IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බාල බෙහෙත්වලින් 27ක්මැරිලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බාල බෙහෙත් භාවිතය නිසා මරණ 27ක් සිදුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද( 8 )පැවසීය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසූවේ  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.

සජිත් පේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

බාල බෙහෙත් වලින් මරණ සිදු වෙලා නැහැ කියලා ආණ්ඩුව කියනවා.  මරණ විසි හතක් වෙලා තියෙනවා. ඇමතිතුමා කියාවි කෝ සාක්ෂි කියලා. කමිටුව එහෙම කියලා නැහැ කියලත් කියාවි. බලන්න කරල තියෙන කපටි කම. සටකපට කම. කමිටුවට කියලා තියෙන්නේ මෙම මරණ අසාත්මිකතාවය නිසා සිදුවූවක් ද කියලා හොයන්න විතරයි. පූර්ව නිගමනයකට ඇවිල්ලා කමිටුවේ වරම සීමා කරලා. වෛද්‍යවරුන් අද රට හැර යනවා. සාමාන්‍ය වෛද්‍යවරුන් අටසීයක් රට හැර ගොස් තියෙනවා. විශේෂඥ  වෛද්‍යවරුන් තවත් විශාල ප්‍රමාණයක් රට ගියා. විකිරණ තාක්ෂණවේදීන් සේවක අනුමත සංඛ්‍යාව 1100යි. නමුත් ඉන්නේ 700 යි. කොළඹ මහ රෝහලේත් විදුලිය විසන්ධි කරන්න ලෑස්ති වුණා.



අදහස් (7)

බාල බෙහෙත්වලින් 27ක්මැරිලා

රාජේශ් ඛන්නා Friday, 08 September 2023 03:04 PM

සංකුලතා ඇති වුනහම මිනිසුන් මැරෙනවා. ඒක කාටවත් නවත්වන්න බැහැ. දැන් ස්පිරිතාලවල මැරෙන අය ගණන් කරල ඒකෙන් නරුම දේශපාලනයක් කරන එක හරිම හිරිකිතයි. තමන්ගෙ පියාට තිබුනේ ප්‍රේමදාස නම මාර්කටින් කරන රෝගයක්... ගම් උදාව කාලේ මල්වෙඩි දර්ශණ අවසානයේ පියාගේ මුහුණ දර්ශණය වන අයුරින් ඉලෙක්ට්‍රෝනික ක්‍රම මගින් පසුතලයක් නිර්මාණය කරන්න. ඩොලර් මිලියන ගණන් වියදම් කරපු හැටි අමතකද? කුඩා මධ්‍යම පරිමාණ රබර්, තේ වතුවල වැඩ කළ අයට පිටරටින් ණයට ගෙන අක්‍රමවත් ආකාරයට ජනසවිය දීමෙන් ඔවුන් එම දවස් පඩි රැකියාවලින් ඉවත් වීමෙන් එම කර්මාන්ත කඩාවැටී තවමත් රටට අහිමි වෙමින් පවතින විදේශ විණිමය ගැන අමතක ද? රටේ ඩොලර් අහේනියක් තිබෙන සමයක ගෙනා ඖෂධවලින් ජිවිත කියක් රැකිල තිබෙනවද කියල පෙනුණේ නැතිද?

:       5       4

Dilsha Friday, 08 September 2023 07:13 PM

සංකූලතා ඇතිවෙන්නේ බෙහෙත් බාල නිසා... ඩොලර් අර්බුදයක් තියෙන වෙලාවක තුන්හතර ගුණයක් වැඩිපුර ගෙවලා බාල බෙහෙත් ගෙන්වන්නේ ඇයි? හරි දේ... හරි විදිහට, වැරැදි දේ වැරැදි විදිහට දකින්න.... බොස් කළත් වැරැදි දේ වැරැදියි.

:       1       1

රාජේශ් ඛන්නාSunday, 10 September 2023 01:36 AM

රටක් වැටුණු වෙලාවක කළයුත්තේ සියලුදෙනා එකතු වී රට ගොඩදාගන්න කටයුතු කරන එක මිස අනවශ්‍ය දේට කාලය වැයකරන එක නොවෙයි. ඩොලර් අර්බුදයක් තිබුණත්, නැතත් තුන්හතර ගුණයක් වැඩිපුර ගෙවලා රෝහල්වලට බාල බෙහෙත් ගෙනැවිත් තිබෙනවා නම් කටකතා පදනම් කර නොගෙන සාක්ෂි සහිතව අදාළ පුද්ගලයින්ට විරුද්ධව අනිවාර්යයෙන් ම නීතිය ක්‍රියාත්මක කරවීමකට මැදිහත් වන්න විරුද්ධ පක්ෂ නායකයාට අවස්ථාව තිබෙනවා. සාමාන්‍ය අපිටත් අවස්ථාව තියෙනවා. එහෙම තිබියදී මොනවද මේ කතා...?

:       0       0

namal Friday, 08 September 2023 07:29 PM

බාල ඖෂධ ගෙන්වපු අයටයි... ඔවුන්ගේ පවුලේ අයට සහා ගෙන්වන්න උදව් කරපු අයයි, , ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා..!! හෙණ පහළ වේවා..!! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා..! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා..! බලු රාජපක්ෂ පවුලට කඩේයන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්.., ශාප වේවා..! දෙවියන්ගේ ශාපය අත්වේවා...!! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...

:       1       0

kavidhu Saturday, 09 September 2023 02:25 PM

රාජේශ් ඛන්නා.. ඔයාගේ ළමයෙකුට ඉස්පිරිතාලේ ගිහින් මේ වගේ දෙයක් වුණා නම් ඔයවගේ ලස්සන කතා කියනවද? සල්ලි බලය නිසා මොනවා වුණත් කනවා.

:       1       0

රාජේශ් ඛන්නාSunday, 10 September 2023 01:33 AM

"සල්ලි බලය නිසා මොනවා වුණත් කනවා" ඔයා කනවා ඇති. මා නම් නැති බව මම හොඳින් දනිමි. මගේ ළමයෙකුට වුණත් එච්චරයි. යන්නට සිදුවන්නේ ඉන්නට බැරි වන්නේ... නොතිර සසර සාගරේ. ඔබේ ළමයෙකුට හීනෙන්වත් එසේ නොවේවායි ඉතසිතින් පතන්නම්...!

:       0       0

Bamunuarachchi Saturday, 09 September 2023 05:58 PM

බාල බෙහෙත් කතාවක් නැහැ... ගෙනාපු ආවුෂ ඉවර නම් කොහේ හිටියත් කොහොම හිටියත් මැරෙන කෙනා මැරෙනවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 323 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 140 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 155 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 3260 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 897 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1138 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26042 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 293 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site