(කේ. බුද්ධික කුමාරසිරි)
යතුරු පැදියක් සහ බස් රථයක ගැටීමෙන් අද (22) උදෑසන කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන්ගත් පුද්ගලයකු බස් රථයට යටවී මියගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි.
අනතුරින් යතුරු පැදියෙහි ගමන් ගත් හත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ද බරපතල තුවාල ලබා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ඇත
මිය ගිය යතුරු පැදිකරු මෙගොඩ කොලොන්නාව සිට කුප්පියාවත්ත දෙසට සිය දියණිය පාසලට ඇරලවීමට ඇයත් රැගෙන යතුරු පැදියෙන් යන අතරතුර එම දෙසටම ධාවනය වූ බස් රථය කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී එක්වරම වමට හරවා ධාවනය කිරීම නිසාවෙන් යතුරු පැදිය එහි ඇමිණී මීටර් පනහක් පමණ ඉදිරියට ඇදී ගොස් පැදිකරැ බස් රථය දෙසට ඇද වැටී එම බස් රථයටම යට වී මියගොස් ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ආමර් රැස්ති නැමැති 36 හැවිරිදි ගුරැවරයෙකි.
අනතුරින් පසු කෝපයට පත් ප්‍රදේශවාසීන් විසින් අනතුර සිදුකල බස් රථයට ගල්ගසා පහර දී දැඩි අලාභහානි සිදු කර ඇති බවත් ප්‍රදේශවාසීන් ගේ පහර කෑමට ලක් වූ බස් රථ රියදුරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.
බස් රථයේ ආරක්ෂාව වෙනුවෙන් බස් රථය මුල්ලේරියාව පොලිසිය වෙත රැගෙන ගොස් ඇත.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බසයට යට වූ ගුරුවරයා මරුට