IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍යයේ රග්බි ක්‍රීඩකයෙක් කොළඹදී මියයයි


 
(ඩයනා උදයංගනී‍)

          
ඉකුත් දා පැවති සුහද රග්බි තරගවලියක් වෙනුවෙන් මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්ඩායමක ක්‍රීඩකයකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හාවඩ් තෝමස් ඇන්ඩෘ නැමති 26 හැවිරිදි ක්‍රිඩකයෙකි.  හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගු‍ණසේකර මහතා පැවසීය.

එම කණ්ඩායමේ තවත් ක්‍රීඩකයකු වන බෙට් තෝමස් රීඩ් නැමැත්තාද මෙසේ රෝගී වී මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සුහද රග්බි තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්ඩායමක් සහ පුහුණුකරුවෙක් ඉකුත් 10 වැනි දා මෙරටට පැමිණ ඇත.

එම තරඟාවලිය කොළඹ ප්‍රදේශයේ ක්‍රිඩාංගණයක (සී.ආර් ඇන්ඩ් එෆ් සී) පෙරේදා (12) පවත්වා ඇති අතර ඉන් අනතුරුව එම ක්‍රිඩකයින් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ද සහභාගී වී ඇති බව පොලිසිය කියයි.

භෝජන සංග්‍රහයෙන් පසුව එම රග්බි ක්‍රිඩකයින් ඔවුන් නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලට පැමිණ ඇති අතර පසුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැති රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති බව සඳහන්ය.

සමාජ ශාලාවේ සිට එම ක්‍රීඩකයින් ඊයේ(13) අලුයම 04.00ට පමණ තමන් නවාතැන් ගෙන සිටි හෝටලයකට පැමිණ ඇති අතර ඔවුන් අතරින් ක්‍රිඩකයින් දෙදෙනෙකුට පෙරවරු 10.00ට පමණ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ඉන් එක් අයෙකු මියගොස් ති‍බේ. මළ සිරුර කොළඹ ජාතික රෝහ‍ලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
          



අදහස් (16)

බ්‍රිතාන්‍යයේ රග්බි ක්‍රීඩකයෙක් කොළඹදී මියයයි

sampath Monday, 14 May 2018 06:39 AM

එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.

:       2       44

kassiMonday, 14 May 2018 10:16 AM

තාජුඩින් 2

:       0       8

pahan Monday, 14 May 2018 07:24 AM

මේ අය කිසියම් මත්ද්‍රව්‍යක් භාවිතා කලා විය හැකියි.

:       2       109

THILINA Monday, 14 May 2018 08:07 AM

ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා මෙයට මැදිහත් වීමට කලින් අදාල බලධාරීන් වහා ක්‍රියාත්මකවීම නුවණට හුරුය. එහෙම නූනොත් කොලේ ඉරාගෙන ඇඟේ හලා ගන්න වෙයි...

:       118       171

SportsmanTuesday, 15 May 2018 12:04 AM

හුස්ම ගැනීම අපහසුතාවයක් නැද්ද?

:       0       0

Sujeewa Monday, 14 May 2018 10:01 AM

දැන් මේකත් රාජපක්ෂ පවුලටම පටවයි.

:       443       696

GonAliyaMonday, 14 May 2018 10:24 AM

රාජපක්ෂ පවුල සුද්දන්ට භයයි.

:       559       300

SiriMonday, 14 May 2018 11:50 AM

ඔව්! මේකත් අර තජුදින්ට වුණා වගේ වැඩක්ද දන්නේ නැහැනේ?

:       64       135

tommy Monday, 14 May 2018 10:03 AM

මෙයින් දැක්වෙන්නේ අද රාත්‍රී සමාජ ශාලාවලට යාම මරණයකින් කෙලවර විය හැකි බවයි. පිටරට අය කෙසේ වෙතත්, ලංකාවේ තරුණ තරුණියන් මේ සමාජ ශාලාවලට යාමට ප්‍රථම මේ දේවල් සිහි තබා ගතහොත් හොඳයි.

:       12       148

SHELTON Monday, 14 May 2018 10:21 AM

අනිවා... ගොඩගන්න වෙනවා තාජුඩීන් වගේ..

:       12       111

SanjeewaMonday, 14 May 2018 08:44 PM

ඒකට ආපහු ඡන්දයක් එන්න ඕනේ. එතකන් ගොඩ ගන්නේ නෑ

:       0       36

Jehaan Monday, 14 May 2018 10:47 AM

දැන් මේක වුනේ කොහොමද කියා වහාම සොයා ගන්න. ලංකාවේ මිනිස්සුන්ගේ මළමිනී වගේ අවුරුදු ගණන් මෘත ශරීරාගාරයේ තියා ගන්න ගියොත් ඒකත් තව නඩුවක් වේවි.

:       0       5

විකුම් රංගන Monday, 14 May 2018 03:24 PM

ම්ලේච්ඡයින්ගේ රටේ අපිට නම් මේවා අමුතු දේවල් නොවෙයි. හොඳ ගේමක් දීලා තිබෙනවා. ක්‍රීඩකයින්ට ක්‍රීඩා නොකරම ආපසු බ්‍රිතාන්‍යයට දුවන්නම... ලේ ටිකත් උරා බොන්න කලින් ඔතනින් මාරු වෙයල්ලා.

:       0       0

Akila Monday, 14 May 2018 04:14 PM

ලංකාවේ රාත්‍රී සමාජ ශාලාවල මොනවගේ භයානක දේවල් භාවිතා වෙනවද කියලා, දැන්වත් පොලිසියෙන් හොයල බලන්න වෙනවා.

:       0       4

පිටිගල මිලානෝ Monday, 14 May 2018 05:04 PM

ප්‍රමිතියෙන් අඩු මත්ද්‍රව්‍ය තමයි ලංකාවේ භාවිතා වෙන්නේ. එහි ප්‍රතිපල ක්ෂනිඛ මරණය.

:       0       5

janaka Tuesday, 15 May 2018 02:51 AM

පෞද්ගලික රෝහලක මරණය සිදු උනාම මල සිරුර ජාතික රෝහලේ මෝචරියට ගියේ කොහොමද? පෞද්ගලික රෝහලේ දොස්තරවරු සහ හෙද කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් භාවය, ප්‍රතිකාර පමාව සහ නියමිත ප්‍රතිකාර නොකිරීම නිසා මෙය සිදුවී ඇතිබවයි පෙනෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 14 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 46 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 117 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 374 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 22 399 1

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 1242 2

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 297 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site