වැලිකඩ හිර ගෙදර රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලෙන් අද දහවල් කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය.
පපුවේ රිදීමක් ගැන ගැන පැමිණිලි කරමින් ඔහු ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට ගෙන ආ බව එහි ප්‍රකාශකයකු කියයි.
ඉන් පසු ඔහු ජාතික රෝහලේ අංක 15 මර්චන්ඩ් ගෙවන වාට්ටුවකට ඇතුළු කළ බව රෝහල් ප්‍රකාශකයකු පවසයි.
සෙසු සැකකරුවන් දෙදෙනා ද රෝහලට ඇතුළු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවා ඔහොම කරයි කියලා.ඕව ඉතින් අත්අඩංගුවට ගත්තම දේශපාලකයන්ට අනිවාර්යෙන්ම හැදෙන සුපුරුදු ලෙඩ නේ.(ස)
රාජපක්ෂවරු රට වෙනුවෙන් කැපවුණ පිරිසකි. (නි)
අජිත් කරුණාරත්න මහතා, මමත් ඔබ සමඟ එකඟයි. හිරගෙදර දකින විට මේ රටේ ලොකු ලොක්කන්ට ලෙඩ හැදෙනවා. (නි)
යුධ වීරයෙක් වුණ සරත් ෆොන්සේකා මහත්තයට එදා,ඉර එළියවත් හරියට නොවැටෙන සිර මැදිරියක්. මේගොල්ලන්ට? (නි)
පපුවක් තිබුනා නම් මහජන මුදල් වලට මෙහෙම කරයිද? (නි)
උතුමන්ට කොහේ ගියත් සැප! (නි)
ඇත්තටම ඔහු අසනීපවෙලාද? (නි)
එහෙම ගෙවන වාට්ටු වලට යන්නත් පුලුවන්ද? (නි)
අහිංසක ජනතාවගේ බදු මුදල් කොල්ලකාලා අැමරිකාවෙි සැප විඳින මොවුන්ට ස්වභාව ධර්මය හා ජනතා ශාපය ළඟාවෙමින් පවතී. සියලුම දේශපාලන වැරදිකරුවන් පරිස්සම් වියයුතු කාලයකි. (නි)
පපුව රිදුනේ හෘද ශාක්ෂිය දොස් නගනව වෙන්න ඇති. (ස)
රිදෙන්නේ කොයි පපුවද? දන්නේ නැහ නේද? පහුගිය කාලයේ ඔය පපුව තිබුනාද?.......මෙයාල රෝගීන් හැටියට නිර්දෙස කරන වෙද්දු කරගන්නෙත් ලොකු පවකි , රටට ද්‍රෝහී කමකි ,.... (ස)
ජම්පර් එක ගස්සල හිරේ සුමානයක් වත් තියන්න වටින්නේ (ස)
ඕව කරන කොට පපුව හීනියටවත් රිදුනේ නැද්ද...හිතක් පපුවක් ඒ කාලේ තිබුනනම් ඕව කරන එකක් නැහැ ..අහිංසක මහ ජනතාවගේ සල්ලි... (ස)
ඇමරිකන් කෑම කාපු මෙයාට ලංකාවේ කෑම අල්ලන්නේ නැතිව බඩ සවුත්තු වෙලාද? නැත්නම් බයට බඩ නරක් වෙලාද? එයාපෝට් එකෙන් එලියට එද්දී නම් මේ කිසි ලෙඩක් තිබුනේ නැහැනේ.(ස)
ඉස්පිරිතාලෙන් පැනල යාවිද දන්නේ නැ? (ස)
කොයි පපුවද? (ස)
ඔය වගේ එස්එෆ් ට සැලකුවද ? (ස)
අනේ පවු නේද? (නි)
එහෙම තමයි පින්කළ උතුමාණෝ! (නි)
අනේ මට නම් වාවාගන්න බැහැ (නි)
පච පච පච.. පපුවක් තියෙන කෙනෙක් රිදෙනවා කිව්වනම් පිළිගන්න තිබුන. (ස)
ඔය බොරුවක් සල්ලි තියෙන අය හිරේ ගියාම බොරු ලෙඩ අරගෙන රෝහල් වලට වෙලා ඉන්නවා (ම)
අනිත් දෙන්නටත් පපුවෙ අමාරුවද? (ස)