වෘත්තීය සමිති නායකයකු, ලංකා සම සමාජ පක්ෂයේ පුරෝගාමියකු, අපරාධ නඩු පිළිබද නීතිවේදියකු වූ ලංකා වෙළෙඳ සේවක සංගමයේ ලේකම් බාලා තම්පෝ (92) කොළඹ පෞද්ගලික රෝහලක දී අද අභාවප්‍රාප්ත විය.
අවසන් කටයුතු ලබන සිකුරාදා (05) බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට අදහස් කරන බවත් වැඩි විස්තර අද සවස පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් පසු දැනුම් දෙන බවත් ලංකා වෙළඳ සේවක සංගමය කියයි.
ඔහු ලංකා විශ්ව විද්‍යාලයයෙන් හා ලන්ඩන් විශ්ව විද්‍යාලයයෙන් බීඑස්සී උපාධිය දිනා ගත්තේය.
තම්පෝ මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළේය. 1947 දී රජයේ සේවයෙන් පහ කිරීමෙන් පසුව ඔහු ලංකා වෙළෙඳ සේවක සංගමයට බැඳුණේය.
(බාලා තම්පෝගේ 92 වැනි ජන්ම දිනය වෙනුවෙන් එසැණ පල කළ ලිපිය)
බාල තම්පොට 92යි : සතියට දවස් හයක් වැඩ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදලට කම්කරුවන් පාවාදෙන අවදියක කම්කරුවා වෙනුවෙන් හඬ නැඟූ ඔබට නිවන් සැප ලැබේවා! (නි)
ජාතියේ පිනට පහළ වූ අවංක කම්කරු විරුවාණෙනි, ඔබගේ හදිසි වියෝව ඇසීමෙන් මා බලවත් කම්පාවට පත්වුණෙමි. ඔබ වැනි නායකයෙකු නැවත මේ ලෝකයට පහළ නොවනු ඇත. විරුවාණෙනි, ඔබ නැවත අප රටේ ඉපදුන මැනව. (නි)
ගසා නොකෑ එකම කම්කරු නායකයා ඔබතුමායි. ඔබට නිවන් සුව පතමි! (නි)
නියම කම්කරු නායකයෙක්.ඔබට නිවන් සුව! (නි)
ආවා,හිටියා, වැඩ කළා, ගියා. දැන් මතකය පමණකි. සරල ජීවිතයක් ගතකරමින් අන් අයට සේවය කළ ඔබතුමාට නිවන් සුව පතමි. (නි)
නිවන් සැප ලැබේවා...!!! (නි)
පීඩිත ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන ගමන් අත්‍යාවශ්‍ය සේවා වර්ජනය කරවමින් පීඩිත ජනතාවගේ ගෙළ සිරකරන වෘත්තීය සමිති නායකයන් සිටින රටේ බාල තම්පො කියන්නෙ ජනතාව ගැන හිතලා වැඩ කරපු නියම වෘත්තීය සමිති නායකයෙක්.(දිල්)
හොඳ අවංක බොරු නොකියන කම්කරු නායකයෙක්. වාසියට කතා නොහදපු නායකයෙක්. එතුමාට නිවන් සුව පතමු.(දිල්)
මැරෙන තුරුම සිතින් හා ගතින් ඔහු තරුණයෙක්. එනිසාම 18 තරුනයාටත් ඔහු සහෝදරයෙක්ම විය. ඉතිරිය විදුරංග සොයුරා පවසා ඇත. අපේ විප්ලවීය ආචාරය. (නදී)
ඔබ නියම කම්කරු නායකයෙක්.නිවන් සුව ! (නි)
මෙරටේ සම්ප්‍රදායික වාමාංශික පක්ෂවල දේශපාලන ප්‍රතිවිරෝධතා ඉදිරියේ නොසැළී ඍජු ප්‍රතිපත්තියක් ඇතුව ක්‍රියාකළ සැබෑ කම්කරු නායකයෙක් ලෙස මෙතුමා ලංකා ඉතිහාසයට එකතු වී බොහෝ කල්. ඔබට විමුක්තියක්ම වේවා! (නි)
වැඩකරන ජනතාව වෙනුවෙන් අවංකව හඩනැඟූ ශ්‍රේෂ්ඨ නායකයෙක්. මගේ උත්තමාචාරය ! (නි)
කම්කරු සමාජය තුළ මා දුටු එකම අවංක පුද්ගලයා ඔහුය (නි)
පුංචි මිනිසා සමඟ හැමදාම සිටි වාමාංශික කම්කරු නායකයෙක්. (නි)
බී.තම්පෝ වෘත්තීය සමිති සහෝදරයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රායෝගික උගතෙකි. බුද්ධිමතෙකි. මෙතුමාගේ අගයකළ යුතු විශේෂ ගුණයන්ව පැවතියේ නිරහංකාරබව, චාම්බව සහ ඉතාම සරල දිවි පැවැත්මයි. ඉතාමත් අගය කළයුතු පරමාදර්ශී චරිතයක්ම විය. මෙතුමාගේ දැනුමෙන්, බුද්ධියෙන්, පළපුරුද්දෙන් රට වෙනුවෙන් ලබා ගතයුතුව තිබුන ප්‍රතිලාභ කිසිම රජයකින්වත් ලබාගැනීමට උත්සුක නොවීම රටේ අභාග්‍යයකි. මහා වීරයාණෙනි, අපේ විප්ලවීය ආචාරය!!! (නි)
ශ්‍රේෂ්ඨ මිනිසෙකි. ඔබට නිවන් සුව!! (නි)
පසුගිය මැයි රැලියේත් අපි ඔහු දුටුවා. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (ස)
ශ්‍රේෂ්ඨ කම්කරු නායකයෙක් රටට අහිමිවුණා. බලවත් ශෝකය! (නි)
සත්‍ය කම්කරු නායකයෙකුට හිටියේ මෙතුමා පමණයි. ජාති කුල ආගම් නෙසළකා සැබෑ වෘත්තීය සමිති නායකයකු ලෙස අවුරුදු 67 කට වැඩි කාලයක් ජනතාවට සේවයකළ මෙතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙතුමා කම්කරුවන්ගේ පිනට පහළ වූ පුද්ගලයෙක් (නි)
ඔබට නිවන් සුව පතමි! (නි)
අහෝ! එතුමාට නිවන් සැප ලැබේවා! (නි)
දැනට ඉන්න නමට කම්කරු නායකයන්ට නියම ආදර්ශයක් ගත හැකි නායකයෙක්. ඔබතුමාට නිවන් සුව පතමි ! (නි)
කම්කරුවන්ව පාලනය කරගෙන හිටියේ මේ කට්ටිය තමයි. ධනපති පන්තිය මේ අයට ණය වියයුතුය. (නි)
නොවෙනස් ප්‍රතිපත්ති වලින් යුතුවූ පිරිසිදු සමාජවාදියෙක් රටට අහිමි වුණා. මගේ ප්‍රණාමය ඔබට උතුමාණෙනි. (නි)
අවංක කම්කරු නායකයෙක් . තනතුරු සහ බලය කිසි විටක නොමනා විදියට හැසිරුවේ නැහැ . ඔබට අමා මහා නිවන් සුව පතමි.(අ)
ඔබතුමාගෙන් රටට වූ මෙහෙය අතිමහත්. ඔබතුමාට නිවන් සුව අත් වේවා.(නදී)
ඔබ නියම කම්කරු ප්‍රජාව වෙනුවෙන්ම නැගීසිටි පුරෝගාමී වීරයෙක්. ඔබ වැනි නායකයන් නැවත නැවතත් ලංකාවේම ඉපදේවි. අපේ දුප්පත් කම්කරුවන් නැවත නැවතත් අවදිකිරීමට, ඔබට නැවත ඉපදීමට කම්කරුවන්ගේ ආශීර්වාදය ලැබේවා (නදී)
නියම කම්කරු නායකයෙකුට හිටියේ මෙතුමා පමණයි, මට නම් (නි)
චරිතයේ කිසිදු කැළලක් නැති ශ්‍රේෂ්ඨ මිනිසෙක් (නි)
ඔබ කළ සේවය වගේම ඔබගේ දරුවන් කරන සේවයත් රටට ආඩම්බරයක් (නි)
එකම ප්‍රතිපත්තියේ හිටි ගරු කළ යුතු නායකයෙක්. මගේ උපහාරය සහ කණගාටුව! (නි)
මම කැමතිම පුද්ගලයා ඔබයි. ඔබට නිවන් සුව! (නි)