බහරේනයේ ප්‍රධාන මහා මාර්ග ජාලය වෙනුවෙන් 20 වසරක සැළසුමක් සකස් කර ඇති බව වැඩ, නගර සභා සහ නාගරික සැළසුම් කටයුතු අමාත්‍ය එසාම් කාලාෆ් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවේ අනාවරණය කළේය.
නාගාරීකරණය, ජනගහණ වර්ධනය සහ රථ වාහන තදබදය වැනි කරුණු සම්බන්ධයෙන්ද එම සැළසුමෙන් අවධානයක් යොමු කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
එසේම රජයේ නව ව්‍යාපෘති සියල්ලම ආරම්භ කරන්නේ තමන්ට පැවරුණු කාර්යයන් නියමිත කාලය තුළ අවසන් කරන බවට ඊට සම්බන්ධ සියලුම අමාත්‍යාංශ අතර එකඟතාවයක් ඇති කරගැනීමෙන් පමණක් පසුව බවද ඔහු වැඩි දුරටත් පැවැසීය.
“ඊළඟ වසර 20 ක කාලය තුළ මොන පාරවල්ද හදන්නේ කියන එක ගැන පදනම් උපාය මාර්ග අප දැනටමත් සකස් කරලා ඉවරයි” යැයි අමාත්‍ය කාලාෆ් පවසයි.
“නාගරීකරණය නවත්වන්න බැහැ, ජනගහණය වර්ධනය වෙනවා, රථ වාහනය තදබදය හිසරදයක් වෙලා”
“ඒ නිසා අපි ගැටලු සහ මාර්ග නිරාකරණය ගැන අප අවධානය යොමු කරන්න ඕනේ”
රජයේ එකිනෙකට වෙනස් සහයෝගයෙන් වැඩ කිරීමේ නව ක්‍රමය හරහා ජනතාවට ප්‍රතිලාභ අත්වන බවද ඔහු පෙන්වා දුන්නේය.
“අපි මාර්ග සහ අපවහන පද්ධති ඉදිකරනකම් හෝ බලශක්ති අමාත්‍යංශය විදුලිය හෝ විදුලි උපපොළවල් හදනකම් රජයේ නව නිවාස බෙදා දෙන්න නිවාස ඇමැතිට හැකියාවක් නැහැ” යැයි ඔහු පැවැසීය.
“ඒ වගේම තමයි මුස්ලිම් දේවස්ථාන සහ ක්‍රීඩාංගණ වැනි ප්‍රජා ව්‍යාපෘති කරන්නත් අනෙක් අමාත්‍යාංශවලට බැහැ”
“අපි මිනිස්සුන්ගේ ජීවිතය ලෙහෙසි කරන්න ඕනේ... එතකොට තමයි අපේ වැඩ ලෙහෙසි වෙන්නේ”
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බහරේනයේ ප්‍රධාන මහා මාර්ග සඳහා වසර 20 ක සැළසුමක් සූදානම්ලු