IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බලපත්‍රය ලංකාවේ නම් ඉතාලි පාරටත් ඔට්ටුයි

ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකු කළ වලංගු රියදුරු බලපත්‍රය භාවිතයෙන් ලබන වසරේ සිට ඉතාලියේ දී ද  රිය පැදවීමට හැකි   බව ඉතාලියේ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඉතාලියේ වෙසෙ ශ්‍රී  ලාංකිකයින් සතු මෙරට රියදුරු බලපත්‍ර  වලංගු භාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර නව ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් මෙම සහන ලැබී ඇතැයි ද ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව ඉතාලියේ වෙසෙන 11,000කට අධික ශ්‍රී ලාංකිකයන්ට   සහනයක් සැලසෙන බව රෝමයේ ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

 



අදහස් (0)

බලපත්‍රය ලංකාවේ නම් ඉතාලි පාරටත් ඔට්ටුයි

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 20 December 2016 01:23 AM

යුරෝපයේ කිසිම රටක් මිනීමරන්න බලපත්‍ර දෙන්නේ නැහැ. මේ රටවලට සංක්‍රමණය වූ ආසියානු, අෆ්රිකානු ජාතිකයින් රිය පැදවීමේදී පමණක් නොව හැසිරීමෙනුත් නිතර නීති කඩනවා. අපේ ලංකාවේ වාහනයකට අත නොතබාත් බලපත්‍ර ගන්න හැටි මිනිස්සු දන්නවා. දැනටත් කැතකර තිබෙන රටේ නම තවත් කැත කරන්න උනන්දු කිරීමක් මේක. මුදලක් වැඩිපුර වියදම් කර හෝ විනීතව හා සුපරීක්ෂාකාරීව වාහන පදවන්න ඉගෙනගන්න එක තමන්ටත් හොඳයි, දැන් ඉන්න රටටත් හොඳයි, උපන් රටේ නමටත් හොඳයි. (නි)

:       0       0

සකුන්තලා Tuesday, 20 December 2016 02:42 AM

එහෙදිත් අපේ කට්ටිය ෆොනේ එක කණේ ගහගෙන වාහන එළවාවි. පත්තරයක් ගත්තොත් මාර්ග අනතුරු. පත්තරයක වෙබ් අඩවියකට ගියොත් මාර්ග අනතුරු. මාර්ග අනතුරු කරන්න තියෙන උද්යෝගය මෙම මාර්ග අනතුරු නිවාරණය කරන්න නැත්තේ ඇයි. මේක දැක්කම ගොඩක් අයගේ හිත රිදේවි. (නි)

:       0       0

කරුණාපාල Tuesday, 20 December 2016 05:20 PM

පිටිගල මිලානෝලා ගැන කතාකරලා පළක් නැහැ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 20 December 2016 07:01 AM

ඉතාලියත් කාලා තමා පස්ස බලන්නේ. හොර ලයිසන්කාරයෝ වැහිවහීවි. (නි)

:       0       0

ඔසද Tuesday, 20 December 2016 07:11 AM

හැබැයි මෙහෙ සෙල්ලම් එහෙට ඔට්ටු නැතිවෙයි (නි)

:       0       0

කුමාර Tuesday, 20 December 2016 07:13 AM

ඉතාලියටත් කණකොකා හඬලන්නට ළඟය. දිනකට කී දෙනෙක් නම් මරාවිද? (නි)

:       0       0

විකුම් රංගන Tuesday, 20 December 2016 08:02 AM

සමහර අදහස් දිහා බැලුවාම පේන්නේ අපේ සිංහල ජාතිය තරම් දීන ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ කියලයි. ජන්මයෙන්ම ගෙනාපු නිහීනකම ලෝකේ කොහේ හිටියත් එහෙමම තමයි. ඉතාලි ජාතිකයින්ගේ බැලමෙහෙවරකම් කරන පිටිගල මිලානෝලා මෙතන උගත්කමක් ආරෝපණය කරගෙන මහත්මා ලීලාවෙන් ලොකු කතා දානවා වගෙයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 22 December 2016 09:39 AM

මම දන්නා ඉතාලි ජාතිකයෙක් ඉන්නවා. එයා ළඟ ලංකාවේ තරුණයෙක් ඉන්නවා. එයාට ලංකාවේ බරවාහන රියදුරු බලපත්‍රයක් තිබෙනවා. එයා එ්ක ඉතාලියේදී ඉදිරිපත් කර එහෙ රියදුරු බලපත්‍රයක් අරන්. දවසක් එයා වැඩකරන ගෙදර මහත්තයා එයාට කියලා දැන් රියදුරු බලපත්‍රයක් තිබෙන නිසා ඔයා අද ළමයව ඉස්කෝලේ ගිහින් බස්සවන්න කියලා. එයා වාහනය ගෙදර තාප්පයේ හප්පලා. ඉන්පස්සේ මහත්මයා දකින දකින මනුස්සයට ලංකාවේ ඉන්නේ හොරු කියලා මේ කතාව කියනවා. ලංකාවේ ලියකියවිලි ගැන කිසිම වගකීමක් ගන්න බැහැ කියලා තමා මෙයා කියන්නේ. ඇත්ත කතාව නම් ලංකාවේ රියදුරු බලපත්‍ර ගන්න මිනිසුන්ගෙන් 60% විතර තව කෙනෙකුගේ උපකාරයක් නැතුව පාරේ වාහන පැදවිය නොහැක (නි)

:       0       0

වර්නන් Monday, 19 December 2016 11:00 AM

ඉතාලි රියදුරන්ද ලංකාවේ රියදුරන් මෙන් නොහික්මුණු ලෙස ධාවනය කරන බැවින්, අපේ අයට එහි එළවීම එතරම් අපහසු නොවනු ඇත. (ම)

:       0       0

විජේසුන්දර Monday, 19 December 2016 11:44 AM

නියමයිනේ! සතුටුදායක පුවතක් (නි)

:       0       0

ද සිල්වා Thursday, 22 December 2016 10:56 AM

මම 1998 අව්රුද්දෙ ලංකාවට ඇවිත් ඉන්න්දෙද්දී අපේ ගෙවල් ළඟ ඉන්න ළමයෙකුට රියදුරු බලපත්‍රයක් ගන්න රියදුරු පාසලකට මුදල් බැන්ඳ , ඉන්පසු අවුරුද්දේ ලංකාවට අාවහම ඔහු රියදුරු බලපත්‍රය මට පෙන්වූව ,ඒකාලේ මම රෙන්ට් එකට කාර් එක්කක් අරන් තිබුනේ , මම ඔහුට කිව එහෙනම මේක පදවාගෙන යමු කියලා, මට තේරුණා ඔහුට මෙය පදවන්න කොහෙත්ම බැරි බව , ඉන්පසු මම රියදුරු පාසලෙන් මේ ගැන ඇහුවහම ඔහු කියන්නේ මුදල් බැන්දේ රියදුරු බලපත්‍රය අරන් දෙන්න දැන් එක අපි අරන්දිලනේ තිබෙන්නේ මෙයාට පදවන්න බැරි පුළුවන් බව අපිට අදාල නැත කියා (හේ)

:       0       0

ප්‍රීති Tuesday, 20 December 2016 09:22 AM

විකුම් රංගන, ඔබ නිවැරදියි. ඉස්සර නම් ඉතාලියට ගියේ වෙන්නප්පුවෙන් සහ මීගමුව ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව. ඒ කාලේ ගිය මිනිස්සු දිහා බලලා ඉතාලි ජාතිකයෝ හොඳ ආකල්පයක් ලංකාවේ මිනිසුන් කෙරෙහි ගොඩ නඟාගන්න ඇති. එ්ත්, පහු කාලයේදී ඉතාලියට ගොඩ බැහැපු අය ඉතාලි ලයිසන් එක ඉල්ලීම විහිළුවක් නේද? මේ දවස්වල ඉතාලියටත් වගතුවක් නැහැ කියලයි අපිට නම් ආරංචිය (නි)

:       1       0

දිනේෂ් Monday, 19 December 2016 12:00 PM

හැබැයි මෙහෙ සෙල්ලම් එහෙ නම් දාන්න බැරිවෙයි (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 19 December 2016 12:16 PM

මේ පිළිබඳව තවමත් හරි පැහැදිලි විස්තරයක් නැහැ නේද? කලින් ලබාගත් ඉතාලි රියදුරු බලපත්‍රය මුලු යුරෝපයටම වලංගුව තිබුණා. එහෙත් මේ නව ගිවිසුම අනුව එය වලංගුව වන්නේ ඉතාලියට පමණද? (නි)

:       0       0

සුරංග Monday, 19 December 2016 12:38 PM

එතකොට ඉතාලි ජාතිකයන්ට ඒගොල්ලන්ගේ බලපත්‍රයෙන් මෙහෙදී වාහන එලවන්න දෙන්නේ නැත්තේ ඇයි? (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 19 December 2016 01:51 PM

සුරංගගේ ප්‍රශ්නය ඉතා හොඳ ප්‍රශ්නයක්. බැරිද මේකට උත්තරයක් දෙන්න? යුරෝපයේ බොහෝ රටවල සංචාරක වීසාමත මත රැඳීසිටින ලාංකිකයන්ට ඔවුන්ගේ ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයෙන් මාස 6 සිට අවුරුද්ද දක්වා කාලයකට රිය පදවන්න පුළුවන්. නමුත් ලංකාවේ නීතිමය තත්වය මොකක්ද? මෙය ලංකාවේ සංචාරය සඳහා එන සංචාරකයන්ට නිතරම බලපාන ප්‍රශ්නයක්. (නි)

:       0       0

ධම්ම Monday, 19 December 2016 02:00 PM

මේ පිටුවේ වාහන අනතුරු කීයක් අද පළවී තියෙනවාද බලන්න. ඉතාලියෙන් මේ වගේ අහන්න නොලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

විජේපාල Monday, 19 December 2016 02:00 PM

අනේ මන්දා මේ වැඩෙන් අපිට පිටරටට යන්නම බැරිවෙයිද කියලා (නි)

:       0       0

චන්ද්‍රවංශ Monday, 19 December 2016 04:47 PM

මේක නම් විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 19 December 2016 04:51 PM

මෙය ඉතාලි රජය කරන ලොකු වරදකි. ඉතාලි රියදුරු පාසලකට ගොස් යුරෝපා ප්‍රමිතිකරණයට අනුව ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ දෙකකින් සමත්වී ලබාගන්නා ඉතාලි රියදුරු බලපත්‍රය කොහොමද ලංකාවේ එකට සමාන වෙන්නේ? ඉතාලියේ ඉන්න ලංකාවේ ලියන්න කියවන්න බැරි උගත් මහත්වරුන්ට නම් මේ ක්‍රමය හොඳයි. මේ ගැන ඉතාලි බලධාරීන් දැනුවත් කළයුතුයි අනිත් රියදුරන්ගේ ආරක්ෂාව තකා. (නි)

:       0       0

නිරේෂ් Tuesday, 20 December 2016 01:30 PM

මේක ගොඩක් හොද දෙයක් ...කොච්චර අපේ ලංකාවේ මිනිස්සු ඉන්නවද සීතලේ බයිසිකලේ පැදගෙන වැඩට යන ගෙදරට වතුර ටික ගේන්න බැරිව කොච්චර මිනිස්සු අසරණ වෙනවද මේක කොච්චර අස්වැසිල්ලක්ද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 619 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1021 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 190 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site