal Saturday, 24 February 2018 09:42 AM
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අභියස එල්ටීටීඊ හිතවාදීන් විසින් විරෝධතාවක් පැවැත්වූ අවස්ථාවේදී එතනට පැමිණි ඊනියා දේශප්‍රේමින් කියාගන්නා දෙතුන් දෙනෙකු විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු උසිගැන්වීම නිසා සිදුවූ එක් වැරදි දෙයක් උලුප්පා දක්වමින් අන්තර්ජාලයේ ගෙනගිය අසාමාන්‍ය ප්‍රචාරය නිසා අද එතුමා මෙවන් අසීරු තත්වයකට මුහුණ පාසිටියි. එංගලන්තයේ නීතිය අනුව රාජතාන්ත්‍රික මුක්තිය නොමැති ස්ථානයක සිට එතුමා කර ඇත්තේ වරදක් ලෙස ඔප්පුවන්නට හේතු ඇති නිසා තවදුරටත් එතුමා එම රටේ නැවතී සිටීම නුවණට හුරු කරුණක් නොවන්නට ඉඩ තිබුණි. එතුමා අප රටතුල සේවය කල සෑම තැනකදීම සියලු ජනකොටස් සමඟම සුහදව කටයුතු කල ගුණගරුක නිලධාරියෙකි. එතුමා මුල්ලන්කෝවිල් කඳවුර භාර නිලධාරියා ලෙස සේවය කල කාලයේ එක්තරා මැතිවරණ අපේක්ෂකයෙකු හට ඡන්දය දෙන ලෙස ජනප්‍රිය ගායකයෙකු හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමට ගත් උත්සාහය නැවත්වීම නිසා පැය කීපයක් ඇතුලත වැඩ තහනමට ලක්වූ නිලධාරියෙකි. අද වැඩිපුරම ඔහු වෙනුවෙන් කිඹුල් කඳුළු සලන්නේ එදා ඔහුගේ සේවය තහනම් කල අවස්ථාවේ හුරේ දැමු විසිල් ගැසූ කණ්ඩායමයි. අන්න එහෙමයි අපේ රටේ නුතන දේශප්‍රේමය...
ChannaSaturday, 24 February 2018 02:59 PM
සිරිමල්, ඉතාම සත්‍ය ප්‍රකාශයක්. මෙය අපගේ වත්මන් පාලකයන්, කිඹුල් කඳුළු හෙලන අවස්ථාවාදී හිටපු නරුම පාලකයන්, සහ මෙහි කොමෙන්ට් දමන පාටකයන් සිහිබුද්ධියෙන් කියවත්වා. තම තමන් දමා සිටින කන්නාඩි ගලවත්වා. මිනිසුන් ගොනාට අන්දවන ප්‍රකාශ නොකරත්වා.
chinthaSunday, 25 February 2018 02:11 AM
එම ප්‍රකාශය සම්පුර්ණයෙන් වැරදියි. ලංකාවේ අය අන්තර්ජාලයේ ලියපු දේ නිසා නොවේ මේක උනේ. කොටි හිතවාදීන් බ්‍රිතාන්‍යයේ තමහිතවත් සුදු ජාතික දේශපාලකයන් සමග කල ප්‍රතික්‍රියාව නිසා හා අපේ පාලකයින් බිය වීම නිසා මෙම තත්වය උදා උනේ .
Fernando Saturday, 24 February 2018 10:21 AM
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අලස සේවකයෝ කියන්නේ ඔහු ආපසු එන බවකි. දෙමළ ඩයස් පෝරාවේ ඉන්න අයට වඩා අන්ත අය මේ ආණ්ඩුවේ ඉන්නේ. ප්‍රියන්ත ප්‍රනාන්දු කියන්නේ අපිට වීරයෙක්... ඔහු ආරක්ෂාව සපයන්නෙක්. ඔහුගේ ආරක්ෂාව ගැන ඔහු බලා ගනී. ප්‍රියන්ක අදත්, හෙටත් අපිට නම් වීරයෙක්. මේවා මේ විදිහට ගියොත් සිංහල පිරිමින්ට ගවුම් අන්දන්න තමයි වෙන්නේ. එජාපයෙන් කියන්නේ පචම තමයි.
palitha Saturday, 24 February 2018 10:37 AM
මැරුවත් "සාදු" කියන අරුම පුදුම සංහිඳියාව. ඕවා කියන්න ඔයාලගේ වගේම මොළ තියෙන බයියන්ට...
Sunil Saturday, 24 February 2018 10:38 AM
ආරක්ෂාවට ඉන්න තැන මාරු කරනවා නම් හමුදාකමින් ඇති ඵලය කුමක්ද?
wasantha Saturday, 24 February 2018 11:05 AM
මේ සිද්ධිය වීඩියෝ කරපු එක්කෙනා අනවශ්‍ය කොටස ඉවත් නොකර අන්තර්ජාලයට දමපු එකයි වරද... ඒක තමයි මේ පැටලිල්ලේ මුල. ඒ ගැන වෙනම පරික්ෂණයක් තියන්න ඕනේ කරපු දේට. වෙන කවුරුවත් ඒ ගැන පොටෝ එකක් වත් දාල නෑ. අපේම කෙනෙක් තමයි ගින්න පත්තු කරලා තියෙන්නේ.
Danuska Saturday, 24 February 2018 11:09 AM
එංගලන්තේ නැති ආරක්ෂාවක් අපේ රටේ කොහෙද?
lalSunday, 25 February 2018 01:14 AM
ලන්ඩන් වල කොහෙද ආරක්ෂාවක්. ඇලෙක්සැන්ඩර් ලිටිවිනෙන්කෝට උන වැඩේ දන්නවනෙ.
ලුම්බිණි Saturday, 24 February 2018 11:15 AM
සියල්ල ඉතාම කනගාටුදායකයි.
Raveendra Saturday, 24 February 2018 11:56 AM
දැන් එතකොට "බුරුවන් තේරීමේ මහා තරගය" ඉවර වෙනකම් මෙම නිලධාරියාගේ ආරක්ෂාව ගැන අල්ලපු රටේ හමුදා ප්‍රධානිය වෙන්න ඇති බලලා තියෙන්නේ නේද? බලන්නකෝ එ්කෙත් වැඩේ හැටි... ලක් පුරවැසියන් සියල්ලෝම කොන්ඩේ බැඳලද ලිහලද?
Nihaal Saturday, 24 February 2018 01:34 PM
හමුදාපතිතුමාට අනුව බ්‍රිතාන්‍යය රජ්‍යතන්ත්‍රීකයින්ට අනාරක්ෂිත රටක් ???
antan Saturday, 24 February 2018 01:54 PM
ඇත්තටම විදේශ රටවල තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට හමුදාවේ අය පත් කිරීමේ තේරුම කුමක්ද? ඇත්තටම ඒ අයගෙන් වෙන සේවය කුමක්ද? මෙහෙම තනතුරු පටන් ගත්තේ පහුගිය ආණ්ඩුවෙන් ඒ කීප දෙනෙක් සතුටු කරන්න .
Some Saturday, 24 February 2018 02:41 PM
යුද්ධේ දවස් වල මුලු ආම් එකම නිවාඩු යවල ගෙවල්වල තියාගන්න තිබ්බ ආරක්ෂාවට
Cisco Saturday, 24 February 2018 02:46 PM
මෙවැනි නිවට නියාවෙන් තමයි එල්ටීටීඊ සමඟ සාම ගිවිසුම වේලාවෙත් අපි හිටියේ කමක් නැහැ මේවා වගේද සංහිඳියාව
සෙනෙවි Saturday, 24 February 2018 04:33 PM
හැබෑට ?
chandana Saturday, 24 February 2018 05:40 PM
මෙහි ඇති සියලු අදහස් වලට ගරු කරමි. නමුත් සිදු වූ සිද්ධියත් සමග දැන් ඔහුට ලන්ඩනයේ තනිව ගමන් යාම අනතුරුදයකා නොවේද. යම් අනතුරක් වුනොත් මේ අයගේ අදහස් දැන්ම දැන ගන්න මම කැමතියි
Nuwan Mangala Saturday, 24 February 2018 08:16 PM
මහේෂ් සේනානායක මෙතරම් පච උනේ කොහොමද....? එහෙම බලද්දී ට්‍රෙවිස් සින්නය්යා මහත්මයා, සරත් ෆොන්සේකා මහත්මයා උදාර නායකයෝ.
Ashan Saturday, 24 February 2018 09:54 PM
මේකෙ අදහස් දාන ගොඩක් අයට ජාත්‍යන්තර නීති ගැන දැනුමක් නැහැ වගේ. මොහු කල දෙය අපට වීර කමක් වුනාට ඒ රටේ එය වැරැද්දක්. ඒ නීතියට අනුව ඔහුව අත් අඩන්ගුවට ගන්න පුලුවන්. අන්න ඒකෙන් බේරගන්න තමයි ඔහුව ගෙන්නල තියෙන්නෙ.
DD Saturday, 24 February 2018 10:21 PM
එහෙම තර්ජන තිබුණට එහෙම කරදර කරලා ඩයස්පෝරාව අනා ගන්න යන්නේ නෑ. උන් සුදු හමටබයයි....
Nuwan Saturday, 24 February 2018 10:24 PM
හරි වැරැද්ද මොක උනත් අන්තිමට නැති උනේ ලංකාවේ මිනිස්සුන්ගේ අභිමානය. ඒ වෙනුවෙන් පෙනී ඉන්න කවුරුත් නෑ.
podi eka Sunday, 25 February 2018 04:39 AM
බලාගෙන ගියාම එංගලන්තෙත් අනාරක්ෂිත රටක් නේ....
sanath Sunday, 25 February 2018 06:49 AM
ජනාධිපති ,ජාත්‍යන්තාරේ දිනුව කියන්නේ , මොන ---තදද ?
SANATH Sunday, 25 February 2018 06:51 AM
බයක් වෙන්න දෙයක් නැහැ , ජනාධිපති ,ජාත්‍යන්තරේ දිනලා ඉන්නේ.
Muhan Sunday, 25 February 2018 07:16 AM
මෙම බ්‍රිගේඩියර්වරයා මෙරටේදී කටයුතු කරනකොට දමිල ජනතාව සමග බොහොම සහයෝගයෙන් වැඩ කටුතු කල කෙනෙක් බව අදහස් පල වුනා. රජතාන්ත්‍රික මටමින් බලන කල මෙතුමා අතින් අත්වරදක් සිදු වෙලා කියලයි අදහස් පලවෙලා තියෙන්නේ . එමනිසා මෙම ප්‍රශ්නය රජතාන්ත්‍රික මට්ටමින් මෙතුමටත් රටටත් හානියක් නොවන විදිහට විසදාගත යුතුය . යුද හමුදාපතිතුමා ප්‍රකාශ කරනව මේ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා නමුත් රණවිරුවන් දඩමීමා කරගත නොගත යුතුයි කයලා. එය බොහොම බුදිමත් අදහසක් . ඒ වගේම එතුමාට මෙම ප්‍රශ්නය විසදාගැනීමට හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා . නමුත් මෙම ප්‍රශ්නය දඩමීමා කරගෙන තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට දේශපාලකයෝ උත්සහ කරන බවත් පේනවා .