(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)
තමා මෙරටින් පිටුවහල් කොට තම මුලික අයිතිවාසිකම් කඩ කිරීම හේතූවෙන් වන්දි ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් නිශ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවකට ඇය යටත් කළාය.
පෙත්සම්කාර බි්‍රතාන්‍ය ජාතික කාන්තාව කරුණු වසන් කරමින් මෙම මුලික අයිතිවාසකම් පෙත්සම ගොනු කොට ඇතැයි සඳහන් කරමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීපතිවරයා ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.
බත්තරමුල්ල අකුරේගොඩ තාවකාලිකව පදිංචිව සිටින බි්‍රතාන්‍ය ජාතික කර්ලීන් ෆේසර් මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආගමන විගමන පාලකවරයා ඇතුථ පිරිසක් නම් කොට ඇත.
‘ගෝඨාගෝගම’ අරගල භූමියේ රැදී සිටියදී අත්අඩංගුවට ගනු ලැබු තමාගේ වීසා කාලය ඉකුත් වී ඇතැයි චෝදනා කරමින් තමා පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කොට ඇතැයි සඳහන් කරමින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බි්‍රතාන්‍ය ජාතික කාන්තාව ඉන් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීණ්දුවක් දෙන්නැයි ඉල්ලීමක්ද කළාය.
වගඋත්තරකාර ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ්‍යෂ්ඨ නීතීඥ කණීෂ්කා ද සිල්වා මෙනවිය මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් හේතූවෙන් මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වන්නේ නැතැයි සඳහන් කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම පෙත්සම්කාර බි්‍රතාන්‍ය ජාතික කාන්තාව මුලික අයිතිවාසිකම් පෙත්සම් කකිහිපයක්ම ඉදිරිපත් කොට ඒවා නිශ්ප්‍රභ වී ඇතැයි පෙන්වා දුන් රජයේ ජේ්‍යෂ්ඨ නීතීඥ කණීෂ්කා ද සිල්වා මෙනවිය පෙත්සම්කාරිය එම කරුණු අධිකරණයට දැනුම් දී නැති බවත් පෙන්වා දුන්නාය.
නීතීපතිවරයා වෙනුවෙන් මතුකළ මෙම විරෝධතාවය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය බි්‍රතාන්‍ය ජාතික කාන්තාවක් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කළ අතර රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවක් ගෙවීමට ඇයට නියම කළාය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බ්‍රිතාන්‍ය කතගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභයි
කීර්ති වර්නකුලසූරිය Friday, 12 May 2023 09:27 AM
සියලු විදෙශිකයන් වහාම පිටුවහල් කර යුතුය්. මෙය රටෙ බව්මික ආකන්ඩතාවය පවත්වා ගානීමට උදව් වේ!