සබරගමු සරසවි සිසුන් පඹහින්නේ විරෝධතාවක් පවත්වාගෙන ගිය අට්ටාලය අද (11) අලුයම ගිනි තබා ඇතැයි ද, සිසුන් 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි.
එහි තිබූ ත්‍රීරෝද රියකට ද පහර දුන් බව සිසුන් පොලිසියට කියා ඇත.
පසුගිය සතියේ උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතාට වීරෝධය පා උද්ඝෝෂණයක් පැවැති අතර ඊට ජල ප්‍රහාරයක් එල්ල විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇතුළාන්තය අදහස් දාන කාටත් පෙන්නේ නැහැ. (හේ)
නිමල් හෙට්ටිආරච්චි (ලන්ඩන් )ගේ අදහසට මමත් ඒකගයි.(අ)
සරසවි සිසුන් එක්ක ජාති වෛයිර පිරිමහන්න හදන කෙනෙක් ඉන්නවා. මේ දරුවෝ ජාතියේ අනගතය භාර ගන්න ඉන්න බුද්ධිමත්ම කොටස. ඔල මොට්ටල නායකයින්ට මේ දරුවෝ බාධාවක්. එ්කයි මේ සංහාරය. (නදී)
බන්දුලගේ හෝ තවත් කෙනෙකුගේ හෝ අදහස් වල ගුණාත්මක භාවය ඉලක්ක කර ප්‍රතිචාර දැක්වුවාට කමක් නැහැ. නමුත් උගත්කමක් නැහැ උපාධියක් නැහැ යනුවෙන් උපහාසයට ලක් කිරීම තමන්ගේ උගත් කමට ලැජ්ජාවක්. කරලින් බර වූ ගොයම් නැමෙන්නා සේ උගතා නිහතමානි වෙනවා නම් බොහොම අගෙයි. මෙතන ලියන බොහොම දෙනෙක් තමන්ගේ උගත්කම් ගැන පම්පෝරි ගහන්න යන්නේ නැහැ. (නදී)
වෘත්තීය විභාග සමතුන් වෙනත් බුද්ධිමතුන් ඕන තරම් සමාජයේ ඉන්නවා. මේ සිසුන්ගේ සාධාරණ අවශ්‍යතා වෙනුවෙන් මහජන අවධානය දිනා ගන්න ඕන නම් පළමුවෙන්ම ඔය උපාධිදාරීන් නොවන අයට මෝඩයන් යනුවෙන් ඇමතීම නවත්ත ගන්න . උද්ද්දච්ච්කම නිසා තමයි සෙසු මහජනතාවගෙන් ලැබෙන්න තිබෙන සහයත් මේ දේවල් වලට නොලැබී යන්නේ. (හේ)
සමහරු හිතන දේ හරි යයි. (හේ)
අනේ මන්දන්නේ න මේවට මොනවා කියන්නද කියල. එක දෙයක් නම් පේනවා සමහරුන්ට ළගදිම ගෙදර යන්න වෙනවා වගේ.(හේ)
සරසවියකට වැස්සකටවත් ගොඩ නොවූ වුන් දාන කමෙන්ට්ස් දැක්කම මිහරක්ට මිනිස් ශරීරයක් බද්ධ කරලා අඳින චිත්‍රයක් මතක් වෙනවා...ආණ්ඩුවට හෙළුවෙන් කඩේ යන මේ වෘෂභයින්ට නැවත මොන්ටිසෝරි යවල උගන්වන්න වෙනවා. එත් මස්තිස්කය උපතින්ම නැති නිසා මොකක්ද කරන්නේ? (අ)
මට තේරෙන විදිහට ආණ්ඩුව ඉතා පහසුවෙන් විසදන්න පුළුවන් ප්‍රශ්න බොරුවට දිග ගස්සනවා. මේ ළමයින්ගේ අත්දැකීම් අඩු උනාට තවත් කාට වත් හරක් වගේ එහාට මෙහාට දක්කන්න පුළුවන් කියලා මමනම් හිතන්නේ නැහැ. (අ)
රටේ ජනතාව පක්ෂ ,පාට,ජාති ,ආගම් භේද අමතක කර මේ දරුවන්ගේත් අනාගත පරපුරෙත් යහපත සලකා මේ සාධාරණ ,සාමකාමී විරෝධතාවන්ට සහය පළ කළ යුතුයි. එය දරුවන් ඇති සැමගේම යුතු කමකි.වගකීමකි. (හේ)
දුප්පත් ගොවියන්ගේ කම්කරුවන්ගේ අහිංසක දරුවන්ට කරන හිරිහැර යුක්තිය සාධාරණය හා යුතුකම දන්නා සැබෑ මිනිසුන් දකිත්වා.(හේ)
පසුගිය ආණ්ඩුවේ ඉන්න කාලේදී දුප්පතුන්ගේ සල්ලි වලින් සමෘර්ධි මාලිගාවක් හදාගත්ත. දැන් මේ ආණ්ඩුවට ඇවිත් රටේ ළමයින්ගේ අධ්‍යපනය කනවා. කුඩුවල ඉන්ට ඕන අය එලියට අරගෙන රටේ ජනතාවට තියෙන කරදර. (අ)
පවු අහිංසක දෙමව්පියෝ. ඒ අයට ඕනේ තමන්ගේ ළමයි ඉගෙන ගන්න. ඒකට ඉඩ නොදී පාරට බස්සවන එක පටු දේසපාලන වුවමනාවක්. හෙන ගහන අපරාද මේවා. (අ)
කාර් රේස් තියන්න පුලුවන්නම්, සැණකෙළි සංදර්ශන තියන්න පුලුවන්නම්, ලෝකේ ලොකුම ඇමති මණ්ඩලය නඩත්තු කරන්න පුලුවන්නම්, ඇමතිවරුන්ගේ ලක්ෂ ගණන් විදුලි බිල් ගෙවන්න පුලුවන්නම්, තව බොහෝ නාස්තිකාරකම් කරන්න පුලුවන්නම්, ඒවායේ බර ජනතාව පිට පටවන්නත් පුලුවන්නම්, අධ්‍යාපනය ට වැඩි මුදලක් වෙන්කරලා අධ්‍යාපනයේ ගැටළු හරියට විසඳන්න බැරිද ? (අ)
ටිකිරි බණ්ඩායි තිලක් ඩුබායි මහත්තයයි හිතන් ඉන්නේ තමන්ගේ ආණ්ඩු ආවාම මේ සරසවි අසපු බවට පන්සල් බවට පරිවර්තනය වේවි කියල.ඔය හැන්දෙන්ම තමයි එයාල ඔයාලටත් බෙදන්නේ...පව් කියල හිතෙනවා..මට හරි ආසයි මෙයාලගේ ආණ්ඩුවක් ආවම වැඩ වර්ජන වලට උද්ගෝෂණ වලට මේ කොන්ත්‍රාත්තු සිසු අරගල වලට මෙයාල දාන අදහස් බලන්න.. කෝ ඒත් ඉතින් මෙයාලගේ ආණ්ඩුවක් එන පාටක්වත් නැහැනේ.. (අ)
බන්දුල පෙරේරා වගේ අම්බරුවන්ට පුලුවන්ද විශ්ව විද්‍යාල දරුවන්ට අර්ථකතන දෙන්න? මම හිතන්නේ මේ මනුස්සය හිතනවා තමන්ගේ මෝඩකම ලොකු උගත්කමක් විදියට? එකම තමා නුගත්කමේ තරම. (අ)
ඉදිරියේදී ලංකාවෙන් බිහි කරන්නේ අසාධාරණයට විරුද්ද නොවෙන දේශපාලකයෙක් දකිද්දී කානු පල්ලේ වැටිලා දෙකට නැමිලා සැලියුට් ගහන තරුණ පිරිසක්.ඒ කාරිය නම් දැන් සාර්ථකව කෙරීගෙන යනවා. (අ)
ගයන් මහජනයාගේ බදු මුදලින් කෝටි ප්‍රකෝටි ගණනින් මහා දවල් ගසා කන එක හරිද? (අ)
"මහසොහොනගේ" තවත් වික්‍රමයක්. (අ)
මේගොල්ලන්ට කටින් කියලා වැඩක් නැහැ. කිවුවට පිළිගන්නෙත් නැහැ (නි)
කාර් රේස් තියන්න පුලුවන්නම්, සැණකෙළි සංදර්ශන තියන්න පුලුවන්නම්, ලෝකේ ලොකුම ඇමති මණ්ඩලය නඩත්තු කරන්න පුලුවන්නම්, ඇමතිවරුන්ගේ ලක්ෂ ගණන් විදුලි බිල් ගෙවන්න පුලුවන්නම්, තව බොහෝ නාස්තිකාරකම් කරන්න පුලුවන්නම්, ඒවායේ බර ජනතාව පිට පටවන්නත් පුලුවන්නම්, අධ්‍යාපනය ට වැඩි මුදලක් වෙන්කරලා අධ්‍යාපනයේ ගැටළු හරියට විසඳන්න බැරිද ? (දිල්)
සජිත් මහත්මයා, ඇත්තටම (නදී)
ගයාත්‍රී නංගී, ඔයා සැබෑ සරසවි සිසුවියක් නම් ඔය මානසිකත්වයෙන් මිදෙන්න. .නිදහස් අධ්‍යාපනේ කියන්නේ හැමදෙයක්ම රජයෙන් නිකන් දීල අවසානයේ රස්සාවත් දීම නෙමෙයි. මේ සංකල්පය බිහිවුනේ දුප්පත් ගම්බද දරුවන්ටත් උසස් අධ්‍යාපන වරම හිමි කර දෙන්නයි. (නදී)
දැන්නම් බන්දුල පෙරේරා විතරක් නෙමෙයි තව අම්බරුවෝ රෑනක්ම ඉන්න බව පේනවා (නදී)
පසන්ගේ අදහස් මමද අනුමත කරමු "ඔය කඩේයන මීහරක් .අම්බරුවෝ' වැනි වචන භාවිතා කරන අය එක්කෝ ජේ වී පියට ;පෙරටුගාමීන්ට; නැත්නම් යු එන පි යට හොදින් නිරුවතින්ම කඩේ යන්නෝයි (අ)
විශ්ව විද්‍යාල සම්පුර්ණයෙන්ම පෞද්ගලික කරනය කළා නම් මේ වගේ ප්‍රශ්න වලට රජයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.(හේ)
ගයත්‍රී නංගි, ඔබේ අදහස අපිට තේරෙනවා. එමෙන්ම ඒ අදහස සංවර අයුරින් ඉදිරිපත් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඇතැමුන් මෙන් අනෙකුත් අයට වැස්සකටවත් සරසවි නොගිය මෝඩයන් කියලා ඔබ ඇමතුවේ නැහැ . නංගි, අපේ ජීවිතයේ හැමදෙයක්ම අපිට අවශ්‍ය අයුරින් අංග සම්පුර්ණව අපිට ලැබෙන්නේ නැහැ. ඔබ භුක්ති විඳින සරසවි ගාස්තු සහනය ලෝකයේ බොහෝ රටවල සිසුන්ට නැහැ. නවාතැන් පහසුකම් ඇතුළු හැම දෙයක්ම තමන්ගේ වියදමින්. ඒනිසා ඉතා ඉවසීමෙන් තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න බලන්න. (නි)
උගත්කම විතරක් තිබුනාට සමාජයට වෙන සෙතක් නැහැ. ඒ පුදගලය සමාජයේ ප්‍රායෝගිකව ජීවත්වෙන්න දන්නේ නැත්නම්. බොහොමයක් පුද්ගලික ආයතන උපාධිදාරීන් රැකියාවලට ගැනීමේදී දෙවරක් හිතන්නෙත්, වෙනත් වෘත්තීය විභාග පාස්කළ අයට මුල් තැන දෙන්නෙත් ඔන්න ඔය හේතුව නිසා. රැකියාවට ආ ගමන් තමන් තරම් දන්නා කෙනෙක් නැතැයි සිතමින්, සෙසු සේවකයන්ට ලොකුකම් පාමින් ප්‍රධානියාටත් පරිපාලනය උගන්වන්න යන අයට කවුද කැමති වෙන්නේ. (නි)
සරසවි වලින් දේශපාලනය සදහටම තුරන් කළයුතුය. විශ්ව විද්‍යාලය කියන්නේ උතුම් වැදගත් මුළු රටටම ලෝකෙටම සම්පතක්. ඒ වගේ තැන්වල දේශපාලනය කොහොමවත් අනුමත කරන්න බැහැ. විශ්ව විද්‍යාල සිසුන් දැනගන්න ඕනෑ මොන ප්‍රශ්න මැදින් හරි තමන්ගේ වගකීම රටට ඉෂ්ට කරන්න. අපි කාටත් අඩුපාඩු තියනවා. නමුත් මේ දේවල් නිසා තමන්ගේ වගකීම් අමතක කරලා වැරදි පාරවල් වල යන්නවත්, එක එක දේශපාලකයන්ගේ අතකොළු වෙන්නවත් එපා (නි)
එතකොට මේ පාතාලය මෙහෙයවන්නේ කව්ද? (අ)
ලංකාව දියුණුවුණ රටකට බදුදෙන්න පුලුවන් නම් ටික කලකට, බන්දුලවත් එක්කම. (නි)
කැම්පස් අපි ඉගන ගන්නෙ මේ රටේ අම්ම තාත්තගෙ සල්ලි වලින් තමා .ඒ දුප්පත් අම්මා තාත්තා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නයි සබරගමුව අද එලියට බැහැල ඉන්නෙ. ප්‍රමිතියට හදපු නේවාසිකාගාරයක් ඉල්ලලා කෑ ගහන අපේ ගොඩක් සහොදර සහෝදරියන්ට ඒවගේ ඉන්නවත් හම්බ වෙන්නෙ නෑ. සමහරු තව මාස කීපයකින් කැම්පස් එකෙන් යනවා. මේ දේවල් ඉල්ලලා කෑගහන්නෙ අනාගතේ කැම්පස් එන්න ඉන්න අපේ සහෝදරයො වෙනුවෙන්. අපේ දුප්පත් අම්ම තාත්තගෙ දරුවො වෙනුවෙන්. කැම්පස් ගිහින් ඩිග්‍රි එක විතරක් අරන් එන්න බැරි ඒකයි. අපි ඉගන ගන්නෙ මේ හැමෝගෙම සල්ලි වලින් නිසා. ඒ අයගෙ දරුවො වෙනුවෙන් නිදහස් අධ්‍යාපනේ රැක ගන්නයි මේ උත්සාහ කරන්නෙ. හැමෝටම මතක ඇති පහුගිය දිනක සබරගමුවෙ ඔය කියන ප්‍රමිතියට ඉදිකරපු නේවාසිකාගරයක වහලය ඉදිකරල මාස කීපයකින් හුලඟට ගලවලා ගියා කියල..ආයෙත් එහෙම දෙයක් නොවෙන්නයි මේ කෑ ගහන්නෙ. තියන ගැටලු විසඳනව වෙනුවට අහිංසක සිසුන්ට පහරදීම කොයිතරම් නම් පහත් වැඩක්ද? ප්‍රතිචාර දාන හැමෝගෙන්ම ඉල්ලන්නෙ, සරසවි සිසුන්ට ඇගිල්ල දික් කරන්න කලින් හිතල බලන්න වැරැද්ද කොතනද කියල. (අ)
සරසවි සිසුව ගැන මෙයිට වඩා මොන අර්ථකතනද? උගත්කම කියන්නේ ඔය ගන්න උපාධිසහතිකේ නෙමෙයි.කාටවත් කාගේවත් උගත් කම ප්‍රශ්න කරන්න බැහැ .. එක ක්ෂේත්‍රයකට දක්ෂ නැති තැනැත්තා තව ක්ෂේත්‍රයක විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්.අත්දැකීම් සහිත වුර්තිකයෙක් එක්ක ක්ෂේත්‍රයේදී හැපෙන්න උපාධිය අරන් එන ඉන්ජිනේරුවට බැහැ...සරසවියට යන දරුවට ඉගෙන ගෙන එලියට බහින්න පුළුවන් පරිසරයක් තියෙන්න ඕන.. සරසවිය කියන්නේ බංකලොත් දේශපාලන කොන්ත්‍රත්කාරයින්ගේ අම්බලමක් විය යුතු නැහැ..ඔවුන් වරක් නොව දෙවරක් කල විනාස ගැන මතකය අපේ හිත් වල තියෙන නිසයි අපි මේ ක්‍රියාදාම විවේචනය කරන්නේ..සරසවි සිසුන් ගැන අපිට ඇති තරහක් නැහැ.. අපි තරහ මේ කොන්තරාත්කාරයෝ එක්ක..මේ දේශපාලන පිල්ලි හොදින් බැරිනම් නරකින් හරි සරසවි වලින් එලවල දාන්න ඕන .. ආයෙත් විනාශයක් වෙන්න කලින්..(හේ)
සරසවි දරුවන්ටත් ඔබට වගේම මොලේ තියෙනවා. ඒ දරුවෝ මොලේ පාවිච්චි කරලා වැඩ කරයි.(හේ)
කවුරු ගැහුවත් අන්තිමට ගුටි කන්නේ ළමයි.(හේ)
අමර දත්ත යනුවෙන් පෙනී සිටින තැනැත්තා,කඩේ යන්නා බවම, මම නිර්භයවම ප්‍රකාශ කරමි.(අ)
තමන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හිටියනම් ඔහොම වෙන්නේ නෑනේ.(හේ)
සමහරුන් නිසා ළමයි හොදටම ගුටි කනවා.(හේ)
මේකෙන් ලකුණු වැටෙන්නේ කාටද කියලා මේ ගුටි කාපු දරුවොම බුද්ධිමත්ව හිතලා බැලුවොත් හොඳයි. මේකෙන් හානියක් වෙන්නෙ ආණ්ඩුවට. රුහුණේ උද්ගොෂණයක් පොලීසිය විසිරුවා. හොදට හොස්ටල් එකට ඇවිත් නිදාගත්ත සිසුවෙක් උදේ අමාරු වෙලා රොහල් ගත කරා. එයා මියයන්න කිට්ටුව අම්මට කිව්වා මට ගැහුවේ නිශාචර බස්සා කියන පක්‍ෂියා කියලා. ඒ වුනාට පෝස්ටර් පොලිස් පහර දීමෙන් සිසු නසී. හැබැයි මේ වෙනකොට ශිෂ්‍ය වීරයන් අතර ඒ නම නැත. හේතුව අම්මට කල ප්‍රකාශය. දරුවනේ ඔයගොල්ලෝ මෙහෙයවන අය අතරේ අළුගොසුවෝ ඉන්නවා කියලත් මතක තියාගන්න. දේශපාලකයන්ට වගේම එයාලටත් ඕන සල්ලි විතරයි. සල්ලි එන්නේ ද්‍රවිඩර ඩයස්පොරාවෙන්. බුද්ධිමත්ව හිතන්න. පස්සෙ තේරිලා වැඩක් නැහැ. ඉපදුන රට පාවලා දෙන්න උදවු කරන්න එපා. එහෙම කරලා වීරයො බිහි වෙන්නෙ නැහැ. (නදී)
ඉගෙනගන්න ළමයින්ටවත් පාඩුවේ ඉගෙනගන්න දෙන්නේ නැහැ. (නදී)
එස්.බී ගේ වැඩක් කියලා කව්දෝ කිව්වා (නදී)
කොහොම අපේ ඇමතිවරු දෙපොළගේ වැඩ,මම හිතන්නේ මේක ගන්නවායි කිව්වා විනය ක්‍රියාමාර්ගයට අමතරව ගත්ත ක්‍රියා මාර්ගයක් වෙන්න ඇති. (අ)
මේ පාලකයෝ සිසුන්ට පහර දීලා බයකරලා සරසවිවල තියෙන ප්‍රශ්න විසදන්න දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දකින්න ඕනා,මෙරටේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට හා එහි අවස්තාවන් පුළුල් කිරීමට මිට වැඩිය ජන සහභාගිත්වයක් අවශ්‍ය වෙනවා.නැතිනම් නිදසස් අධ්‍යාපනයේ මළගම වෙනුවෙන් සෝක පණිවිඩ එවීම තමයි මෙරට ජනතාව හැටියට අපිට කරන්න වෙන්නේ . (අ)
මේවා කව්රු කලත් හෙන ගහන අපරාද.කරන එවුන්ගේ දරුවන්ට ඉදලම හෙන ගහනවා.බලන්න සිද්ද වෙන්නේ නෑ කියල. (අ)
අමර දත්ත, ඔයටත් අසාධාරනයක් වුණාම මේවා තේරුම් යයි . (අ)
අමාර දත්ත: අපි සාමාන්‍යපෙළ අසමත්වන විට උසස්පෙළ සිසුවාගේ නිදහස් අධ්‍යාපනයට විරුද්ධ නොවීමු ....13න් වසරක් නිදහස් අධ්‍යාපනය මගින් පෝෂණය උවන් තවත් වසර හතරකට ඒ සදහා අවස්ථව ලැබුවන්ට මෙවැනි අපහස කරනුයේ ඔවුන්ගේ ඇති කුහක හීන මානසිකත්වය නිසා වෙන්මය .පෞද්ගලික විශ්ව විද්යල වලට ආවඩන රජය ....රාජ්‍ය විශ්ව විද්යල දියකර හරිමින් මේ සැරසෙන්නේ කුමක් සදහාද යන්න ඔබට වැටහේවි .....කල් යත්ම (අ)
මැරයන්ට ගේමක් දෙන්න බැරි උනාද ,සටන දිගටම ගෙනයමු සිසුවනේ (නදී)
හරියටම හරි මුළු රටේම තියෙන මේ වගේ අට්ටාල ගිනි තියන්න (නදී)
මුදා නොගත් ප්‍රදේශයක් තුලට එල්ල කල ක්ෂණික ප්‍රහාරයක්.. අපි යුද්ධකාලේ ඕවට කිව්වේ මහසෝන් ප්‍රහාර කියල.. කවුද මේ මැර ප්‍රහාර කියල කියන්නේ..අමර දත්ත මහත්තයෝ දාන්න පහක්. (අ)
මැරයෝ කියලා ජාතියක් ඉන්නවාද?
"අට්ටාලය ගිනි තබා, සිසුන් 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත".කාට අයිති රටකද අද අපිට අපේ දරුවන් සමග ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ.(දිල්)
මම අන්තරේ ක්‍රියාපටිපාටියට දැඩිව සේ විරුද්ධයි.කැම්පස් කාලේ ඉදලම.නමුත් ඔවුන්ගේ විරෝධතා දැක්වීමේ අයිතියට එරෙහි නොවිය යුතු බවයි හැගීම.(දිල්)
රටේ අසරණ මිනිසුන්ගේ සහ ඔවුන්ගේ උගත් දරුවන්ගේ හැම ප්‍රශ්නයකටම මැර බලයෙන් උත්තර දුන්න ලෝකයේ හැම පාලකයකුටම සිද්ධවුනේ මහජන විරෝධතා මැද්දේ පල්ලන් බසින්නයි.(දිල්)
ජනාධිපති තුමනි බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා . අර ප්‍රසිද්ද වාචාල ගෙම්මබා ඔබතුමාව පරද්දල අනිත් පැත්තට පනින්න හදන්නේ ඔන්න (අ)
ලොක්කෝ මැරයෝ වැඩට ගනන්වා නම් මීළඟ මැතිවරණයකදී ජනතාවටත් තීරණයක් ගඳ වෙයි. (අ)
නියම වැඩේ. අපිට ඉගෙන ගන්න දෙන්නේ නැති මේ හැත්තෑ විශ්ව විද්‍යාලයෙන් එලවල දාන්න අවශ්‍යම දෙයක්. (අ)
ඔය මැරයෝ නෙවෙයි ගහන්නේ, ජනතාව. සාමකාමී ජනතාව. අපේ රටේ කොහෙද මැරයෝ. (අ)
අපිට හොදින් ඉල්ලුවොත් කිසිම දෙයක් හම්බුවෙන්නේ නැහැ. එක නිසා තමයි අපි වර්ජන කරන්නේ ඒවුනාට ඇමති තුමා හැසිරෙන විදියත් හොඳ මදි නේද? කිසිම දෙයක් නොදන්නා විදියට.අනික ගමගේ මහතා කියල හයියෙන විදියට ආණ්ඩුවට රිදෙන්න තමයි අපි මෙහෙම කරන්නෙත්. (අ)
මේවා කරන අයට කවද හෝ දවසක විදවන්න වෙනවා.එදාට පොලියත් එක්කම ලැබේවි (අ).
සල්ලි දෙනවනම්,කන්න දෙනවනම් බන්දුල පෙරේරා කියන්නේ ඕන එකෙකුට ඕන අතකට දක්කන්න පුළුවන් මි හරකෙක්. (අ)
පාතලයන්ටම ලියල දුන්නු රටක්. (අ)
මම උසස් පෙළ කලේ 1987 සරසවියට තේරුනා . සරසවියෙන් එලියට එනකොට වයස 30 කිට්ටුයි. ඇතුලේ ඉන්න රට හදන අයට පින් සිද්ධ වෙන්න. නැතිව මම විභාග අසමත් වුන නිසා නෙවෙයි. අන්තිමට රස්සා හොයාගෙන ගෙවල් වලට යුතුකම් ඉටු කරලා මගේ වැඩක් බලා ගන්න යනකොට කසාද බඳින වයසත් පහු වෙන්න ඔන්න මෙන්න. පුළුවන් නම් මේ මල්ලිලා යමක් මේ කතාවෙන් ඉගෙන ගන්න. (නදී)
එස් බී අමාත්‍යතුමාගෙන් අහන්න එතුමා තමා මේ මඩගොහොරුවේ නිර්මාණය. (නදී)
මේ ළමයි යන්නේ විනාශය කරා. ජේ වී පී ඔවුන් නොමග යැව්වා. (නදී)
ගමගේගේ අදහස ඉහලින්ම අගයමි.කීමට කිසිවක් ඉතිරිව නොමැත. (අ)
ඇත්තට මේ ළමයින් කවද්ද ඉගෙන ගැනීමට හිත යොමු කරන්නේ. ගෙවල් වල වැඩිහිටියන් මේ ළමයින් කරන්නේ මොනවද කියලා හොයන්නේ නැද්ද? (අ)
දැන් කාටද පාඩුව ? දුක් විඳලා ඇති දැඩි කල දෙමව්පියන්ට නේද ? අපටත් දරුවන් ඉන්නවා. උගතෙක් වුණත් වැඩක් නැහැ අත ගාල හදපු අත පය කැඩුනට පස්සේ. (අ)
රුහුණ සරසවියෙදි මැරුණු සරසවි ශිෂ්‍යයා මැරුණෙ බස්සා අතින් නෙමේ. එ්ක රුහුණෙ ඉන්න හැම ළමයෙක්ම දන්නවා. (අ)
මහජනයාගේ බදු මුදලින් නොමිලේ ඉගෙනගෙන එලියට යන්නේ නැතුව චන්ඩි වෙන්න හදනවා.කාටද පාඩු. ඔය ඔක්කොම සරසවියේ ඉන්නකන් විතරි. ඉගෙනගන්න අයටවත් දෙන්නේ නැහැ මේ මෝඩයෝ. (අ)
මොන්ටිසෝරියේ ඉදල අම්ම තාත්තගේ තුට්ටු දෙක හුරගෙන ටියුෂන් මුදලාලිලාට පුදල යන්තම් ඕක ඇතුලට රිංග ගත්තම කට්ටියගේ හිතේ තමන්ට වඩා අයියල රටේ නැහැ කියල.. තමන්ට වඩා උගත්තු රටේ නැහැ කියල..කට්ටිය ලෝකේ දකින්න ගන්නේ ඕක ඇතුලෙදි..හරියට ඇස් අරින බළල් පැටව් වගේ .උන් ඇස් ඇරියම උන්ට පේන දේ දකින දේ තමයි ලෝකේ කියල හිතන්නේ.. මේ සරසවි බළල් පැටවුන්ටත් ඇස් අරින කොට පේන්නේ අන්තරේ මවන ලෝකේ., ඉතින් ඒ අය දන්නේ ඒ අය හිතන්නේ එක තමයි ලෝකේ කියල .. අනේ ඉතින් මේ මැටි හරක් ටික ඊට පස්සේ අම්බරුවෝ වගේ අන්තරේ අයට ඕන ඕන විදියට පාරවල් පුරා දක්කනවා .. කට්ටියගේ හිතේ මේ ඒ අයට ආදරේට කියල..ඒ අය දන්නේ නැහැ මේ කරන්නේ කාගේවත් කොන්ත්‍රාත්තු ඉටුකර දීමක් කියල ..කරපු මෝඩකම් තේරෙන්නේ විභාග ෆේල් වෙලා එලියට යන්න තියෙන කාලේ පැනල තව අවුරුද්දක් දෙකක් ලගා ගහල අමාරුවෙන් ඕකෙන් එලියට ආවට පස්සේ.,. එතකොට තමයි අයියලට තේරෙන්නේ සරසවි සිසුව කියන්නේ උගතෙක් නෙමෙයි ඕන එකෙකුට ඕන අතකට දක්කන්න පුළුවන් මි හරකෙක් පමණයි කියල..ඕක තමයි අපි දන්නා වර්තමාන සරසවි සිසුවා පිළිබද සරල යථාර්තය .. "..බලමු අපේ නදී සරසවි සිසුවාගේ යථාර්තය මේ පාරවත් අවබෝධ කරගනිවිද කියල.." (අ)
විශ්ව විද්‍යාල ඇතුළු අද රටේ ඇතිවෙන බොහොමයක් ප්‍රශ්ණ වලට ලැබෙන විසඳුම ඕක තමයි. මතකනේ මීගමුවේ ධීවර උද්ගෝෂණයෙදි, කටුනායක ඇඟළුම් කම්හල් සේවක ගැටළුවෙදි, රතුපස්වල ජල ගැටළුවෙදි ලැබුණු විසඳුම්. (අ)
මේ දරුවන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැහැ. අන්තිමට ගෙවල් වල වැඩිහිටියෝ තමයි මේවායින් විඳවන්නේ. තමන්ගේ දෙමව්පියන් තරම තමන් ගැන තැකීමක් වෙන කාටවත් නැහැ . ඒ නිසා කල්පනාවෙන් ඔය ඉගෙන ගන්න වටිනා ජීවිතය ආරක්ෂා කරගන්න. (අ)
ගමගේ, හැම දේටම ජේ.වී.පී ගාවන්න හදන්න එපා.... මොලේ නැති අය නෙමේනේ සරසවි වල ඉන්නේ....ගිය අය දනී නොගිය අය නොදනී....රට යන අත තේරුම් ගන්න බැරි කමට හැම දේටම එකම බයිල කියවන්න එපා මිනිසුනේ (අ)
අමර දත්තට පුදුම සන්තෝෂයක් නේ තියෙන්නේ මෙයත් හවුල් වගේ වැඩේට (අ)
හොද දඩුවම මහජනයාගේ මුදල් වලින් පිනට ඉගෙන ගන්න පින නැහැ අට්ටාල ගහලා, කැට හොල්ලලා රට අල්ලන්න බැහැ. අසරණ අම්මලා තාත්තලා මුන් ගැන දුක්වෙනවා ඇති මෙවැනි මැර දරුවන් හැදුවට (අ)