උතුරු මැද, සබරගමුව සහා නැගෙනහිර පළාත් සභා වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක නාමයෝජනා සම්මුඛ පරීක්ෂණ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී අද (6) සවස පැවැත්විණි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ප්‍රධානියා ඇමැතිවරයෙකි. සුදුසුකම් අනුව ලකුණු ක්‍රමයකින් අපේක්ෂකයෝ තෝරා ගැනෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම සුදුසුකම මත්කුඩු බෙදහෙරීම සහ ළමා අපචර සහ ලැජ්ජ නැතිව කඩේයාමද ?
පෝලිමේ ගෑනුකෙනා බලාගෙනයි,මෙතන කලබලයක් ඇතිවීමට ඇති හැකියාව මගහැර සාර්තකව නොමිනේශන් කටයුතු කරගෙනයාමට නම් සැලකිලිමත්ව අනිත්පැත්තට හැරිලා හිටියොත් නේද හොඳ.
සුදුසුකම් තමයි සාමාන්‍ය පෙළ සමත් වීම, මිනීමැරුම්, කප්පම් කල්ලි සහ ස්ත්‍රී දූෂණ වලට සම්බන්ධ නොවීම
ඔය ළකුණු ක්‍රමේටම නම් තංගල්ලේ අපේක්ෂකයෝ තෝර ගත්තේ එහෙමනම් අපිටත් දෙයියන්ගෙම පිහිටයි.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ප්‍රධානියා ඇමැතිවරයෙක් නේද?
මෙදා පාර බුලත් කොළේට මුස්ලිම් ඡන්ද නොමැත
පිනට කන්නද පෝලිමේ ඉන්නේ
පක්ෂයේ නම විකුණලා මෙයාල ගොඩයන්නද මන්දා හදන්නේ.කලපනාවෙන්.මැර චරිත අයින් කලොත් රටට ඡය!!!!!!!!
ඡන්ද දායකයනි.. ඔබගේ ඡන්දය කල්පනා කර පාවිච්චි කරන්න.. ඔබට ජීවත් වීමට පුළුවං වුණත් ඔබට පහළම අසරණ දුප්පත් මිනිසුන් ගැනත් හිතන්න. ලංකාවෙ සියලුම නිශ්පාදන සමාගම්, සහ ආනයනය කරන අයටනම් බදු මිල කෙච්චර වැඩි කළත් ඒ සම්බන්ධව රජයට කිසිම ගානක් නැහැ.. බෙහෙත් ශාලාවකට ගොස් සාමාන්‍ය මිනිහෙකුට බෙහෙත් ගන්න හැකියාවක් නැහැ. දිනෙන් දින බෙහෙත් මිල වැඩිවෙලා.. මේවා රජයෙන් පාලනය කරන්න බැරිද..?? ඔබට ජීවත්වන්න පුළුවං උනත් අනිත් අය ගැන හිතා බලන්න..
සුජිත් මහත්තයෝ, අපිත් රෙද්දක් ඇදගෙන පාරේ අයිනට වෙලා හිටගෙන ඉමුද?
මූණු ටික දැක්කම කියන්න පුලුවන් රටට හරි ආදරෙන් පෙරට ආපු අය කියලා
උතුරු මැද හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ජය පතමු
පෝලිමේ නෝනට අනිවාර්යයෙන්ම චාන්ස් එක තියනවා . සුදුසු කම් කැපී පේනවා .
ඔවු, සමනලී කියන එක ඇත්ත.පිරිමි පාර්ලිමේන්තුවට ගියාම අනිවාර්යයෙන් ගෑණු අයට රස්සාවල් හම්බ වෙනවා
අනේ පිරිමි අය නාම යෝජනා දෙනවානම් තමා හොඳ.
මෙයාලට තියන එකම සුදුසු කම වෙන් ඕනී බොරු ගෙතීම හා බොරු කීම
මමත් පොල්මේ ඉන්න නෝනට ඡන්දෙ දෙනවා.. එයානම් දිනනවා අනිවාර්යයෙන්ම..
බුරම්පි අයියේ බලන්නකෝ මේ අයගෙ මූනෙ තියෙන සිරියාව දැක්කම දැම්මම ඡන්දෙ දෙන්න හිතෙනවා..පව් අනේ..
ජනතාවට දේශපාලකයන් ගැන තියෙන ස්ථාවරය දාල තියෙන ප්‍රතිචාරවලින් බලා ගන්න පුළුවන් නේද.
ඔය බුලත් කොලේටනෙ එතකොට පුවක්වලට කොහොම පොලිමක් ඇතිද?
සම්මුක පරීක්ෂණයට මයික්‍රොෆෝනයක් එයි. මේවා පටිගත කරල බලලා ආයෙත් ලකුණු දෙනවද?
සම්මුක පරීක්ෂණයට මයික්‍රපොනයක් ඇයි ? මෙයාව රෙකොර්ඩ් කරලා බලල ආයෙත් ලකුණු දෙනවද ?
දෙන්න කෙනෙක් නැත්නම් නොදී ඉන්න හැබැයි ඡන්දෙ දාන්න යන්න.. ගිහිං කටුගාල නැත්නම් මොනවා හරි ලියල එන්න. සෝම හාමුදුරැවො කිව්ව දේ මතකයි නේද?
ජනතාවනි.. අපේක්ෂකයා හොදට හොයල බලල දෙන ඡන්දයක් දෙන්න.. නැත්නම් පේනවානෙ වෙලා තියෙන දේ.. ඔයාල යවන කෙනාම තමයි නැත්නම් ඔයාලගෙ දුවල, නංගිලට වින කරන්නෙ..
අනේ ඉතිං ඔය එන අය අතරින් හොදම මැරයන්ට, දූෂකයන්ට නාමයෝජනා දෙයි..ඕක අනිත් අතට හොදම දූෂකයා තේරීමේ තරගයක් වගේයි.. ඡන්දෙදි අංක එකේ දූෂකයා හොයනවා..
@ සමන් අයියේ... ඔයා ඩුබායි ඉන්න නුවර සමන් අයියද?
මටත් ඡන්දේ දෙන්න හිතෙන්නේ අර නෝනට තමයි
එකම සුදුසු කම ඉක්මණට තමන් හැදිලා ඉක්මණින් රට විනාශ කිරීම
අනේ ඉතින් මේ ගොල්ලෝ මේ ඉදිරිපත් වෙලා ඉන්නේ ජනතාවට සේවය කරන්නනේ...
මනුස්සකම දන්න අයට නාම යෝජනා දෙන්න, නුසුදුසු අයට නාම යෝජනා දීල පේනවනේ අද රටේ වන ඒවා.
සුදුසු කම් මොනවාද දන්නේ නැ?
අවශ්‍ය එකම සුදුසු කම තමයි, දිවේ ඇට නොතිබීම
මුලික සුදුසු කම ලංකාවේ සරසවියකින් ලබාගත් උපාධියක්. ස්ත්‍රී දුෂණ, හොරකම්, මස් සහ මාලු වෙළදාම, සුදුසුකමක් විදියට සලකන්න එපා. අතේ තියන්න සල්ලි ගණන බලන්න එපා. ගමට රටට යමක් කරන්න පුලුවන්ද බලන්න.
සීදේවි මුහුණු ටික
මිනිසුනේ, මෙදා පාර මොළේ පාවිච්චි නොකළොත් අපේ අසරණ දරු පරම්පරාව ඉවරෙටම ඉවර වෙනවා
දැන්නම් මෙයාලා හිටගෙන. හැබැයි පළාත් සභා වලට ගියාට පස්සේ අපිට හිටගෙන ඉන්න වෙනවා මෙයාලව හම්බ වෙන්න
දැන්නම් හිටගෙන පෝලිමේ ඉන්නවා. පත්වුණාට පස්සේ ඇතුළේ ඉඳගෙන නැහැ කියයි.
මොන සම්මුක පරීක්ෂණ තිබ්බත් හිටපු අය තමයි ආවත් අලුත් මූණක් ආයෙත් ඒ වගේ තමයි
එක්කෙනකුටවත් බඩ නෑ, ඕක එන්නේ පස්සේ
හරියටම මට හේතුවක් කියන්න බෑ.ඒත් මට මේවා දකින කොට ලොකු අප්පිරියාවක් ඇති වෙනවා
විශේෂ සුදුසු කමක් වෙනවා ළමා අපචාර කර තිබීම
තහන්ම කරපු ළකුණු ටිකට බුලත් කොළේ අයිති වෙන්නේ නැද්ද?
මේ පාර නම් අපි බුද්ධිමත් විය යුතුයි. පේනවනේ කට්ටිය කරන දේවල්
අපේ සුජිත් ආචාර්යතුමාත් මේ පෝළිමේ ඉන්නවද දන්නෑ
CID වාර්තාවක් අරන්ම අපේක්ෂකත්වය දුන්න නම් නේද හොද?
මේ එක්කෙනෙක්වත් රටට වැඩ කරන්න නෙමේනෙ මේ පෝලිමේ ඉන්නෙ.. කවුරැ ගියත් ඔය ටික තමයි.. හිතල මතල තමන්ගෙ අයිතිය ප්‍රකාශ කරන්න..
අනේ මේ අපේ රටේ කැලෑ විනාශ කිරීමට නේද මේ ආයෙ පොලිසිමේ ඉන්නෙ.. හොදම විහිළුව ඇමතිවරයෙක් තමයි එයාලව තෝරන්නෙ..
ආ... මේ පෝලිමේ එන්නේ...
මොනවද ඉතින් හැමෝමත් හැමදාමත් බුලත් කොලේට තමයි මනාප. ඕක අහන්නත් දෙයක්ද? මේ රජය පෙරලන්න කාටවත්ම බැහැ. මිනිස්සු ඒකට කවදාවත් ඉඩ තියන්නේ නැති බවත් හොඳාකාරවම පැහැදිලියි.
දොරෙන් එබිලා දොරකඩන්න හදන අයට විනයක් කොහෙන්දේ
ඔක්කොම මූණු ටික හරිම කපටි පාටයිනේ
මොනවද අනේ තෝරන්නේ? මොළේ තියෙනවා කියලද? පිස්සුනේ.
අනේ දෙයියනේ !!අම්මවරුනි පළාත් සභා චන්ද ලඟයි , අසරණ පොඩි ළමයි ටික පරිස්සම් කරගන්නන .