- කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපිට දී සිරුරට ගිනි ඇවිළුණු හිටපු හමුදා සැරයන් මියගිය බව ජාතික රෝහල කියයි. ශ්‍රී ලංකාවට එරෙහිව පවත්වන යුද අපරාධ පරික්ෂණවලට විරුද්ධව ඔහු සිරුරට ගිනි තබාගන්නට ඇතැයි පොලිසිය කියයි.
- ශ්‍රී ලංකා මුහුදු සිමාව උල්ලංඝනය කරමින් කච්චතිව් දූපත අසළ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් හය දෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුට ගෙන කයිට්ස් පොලිස් ස්ථානයට භාරදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
- ගිරිඋල්ල පොලිසිය අසළ කහ ඉර මත දී යතුරුපැදියක ගැටුණු පොලිස් කොස්තාපල්වරයෙක් මියගියේය.
- හෙරොයින් ග්‍රෑම් 10ක් සමග ගාල්ල පියදිගම දී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
- වැල්ලවත්තේ වෙළඳ සැළකට අගරු චෙක්පත් ලබාදී රුපියල් 480,000ක් වංචා කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආදරය කරන මිනිසුන් මියයනවා (නි)
ශ්‍රී ලංකාවට එරෙහිව පවත්වන යුද අපරාදවලට සහයදෙන එකෙකුව හෝ දෙන්නෙක්ව ගිනිතියල සිරුරට ගිනිතියා ගත්තනම් තමා හොඳ. (නදී)
වෙන ප්‍රශ්ණයක් ඇති නේද ? (නදී)
පුද්ගලික හේතුවක්ද,පවුලේ ප්‍රශ්නයක්ද,මුදල් ප්‍රශ්නයක්ද කවුද දන්නේ....?පොලිසිය පේන අහලා, හේතුවත් දක්වලා ඉවරයි. (නදී)
රණවිරුවෙක් වූ ඔබට ගරුකරමි.එහෙත් මෙලෙස නිකරුනේ ජීවිතය නැතිකර ගැනීමෙන් වැඩක් වෙන්නේ නැහැ. (නි)
"කලෙකිනි මිනිසත්බව ලැබගන්නේ....". අපරාදේ මනුස්ස ජිවිතයක්.ප්‍රශ්නයක් වෙනුවෙන් දිවිනසා ගැනීමට වඩා ජීවත්වෙලා විසඳුමක් සෙවීම අමාරුයි. (නි)
මට අර ගවමස් තහනම් කරන්න කියලා ගිනිතියාගත් හාමුදුරුවෝ මතක් වුණා (නි)
පොලීසියට ඉතින් මොනවා කියන්න බැරිද: මේ වගේ ගොන්නු ඉන්න රටක ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි කියල හිතෙන්න ඇති (නදී)