දුම්රිය හරස් මාර්ගය මැදින් වැටී ඇති බලපිටිය පාතේගම පාරේ දමා තුබූ ගල් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළැයි විරෝධය දක්වමින් ගැමියෝ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ඉවත් කළ ගල් දමා මාර්ගය සකසා කර දෙන්නැයි ඔවුහු ඉල්ලති.
මේ ගමේ පවුල් 56ක් ජීවත් වෙයි.
මාර්ගය හරස් කර ඔවුන් විරෝධය දක්වද්දී දුම්රියක් ධාවනය වූ අතර පොලීසිය විරෝධතාකරුවන් ඉවත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම් ගහ නැවත ගෙන එන්න. නැත්නම් මේ මිනිස්සු හැදෙන්නේ නෑ (ස)
මිනිසුන්ට ආදර්ශමත් විය යුතුයි පාලන තන්ත්‍රය. ඒ අය හරියට වැඩ නොකරනකොට මිනිස්සු නීතිය අතට ගැනීම පුදුමයක් නොවෙයි. පසුගිය දවස්වල මට ඔය දේ හිතුනා (ස)
මේ පැත්තේ මිනිස්සුන් වැඩිදෙනා හැසිරෙන්නේ මේ විධියටම තමයි ,හැම ගමකටම හරස් පාරවල් දෙන්න බැහැ කියල මේ අයට පහදල දෙන්න අපහසුයි (ස)
වෙන මොනවා කරන්නද, ඉල්ලීම් දෙනකල් යන එකක් නැහැ (දී)
කෝ මුස්ලිම් අය නැද්ද? (නි)
නවත්වන්නේ නැතුව යන්නයි තිබුණේ. (නි)
දුම්රියත් එක්ක මෙහෙම සෙල්ලම් කරනවද? නවත්වන්නේ නැතුව යන්නයි තිබුණේ. (නි)
ඉසුරු, උද්ඝෝෂණ කරන මිනිස්සු එල්ලන්නද කල්පනාව? (නි)
මිනිස්සුන්ට මේ විදියට පිස්සු නටන්න දෙන්න හොද නැහැ. හැමදේටම සමාවක් තියෙන්න ඕනෑ. (නි)
මෙම ආයතන පාලනය කරන්නේ කවුද දන්නෙ නෑ නේද (ස)
අපරාදේ හොඳ කෙසෙල් ගස් ටික කැපුවේ නැත්නම් සිංහල අවුරුද්දට කෙසෙල් කැන් බිං කරන්න තිබ්බා (ස)
මේ රේල් පාරේ නවීකරණ කටයුතු වල ප්‍රමිතිය ගැන නම් සතුටු වෙන්න බැහැ. (නි)
හැම ගමකටම හරස් පාරවල් දෙන්න ගියොත් වෙන වැඩක් නැති වේවි (ස)
කෝච්චි නවත්වන්න කෙසෙල් ගසුත් දාලා නේ ?? (ස)
යටින් උමං පාරක් කපනවා. මේ අය ඒක දන්නේ නෑ (ස)
කාට කියන්නද මේවා? (නි)
මිනිසුන්ට තියෙන ප්‍රශ්න තමයි ප්‍රශ්න (දී)
පිස්සු (ස)
ඒ මිනිස්සුන්ගේ පාර හදලා දුන්නානම් ඉවරයිනේ (දී)
බලපිටිය පැත්තේ පූස් පැටවුනුත් අහිංසකලු. (නි)
මේ දුම්රිය එක්ක සෙල්ලම් කරන්න එපා... ලයිසන් නැති විනයක් නැති රියදුරනුත් ඉන්න රටේ...පොලිස් මහත්තුරුත් දන්නේ අහිංසක ගම්වැසියන්ව එලවන්න...එහෙව් එකේ රියදුරන්ට එරෙහිව පියවරක් ගන් නෑ....(ස)
අහිංසක මිනිස්සුගේ ඉල්ලීම රටින් බාගයක් ඉල්ලලා නොවෙයි, ඒ මිනිස්සුන්ගේ පාර හදලා දෙන්න කියලා (දී)
නිසි බලධරයන්ගේ ඇස් ඇරේවා (දී)
කියලා කියලා බැරිම තැන තමයි ඔය පාරට බහින්න ඇත්තේ (දී)
සෙල්ලම්ද කොල්ලෝ කෝච්චිත් එක්ක (ස)
පාරට එක දවසයි. ගේට්ටුවට එක දවසයි නැතුව එක පාරටම ඔය දෙකම ඕන කියලා කෑ ගහන්න (ස)
පාරත් එක්ක ගේට්ටුවකුත් ඉල්ලන්න (ස)
2013 වසර උද්ඝෝෂණ වසරක් (ස)
බයවෙන්න එපා. ආශ්චර්යයට යද්දී ඔහොම දේවල් වෙනවා. (නි)