කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඥානවිමල මහ නාහිමියන් (95) කොල්ලුපිටිය වාළුකාරාමයේදී අපවත් වූහ.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේ පාලි සංස්කෘත ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක ප්‍රවීණත්වය ලැබූ හිමි නමකි. ඥානවිමල හිමියෝ අනගාරික ධර්මපාලතුමන්ගේ මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා ඉන්දියාවේ ධර්ම දූත සේවාවේද නිරතවූ අතර ලන්ඩනයේ තේම්ස් භාවනා මධ්‍යස්ථානය මූලික කරගනිමින්ද ධර්ම දූත සේවාවේ යෙදුනහ. උන්වහන්සේ රචනා කරන ලද ‘‘පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්” නම් ග්‍රන්ථය වඩාත් කථාබහට ලක්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත් මහා පඬිරුවනක් වූ මේ හිමිපාණන්ගේ නැණ පහනින් බුද්ධ දර්ශනය, සිංහල සාහිත්‍යය පමණක් නොව වෙනත් සාහිත්‍ය අංගද එකලු විය. නායක මාහිමියන්ගේ අපවත්වීමෙන් ශාසනයට ඇති වූ අඩුව පිරවීම අපහසු කාර්යයක් වනු ඇත. උන්වහන්සේට උතුම් වූ අමා මහා නිවන් සුවය ලැබීමට හේතු වාසනා වේවා! (නි)
නිවන් සුව පතමි. වරක් දැක කතා බහ කිරීමට ලැබුණා. එ්ක හරිම වාසනාවක්. මගේ හදහන විනාඩි කිහිපයකින් බලා ආපසු දී හදහන් අායෙත් බලන්න කරදර වෙන එපා. තමන් ගේ වැඩ කරගෙන යන්න කිසිම දෙයක් වරදින පාටක් නැහැ කිව්වා. උන් වහන්සේගේ අපවත් වීම ගැනේ මම ශෝක වෙනවා. අපිට මෙවන් සික්ෂකාමි යති වරුන් අවශයි. (නදී)
පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් කියවීම නිසා යථා අවබෝධයෙන් දහම් මගට පිවිසිමට මට හැකිවිය. මා වැනි බොහෝ දෙනෙකුට එසේ වන්නට ඇත. ඔබ හැබෑ සංඝ පිතෘ වහන්සේ නමකි. නායක ස්වාමින්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නදී)
ඔබ වහන්සේට නිවන් සුව! (නදී)
උතුම් බුද්ධ පුත්‍රයෙක් රටට අහිමි උනා. ඔබ වහන්සේට සිතන පතන බෝධියකින් නිවන් දකින්නට හේතු වාසනා වේවා ! (නදී)
ඔබ වහන්සේට නිවන් සැප පතමි (නදී)
මෙවන් ස්වාමින් වහන්සේලා මේ ලොවින් ඈත්වීම ඉතාමත් කණගාටුදායක කරුණක්.මම බෞද්ධයෙක් නොවේ. නමුත් මෙවන් ස්වාමින් වහන්සේලාට මමත් ආදරය කරනවා , ගරු කරනවා.මේ ස්වාමින් වහන්සේ අනගාරික ධර්මපාලතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනගිය උතුමෙක්.මේ වගේ අතිඋතුම් ගතිගුණ තිබෙන ස්වාමින් වහන්සේලා ලංකාවේම ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)
අපේ දිවිමඟ සරුසාර කරනු සඳහා මාලිගාකන්ද මහා පිරිවෙනේදී මා ඇතුළු සුවහසක් සිසු දරුවන්ට සිප්සතර කියාදුන් අපේ ගුරු හාමුදුරුවන්ට අමාමහ නිවන් සුවය පතමි! (නි)
ඔබ වහසේට අජරාමර නිවන් සුව ලැබේවා! (නි)
මහා නායක හිමිනමක් වශයෙන් ඉතාම නිහතමානි සිල්වත් ගුණවත් නායක හිමිනමක්. මහානායක තනතුරත් මේ හිමියන් නිසා බැබලුණා. නිවන් සුව පතමි! (නි)
මරදානේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේදී අපට කරුණාවෙන් ශබ්ද ශාස්ත්‍ර උගන්වා අපව දිරිමත් කළ අපේ බෙල්ලන මහනායක හිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුවය අවබෝධ වේවා ! (නි)
මුන් වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා !! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)
නිවනින් සැනසුම් ලබත්වා (නදී)
අනේ අපට දැන් කාගේ පිලිසරනක්ද. කිසිදු දේශපාලනයක් නොකළ නා හිමියන් අපට ආදරේ කළහ. මින් පස්සේ අපේ දුක කියන්න කෙනෙක් නැහැ. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (නදී)
නිවන් සුව ලැබේවා (නදී)
බුදු පුතුනි, ඔබ වහන්සේට මේ සසුනේදීම අමා මහා නිවන් සුව ලැබේවා(දිල්)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා. අඟහරුවාදා දවසක ආදාහන උත්සවය කරන එක ගැන සතුටු වෙමි (දිල්)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)
නිවන් සුව ලැබේවා ! (නදී)
හිමියනි, ඔබ වහන්සේට නිවන් සුව පතමි. (නදී)