IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘බාහිර උපාධි චක්‍රලේඛය හකුලා ගනු‘

බාහිර උපාධි චක්‍රලේඛය හකුලා ගන්නා තුරු රට පුරා දැවැන්ත උද්ඝෝණ ව්‍යාපාරයක් සිදු කරන බව  සමාජවාදී තරුණ සංගමය හා බාහිර උපාධි සිසු කප්පාදුවට එරෙහිව එරෙහි සංවිධාන එකතුව අද (25) කොළඹ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

එහිදී අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේ බාහිර උපාධිය පදනම් කරගෙන සිසු කප්පාදුවක් ක්‍රියාත්මක වන බවත් ඊට අදාල වර්තමාන ආණ්ඩුව නිකුත් කර ඇති චක්‍රලේඛනය වහා අහෝසි කරන ලෙසත් ය.

‘අපි කියමනක් අහලා තියෙනවා බීරි අලින්ට ඇහෙන්න විශාල ශබ්දයක් අවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසා තමයි අපි තනි තනියෙන් නගන සද්දයට වඩා එකතු වෙලා පවුරක් ලෙස හඩනගන ශබ්දය ඊට වඩා ප්‍රබල වෙයි කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඔබ බිහිරන් සේ සිටී නම් අපි පවුරක් සේ ඒකාබද්ධ වී මෙම සටහනට මැදිහත් වෙනවා. තරුණ අපේ ජීවිත තුළ අධ්‍යාපනය කියන්නේ හරියටම ජීවිතයේ අඩක්. අපේ අම්මලා තාත්තලා ඉතාමත් අමාරුවෙන් දුක්විදලා මහන්සිවෙලා තමයි අපිට අපේ අධ්‍යපානය ලබාදෙන්න ඉඩකඩ හදන්නේ. මේ ක්‍රමය තුළ ඉගෙන ගත්තොත් විතරයි ජොබ් එකක් ගන්න පුළුවන් කියන මතය සමාජය තුළ තියනවා. ඒ නිසා තමයි කවුරු මහන්සිවෙලා ඉගෙන ගන්න උත්සාහ කරන්නේ‘ යැයි ඔහු කීවේය.

web_03344_10211154841893286_1873003987_o



අදහස් (0)

‘බාහිර උපාධි චක්‍රලේඛය හකුලා ගනු‘

වික්ටර් Tuesday, 25 October 2016 06:40 PM

මුලික සුදුසුකම් ඇත්නම් සරසවියකින් බාහිරව උපාධියක් ලබා ගැනීමට රටේ ඕනෑම පුද්ගලයකුට අවස්ථාව තිබිය යුතුයි. මෙය නැති කිරීම ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. කරන්නට ඕනෑතරම් වැඩ තිබෙද්දී මෙවැනි දේ කරන්නේ කුමන හේතුවක් නිසාද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 26 October 2016 12:14 AM

ඉතාම කණගාටුදායකයි. 'ඉගෙනගන්නේ ජොබ් එකක් ගන්න' කියන සංකල්පයෙන් පිටතට යන්න අවැසි යුගයක් මේක. අද විශ්ව විද්‍යාල උපාධි ෆැක්ටරි බවට පත්වෙලා තියෙන්නේ මේ සංකල්පය නිසා. (නි)

:       0       0

රොකී Wednesday, 26 October 2016 01:23 AM

ඇතැම් විශ්ව විද්‍යාල වල බාහිර උපාධි පරීක්ෂණ වලට පසුව විභාග ප්‍රතිඵල නිකුත් කරන්න අවුරුදු ගණන් පමාකරන්නේ ඇයි? අහෝ දෙවියනි! යහපත් අරමුණින් පිහිටුවන ලද විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් දෙකට සිදුවූ විපත! (නි)

:       0       0

හිමාල් Wednesday, 26 October 2016 03:00 AM

කප්පාදුවක් කරලා නැහැ. ඒ ඒ විශ්ව විද්‍යාලවල අභ්‍යන්තරව අවස්ථා දෙන ගාණට විතරක් පිටින් බාහිර උපාධි ලියාපදිංචි කිරීම් දෙන්න කියලයි කියන්නේ. නැත්නම් සල්ලි විතරක් බල බල පිටින් ළමයි ලියාපදිංචි කරනවා. ඒක අභ්‍යන්තර ළමයින්ට අසාධාරණයක්. මොකද ඔය බාහිර ළමයින්ට දේශන තියෙනවා විශ්ව විද්‍යාලය ඇතුළේත්. (නි)

:       0       0

රසික Tuesday, 25 October 2016 04:39 PM

දැන් එතකොට මෙයාලට සල්ලි අරගෙන දෙන බාහිර උපාධිය හොඳයි. වෛද්‍ය උපාධිය විතරක් නරකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 842 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 1009 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 529 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 302 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 325 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 607 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 60 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site