IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බස් වර්ජනය දිගටම?

අයැවැයෙන් රුපියල් 25000 දක්වා වැඩි කළ දඩ මුදල පෙර තිබු රුපියල් 550 දක්වා අඩු කරන තෙක් අඛන්ඩව දිගටම වැඩ වර්ජනය කරන බව බස් හිමියෝ කියති.

මේ අතර අද පොළොන්නරුවේ පෞදගලික බස් පහක් ධාවනය වු බව වාර්තා වෙයි.



අදහස් (0)

බස් වර්ජනය දිගටම?

උද්දික Friday, 02 December 2016 01:51 PM

මොවුන්ගේ ධාවන පත් අවලංගුකර, රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මොකද මේ අයයි ත්‍රීවීල් අයයි තමා වැඩියෙන් වැරදි කරන්නේ (නි)

:       0       0

වි. ජයපාල Friday, 02 December 2016 01:53 PM

ඕකට ඉතින් ඒගොල්ලන්ටම අඛණ්ඩ උපවාසයක් තමා කරන්න වෙන්නේ (නි)

:       0       0

රවීන් Friday, 02 December 2016 02:54 PM

නීතිගරුක පුරවැසියනි, මිනීමරන්න ලයිසන් දෙන්න එපා. දඩ මුදල වැඩි කරන්න රජයට බලකරන්න. ඔබගේ අනාගත සුබසිද්ධිය සඳහා එක්වන්න. (නි)

:       0       0

ලංකා Friday, 02 December 2016 04:54 PM

රජයේ හොඳ දියුණු ප්‍රවාහන සේවයක් තිබුනා නම් මෙහෙම ආඩම්බර බලන්න ඕනෑ නැහැනේ. දැන්වත් කල් නොයවා සැපපහසු ප්‍රමිති බස් සේවයක් හදන්න. ඇමතිවරු පිට රට සවාරි ගියාම එයාලට පෙනෙන්නේ නැද්ද ලෝකේ තියෙන දියුණු ප්‍රවාහන ක්‍රම. චාරයක් නැති ප්‍රයිවට් බස් මේ රටට මහා විනයක් සහ ඇණයක්. මේ රට කවද හැදෙයිද? නීතියක් අලුතින් ගෙනෙන්න බැරි එකම රට. (නි)

:       0       0

ගිහාන් Friday, 02 December 2016 06:43 PM

වැඩිම වුණොත් ඉරිදා හවස් වෙනකන් තියෙයි. සඳුදා ඕලෙවල් පිට දාලා වැඩේ ඉවරයි (නි)

:       0       0

රන්රු Friday, 02 December 2016 08:19 PM

මෙම දුෂ්කර අවස්ථාවේදී විකල්ප ප්‍රවාහන ක්‍රම ගැන සිතමු. හමුදා සහ පොලිස් ට්‍රක් රථ මගින් මගීන් ප්‍රවාහනය කරමු. බොහෝ කාර් සහ වෑන් වල යන්නේ රියදුරා විතරයි. කැමති අයට මුදල් ගෙන හෝ නොගෙන මගීන් ගෙනයන්න තාවකාලීකව අවසර ලබාදෙන්න. (නි)

:       0       0

සෑම් Friday, 02 December 2016 08:45 PM

දඩයක් කියන්නේ දිනපතා, සතිපතා හෝ මාසිකව අනිවාර්යයෙන් ගෙවිය යුතු රක්ෂණ, ෆිනෑන්ස්, එහෙම නැත්නම් බලපත්‍ර ගාස්තු වගේ දෙයක් නොවෙයි. වරදට දඬුවමක්. මෙයින් පැහැදිලිවම තේරුම් යන්නේ පුද්ගලික බස් රියදුරන් දැන දැනම මේ වැරදි සිදුකරන බවත්, ඉදිරියේදීත් ඔවුන්ට මේ වැරදි කිරීමට අවසර තිබිය යුතු බවත් නේද (නි)

:       0       0

සෝමපාල Friday, 02 December 2016 08:49 PM

දඩය දහ ගුණයකින් වැඩිකළත් මොකද වැරදි නොකරනවා නම් (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 02 December 2016 08:55 PM

සැම දියුණු රටක්ම මාර්ග නීති කැඩීම් වලට උපරිම දඬුවම් නීතිගත කර ඇත. ඒ මාර්ග අනතුරු අඩු කිරීමටය. රියදුරන් වැරදි කරනවා යනු වෙනත් අහිංසක ජීවත අනතුරට පත් කිරීමයි. ඕස්ට්‍රේලියාවේ දුරකථනය භාවිතා කරමින් රිය පැදවීමේ දඩය ශ්‍රී ලංකා රුපියල් 50,000 කට වැඩිය. බස් හිමියන්ගේ උවමනාවට මෙම දඩය වෙනස් කළයුතු නැත (නි)

:       0       0

රුවන් Friday, 02 December 2016 10:42 PM

අනේ අපට මොකද..... ඔන්න ඔහේ ස්ට්‍රයික් කරපුවාවේ. එදාවේල ටුවර්ස්ලාට ඔය නාටකය දිගටම නටන්න බැහැ (නි)

:       0       0

ලුම්බිණි Friday, 02 December 2016 11:36 PM

මේ අයට විරුද්ධව කටයුතු කළයුතුයි. ලංගම බස් වලට අලාභහානි කරන එකට මොනවාහරි කළයුතුයි. (නි)

:       0       0

රෝහණ Friday, 02 December 2016 11:45 PM

වැඩ වර්ජනය කරන පෞද්ගලික බස් වල මාර්ග බලපත් තහනම් කරන්න. (නි)

:       0       0

සුනිල් Saturday, 03 December 2016 01:12 AM

ඉතාම අසාධාරණ වර්ජනයක්. ඔවුන්ට ඔලුව නමන්න එපා. (නි)

:       0       0

උපාලි Saturday, 03 December 2016 01:12 AM

පුදුමයි මොවුන් රුපියල් 550 ක්වත් ගෙවන්න ලෑස්තියි කියන එක සහ වැරැද්ද පිළිගන්න එක. ඊළඟ වර්ජනයෙන් වැරදි කළාට දඩ ගහන්න එපා කියාවි. (නි)

:       0       0

ජයරත්න Saturday, 03 December 2016 01:14 AM

රජයක් වශයෙන් මේ වගේ අවස්ථා වලට මුහුණදීමට වැඩපිළිවෙළක් ඇති කළයුතුයි. එතකොට ඔය කවුරුවත් නටන්නෙ නැහැ. එදාවේල හොයාගන්න දඟලන ත්‍රීවීල් කට්ටියත් මේකට එකතුවෙලා. ලැජ්ජාවේ බැහැ (නි)

:       0       0

හේමන්ත Saturday, 03 December 2016 01:15 AM

වැරදි කරන්නේ නැත්නම් මොකටද දඩගෙවන්නේ මොකටද ඔයතරම් බයවෙන්නේ. (නි)

:       0       0

අසෝක Saturday, 03 December 2016 01:11 PM

බමුණු, කාර් වල යන අය වැරදි කරන්නේ නැහැ කියන්නේ කොහොමද? අර දියවන්නාව පැත්තට එක හුස්මට පිබගෙන යන වාහන වල අයට ජිවිතේට අහපු නැති සුද්ද සිංහලත් කියාගෙන ඉරි කපාගෙන අහස යානාවටත් වඩා වේගෙන් යන්න හදන අයටත් මේ නිතිය මේ විදියටම බලපානවා නම් අපි කැමතියි (ර)

:       0       0

විජේපාල Saturday, 03 December 2016 01:28 AM

මෙතන අදහස් දාලා තියෙන හැම කෙනෙක්ම එකම පැත්තයි දැකලා තියෙන්නේ. මේ අය මම හිතන්නේ අඩුම ගණනේ යතුරු පැදියක්වත් තියෙන අය නොවෙයි වෙන්න ඇති. නෝනා මහතුනේ, පහුගිය කාලේ පී. එච්. අයි. මහත්තුරු ඩෙංගු බලන්න ගෙවල්වලට ඇවිල්ලා ලොකු මුදල් දඩ ගැහුවා. ඩෙංගු වල දඩය රු. 50000ක් 75000ක් විතර කළොත් මේ අදහස් දාලා තියෙන අය එම නීතියත් හොඳයි වැරදි නොකර ඉමු කියලා නිහඬව ඉන්නවද. වාහන වල දඩ ගෙවන්න ඕනෑ වාහන වල අයනේ නේද. දැන්වත් ඔය පිටසක්වල ලෝක වලින් බැහැලා ඇවිල්ලා මේ පොළවේ පය ගහලා ජීවත්වෙන්න. (නි)

:       0       0

මලිත් Saturday, 03 December 2016 01:38 AM

මේ යහපාලන සර්ව පිත්තල ප්‍රෝඩාව මහා ඔලුවෙන් අනුමත කරමින් ඡන්දය දුන් බහුතර ලක්වැසි නුඹලාට විඳවන්න වෙයි. (නි)

:       0       0

සාරා Saturday, 03 December 2016 01:49 AM

පුද්ගලික බස්, ත්‍රීවීල්, වෑන්, යතුරුපැදි දිහා විතරයිනේ පොලීසිය බලන්නේ. එ්කයි ගැටලුව (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 03 December 2016 02:32 AM

ශත 5ක්වත් අඩු කරන්න එපා. 250000 දක්වා වැඩි කරන්න. (නි)

:       0       0

බමුණු Saturday, 03 December 2016 02:35 AM

සාරා පුද්ගලික බස්, ත්‍රීවීල්, වෑන්, යතුරුපැදි දිහා විතරයි බලන්න ඕනේ කාර් වල යන මහත්වරු රේස් යන්නේ වත් වමෙන් ඉස්සරහ කරන්නේවත් නැත. (ර)

:       0       0

බමුණු Saturday, 03 December 2016 02:45 AM

වාහන වල දඩ ගෙවන්න ඕනෑ වාහන වල අයනේ නේද. ඔව් නැතුව පාරේ හිටගෙන ඉන්න අය නොවෙයි. වාහන වල යන්න වාහන නීති අනුගමනය කරමින්. ඔබල නීතිකඩල අමරුවේ වැටුනට අපට කමක් නැත. නමුත් ඔබලාගේ මාර්ග නීති කැඩීමෙන් අනික් රියදුරන්ට කරදර වෙනවනම් ඒවා වලක්වා ගැනීමට තද නීති ආවාට කමක් නැත. පුද්ගලික බස්, ත්‍රීවීල්, වෑන්, යතුරුපැදි කාරයින් කරන මාර්ග නීති කැඩීම නිසා වාහන වල යන අපිටයි කරදර. (ර)

:       0       0

සමීර Saturday, 03 December 2016 02:47 AM

ඊයේ දවසේ ජනතාව කොපමණ දුක් වින්දාද? මෙයට විසදුමක් සොයාගන්න (ර)

:       0       0

බමුණු Saturday, 03 December 2016 02:49 AM

මේ අදහස් දාලා තියෙන අය එම නීතියත් හොඳයි වැරදි නොකර ඉමු කියලා නිහඬව ඉන්නවද. වැරදි කලොත් එගොල්ලොමනේ ගෙවන්නේ අපිට මොකෝ විජේපාල මහතාට මොකෝ? (ර)

:       0       0

බමුණු Saturday, 03 December 2016 02:51 AM

දඩය 550 කරන්න කියන්නේ අපිට ඒ වරද කරන්න ඉඩ දෙන්න කියලනේ.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 124 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5502 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1177 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 355 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2122 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2059 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site